දක්ෂිණාංශික කුමන්ත්‍රණයක්ද? චාවකච්චේරියේ නිවසක තිබී හමුවූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය සහ වෙනත් පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් නිගමනයකට එළඹීමට තවමත් කල් වැඩිය. එහෙත් සැක උපදවන කාරණාද තිබේ. ColomboTelegraph හී පළකොට තිබු පින්තුරයේ දැක්වෙන්නේ පෙරේද ( මාර්තු 28) අසුවූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයේ පින්තුරය නම් එම ඇඳුම සිංහල පත්තර කඩදාසි වල ඔතා තිබුනේ මන්ද? දෙවෙනි සැක සහිත ප්‍රශ්නය වන්නේ මෙය සහ තවත් බෝම්බත් චාවකච්චේරියට මන්නරමේ සිට ගෙන එන විට අතරමගදී අසු නොවුනේ මන්ද? උතුරේ හැම තැනකම හමුදා සිටින බැවින් මෙය අසාධාරණ ප්‍රස්නයක් නොවේයැයි සිතමි. ආරක්ෂක ලේකම් වරයා මෙය ඒ තරම් ලොකු සිද්ධියක් ලෙස ගණන් නොගත්තේ ඇයි? හැංගී තිබෙන සත්‍යය ඔහු දන්නා නිසාද? උතරෙන් හමුදාව අඩු කරනවාට, හමුදාව යටතේ තිබු සිවිල් වැසියන්ගේ ඉඩම් ආපසු දෙනවාට ...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත