Skip to main content

සුදු කුකුලාගේ කතාව

මගේ  අලුත් බ්ලොග් එක.

මින් පසු  ෆේස් බුක් එකට  මගේ අලුත් බ්ලොග් එක වන  'සුදු  කුකුළා ' හරහා  ලියන්නටයි  තීරණය කළේ. මා  මිත්‍ර අජිත්  පැරකුම් ජයසිංහ වරක් දෙවරක්ම  මට  කීවේ  බ්ලොග් එකක් හරහා  ලියන ලෙසයි. බ්ලොග් එක හැඩ වැඩ  කරන්නට  මා තවමත් දන්නේ  නැති  නිසා එයට  ඔබ සැම මට  උපදෙස් දෙන්නේ  නම් ඒවා  භාර ගැනීමට  මා සුදානම්.

සුදු කුකුලා/white cock 

බ්ලොග් එකකට සිත් ගන්නා   නමක්ද  අවශ්‍යය  යන්න මගේ  විශ්වාසයයි.කෙසේ වෙතක් මා   මේ  නම තෝරා  ගැනීමට හේතු කීපයක්  තිබෙනවා.ඉන් එක  හේතුවක් මෙහි ලියන්නට මා කැමතියි.

සුදු කුකුලාගේ   කතාව.

ඒ 1979 අවුරුද්ද.බැඳලත් වැඩි  කලක්  නැහැ.ඒ  කාලේ  නෝනා කියන  ඕන දෙයක්  ඕන  කෙනෙක් කරනවා. කුකුළු  පැටවූ වෙළදාමේ ආපු කෙනෙකුගෙන් කුකුළු  පැටවූ අරගෙන  ආදායම් මාර්ගයක්  හදා ගම්මු  කියල  මගේ බිරිඳ  යෝජනා  කළා. ඉතින් අපි කුකුළු පැටවුන්  හත් අටදෙනෙක්  මිලදී ගෙන පෙට්ටියක  දාල  කාමරේ  ඇතුලෙන් තියල   හදා වඩා ගන්න පටන්  ගත්ත.ටික දවසක්  යනකොට කුකුළු  පැටවුන් එකෙන් එකා  අතුරු දහන් වෙන්න පටන්  ගත්ත.විමසිල්ලෙන් හිටියම තේරුනා ගෙදර  හිටපු පුසා කුකුල්  මස්   කන්න  පටන් අරන්  කියල. ඉතුරු හතර පස්  දෙනා  පරිස්සම්  කර  ගත්තත් එකෙක්වත්  කිකිලියෝ  හැටියට  ලොකු  මහත් උනේ  නැහැ. ටිකක් උස් මහත් උනාම අපි උන්ව මිදුලට දැම්ම  දවල්  කාලෙට. නමුත් අපේ  කුකුළු ෆාම් එක  සිහිනයක් කරමින් අවට  ඉන්න  හෝතම්බුවෙක්  උන්ව  අපෙන්  උදුරාගත්ත .ඉතුරු උනේ  එකම  එකයි.

අපේ  හුරතලා

ඉතුරු උන  කුකුළා  ටික ටික  ලොකු  මහත් උනා. ඌ රැට නිදා ගන්නේ මගේ   පාගන බයිසිකලය  උඩ. දවල්  කාලයටත් නිතරම් වගේ  ගෙදර  කෙනෙකු සමගමයි ඉන්නේ. කඩේට  යනකොටත් ඌ අපේ  පස්සෙන් එනවා.සීය  බුලත් විට  කොටන  කොට  ලඟට වෙලා  බලන් ඉඳල කෙටිල්ල නවත්තපු  ගමන්ම බුලත් වංගෙඩියට  හොට  දාල  බුලත් විට  කනවා.අන්තිමට කුකුළා ගෙදර  හුරතලා  බවට  පත් උනා.නමුත් 
හැමදාමත්  ගේ  ඇතුලේ  තිය ගන්න බැරි  නිසා රැ  කාලය  ගසක ඉන්න  අපි ඌට පුරුදු  කළා.

කුකුලාගේ අවසානය.

දවසක් රැ  12ට  විතර අපිට  ඇහැරුනා අම්ම  කෑ  ගහන සද්දයක් ඇහිලා.අම්ම  කැගැහුවේ "කුකුලව හොරු  ගෙනියනෝ" කියල. ඒ  කාලේ  විදුලිය  ඇවිල්ල  තිබුනෙත්  නැහැ.කොහොම  උනත්  අපි විගහට  එලියට  පැන්න හොරාව  අල්ල  ගන්න  කියල  හිතාගෙන. ප්‍රධාන දොර  ළඟ සුදු පිහාටු  ගොඩක්  තිබුන. ඌ ජීවිතේ  බේරා  ගන්න ගේ  ඇතුලට එන්න  උත්සාහ  කරලා  තිබුන  කියන එක  ඒකෙන්  පෙනුන.පොල්ලකුත් අරගෙන  මම පාරට ආව. පාර දිගේ  පිහාටු  තිබුන. මන් මීටර් 1000ක් විතර පාර දිගේ  ඇවිදගෙන  ගියා. පිහාටු බල  බලා. තැන තැන  පිහාටු තිබුනත් තව  දුර යන  කොට  පිහාටුත් නැ. කුකුලත් නැහැ  හොරුත් නැහැ.

 පොලීසි  යාම.

අපි  කාටත්  තද  බල  හිතේ  මාරුවක් ඇති උනේ  කුකුල්  සුරතලාගේ  ඉරණම  ගැන.හොරුන් අල්ලළ  උසාවි ගෙනියන්නයි අපිට  ඕන  උනේ. මේ  නිසා පසුවදා උදෙන්ම  මන් පොලීසියට  ගිහින්  පැමිණිල්ලක් දැම්ම. නමුත් එකෙන්  පලක් උනේ  නැහැ.

අල්ලා දෙවියන්ට  නඩුව  කීම

ඒ  කාලේ  මන් දෙවියන්ව  තරමක් විශ්වාස  කළා. බේරුවල  තියෙනවා කිච්චිමලේ  පල්ලිය කියල එකක්. අහල  පහල  අය  කිව්වා  එතන  හොඳ  තැනක් හොරුන්ගෙන්  පලි ගන්න. එතනට  ගිහින්  කිව්වම  හොරුන්ට  දඬුවම් ලැබෙනවා  කියල. ඉතින්  මමත් පල්ලියට  ගිහින් එහි පුජකයට  කිව්වා  කාරණාව.. රු.10ක්  ගාස්තුව  හැටියට.අය  කරගෙන  ඔහු මේ  ගැන දෙවියන්ට කිව්වා.අපි ආපසු  අවා හොරුන්ට  දඬුවම්  ලැබෙයි  කියල  හිතාගෙන  සතුටින්.
හොරු  කවුද  කියල  අද වෙනකම් හොයා  ගන්න  බැරිවුණත්  හිතේ  අමාරුව  යනකම් විවධ දේ  කරපු  නිසා අපේ  හිත් සැහැල්ලු  උනා. ඉතින්  අපේ  හුරතල් සුදු  කුකුලා  නැවත  නැවත  මතක් වෙන්න  ඕන  නිසාත්   තවත්  කාරණා  නිසාත් මගේ  බ්ලොග් එකකට සුදු  කුකුලා කියා  දැම්මා.

අරමුණ

මේ බ්ලොග් එකේ  අරමුණු කුකුලව මතක් කර  කර  ඉන්න නම්   නොවෙයි. දේශපාලන  පක්ෂෙකට සම්බන්ධ  නැති , මගේ  අදහස්  ඔබ වෙත  ඉදිරිපත්  කරමින් යුක්ති  ගරුක  රටක්  දිනා  ගැනීම  සඳහා අරගලයේ දිගින් දිගටම  නිරත වීමටයි.. කියවූ  ඔබට ස්තුතියි.

Comments

This comment has been removed by a blog administrator.
vimukthi said…
ඔබට ජය වේවා!
සුදූ කුකුළාට ජය!
Dayal Bathee said…
Congratulations for a long journey, you will be a shining star in the Sinhala Bloshere.
සාදරයෙන් පිළිගනිමු.
Unknown said…
අද තමයි ඉස්සෙල්ලා ම මේ පැත්තට ආවේ..
දිගට ම ලියන්න.
ජයවේවා..!!!

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...