Skip to main content

සිංහල පත්තරේ එතු මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලේ



දක්ෂිණාංශික  කුමන්ත්‍රණයක්ද?

චාවකච්චේරියේ නිවසක තිබී හමුවූ  මරාගෙන  මැරෙන  ඇඳුම්  කට්ටලය  සහ වෙනත් පුපුරන ද්‍රව්‍ය  සම්බන්ධයෙන්  නිගමනයකට  එළඹීමට තවමත් කල් වැඩිය. එහෙත් සැක උපදවන  කාරණාද  තිබේ.

ColomboTelegraph   හී  පළකොට  තිබු පින්තුරයේ  දැක්වෙන්නේ  පෙරේද ( මාර්තු 28) අසුවූ  මරාගෙන  මැරෙන ඇඳුම් කට්ටලයේ  පින්තුරය  නම්  එම ඇඳුම සිංහල  පත්තර  කඩදාසි වල  ඔතා තිබුනේ  මන්ද?

දෙවෙනි සැක  සහිත  ප්‍රශ්නය වන්නේ මෙය සහ  තවත්  බෝම්බත්  චාවකච්චේරියට මන්නරමේ  සිට  ගෙන එන විට අතරමගදී අසු නොවුනේ  මන්ද? උතුරේ  හැම තැනකම හමුදා සිටින බැවින් මෙය අසාධාරණ  ප්‍රස්නයක් නොවේයැයි සිතමි.

ආරක්ෂක ලේකම් වරයා  මෙය ඒ තරම් ලොකු සිද්ධියක් ලෙස ගණන් නොගත්තේ  ඇයි? හැංගී තිබෙන සත්‍යය  ඔහු දන්නා  නිසාද?

උතරෙන්  හමුදාව  අඩු  කරනවාට, හමුදාව  යටතේ  තිබු සිවිල් වැසියන්ගේ  ඉඩම් ආපසු දෙනවාට  විරුද්ධ  පිරිසක්  හමුදාවේ  සිටිති. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය  සමග  බෝම්බ  හමුවීම  තව  කාලයක් උතුර  හමුදා අධිකාරිය   යටතේ  තබා  ගැනීමට   කවුරු හෝ   කළ කුමන්ත්‍රණයක්ද?

එසේත් නැත්තම් එක්සත් ජාතීන්ගේ  මානව අයිතීන් පිලිබඳ  කවුන්සලය අපට  පනවන  ලද කොන්දේසි  ඉටු   නොකර සිටීමට   ආණ්ඩුව විසින් පොටක් පාදා  ගැනීමක්ද? 

ITN කතාව.

ITN රුපවාහිනි ප්‍රකාශයකට   අනුව මරාගෙන මැරෙන  ඇඳුම සමග  ක්ලේමෝ බෝම්බ  හතරක්ද තවත් පාර්සල් තුනක කිලෝ 12 ක් බර  TNT පුපුරන ද්‍රව්‍යද, උණ්ඩ පාර්සල් දෙකක්ද, ක්ලේමෝ බෝම්බ  පුපුරවන බැටරි කට්ටල දෙකක්ද තිබී ඇත. ඇතැම් විටෙක මේවා යුධ  සමයේ  ගෙනවුත් තිබු දේවල් විය  හැකි යැයි පොලීසිය කිව  බවද එම ප්‍රවුර්තියේ  සඳහන් වෙ.

අළු ගසා කොටි නැගිටීමේ වෑයමක්ද?

එසේත් නැත්ටම්    LTTE සංවිධානය යලි සංවිධානය  වෙමින් සිටිද?.මාධ්‍ය  කියන හැටියට මේවා  චාවකච්චේරියට ගෙනවුත් තිබෙන්නේ  හිටපු  කොටි සාමාජිකයෙකි. එසේ  නම් ඔවුන් යලි සංවිධානය වෙමින් සිටින්නේද යන්න   කල්පනා කිරීම  ඉතා අවශ්‍යය.

යාපනේ  තරුණ  තරුණියන් 1983 ට පෙර  නම් ඉගැනුමට  මුල් තැන දුන් පිරිසකි. දෙමල මිනිසුන් අතර  උගතුන් රැසක් බිහිවූයේද  ඉහල රැකියා  කරන  අය දහස්  ගණනින් බිහිවූයේද  ඒ නිසාය. එසේ  සිටි පිරිසක් අවි ආයුධ  ගත්තේ  ඇයි?

දෙමල මිනිසුන්ට දෙමල වීම නිසාම තිබු ප්‍රසන වලට   විසඳුම නොදී හමුදාවේ  සහ  පොලීසියේ  හය්ය පෙන්නා  ඒවා  යටපත් කිරීමට ආණ්ඩු ක්‍රියා  කල නිසා  LTTE සංවිධානය සහ තවත් විවිධ සන්නද්ධ  කණ්ඩායම්   බිහිවූ බව  විස්තර කොට  නැවත කිවැ  යුතු  නැත.

 මේ  ආයුධ  හමුවීම  කියන්නේ නැවතත් කොටි සංවිධානය වැඩ අරඹා   තිබෙන බව   නම්  එයින් නැවත වරක් ඔප්පු වන්නේ  රාජපක්ෂ  ආණ්ඩුවට   LTTE සංවිධානය  පරාජය  කරන්නට  හැකි වී නැති බවය. වෙනත් වචන වලින් කියතොත් LTTE  සාමාජිකයන් තොග පිටින් මරා දැම්මත් පලක් වී නැති බවය.

එසේ  නම් වැඩ බැරි  මහින්ද ගෙන්නා  ගෙන ඇති පලේ  කුමක්ද?

ජනවර්ගයකට බරපතල ප්‍රස්නයක් ඇති විටෙක තුවක්කු ලක්ෂයකිනුත්  එය  විසඳිය  නොහැකි බව  ඔප්පු නොවන්නේද?

 එසේ  නම්  ඉතිරි වී ඇත්තේ  එකම  විසඳුමය . ඒ  ඔවුන් තෘප්තිමත් වන දේශපාලන විසඳුමකි.

  2015 ජනවාරි 8 වනදා  මෛත්රීව බලයට  පත් කලේ  මහින්ද එය  නොකළ නිසාය.  එබැවින් මෛත්‍රී ලවා එය කරවීමට  අපිට  කළ  හැකි දේ  කරමු.






Comments

මම මේක බුකියේ ෂෙයා කොරනවා මහත්තයෝ....
Niranjan said…
කලකට පෙර පුත්තලම සිටි කොළඹ කොටුව දක්වා වූ දුම්රිය ස්ථාන බොහොමයක සේවය කළේ දෙමළ දුම්රිය ස්ථානාධිපතිවරුන් බව වැඩිහිටියෝ පවසති. පසුව සිංහලයන් අතරින් මෙයට සුදුසුකම් ඇති අය පත් කරන ලදී. මෙයට දෙමළ දුම්රිය ස්ථානාධිපතිවරුන් තුළ කැමැත්තක් තිබුණේ නැත. දෙමළ වීම නිසා ඔවුන්ට සිදුවූ එක් ‘අසාධාරණයක්“ මෙය මැයි ද අපේ වැඩිහිටියෝ පසුකාලයේ පැවසූහ.
Unknown said…
හොද දේශපාලන විග්‍රහයක් කුකුළෝ.........................
බොහොම ස්තුතියි සෑර්
හිතේ කහටක් නැතිව කිව්වා එකම වටිනවා
නියමයි කුකුළා
යලි හිස එසවීමක් ගැන නගන තර්කයට ඔබට උත්තර නෑ නේද.
දේශපාලන විසදුම් දුන් පලියට ත්‍රස්තවාදය පරාජය කරන්න බෑ. දැන් යුරෝපයේ අයි එස් ත්‍රස්තවාදය ඊට හොද පිළිතුරක්.
ඉන්දියාවේ ප්‍රාන්ත පාලනයක් තිබුනත් නැක්සලයිට් වැනි ත්‍රස්තවාදයන් තිබෙනවා.
ජාතික ආරක්ෂාව ගැන සැලකිලිමත්වීම වැඩබැරිකමක් ලෙසද ඔබ දකින්නේ
දේශපාලන විසදුම් දිය යුතුයි.නමුත් ත්‍රස්තවාදය මතුවෙන එක එයින් වලකින්නෙ නෑ.
මහින්දගෙන් පසු ජාතික ආරක්ෂාව දුර්වල වීමෙන් ත්‍රස්තවාදය හිස ඔසවන බවට ඒකාබද්ධ විපක්ෂය නගන තර්කය ගැනයි මම කීවේ.
මහින්ද යලි ගෙන ඒම විසදුම නෙමෙයි. එය ප්‍රායෝගිකත් නෑ. ඒත් ත්‍රස්තවාදය ගැන විමසිල්ලෙන් සිටීම අවශ්‍යයි. දේශපාලන විසදුම යන්නෙන් ඔබ ඊලම අදහස් කලාද දන්නෙ නෑ. දෙමලාගේ පිපාසය ඊලමයි කියා වමේ ස්ලෝගන් එකක් තිබුනා. ඒත් ඉන්පසුත් ශ්‍රී ලංකාව හා ඊළම අතර ගැටුම් පවතීවි.
Lalith said…
කොටි නැවත එනවානම් මහින්ද නඩය කැමතිවෙයි.
ඔබේ ඇගයීම ලොකු සතුටක්.
සාර්ථක දේශපාලන විසඳුමක් දුන් විට ත්‍රස්තවාදය හුදෙකලා වෙනවා.ක්‍රමයෙන් එය අභාවයට යාම ස්ථිරයි.
විසඳුම ඊළම නොවේ. එක්සත් ශ්‍රී ලංකාවක් තුල 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යන ස්වයන් පාලන බලතල දෙමල ජනයාට දීම අවශ්‍යයි.එයත් ප්‍රමාණවත් නොවන සුළුතරයක් තව දුරටත් සිටිය හැකියි. නමුත් ඔවුන් දෙමල ජනය තුළ හුදෙකලා වීම ස්තිරයි.
ඔවුන්ගේ ප්‍රාර්ථනාව එයයි.

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...