Skip to main content

රෝහණ විජේවීර හමුවීම (දෙවන කොටස)

විජේවීර  සමග මිත්‍රත්වය.


1989 දිනක   රාත්‍රී දහයට පමණ  අපි විජේවීර  හමුවූවේ අංගොඩ  කොහිලවත්තේ ජවිපෙ  මුද්‍රණාලයට  යාබද  ස්ථානයකදීය. නියමුවා  පත්තරයට  ලිපි ලිවීම  පිළිබඳව  පැවති මෙම සාකච්චාවේදී විජේවීරත් නායකයෙකු වූ දයා   වන්නි ආරච්චිත්  පළමුවෙන්ම  කතා  කරමින් පත්‍රයට  ලිවිය යුතු  ලිපිවල ස්වරුපය  පැහැදිලි  කර දුන්හ.( ඇත්තෙන්ම  නියමුවා පත්තරයේ  ලේඛන ශයිලියට  හා  එහි   ලිපි ගැන මගේ  පැහැදීමක් තිබුනේ  නැත ඒවා හුදෙක්  දේශපාලන  කරුණු අමු අමුවේ  ලියන ලද  ලිපි පමණක් විය.).ඉන් පසු පැමිණ සිටි අය අතර අදහස්  හුවමාරු විය.ලිපි ලියාගෙන පැමිණෙන  ලෙස  උපදෙස්  දී තිබුනද  ලිපියක් ලියාගෙන  ගොස්  තිබුණේ  මා   පමණි.මා  ලියගෙන  ගිය  ලිපිය  ඉල්ලා ගත්  විජේවීර එය  කියවන්නට  පටන් ගත්තේය.

පොල්පොට් පාලනය ගැන ලිපියක් 

මා   ඒ  ලිපියේ  ලියා   තිබුනේ 1975 කාම්බෝජයේ  බලය අල්ලාගත්  පොල්පොට් පාලනය  ගැන NEW TIMES සඟරාවේ  පළවූ ලිපියක් ඇසුරෙනි .1989 වන විට  වියට්නාම් හමුදා කාම්බෝජයට ගොස් පොල්පොට් හමුදා පරදවා බලය අල්ලාගත් අතර  මොස්කව්  හිතවාදී  පාලනයක් එහි ස්ථාපිත  කර තිබුණි.
NEW TIMES පළකරන්නේ  මොස්කව්  නගරයේය. මා වසරකට  මුදල් ගෙවා තිබුණු බැවින් සතිපතා එය  මා අතට  පැමිණේ.පොල්පොට් කාම්බෝජය  පාලනය  කළ  සමයේ  අමුතු සමාජවාදයක්  එහි ක්‍රියාත්මක  කරන්නට ගොස්  විශාල වශයෙන් මිනිසුන්  ඝාතනය  කළේය. මුදල් අවලංගු  කොට  නගර වනසා දමා නාගරික  මිනිසුන් ගම්වලට දැක්වූ අතර  විශාල  ආහර  හිඟයක්ද  ඇතිවීය.  එයට විරුද්ධවූ  මිනිසුන් ලක්ෂ 30 ක් මරා  දැමු බව  එම  සඟරාවේ  සඳහන්  විය.
ලිපිය   කියවා අවසන් කල  විජේවීර  මෙය  පළ කල නොහැකි බවත්  මෙය සෝවියට් ඔත්තු සේවය (KGB)  ගෙන  යන බොරු ප්‍රචාරයක් බවත් KGB ලයින්  ජවිපෙට  ගෙන  නොඑන  ලෙසත්  විජේවීර  සිනහ සෙමින් මට  කීය.එදා සිට විජේවීර හමුවූ  අවස්ථාවලදී   ඔහු මා   ඇමතුවේ  KGB කියාය.

පස් පාටියේ පෙරමුණ 


දිනක් ගුරු සංගමයට  පැමිණි විජේවීර  මගේ  අතින් අල්ලාගෙන " KGB line පක්ෂයට  රැගෙන  අවොත් මරනවා " යැයි සිනා මුසු මුහුණින් මට  කීය.   විහිළුවක් ලෙස සලකා මම එය  බැහැර  කලෙමි.
මේ  කාලය වනවිට  LTTE සංවිධානයක් තිබුනේ  නැත. එහෙත්  JR පාලනය විසින් 'ත්‍රස්තවාදය  වැළක්වීමේ පනත' නමින් පනතක් පාර්ලිමේන්තුවට  ගෙන  අවුත්  තිබුන  අතර මෙයට විරෝධය  පලකිරීමේ  අරමුණෙන් තවත් පක්ෂ 4ක් එකතු කරගෙන ජවිපෙ  මුල්වී පෙරමුණක් ගොඩ නැගුවේය.එම  පක්ෂ  හතර  නම් ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, වාසුදෙවගේ  විප්ලවකාරී සමසමාජ පක්ෂය සහ බාල තම්පෝ නායකත්වය දැරූ දේශපාලන  පක්ෂයයි ( එහි නම මතක  නැත.)
එම පෙරමුණ  ගොඩ නැගීමේ  සාකච්චා පැවතුනේ  මැලේ වීදියේ  තිබුණු අපේ ගුරු සංගමයේ  කාර්යාලයේය.. එතෙක් කාලයක් වමේ  පක්ෂවලට  ද්‍රෝහීන්  කියා  බැන වැදී සිටි විජේවීර  මෙම සාකච්චා වලදී තම්පෝ  සමග  හැර අන් නායකයන් සමග අඩු වශයෙන්  සුහද ලෙස  හිනහ වුවේවත් නැත.නිල සාකච්චා වලට  පෙර  හෝ  පසුව  ඔවුන් සමග වචනයක්වත් විජේවීර  කතා  කලේ නැත.තාවකාලික  පෙරමුණක් තනා   ගත්තද ඔවුන් සතුරන් ලෙස  විජේ වීර සැලකීය.
එම පෙරමුණේ  පළමු රැළිය පැවැත්වුයේ  හයිඩ් පිටියේය.විජේවීර වේදිකාවට  නැග්ගේ ඔහුගේ  කතාවට  ඔන්න මෙන්න  කියාය. එතෙක් ඔහු වේදීකාව  පසු පසට වී ඇවිදිමින් සිටියේය.ඔහුගේ  කතවට  පෙර   සමසමාජ පක්ෂයේ  නියෝජිතයා  රැස්වීම අමතමින්   සිටින අතරතුර   විජේවීර  වේදිකාවට  ගොඩවුවද  ඔහුගේ  වාරය එනතුරු පත්තරයක්  කියවමින් සිටියා මිස වේදිකාවේ  සිටි අනිත් පක්ෂවල  නායකයන්ගේ  මුහුනවත් ඔහු බැලුවේ  නැත.
ඔහු කතාව  පටන් ගත්   විගසම වාගේ  ශරීරය   හතර  අතටම නවමින් ,. අතපය  විසිකරමින් විජේවීර  අන් කතිකයනට වඩා  සිත් ඇදගන්නා  පරිදි කතා  කරන්නට මහත් වෙහෙසක් දැරීය.පැමිණ සිටි  ජවිපෙ  සාමාජිකයන් අත්පොලසන් දුන්නේද  විජේවීරට  පමණය.
රැස්වීම අවසන් වන විට රාත්‍රී 7 පමණ වන්නට ඇත.විජේවීර කතාව  අවසන්  කල පසු ඔහු සමග  ආපසු  යන්නට  මා   සිත ගෙන  සිටි නමුත් ඔහු සොයා ගැනීම  නොහැකි විය. මා හයිඩ්  පිටියේ  සිට  කොම්පඥඥ වීදියේ සංගම්  කාර්යාලයට පා  ගමනින් එහෙත් වේගයෙන්  ආවේ විජේවීර  එහි ඇත  යන  බලාපොරොත්තුවෙනි. මා  සිතු පරිදිම  ඔහු එහි සිටියේය. ඔහු ඉතා  වේගයෙන් පා ගමනින් පැමිණ තිබුන  අතර අධික ලෙස  දහදිය  දමමින් තිබු නිසා කමිසය  ගලවා පුටුවක  එල්ලා තිබුනේය.ඔහු සමග ඒමට මමද  උත්සාහ  කල බව ඔහුට  කී විට " කොහොමද  අද මගේ  කතාව?" කියා  විජේවීර  මගෙන් ඇසුවේය.එදින  කතාව මගේ  සිතට අල්ලා  නොතිබුන බැවින් " අද සහෝදරයා නැවුන වැඩියි"  කියා  කීවෙමි. විජේවීර  වෙනත් කිසිවක් මගෙන් ඇසුවේ  නැත.වෙහෙස  නිවා ගත් ඔහු  තම ආරක්ෂකයා  සමග  පිටවී ගියේය. උස මහතා පුද්ගලයෙකු වූ එම  ආරක්ෂකයාගේ  නම පතිරණය, ඔහු පසුව  ජවිපෙ  අතහැර එජාපයට  ගිය අතර 87-89  භීෂණ සමයේ ජවිපෙ  තුවක්කු  කරුවෙකු  විසින් ඔහු මරා  දැමු බව පුවත්පත්වල  පලවිය.
(ඉතිරි කොටස මී ළඟ  ලිපියෙන් බලාපොරොත්තු වන්න.)









Comments

දාහංකො ෆලොවර්ස් ගැජට් එක... මරු සයිට් එකක් නෙ.
followers gadget දාලා තියෙන්නේ මචන්
විජේවීර කියන්නේ ශ්‍රී ලංකාවේ පොල්පොට් වෙන්න හිටපු පුද්ගලයා
GB line පක්ෂයට රැගෙන අවොත් මරනවා " යැයි සිනා මුසු මුහුණින් මට කීය.// මේක නම් විහිලුවක්ම නෙමෙයි. පොල්පොට්ගෙ අපරාධ සාක්ෂි සහිතව ඔප්පුකලත් ජේවීපී කාරයො ඒවට මොකක් හරි හිනා යන සුරන්ගනා කතාවක් හදල ඇති. විජේවීර පසුකාලෙක මිනීමරපු විදියට ඔහු තමා ලංකාවෙ පොල්පොට් වෙන්න හිටියෙ. විජීවීර හැත්තැගනන්වල මරුනනම් හෝ ජේ ආර් ඔහුව නිදහස් නොකර සිටියානම් හොදයි කියල මට හිතෙන්නෙ. විජේවීර කියන්නෙ වල් මුර්ගයෙක්. ඔහුගෙ කුඩා කල අමිහිරි අත්දැකීම් වල පීඩනය 71 දී හා 89 දී සමාජයට මුදා හැරියා.

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...