Skip to main content

රතු කමිස නවක වදය සහ විශ්ව විද්‍යාල පෙළපාලි

කැලෑ නීතිය 


ඊයේ  සිට  කැලණිය විශ්ව  විද්‍යාලයේ  ආචාර්යවරු ජෙෂ්ට  සිසුන්ට  ඉගැන්වීම අත් හිටවූ බව වාර්තා විය.හේතුව නවක සිසුන්ට  නොකඩවා නවක වදය දීම සහ එය වලක්වන්නට  ගිය  ගුරුවරුන්ට ජෙෂ්ට සිසුන්  විසින්  තර්ජනය  කිරීමය.
මේ ගැන මම ඊයේ ෆේස්බුක් සටහනක් තැබූ අතර අති බහුතරයක් දෙනා නවක වදය හෙලා දකිමින් අදහස්  පළ කර තිබිණ.මානසික  සහ  ශාරීරික හිංසා පීඩා කරමින් මාස  ගණනාවක් පැවැත්වෙන  මේ අමන ක්‍රියාව නැවත්වීමට නීතියෙන් තවමත්  නොහැකි වී තිබෙන  බැවින් එය වැළක්විය  හැක්කේ බහුතර සමාජයේ  බලවත් විරෝධය අඛණ්ඩව  පල  කිරීමෙන් යැයි ම විශ්වාස  කරමි.මා ඒ ගැන නැවත ලියන්නේ ඒ නිසාය.

බිහිසුණු බෝවෙන රෝගයක්

ආණ්ඩුවේ ප්‍රධාන  පාසල් දක්වා පැතිරී තිබෙන මේ රෝගය නතර කිරීමට නීතියෙන් තවමත් හැකිවී නැත.1998 සම්මත  කරන  ලද  පනතකින් නවක වදය  නීති විරෝධී කළද තවමත් එය පවතින්නේ මහජන විරෝධය ප්‍රමාණවත් අන්දමින් ප්‍රකාශවී නැති නිසාත්  ලංකාවේ සරසවි සිසුන්ගේ  නොදියුණු   මානසිකත්වයෙන් යුක්ත නිසාත්  යන්න මගේ  අදහසයි
.අහිංසක  මුව  පැටියෙකු  කොටියෙකුට  අසුවූ විට එක විටම මර දමන්නේ  නැත. සෙල්ලම් බඩුවක් මෙන් එහෙ මෙහෙ වීසි  කර මරා දමන්නේ  අන්තිමටය.  මේ  වද හිංසා පැමිණවීම ඒ  හා  සමානය. පිරිසක් වට  කර  ගත්කල  නවක සිසුන් මහත් අසරණ භාවයට පත්වෙති. භික්ෂුන් පවා ජෙෂ්ට  භික්ෂුන්ගේ  නවක වදයට ලක් වෙති.
 සිසුන්ගේ  මානව  අයිතීන් උල්ලංඝනය කෙරෙන නවක  වදය  අඛණ්ඩව  පවත්වාගෙන  යන්නේ විශ්ව විද්‍යාලවල  තිබෙන  ශිෂ්‍ය සංගම්වල අනුග්‍රහය නිසාය. ඒවායේ  බලය  අල්ලාගෙන සිටින්නේ බොහෝ විට  පෙරටු ගාමින්ය  නැත්තම් ජනතා විමුක්ති පෙරමුණය.

රතු කමිස  කාරයන් නවක වදය පවත්වා ගෙන යන්නේ  ඇයි?

නවක වදය  නැවත්වීමට උවමනානම් පෙරටුගාමින්ට සහ  ජනතා  විමුක්ති පෙරමුණට පුළුවන.එහෙත් ඔවුන් එය  නොකරන්නේ නවක සිසුන් බියපත් කොට  තම ග්‍රහණය යටතේ  තබා ගැනීමට ඇති උවමනාව  නිසාය.සමාජවාදය ,යුක්තිය , ප්‍රජාතන්ත්‍රවාදය  ගැන ගැන රට පුරා දේශන  පවත්වන ඔවුහු විශ්ව  විද්‍යාල  තුල පවත්වාගෙන  යන්නේ එකාධිපත් වාදයකි.ඔවුන්ට එරෙහිව නැගිටීමට උත්සාහ  කරන සිසුන් මර්දනය කිරීම සඳහා  යකඩ  පොලු ,සහ චෙන් වුවද නොපැකිලව  පාවිච්චි කරති.ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  සමන්ත විතානගේ ,ශිෂ්‍යයා නවක වදයට විරුද්ධව  නායකත්වය  ගැනීම  නිසා ජවිපෙ රතු  කමිස  කාරයන් විසින්  පොලු වලින් පහර දී ,වීදුරුකටු  වලින් ඇන, පරිගණක මොනිටරයක්    හිසට හෙලීමෙන්   2002 දී   මරා දමනු  ලැබීය. මොනිටරය හිස මතට හෙළුවේ  ජවිපෙ  නායකත්වය දෑරු ශිෂ්‍ය  සංගමයේ   සභාපති වූ සුජිත් කුරුවිටය.

ලිංගික වද හිංසා

ලිංගික වද  හිංසා නවක වදයේ අනිවාර්ය  කොටසකි.රූපා  රත්නසීලි නමැති නවක සිසුවියකගේ  යෝනියට ඉටිපන්දමක් ඇතුළු  කිරීමට ජෙෂ්ට සිසුන්  තැත් කිරීම නිසා  එයින් ගැලවීමට පේරාදෙණිය සරසවියේ  රාමනාදන්  ශාලාවේ උඩුමහලින්   බිමට පැනීමේ ප්‍රතිපලයක් ලෙස   ඇයගේ ඉගනීම  අවසන් වූ අතර ඉන්පසු  රෝද පුටුවකට  සීමාවී වසර  ගණනක්  වද විඳ  බලාපොරොත්තු  සියල්ල කඩවු ඇය 2002 දී  දිවි නසා ගත්තාය.
නවක වදය  නිසා තවත් කීප දෙනෙකුද  මරණයට  පත් වූ අතර තවත් අය සදාකාලික  අබ්බගාතයන් වී සිටිති.නවක වදය දරා  ගැනීමට  නොහැකි ව ඇතැමෙකු සරසවි අධ්‍යාපනය අත් හැර  දැමුහ. සමහරු නවක වදයට බියේ  සරසවියට ආවේම  නැත.
පුද්ගලික විශ්ව විද්යාලයකින් හෝ උසස් අධ්‍යාපනය  ලැබීමේ සිසු  අයිතියට  විරුද්ධ් වන්නේ  මෙවැනි මිනිස්සුය.
21 වන සියවස  වනාහී මිනිසුන්ගේ මානව  අයිතීන්ට ප්‍රමුඛත්වය  දී තිබෙනවා පමණක් නොව සතුන්ගේ  අයිතීන් ගැන පවා කතා  කරන  සියවසකි..එහෙත්  මානව  දයාවෙන් ඉතිරී පැතිරී යනවායි  කියන පුබුදු ජාගොඩලා අනුර  කුමාරලා හිංසාව  තුලින් සිය  ආධිපත්‍ය  සරසවි තුල පවත්වාගෙන  යාම් සඳහා පුර්ණ  අනුමතිය දී තිබේ.
කාට හෝ වද   හිංසා  කිරීමට කිසිවෙකුට  අයිතියක්  නැත.පොලීසිය  සහ ත්‍රිවිධ  හමුදා විසින්  කරන  වද හිංසාවලට අපි විරුද්ධ වන්නේ  ඒ නිසාය.වදයට භාජනය වන්නේ  දෙමළද මුස්ලිම්ද සිංහලද යන්න  අපිට වැදගත්  නැත. සියල්ලන්ටම වේදනාව  දැනේ  විශ්ව විද්‍යාලවල සිදු  කරන වද  හිංසාවන්ට අපි විරුද්ධ  වන්නේද  ඒ  පදනමේම සිටිමිනි.වද දෙන්නේ යුනිෆෝර්ම් අඳින අයද නැත්තම් රතු  කමිස  අඳින  අයද යන්න  අපිට  වැදගත් නැත.
 























































Comments

Unknown said…
නවක වදය කියන දේ ගැන අපේ කියවීම ටිකක් වෙනස්. අපි හොදට රැග් වුණා. රැග් කරා. ඒත් එදා ඒක ලොකු පාලනයක් යටතේ සිද්ධ වුණ දෙයක්. අද ඒ ක්‍රමය ගරා වැටිලා. මේවායේ අතුරු ප්‍රතිඵල ළගදීම විශ්ව විද්‍යාල වලින් පේන්න ගනියි.
api thopi said…
ඕවා ගැන දන්නේ නැත එහෙත් ශාරීරික අපහසුතාවන් සිදුකිරීම අනුමත කරන්න බෑ.
නවක වදය රොමැන්තික කිරීම තමයි නරකම දේ...

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...