Skip to main content

සිංහල ජාතිය වඳ වෙයිද?





Related image


සිංහල භාෂාව අනාගතයේ වඳ වීමට යන බවට යුනෙස්කෝ සංවිධානය කියා ඇති බව කියන ප්‍රකාශ ඔබ ඇතැම් විට දැක තිබීමට පුළුවන . යුනෙස්කෝ සංවිධානය එවැනි ප්‍රකාශයක්  කර තිබේදැයි සොයාගැනීමට මා අන්තර්ජාලය පෙරළ පෙරළා බැලු නමුත් සොයා ගැනීමට නොහැකි විය .


සිංහල භාෂාව වඳ වී යන්නේ එය කතා කරන මිනිසුන් අභාවයට ගියහොත් පමණි.  එහෙයින් සිංහල ජනවර්ගයේ බෝවීම අඩු වෙමින් තිබේදැයි දැනගැනීමට ලංකාවේ පවත්වා ඇති ජන සංගණන වාර්තා කියවා බැලීමි. ඒවායේ සඳහන් සංක්‍ෂිප කරුණු මෙසේය.


සිංහල ජන ප්‍රතිශතය


1881 - 66.91
1981 - 71.95
2011 - 74.90


ශ්‍රී ලංකා මුස්ලිම් ජන ප්‍රතිශතය


1881 - සංඛ්‍යා ලේඛන නැත
1981 - 7.05
2011 - 9.30


ලංකා දෙමල ජන ප්‍රතිශතය


1881 - 24.90
1981 - 12.71
2011 - 11.15


ඉන්දියානු දෙමල ජන ප්‍රතිශතය


1881 - සංඛ්‍යා ලේඛන නැත
1981 - 5.51
2011 - 4.12


ඉහත සංඛ්‍යා ලේඛණ අනුව සිංහලයා වඳ වෙමින් පවතින බවට කරන ප්‍රකාශ සිරිසේන කෙබර වලටත් එහා ගිය කෙබරයක් මිස වෙන කුමක්ද ?

Comments

Jagath Pathirana said…
1881 දී දෙමළ ප්‍රතිශතය ගණනය කර ඇත්තේ දෙමළ කතා කරන මිනිස්සු හැටියට මුස්ලිම් අයත් එක්ක විය හැකියි.

සිංහල ජාතිය (nation) මේ වන විටත් වඳවෙලා ඉවරයි. අද ඇත්තේ සිංහල ජනවර්ගයක් (race) විතරයි. 1815න් පසු සිංහල ජාතියක් නෑ. ශ්‍රී ලාංකික ජාතිය යනු ඇංග්ලිකත් ක්‍රිස්තියානි සංස්කෘතිය මුල්කරගත් ජාතියක්. මම ශ්‍රී ලාංකිකයෙක් නෙමෙයි මම සිංහලයෙක්. නමුත් ලංකාව සිංහලයන්ට වැදගත්. මන්ද සිංහලයන්ට තම වර්ගය බෝකල හැක්කේ ලංකාව තුල පමණයි. විදේශ රටවලට (විශේෂයෙන්ම ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටවලට සංක්‍රමණය වන සිංහලයන්ගේ සිංහල කම පරම්පරා 1කට වඩා පවතින්නේ නෑ.
ඔබ ඉදිරිපත් කරන්නේ දිව්‍ය භාෂිතයකි. ඔබ නිරාගමිකයෙක් නම් ඔබ ඉදිරිපත් කරන්නේ ස්වසිද්ධියකි. මේවායේ ස්වභාවය නම් ඒවා ඔප්පු කරන්නේ නැති අතර තමන් පිළිගන්නා හෙයින් අනෙක් අයත් නිකංම පිළිගත යුතු යැයි සැළකීමයි.

ඒ මිස ඔබ ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛණ හා සමග ඔබ කතාවේ කිසි සම්බන්ධයක් නැත. ඔබට අවශ්‍ය අදහසට අසාධාරණ වාසියක් ලබා ගැනීමට කළ ඉලක්කම් හරඹයක් පමණි.

1881, 1981 හා 2011 වසර වල ජන අනුපාත සසඳා ඉදිරිපත් කළ හැකි සාධාරණ නිගමනයක් නැත. සාධාරණ නිගමන නැති වීමට හේතු පමණක් අවශ්‍යනම් සාකච්චා කළ හැක. උදාහරණයක් ජගත් දී ඇත.

නමුත් 1981 හා 2011 වසර වල ජන අනුපාත සැසඳුවොත්;
එකී තිස් වසර තුල මුස්ලිම් ජනගහණ ප්‍රතිශත වර්ධන වේගය අනෙක් ජන වර්ග වල ජනගහණ ප්‍රතිශත වර්ධන වේගය සමග සංසන්දනය කිරීම සිත් ගන්නා සුළු අභ්‍යාසයක් බව කිව හැක. ආරම්බයක් ලෙස, පළමුව කී වේගය 32% බව සටහන් කර තබමි.
Jagath Pathirana said…
මට අද උදේ අහපු ප්‍රවෘත්තියක් නිසා මනෝගනේශන් ගැන විශාල කලකිරීමක් ඇතිවුනා.

එයා අරාබි අකුරු තියෙන නාම පුවරු ඉවත්කරන්න නියෝග කරලා.


දෙමළ බසටත් සිංහල බසහා සම තැනක් ලැබිය යුතුයැයි කියන මනෝු ගනේශන්ට. ජාත්‍යන්තර බාශාවක් වූ අරාබි බසට ඒ තැන ලැබීෘමට විරුද්ධ වෙන්න අයිතියක්නෑ. 56 දී සිංහල පමණක් රාජ්‍ය භාශාව කිරීමට පමණක් දෙවැනි මෙම අපරාධයට අපි හැමෝම විරුද්ධ විය යුතුයි.
Anonymous said…
ගනේෂන්ට අරාබි අරහං උනාට
ව්‍යවස්ථාවෙ වගන්ති නැත එරෙහි වෙන්ට
හිස්බුල්ලා පැහැදිලි කර කියන කලට
චිරං ජයතු අරාබියේ අකුරු පෙලට

තල් ගසටත් වඩා රට ඉඳි බෝ වේ නම්
රට ඉඳි වගාවෙන් අතමිට සරු වේ නම්
ජන ජීවිතය ගොඩගන්නට හැකි වේ නම්
රට ඉඳි වවමු ගලවන එක අවදානම්

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා