Skip to main content

මි ළඟ මහා චන්දයෙන් පසු කුමක් වේද?



Image result for election rallies in sri lanka


            දේශපාලනය ගැන උනන්දුවක් දක්වන අයගේ සිත්වල නිතර හොල්මන් කරන  එක් ප්‍රධාන  ප්‍රශ්නයක් වන්නේ තමන්ගේ  පක්ෂයෙන් සහ ප්‍රතිවාදී පක්ෂයෙන්  ඉදිරිපත් කරන  ජනාධිපති අපේක්ෂකයා වන්නේ කවුරුද යන්නය .


මහින්ද පාක්ෂිකයෝ ගෝටා එනතුරු දත කට මැදගෙන බලාසිටින අතර එක්සත් ජාතික පාක්ෂිකයෝ තුනකට බෙදී රනිල් , සජිත් සහ කරු මුරුංගා අත්තට උස්සා තබමින් තම තම ගැලවුම් කාරයා එනතුරු හුස්ම නොගෙන බලාගෙන සිටිති . ඒ අතර ශ්රීලනිප නායකයෝ කෙසේ හෝ සිරිසේන යලි ජනාධිපති කරවා ගැනීමේ දොළ දුකෙන් පසුවෙති .


Image result for election rallies in sri lanka


      ඇත්තටම ඉහත සඳහන් අයගෙන් කවුරු හෝ මීළඟ ජනාධිපති වුවහොත් ශ්රී සෞභාග්යය දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා පහල වෙනු ඇත්ද ?


ඒ පිළිබඳව හරි හමං වැටහීමක් ඇති කරගැනීමට නම් ප්රධාන පක්ෂ දෙකේ නළුවන්ගේ පැටිකිරි යන්තන් හෝ අතපතගා බැලිය යුතුය .


1977 ජේ ආර් ජයවර්ධන මහතා බලයට ඒමට පෙර මන්ත්රීවරුන්ට ආණ්ඩුව කාර් දුන්නේ නැත බාර් ලයිසන් දුන්නේ නැත ආණ්ඩුවේ කොන්ත්රාත් කරන්නට දුන්නේ නැත .ආණ්ඩුවට සම්බන්ධ ආයතන සමග ව්යාපාර කරන්නට දුන්නේ නැත එසේ කොට අසුවූ අයට සිදුවුයේ උසාවිය නියෝගයට කීකරුව ගෙදර යන්නටය .



77 ට පෙර ආණ්ඩුවේ වාහන දුන්නේ ඇමති වරුන්ට සහ උප ඇමතිවරුන්ට පමණි .ඇමති කම අහිමි වූ විට වාහන ආපසු ආණ්ඩුවට භාර දිය යුතු විය.


ජේ.ආර් බලයට පැමිණි සියල්ල කන පිට හැරවීය . බදු රහිත වාහන මන්ත්රීවරුන්ට දීම ඇරඹුවේ ඔහුය .


එදා සිට මන්ත්රිවරු ඇමතිවරු අගමැතිවරු ජනාධිපතිවරු තමන්ගේ සාක්කු පුරවා ගැනීමට බලය යොදාගත්හ .


වික්ටර් අයිවන්ට අනුව හොඳ මුහුදු වෙරලක් තිබෙන තැනක, පියකරු ජලාසයක් තියෙන තැනක තිබෙන නිවාඩු නිකේතන වල අයිතිකරුවන් මන්ත්රීවරු වෙති ඔහු තව දුරටත් කි පරිදි මන්ත්රී වැටුප මෙන් දහස් ගුණයක් වෙනත් ව්යාපාර වලින් ඔවුහු මුදල් උපයති.



එය පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට පමණක් සිමා වී නැත පක්ෂ භේදාකින් තොරව බොහෝ පළාත් සභා මන්ත්රීවරු රාජ්ය බලය තම මල්ල පුරවා ගැනීම සඳහා යොදා ගනිති.


නගර සභා , ප්රාදේශීය සභා මන්ත්රීවරුද තම ගුරුන්නාන්සේලා අනුගමනය කරති . ප්රදේශයේ කොන්ත්රාත් වලින් කොටහක් ඔවුන් ලබාගන්නා අතර බලයේ සිටින ආණ්ඩුව තම ප්රාදේශීය සභා නාගරික සභා මන්ත්රීවරුන්ට තව ටිකක් යටි මඩි ගසා ගැනීමට අමතර මාර්ග සපයා දෙති. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා සිය පාලන සමයෙදී ඔහුගේ පක්ෂයේ අයට රජයේ සම්පත් හොරකම් කිරීමට දොරවල් අර දුන්නේය .ප්රාදේශීය සභා මන්ත්රීවරු විශාල පිරිසක් 2015 පැරදුන දා සිටම ඔහුගේ රෙදි හෝදන්නේ ඒ නිසාය .



ගැහිලි එතනින් නවතින්නේ නැත. රජයේ ඉහල නිලධාරීන්ගේ සිට පහල නිලධාරින් දක්වා බහුතරය ගැහැලි වල නිරත වී සිටිති. ජනාධිපති කාර්යාලයේ ප්රධාන නිලධාරියා ඉන්දියානු සමාගමකින් රු.කෝටි සීයක අල්ලසක් ඉල්ලා ඉන් කොටසක් ගනිද්දී අල්ලස් නිලධාරීන් විසින් අල්ලා ගත්තේ නම් අනෙකුත් නිලධාරීන් ගැන අමුතුවෙන් කිව යුතුද ?



යුද්ධ සමයේ හමුදාවේ ඇතැම් ඉහල නිලධාරීන් කසි කබල් තුවක්කු ගෙන්වා යටි මඩි ගැසූ හැටි මාධ්යවේදී ඉක්බාල් අතාස් මහතා දිගින් දිගට ඒ කාලයේ ලීවේය. ගෝටා යුධ ගුවන් යානා ගෙන්වා ඩොලර් තොග ගණනින් ගැසූ හැටි ලියා ලසන්ත වික්රමතුංග ට ජිවිතයෙන් සමු ගන්නට සිදුවිය.


පහල නිලධාරීන් ඊට වෙනස් නැත. පගාවක් නොදී රියදුරු බලපත්රයක් ලබා ගත නොහැක . ගංවතුරෙන් ඉඩෝරයෙන් පිඩා විඳින අන්ත අසරණයන්ට බෙදාදීමට ආණ්ඩුවෙන්ද මහජනයාගෙන්ද ප්රාදේශීය ලේකම් කාර්යාලවලට ලැබෙන හාල් සිනි පිටි දත්බෙහෙත් ආදියෙන් පවා කොටසක් ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සැහෙන නිලධාරීන් පිරිසක් තම තමන්ගේ නිවෙස් වෙත ගෙනියන අතර ඉතුරු කොටස ග්රාම සේවා නිලධාරීන් වෙත භාර දුන් පසු ඉන් කොටසක් ඔවුන්ද රහසිගතව තම නිවසට ගෙනයති .


ඉහලම දේශපාලකයාගේ සිට පහලම දේශපාලකයා දක්වාත් ඉහලම නිලධාරියාගේ සිට පහලම නිලධාරියා දක්වාත් දුෂණය පිරි ඉතිරි පැතිරී ගොස් තිබෙන්නේ එසේය.



එබැවින් එකම අසුචි ගොඩක් අවට පත්ව ඇති ශ්රී ලංකා ,පොහොට්ටු , යුඑන්පි දේශපාලන පක්ෂ වල අයෙකු ඉදිරි කාලයේදී ජනාධිපති කිරීමෙන් හෝ ඔවුන්ගේ ආණ්ඩුවක් නැවත පිහිටුවීමෙන් හෝ දුෂණය අහෝසි කොට රට සමුර්ධිමත් වෙතැයි ඔබ සිතනවාද?


එසේ සිතන අය සිටිය යුත්තේ ගෙවල් වල නොව අංගොඩ මානසික රෝහලේය.

Comments

Anonymous said…
ඔබගේ ලිපි වලට අප කොමෙන්ටු දැම්මත් ඔබ ඒවා නොදැක්කා සේ සිටි. එම නිසා කොමෙන්ටු මගින් සංවාදයක් ගොඩ නැගෙන්නේ නැත. ඒ අනුව තව දුරටත් මෙහි කොමෙන්ට් දමා පලක් නැති නිසා නැවත කොමෙන්ට් කිරීමෙන් වලකිමි.
කණගාටුයි .ඉදිරියට මගේ ප්‍රතිචාර පලකරන්නම්
Anonymous said…
අංගොඩට සුදුසු අය
ගෙවල්වල ඇති රටක
මා අකමැති උනත්
බොහෝ අය එකතුවී
චමල් රජ කරනවා
ඒ බවක් පෙනෙනවා
Wijebahu said…
Why only write about JR's corruption and still unproved Gota's corruption?

How about writing proven corruption like CBK's Water's edge and Ranil's Central bank Bonds? and about 60,000 people killed by JVP+UNP including bus drivers and university lectures.

Also give some options people have in 2020. Can we expect anything different from S Premadasa, Karu, Ranil or Dasanayaka?

If people in our Banana Republic like to continue as it is today or even worse, let's vote for one from above.

If people want anything different, they will vote Gota (I know, I will vote for Gota and expect some change to the current hopeless situation)


There is no need to write the names of all the corrupt politicians as I have stated that all the politicians are corrupt .
What can Gota do even if he is elected as the 19th amendment has removed the powers of the President.? It is said that future Presidents will be at the beck and call of the PM.
Wijebahu said…
Constitution is amendable, with enough power, right?

Whoever (the part) win Presidential will win subsequent parliamentary election and, there will be no problem to govern when both are from same party.
Anonymous said…
Wijebahu is asking 'Why only write about JR's corruption and still unproved Gota's corruption? '
What a joke. Why is he commenting in English in a Sinhala blog?

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා