Skip to main content

ISIS සංවිධානයේ දෙවෙනියා අල්ලා ගනී ( ISIS second in command is captured )

 






ඉරාකයේ බුද්ධි අංශය විසින් ISIS සංවිධානයේ දෙවෙනියා වන සමි ජසිම් අල් ජබුරි අත් අඩංගුවට ගත් බව ඉරාක අගමැතිවරයා අද (සඳුදා ) නිවේදනය කළේය


වෙනත් රටකදී ඔහු අත් අඩංගුවට ගෙන ඉරාකය වෙත රැගෙන විත් තිබේ එම රට කුමක්දැයි හෙළි කර නැත


අල් ජබුරි ISIS සංවිධානයේ මුදල් අංශයේ ප්‍රධානියාද වෙයි


මොහු අල්ලා දෙන අයෙකුට ඩොලර් මිලියන 5ක් දෙන බව මීට කලකට පෙර ඇමරිකාව .නිවේදනය කර තිබුණි



ISIS සංවිධානයේ ප්‍රධානියා වූ අබු බාකර් අල් බග්ඩාඩි 2019 ඔක්තෝබර් මාසයේදී ඇමරිකානු විශේෂ බලකා හමුදා විසින් සිරියාවේදී වට කළ අවස්ථාවේදී ඔහු පැළඳ සිටි බෝම්බ ඇඳුම පුපුරවාගෙන දිවිනසා ගත්තේය


නායක අල් බග්ඩාඩි දිවිනසා ගත දිනට පසු දින ඇමරිකානු හමුදා විසින් ත්‍රස්ත සංවිධානයේ දෙවෙනියා ලෙස සැලකුනු අබු හසන් අල් මුහජිර් ට ගුවන් ප්‍රහාරයක් එල්ලකොට සිරියාවේදී මරා දමනු ලැබීය


ISIS වර්තමාන ප්‍රධානියා ලෙස පත් කොට ඇත්තේ අබු ඉබ්‍රහිම් අල් හෂිමි අල් කුරාශී නමැත්තෙකි

Comments

Anonymous said…
අයිඑස් අයිඑස් කාරයා..
දුප්පතාගේ හිතවතා..

අයිඑස් අයිඑස් කාරයා..
දුප්පතාගේ හිතවතා..
Anonymous said…
වරදක් කලත්
හිතකින් නොවේ
පලිගන්නෙ
රිදවන්නෙ ඇයි
Ajith Dharma. said…
මේකේ කොමෙන්ට් දාන්න ටිකක් අමාරුයි. වෙන පොප් අප් එකක් එනවා. ඔක්කොම සුද්ද කරලා දානවා නම් හොඳයි
Anonymous said…
මං නං හිතන්නෙ මේ වෙලාවෙ ඉන්දියාවෙ ජීවත් වෙන්න පුළුවන්නං හොදයි බටහිර රටවලට වඩා. විශේෂයෙන්ම රාජ්‍යය විසින් තමන්ගෙ ජීවිතයෙ හැම පැත්තක්ම පාලනය කරනවට අකමැතිනං.

විශේෂයෙන්ම ඔය 'ලිබරල්' කියන රටවල තමා හරක් පට්ටිය වගේ පාලනය කරන ගතිය වැඩිම.

බැටළු පට්ටියක ඉන්න බැටළුවෙක් වගේ ඉන්න ආසනං ඒ රටවලට ගියාට කමක් නෑ. වැඩිම උනොත් සියදිවි නසාගන්න, ගබ්සා කරගන්න, පොඩි කාලෙම ලිංගය මාරු කරගන්න වගේ ඉතා වැදගත් දේවලට 'නිදහස' තියෙයි.

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...