Skip to main content

අපේ ලිඳ සහ ලෝක යුද්ධය .


මාසයක් හමාරක් වැස්ස  නොමැතිව සිටි අපට අද සවස  පැයකට අධික   කාලයක් ධාරානිපාත වැස්සක් වැස්ස බව මහත් ප්‍රීතියෙන් යුතුව මෙය කියවන්නට දැනුම් දී සිටීමට  කැමතියි. එත් ඔබේ  පළාතට අද වැස්සේ  නැත්තම් කරුණාකර අපට ඉර්ශ්‍යා  නොකරන්න. ඔබටත් හෙට අනිද්දා  වහින  බව අපේ කාලගුණ විදයා  දෙපර්තමෙන්තුවේ අනාවකිවලට වඩා ස්ථිරසාර ලෙස  මට කියන්නට පුළුවන්.

ඒත් කණගාටුදායක  කාරනාව    නම් මහා වැස්සක් කඩා වැටුනත් අපේ  ලිඳේ  වතුර මට්ටම අඟලකට වඩා  ඉහල ගොස්  නැති කමයි. මහා පෑවිල්ල නිසා  ලිඳෙන් 5/4ක්ම හිඳී ගොස් තිබුනේ. මන් පුංචි කාලේ නම් අපේ  ලිඳ මාස  තුන හතරක් පැව්වත් වතුර අඩු උනේ  නැහැ. ඒකට හේතුව ඔබ දන්නවා ඇති .එකල අපේ  ගමේ ඕනේ තරම් ගස් තිබුනා පමණක් නොවෙයි ගෙවල් තිබුනෙත් දුරා වාරේ දැන් අල්ලපු වත්තේම ගෙවල් පහක්.ඉස්සර තිබුනේ  එක ගෙයක් පමණයි.ගස් කැපිල්ල නිසා වැසි වතුර නවතින්නේ නැතිව ගලාගෙන යනවා මිසක් රැඳෙන්නේ  නැහැ. ගෙවල්  හැදෙන්න හැදෙන්න තියෙනවතුර ටිකට  අයිති  කාරයෝ වැඩියි.

තුන්වන ලෝක   යුද්ධය   ජලයටද?

"ජලය  යනු තෙල්ය "කියා අද කියමනක් ඇතිවී තිබෙන්නේ ජලය ඉතා වේගයෙන් හිඟ වෙමින් යන නිසායි.කිසිදු සැකයකින් තොරව අනාගතයේදී  කිසිවෙකුට  ජලය නොමිලයේ  ලැබෙන්නේ නැති බව  නම් ස්ථිරයි. තෙත් කලාපයේ ගම්වල සිටින අපට  නොමිලේ  අද  ජලය ලැබුනත් වැඩි කලක් යාමට පෙර මුදල් ගෙවා ජලය ලබා  ගැනීමට ගම්වල සිටින අයටත් සිදුවනු බව නම් ඒකාන්තයි. අද ජීවත්වන අයෙගෙන් බිලියන 1.2ක් ජල හිඟයෙන් පෙලෙන අතර එක්සත් ජාතීන්ගේ  ප්‍රකාශයකට අනුව 2025 දී ලෝකයේ ජීවත්වන අයගෙන් 3/2කට විශාල ජල අර්බුදයකට මුහුණ දීමට සිදුවෙනවා. මෙසේ සිදුවන්නේ  ජනගහනය වැඩි වීමත් , ජලය නාස්ති කිරීමත් , කර්මාන්ත ශාලා වැඩිවෙමින් තිබීම නිසා  ජලය දුෂණය වීමත් වනාන්තර කැපීම සහ ගිනි තැබීම නිසා  ජළ උල්පත් සිඳී යාමත් ගෝලීය උෂ්ණත්වය වැඩි වීම නිසා කාලගුණ වෙනස්වීම් නිසාත්ය.1900 සිට මේ වන විට  ලෝකයේ  තිබු තෙත් කලාපයන්ගෙන් 50ක් අභාවයට ගොස්  තිබීම සෙල්ලමක් නොවෙයි. මේ  උග්‍ර ජල හිඟය නිසා ලක්ෂ ගණනින් ළමුන් මහල්ලන් සහ අනෙකුත් අය  ඉදිරියේදී  මිය යනු ඇති . දැනටමත් ලෝකයේ  ළමුන් විශාල පිරිසක්  අපිරිසිඳු ජලය බීම නිසා ලෙඩ රෝග වලින් මිය යනවා. බිලියන් 2.4 ක් මිනිසුන් අපිරිසිඳු ජලය  පාවිච්චි කිරීමෙන් ඉදිරියේදී මිය යාමට නියමිතයි.මේ උග්‍ර ජල හිඟය අර්බුදයක් බවට පත්ව ඇති පසුබිමේ   ලෝකයේ බලවත් රටවල් දුබල රටවල  ජල සම්පත් අල්ලා ගැනීම සඳහා යුද්ධ කරන්නට තිබෙන ඉඩකඩ  සුළු නැහැ. ඇතැම් විටෙක තුන්වන ලෝක යුද්ධය ජලය අල්ලා ගැනීම සඳහා දියත් විය  හැකියි.

මිනිස් පරිභෝජනයට ගත හැක්කේ 1%ක් පමණයි.


Picture

ලෝකයේ  තිබෙන ජලයෙන් 97.5%ක් කරදියයි. බීමට ඉතිරිව ඇත්තේ 2.5ක් පමණයි. එයිනුත් වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ ධ්‍රැව ප්‍රදේශවලයි. අන්තිමට බීමට  නෑමට  ,සේදීමට , කෑම පිසීමට ,වගාවට  ඉතිරිවී තිබෙන්නේ 1.3%ක් විතරයි. එකත් අපි අපිරිසිඳු කරනවා  විතරක් නොවෙයි .නාස්ති කරනවා. ඉතින් එළඹෙමින් තියෙන තත්ත්වය අතිශයින්ම භයානකයි. කොටින්ම න්‍යෂ්ටික යුද්ධයකට වඩා භයානකයි.

ඒ නිසා ජාතිය,  ආගම වෙනුවෙන් සටන් කරන එක නවත්තල ඉතිරිවෙලා තියෙන වතුර  ටික ආරක්ෂා ගන්නට සටන් කරමු ද? ජාතිය  ආගම  රැකෙන්නේ  මිනිස්සු හිටියොත් විතරයි කියල මගේ නම් අදහස .























Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...