Skip to main content

සිංහල ජාතිය වඳ වෙයිද?





Related image


සිංහල භාෂාව අනාගතයේ වඳ වීමට යන බවට යුනෙස්කෝ සංවිධානය කියා ඇති බව කියන ප්‍රකාශ ඔබ ඇතැම් විට දැක තිබීමට පුළුවන . යුනෙස්කෝ සංවිධානය එවැනි ප්‍රකාශයක්  කර තිබේදැයි සොයාගැනීමට මා අන්තර්ජාලය පෙරළ පෙරළා බැලු නමුත් සොයා ගැනීමට නොහැකි විය .


සිංහල භාෂාව වඳ වී යන්නේ එය කතා කරන මිනිසුන් අභාවයට ගියහොත් පමණි.  එහෙයින් සිංහල ජනවර්ගයේ බෝවීම අඩු වෙමින් තිබේදැයි දැනගැනීමට ලංකාවේ පවත්වා ඇති ජන සංගණන වාර්තා කියවා බැලීමි. ඒවායේ සඳහන් සංක්‍ෂිප කරුණු මෙසේය.


සිංහල ජන ප්‍රතිශතය


1881 - 66.91
1981 - 71.95
2011 - 74.90


ශ්‍රී ලංකා මුස්ලිම් ජන ප්‍රතිශතය


1881 - සංඛ්‍යා ලේඛන නැත
1981 - 7.05
2011 - 9.30


ලංකා දෙමල ජන ප්‍රතිශතය


1881 - 24.90
1981 - 12.71
2011 - 11.15


ඉන්දියානු දෙමල ජන ප්‍රතිශතය


1881 - සංඛ්‍යා ලේඛන නැත
1981 - 5.51
2011 - 4.12


ඉහත සංඛ්‍යා ලේඛණ අනුව සිංහලයා වඳ වෙමින් පවතින බවට කරන ප්‍රකාශ සිරිසේන කෙබර වලටත් එහා ගිය කෙබරයක් මිස වෙන කුමක්ද ?

Comments

Jagath Pathirana said…
1881 දී දෙමළ ප්‍රතිශතය ගණනය කර ඇත්තේ දෙමළ කතා කරන මිනිස්සු හැටියට මුස්ලිම් අයත් එක්ක විය හැකියි.

සිංහල ජාතිය (nation) මේ වන විටත් වඳවෙලා ඉවරයි. අද ඇත්තේ සිංහල ජනවර්ගයක් (race) විතරයි. 1815න් පසු සිංහල ජාතියක් නෑ. ශ්‍රී ලාංකික ජාතිය යනු ඇංග්ලිකත් ක්‍රිස්තියානි සංස්කෘතිය මුල්කරගත් ජාතියක්. මම ශ්‍රී ලාංකිකයෙක් නෙමෙයි මම සිංහලයෙක්. නමුත් ලංකාව සිංහලයන්ට වැදගත්. මන්ද සිංහලයන්ට තම වර්ගය බෝකල හැක්කේ ලංකාව තුල පමණයි. විදේශ රටවලට (විශේෂයෙන්ම ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටවලට සංක්‍රමණය වන සිංහලයන්ගේ සිංහල කම පරම්පරා 1කට වඩා පවතින්නේ නෑ.
ඔබ ඉදිරිපත් කරන්නේ දිව්‍ය භාෂිතයකි. ඔබ නිරාගමිකයෙක් නම් ඔබ ඉදිරිපත් කරන්නේ ස්වසිද්ධියකි. මේවායේ ස්වභාවය නම් ඒවා ඔප්පු කරන්නේ නැති අතර තමන් පිළිගන්නා හෙයින් අනෙක් අයත් නිකංම පිළිගත යුතු යැයි සැළකීමයි.

ඒ මිස ඔබ ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛණ හා සමග ඔබ කතාවේ කිසි සම්බන්ධයක් නැත. ඔබට අවශ්‍ය අදහසට අසාධාරණ වාසියක් ලබා ගැනීමට කළ ඉලක්කම් හරඹයක් පමණි.

1881, 1981 හා 2011 වසර වල ජන අනුපාත සසඳා ඉදිරිපත් කළ හැකි සාධාරණ නිගමනයක් නැත. සාධාරණ නිගමන නැති වීමට හේතු පමණක් අවශ්‍යනම් සාකච්චා කළ හැක. උදාහරණයක් ජගත් දී ඇත.

නමුත් 1981 හා 2011 වසර වල ජන අනුපාත සැසඳුවොත්;
එකී තිස් වසර තුල මුස්ලිම් ජනගහණ ප්‍රතිශත වර්ධන වේගය අනෙක් ජන වර්ග වල ජනගහණ ප්‍රතිශත වර්ධන වේගය සමග සංසන්දනය කිරීම සිත් ගන්නා සුළු අභ්‍යාසයක් බව කිව හැක. ආරම්බයක් ලෙස, පළමුව කී වේගය 32% බව සටහන් කර තබමි.
Jagath Pathirana said…
මට අද උදේ අහපු ප්‍රවෘත්තියක් නිසා මනෝගනේශන් ගැන විශාල කලකිරීමක් ඇතිවුනා.

එයා අරාබි අකුරු තියෙන නාම පුවරු ඉවත්කරන්න නියෝග කරලා.


දෙමළ බසටත් සිංහල බසහා සම තැනක් ලැබිය යුතුයැයි කියන මනෝු ගනේශන්ට. ජාත්‍යන්තර බාශාවක් වූ අරාබි බසට ඒ තැන ලැබීෘමට විරුද්ධ වෙන්න අයිතියක්නෑ. 56 දී සිංහල පමණක් රාජ්‍ය භාශාව කිරීමට පමණක් දෙවැනි මෙම අපරාධයට අපි හැමෝම විරුද්ධ විය යුතුයි.
Anonymous said…
ගනේෂන්ට අරාබි අරහං උනාට
ව්‍යවස්ථාවෙ වගන්ති නැත එරෙහි වෙන්ට
හිස්බුල්ලා පැහැදිලි කර කියන කලට
චිරං ජයතු අරාබියේ අකුරු පෙලට

තල් ගසටත් වඩා රට ඉඳි බෝ වේ නම්
රට ඉඳි වගාවෙන් අතමිට සරු වේ නම්
ජන ජීවිතය ගොඩගන්නට හැකි වේ නම්
රට ඉඳි වවමු ගලවන එක අවදානම්

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...