Skip to main content

ISIS සංවිධානයේ දෙවෙනියා අල්ලා ගනී ( ISIS second in command is captured )

 






ඉරාකයේ බුද්ධි අංශය විසින් ISIS සංවිධානයේ දෙවෙනියා වන සමි ජසිම් අල් ජබුරි අත් අඩංගුවට ගත් බව ඉරාක අගමැතිවරයා අද (සඳුදා ) නිවේදනය කළේය


වෙනත් රටකදී ඔහු අත් අඩංගුවට ගෙන ඉරාකය වෙත රැගෙන විත් තිබේ එම රට කුමක්දැයි හෙළි කර නැත


අල් ජබුරි ISIS සංවිධානයේ මුදල් අංශයේ ප්‍රධානියාද වෙයි


මොහු අල්ලා දෙන අයෙකුට ඩොලර් මිලියන 5ක් දෙන බව මීට කලකට පෙර ඇමරිකාව .නිවේදනය කර තිබුණි



ISIS සංවිධානයේ ප්‍රධානියා වූ අබු බාකර් අල් බග්ඩාඩි 2019 ඔක්තෝබර් මාසයේදී ඇමරිකානු විශේෂ බලකා හමුදා විසින් සිරියාවේදී වට කළ අවස්ථාවේදී ඔහු පැළඳ සිටි බෝම්බ ඇඳුම පුපුරවාගෙන දිවිනසා ගත්තේය


නායක අල් බග්ඩාඩි දිවිනසා ගත දිනට පසු දින ඇමරිකානු හමුදා විසින් ත්‍රස්ත සංවිධානයේ දෙවෙනියා ලෙස සැලකුනු අබු හසන් අල් මුහජිර් ට ගුවන් ප්‍රහාරයක් එල්ලකොට සිරියාවේදී මරා දමනු ලැබීය


ISIS වර්තමාන ප්‍රධානියා ලෙස පත් කොට ඇත්තේ අබු ඉබ්‍රහිම් අල් හෂිමි අල් කුරාශී නමැත්තෙකි

Comments

Anonymous said…
අයිඑස් අයිඑස් කාරයා..
දුප්පතාගේ හිතවතා..

අයිඑස් අයිඑස් කාරයා..
දුප්පතාගේ හිතවතා..
Anonymous said…
වරදක් කලත්
හිතකින් නොවේ
පලිගන්නෙ
රිදවන්නෙ ඇයි
Ajith Dharma. said…
මේකේ කොමෙන්ට් දාන්න ටිකක් අමාරුයි. වෙන පොප් අප් එකක් එනවා. ඔක්කොම සුද්ද කරලා දානවා නම් හොඳයි
Anonymous said…
මං නං හිතන්නෙ මේ වෙලාවෙ ඉන්දියාවෙ ජීවත් වෙන්න පුළුවන්නං හොදයි බටහිර රටවලට වඩා. විශේෂයෙන්ම රාජ්‍යය විසින් තමන්ගෙ ජීවිතයෙ හැම පැත්තක්ම පාලනය කරනවට අකමැතිනං.

විශේෂයෙන්ම ඔය 'ලිබරල්' කියන රටවල තමා හරක් පට්ටිය වගේ පාලනය කරන ගතිය වැඩිම.

බැටළු පට්ටියක ඉන්න බැටළුවෙක් වගේ ඉන්න ආසනං ඒ රටවලට ගියාට කමක් නෑ. වැඩිම උනොත් සියදිවි නසාගන්න, ගබ්සා කරගන්න, පොඩි කාලෙම ලිංගය මාරු කරගන්න වගේ ඉතා වැදගත් දේවලට 'නිදහස' තියෙයි.

Popular posts from this blog

පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන නාමල්ගේ මිතුරිය

                       ඇය  නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද  , කොළඹට චන්දය  ඉල්ලුවද ඇය  ගැන ලිපියක්  ලියන්නට   මේ මොහොත වෙන තුරු  මා සිතා  සිටියේ  නැත. ඊයේ මුහුණු පොතේ  පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු   නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට  පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය  ගැන වැඩි දුර  යමක් ලිවීම අවශ්‍ය  බව  පෙනුණි. එය කොළඹ  චන්ද දායකයනට ඇය ගැන තීරණයක්  ගැනීමට දායක වනු ඇත .  මේ  ආණ්ඩුව  බලයට  පැමිණි පසු  පත් කරනු ලැබූ  වරාය  , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා  විසින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ  කමිටුව  පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු  ඉතා  බරපතලය එම වාර්තාව අන්තර්  ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට  කියවිය  හැක .  එබැවින්  මා  මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ  කොළඹ නගර ස...

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...