Skip to main content

කොටින්ට සල්ලි දී යාපනේ ගියෙමු.

යාපනයට ගිය දෙවෙනි  ගමන.


1980 පසු  යලිත්  යාපනයට  යාමට  අවස්ථාවක්  උදා වුයේ  2002 දීය. රනිල් වික්‍රමසිංහ මහතා  2002  අගමැති වූ  පසු  LTTE සංවිධානය සමග  යුධ විරාම ගිවිසුමක් අත්සන්  කිරීම   නිසා උතුරේ  සිට දකුණටත්  දකුණේ  සිට  උතුරටත්  දහස්  ගණනින් මිනිසුන් දිනපතාම වාගේ  ගමන් කළහ. එවක  මම ලංකා  ගුරු සංගමයේ   සභාපති වූ අතර   යුධ  සමයේ  පවා අඛණ්ඩව ක්‍රියාත්මක වූ  සංගමයේ යාපනයේ  දිස්ත්‍රික් ශාඛාවෙ  වාර්ෂික සම්මේලනයට  සහභාගී වීම සඳහා  මමත් සංගමයේ  ප්‍රධාන ලේකම් වූ  සී. ජයතුංග සහෝදරයත් සංගමයේ  මධ්‍යම  කාරක සභාවේ  සහෝදරියන් දෙදෙනෙකුත් යාපනයට  යාමට  තීරණය  කළහ.

2002 වසරේ  දිනයක  යාපනයට  යාම සඳහා කොටුව  දුම්රිය  පොලෙන්  රාත්‍රී දුම්රියකට  ගොඩ වුනෙමු. වවුනියාවට  දුම්රිය  ලඟා  වන විට  පාන්දර  5 ට  පමණ විය. එතනින් ඉදිරියට දුම්රිය  ගමන් නොකළේ කොටි සංවිධානය දුම්රිය  පාර ගලවා  තිබුන  නිසාය.

ඕමන්ත මුර පොළ.

වවුනියාවේ  සිට බසයක  නැගී ඕමන්තේට ගියෙමු.එම බස්  රථයේ  සිටි එකම සිංහල පිරිස  අපම  පමණි.( අප සමග ගිය එක් ගුරු සහෝදරියක් සිංහල මවකට සහ දෙමල  පියෙකුට  දාව  ඉපදී තිබුණද ඇය දෙමල බස  දැන සිටියේ  නැත.) ඕමන්ත  මුර පොලේ  හමුදා භටයන් සහ පොලිස් නිලධාරින් සිටියහ.යාපනයට  භාණ්ඩ   ගෙන යන ලොරි රැසක් එහි තිබිණ.ඒවා පරීක්ෂා කර  අවසන් වන තුරු දින දෙක  තුන එහි නවතාගෙන  සිටීමට අයිති කරුවන්ට  සිදුවී තිබිණ. මුර පොලේ  සිටි හමුදා-පොලිස් නිලධාරින් අප සමග සුහදත්වයක් පෙන්වූ  නමුත් දෙමල මිනිසුන්ට  සුහදත්වයක් පෙන්වුයේ  නැත.අපගේ  හැඳුනුම්පත්  පරීක්ෂා  කිරීමෙන්  පසු ඉදිරියට  යාමට අපට අවසර ලැබුණු පසු  පා ගමනින්  ඉදිරියට  ගියෙමු.මීටර 200ක් පමණ ඈතින් වුයේ  LTTE සංවිධානයේ  මුර පොලයි.එහි  කාර්යාලයේ  සේවය  කල අය සිවිල් ඇඳුම් ඇඳ  සිටියහ  තරමක් ඇතින් ආයුධ  සන්නද්ධ  LTTE  පොලිස්  භටයන්  සිටියහ.අපගේ  හැඳිනුම් පත්  පරීක්ෂා  කිරීමෙන් පසු ඔවුන්ගේ  අඩවියට ඇතුළු වීම  සඳහා   අවසර  පත්  අප වෙත  ලබා දුන්නාහ.

කොටි බස්

කාර්යාලය  අසල  කොටි බස්  රථයක්  නවත්තා  තිබිණ.පෝලිමේ  ගොස් රු 300  බැගින් ගෙවා මුහමාලය දක්වා  යාම  සඳහා  එම බස්  රථයට  අපි  ගොඩ වීමු. සියලු  ආසන සම්පුර්ණ වූ  පසු බස්   රථය පිටත් විය.සිටගෙන  යාම් සඳහා  එකදු  මගියෙක් වත්  බස්  රථයට  නංවා ගත්තේ  නැත.  බස්  රථයේ  වාදනය වුයේ  ප්‍රභාකරන්  වර්ණනා  කරන ගීතය. 
ඉතා  වේගයෙන් බසය  ගමන් කල අතර බොහෝ  තැන් වනයෙන් වැසී තිබුණි.පාර  දෙපස බොහෝ  තැන්වල හිස් කබලක  පින්තුරය සහිත  පුවරු සවිකර  තිබිණ. ඒවායේ  සඳහන්  වුයේ බිම්බෝම්බ  වලලා   තිබෙන  බැවින්  පාරෙන් පිටතට  පය  නොතබන ලෙසය.
පැයකට  පසු  කඩ මන්ඩියක බස්  රථය  බස්  රථය  නැවැත්තුවේ. මගීන්ට  තේ බීම සඳහාය. සිංහල පෙදෙස්වල  ලෙසම මෙහිද කොල්ලන් කුරුට්ටන් මෙන්ම  මහ   මිනිසුන්ද  විවිධ දේ  රැගෙන  බසය  අසලට  විත් ඒවා මගීනට විකිනුහ.එහෙත් බස්  රථය  තුලට  ඔවුන් ආවේ  නැත, කොලු  පැටියෙකු ගෙනා   කිසියම්  කුඩා පලතුරු   ගෙඩි වගයක් මා   මිලදී ගත්තේ  පොඩි  එකා  කෙරෙහි ඇතිවූ  අනුකම්පාව  නිසාය.
විනාඩි  15 කට  පසු  බසය  යලි  ගමන්  ඇරඹීය. කැලෑව  නැති පෙදෙස්වල තිබු  නිවෙස් සියල්ලම වාගේ  බෝම්බ  සහ  කාල තුවක්කු වෙඩි  ප්‍රහාර වලින් විනාශ වී තිබින  අලාභයක් නොවූ  නිවසක්  නැති තරම් විය.පාසල් වල  පවා බිත්ති  වෙඩි උණ්ඩ  දහස්  ගණනින් වැදීම නිසා සිදුරු වී තිබිණ. ඉදිරියට  යන්නට්  යන්නට අලාභ  හානි අධික විය.කාල තුවක්කු  වෙඩි වැදීම නිසා බැලූ බැලූ   තල් ගස්   දස දහස්  ගණනින්  දෙකට  කැඩී ගොස්  තිබිණ.
  ඊලාම්  රාජ්‍යයට  අයත් විවිධ  දෙපර්තමෙන්තුද   අපට  මග දෙපස  තැන තැන්වල දැකිය  හැකි විය.   LTTEභටයන්ද  ඔවුන්ගේ  පොලීසිද  තැන ස්ථාන  ගණනාවකදී අපිට  දැක  ගත  හැකි විය.

එලිෆන්ට් පාස් විනාශය.

LTTE විසින් එලිෆන්ට් පාස්  යුධ හමුදා කඳවුරට    එල්ල කල ප්‍රහාරයේ  දරුණු බව වටහා ගැනීමට  හැකි වුයේ  ඉතිරිව  තිබු  නටබුන් නිසාය. තව දුරටත් එහි  හමුදා කඳවුරක්  තිබුනේ  නැත  ඒ  වෙනුවට  තිබුනේ  විනාශ වී ගිය හමුදා  යුධ  ටැංකි   කීපයක්  පමණි.

මුහමලේ මුර පොළ.

තවත් පැයකින් පසු බස්  රථය මුහමාලේ LTTE මුරපොලට  ලඟා විය. එහිදී LTTE සංවිධානය අප වෙත  ලබා  දී තිබු  අවසර  පත්‍රය ඔවුන් අපෙන් ආපසු ඉල්ලා  ගත්  අතර අපි අනෙකුත් මගීන්ද සමග  පා ගමනින් මීටර් 200ක්  පමණ ඉදිරියට  ගියෙමු.එවිට  හමු වුයේ ආණ්ඩුවේ  හමුදා මුර  පොලයි.එහිදී අපව  පරීක්ෂා කිරීමෙන් පසු අසල  තිබු  යාපනය  බලා   යන ලංගම   බසයකට  ගොඩ  වූනෙමු. 
පැයකට  ආසන්න   කාලයක්  ගත වීමෙන්  පසු යාපනයට  අප ළඟා  වූවෙමු. ඒ  වන විට  වෙලාව  පස්වරු දෙකට  පමණ විය.
සංගමයේ  දිස්ත්‍රික් සභාපති  ත්‍යාගරාජා  සහෝදරයා  අපව  ඉතා සුහදව පිළිගත් අතර ආටා  රථවල ( ත්‍රීවීලර්) නැගී ඔහුගේ  නිවසට  අපි පැමිණියෙමු.සංගමයේ  ක්‍රියාකාරී දෙමල ගුරු භවතුන්  ගණනාවක් අප හමු වීමට  පැමිණි අතර අඳුර වැටෙන   තුරුම  අපි ඔවුන් සමග  කතා  බහ කළෙමු. අපගේ  පැමිණීම  ඔවුන්ට  ඉමහත් සතුටක් දෙන  සිද්ධියක් විය.
එදින  රාත්‍රී භෝජනය සුදානම් කොට  තිබුනේ  සංගමයේ   දිස්ත්රික් ලේකම් ගේ නිවසේය.අපගේ  පැමිණීම  ඔහුට   පමණක්  නොව ඔහුගේ  බිරිදගේද  තරුණ  දුවරුන්ගේද  සතුටට  හේතු වූ  බව ඔවුන්ගේ  මුහුණු වල  තිබු  ආලෝකයෙන් සහ  සිනහවන්  අපට  පැහැදිලි විය.
පසුවදා  අපි දිස්ත්‍රික්  සම්මේලනයට  සහභාගී වූ අතර  ගුරුවරුන්  සහ ගුරුවරියන් රැසක් පැමිණ  සිටියහ.පැය දෙකකට  අධික  කාලයක් රැස්වීම  පැවතුන  අතර   පැමිණ  සිටි ගුරුවරු LTTE සංවිධානයට විරුද්ධ  බව  ඔවුන්ගේ  කතා වලින් අපට  පැහැදිලි  විය.ඇතැමෙකු  LTTE  සංවිධානයේ ඇතැම් ක්‍රියා  ප්‍රසිද්ධියේම  විවේචනය  කිරීමට  තරම්ට  ඇතැමෙකු එඩිතර වුහ..
ඔවුනට එතරම් ධයිර්යයක්  තිබුනේ  කෙසේදැයි අදත්  මම  කල්පනා කරමි.
 

කොටි නායකයන්  හමු වීමට කිලිනොච්චි  යාම (මී ළඟ   ලිපියෙන් )


 

Comments

Buru Babe said…
This is awesome. U should write more n more. Thank you for ur good effort
Lalith said…
කුකුළෝ අදමයි මේ පැත්තට ආවේ..වටිනා ලිපියක්.
කොටි නායකයන් හමු වීමට කිලිනොච්චි යාම (මී ළඟ ලිපියෙන් )

කෝ ????

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා