Skip to main content

Posts

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

ට්රම්ප් පුටින්ව කසාද බඳී

  රුසියව සහ ඇමරිකාව 1917  රුසියානු විප්ලවයේ සිටම සතුරෝය  1991 දී සෝවියට් දේශය කඩ වැටුනත් එම හතුරුකම මුළුමනින්ම නතර උනේ නැත   මේ නිසා ලෝක දේශපාලනයේ බොහෝ සිදුවීම් මේ දෙපාර්ශවයේ බෙදීම අනුව සිදුවිය සිරියාවේ අල් අසාද්  පාලනය රැකදීමට රුසියානු ආයුධ පමනක් නොව හමුදා භටයන්ද යැවූ අතර අල් අසාද් පාලනයට එරෙහි කැරලිකරුවනට  ඇමරිකාව ආයුධ සහ පුහුණුව දෙමින් උදව් කළේය  යුක්රේන රුසියානු  යුද්ධයේදී ඇමරිකාව ගත්තේ යුක්රේනය පැත්තය  එහෙත් ට්‍රම්ප් ජනවාරි 20 වෙනි දින ඇමරිකාවේ ජනාධිපති තනතුර භාරගත් දින සිට ඇමරිකාව තුල පමණක් නොව ලෝක දේශපාලනය තුලද කැරලිකාරී වෙනස් කම් කිරීම අරඹා  තිබේ   මා මෙහි ලියන්නේ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති ලෝක දේශපාලනය වෙනස් කරමින් තිබීම ගැන පමණකි ඇමරිකාව තුල කරමින් සිටින වෙනස්කම් ගැන ලියන්නේ නැත  ට්‍රම්ප් ජනාධිපතිවරණය දිනීමෙන් පසු ලෝක දේශපාලන  ගමන වෙනස් කිරීමට මුල්වන  ප්‍රකාශයක්  කළේය     එම ප්‍රකාශය නම් ඔහු  ජනාධිපති තනතුරේ වැඩභාරගන්නා  2025 ජනවාරි 20 දින වන විට හමාස් -ඊශ්රායල් යුද්ධයත්, ...

ඔහු වීරයෙක් ද ?මිනිමරුවෙක් ද ?

   'සටන් සගයෙකුගේ නික්ම යාම' යනුවෙන් සඳහන් කරමින්   මෙම  මරණ දැන්වීම පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයෙකු මුහුණු පොතේ පළකර තිබුණි  මොහුගේ නම මම මීට පෙර අසා තිබුණු බැවින් 'මොහු කවුද ?'යනුවෙන් විමසමින් ඉහත මරණ දැන්වීම  වහාම මුහුණු පොතේ  පලකලෙමි  එයට ප්‍රතිචාර දැක්වූවන් අතර දයා පතිරණ ඝාතනය කරන ලද්දේ මොහු විසින් බව දෙතුන් දෙනෙකු ලියා තිබුණි  ඉන් එක අයෙකු වුයේ සෝමසිරි පුංචිරාළ ය .දයා පතිරණ සමග පැහැරගෙන යනු ලැබූ අනෙක් තැනැත්තා සෝමසිරි පුංචිරාළ ය ඔහු මෙසේ ලියා තිබුනේය  Somasiri Punchirala දයා පතිරණ ඝාතනය කිරීමට ආගිරිස් කොස්තා සෘජුවම සම්බන්දයි. මා ඇතුලු දයාපතිරණත් ජපුර විශ්ව විද් ‍ යාලයෙන් පැමිණි ජවිපෙ සිසුන් දෙදෙනාත් තුම්මුල්ලේ හර්කියුලීස් ට් ‍ රේලර් ශොප් එක ලගදී පැහැර ගත්තා. ජවිපෙ සහෝදරවරු දෙන්නා අවස්තා දෙකකදී මග දාල ගියා. ඒ දෙන්නා පැය ගානක් අපි සමග කොලොබ කැම්පස් එකේ දී අදාල සාකච්ඡාවට සම්බන්ද උනා ඒ දෙන්නා අපි සමග තේ බීවා. බිල ගෙව්වේ මම. මම අහන ඉතා සරල ප් ‍ රශ්නය මේකයි. ජවිපෙ සිසුන් දෙන්නා මේ බරපතළ සිදුවීම පොලීසියට පැමිනිලි නොකලේ ඇයි? දයා පතිරණ යන...

පාඩු ලබන රජයේ ආයතන විකිණිය යුතුද? නැද්ද?

  ලංගම ,දුම්රිය සේවය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය යන ආයතන තුන එක වසරකදී ලැබූ පාඩුව මෙසේය ලංගම ==== 2022 වසර පාඩුව රු, මිලියන 3400 දුම්රිය සේවය ========= 2021 වසර පාඩුව රු මිලියන 45000 (2010 -2020 පාඩුව රු.මිලියන 331000) ශ් ‍ රී ලන්කන් ගුවන් සේවය ================= 2021 මාර්තු සිට 2022 මාර්තු දක්වා පාඩූව රු.මිලියන 163580 2022 පළමු මාස 4 ලැබූ පාඩුව රු.මිලියන 248000 ඉහත ආයතන තුනේ වාර්ෂික පාඩුව ලංගම රු. මිලියන 3400 දුම්රිය රු මිලියන 45000 ගුවන් සේවය රු මිලියන 163580 එකතුව රු.මිලියන 211980 ==== මෙම ආයතන පුද්ගලික අංශයට විකුණුවහොත් වසරකට ආණ්ඩුවට ඉතිරිවෙන මුදල රුපියල් මිලියන 211980 කි මෙම ආයතන පුද්ගලික අංශයට විකිණීමට වාමාංශික පක්ෂ තදින්ම විරුද්ධය

ජවිපෙ ඉන්ධන ප්‍රතිපත්තිය මොකක්ද ?

  අපේ ෆේස්බුක් යාලුවෙක් ජවිපෙ නායකයෙකු වගේ පෙනෙන චතුරඟ අබේ සිංහ මහත්තයාගේ වීඩියෝවක් මට එවල මේ ගැන අදහස ක් පලකරන්න කියල ඉල්ලීමක් ඊයේ උදේ මට එවල තිබුන එක මට අහන්න වෙලාවක් ලැබුනේ අද උදේ ඔහු කියන්නේ තෙල් ආනයනය බෙදාහැරීම ආණ්ඩුව යටතේ තබාගන්න ඕන කියල .බොර තෙල් ආනයනය කරලා සපුගස්කන්දේ තෙල් පිරිපහදුවේ දී පිරිසිඳු කරලා අඩු ගානට දෙන්න පුළුවන් කියල තමයි කියන්නේ තෙල් සංස්ථාවවේ සේවකයෝ වැඩියි කියන එකත් ඔහු ඒ අතරේ කියනව ඉතින් ඔහු කියනව ඒ විදිහට බොර තෙල් ආනයනය කරන ඉන්දියාවේ වියට්නාමයේ , දකුනු කොරියාවේ ,ඉන්දුනීසියාවේ ඉන්ධන මිල අඩුයි කියල (උතරු කොරියාවේ හෙවත් සමාජවාදී කොරියාවේ ගාන නම් කිව්වේ නැහැ. ආ කියුබාවේ ගානත් කිව්වේ නැහැ ) මම ඉතින් ලංකාවේ මිලට වඩා ඒ රටවල්වල පෙට් ‍ රල් අඩුද කියල හොයල බැලුව හෙව්වම ආපු ගණන් තම පහල තියෙන්නේ ඉන්දියාවේ පෙට් ‍ රල් ලීටරයක මිල (ඉන්දියන් රුපියල්) ₹96.72 ලංකා රුපියල් 379.45 වියට්නාමය පෙට් ‍ රල් මිල වියට්නාම් ඩොන්ග් 26,262.50 ...

මී ළඟ ජනාධිපති අනුරද ?

  ඉකුත් ජනාධිපතිවරණය ආසන්න වෙමින් තිබියදී ජනතා විමුක්ති පෙරමුණ ගාලු මුව දොර පිටියේ මහා රැස්වීමක් පැවැත්වූවේය . ගාලු මුව දොර පිටිය පිරෙන්නට තරමටම සෙනග ගෙන්වා ගෙන තිබුනි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ප් ‍ රකාශයට පත් කිරීම මෙම රැස්වීමේ ප් ‍ රධාන අරමුණ විය බොහෝ අය මෙන්ම මමද අපේක්ෂා කළේ ජවිපෙ නොවන කීර්තිමත් පුදගලයෙකු තම ජනාධිපති අපේක්ෂකයා ලෙස ජවිපෙ ඉදිරිපත් කරනු ඇත කියාය .මන්ද ජවිපෙ අපේක්ෂකයෙකුට එම මැතිවරණයේදී ලජ්ජා නොවෙන චන්ද ප් ‍ රමාණයක් වත් ලබා ගැනීමට නොහැකි බව කාටත් දැනුනු නිසාය ඒ බව ජවිපෙ වඩාත් හොඳින් අවබෝධ කරගෙන ඇතයි සිතීමි එහෙත් අනුර කුමාර ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා බව වේදිකාවේ සිට නිවේදනය කරන ලදී කුඩාරමක් අස්සේ සැඟවී සිටි අනුරය්යා තම පාක්ෂිකයන්ගේ ජයඝෝශා මැද වේදිකාවට නැංගේය ජයග් ‍ රහණය අසලට වත් යාමට ඔහුට නොහැකි බව එවෙලේම මට පහලවූ සිතුවිල්ලයි .ඇත්ත වශයෙන්ම ප් ‍ රගතිශීලී මත දරන කීර්තිමත් අයෙකු ජවිපෙ අපේක්ෂකයා වුයේ නම් මමද ඔහුට/ඇයට චන්දය දීමට සිතා සිටියෙමි තවත් බොහෝ දෙනෙකුගේ අපේක්ෂා එදින බිඳ වැටුණු බවට සැකයක් නැත ලැබුණු චන්ද ගණන අමුතුවෙන් කිව යුතු නැත විජේවීර අතීතයෙන් ...

ජනාධිපති කැඳවූ සර්ව පාක්ෂික සාකච්ඡාව ඇස් බැන්දුමක් ද?

  පලාත් සභා (Regional Councils) පිහිටවා දෙමල ජනයාට යම් බලතල ප්‍රමාණයක් බෙදා දීම සඳහා 1957 දී බණ්ඩාරනායක මහතා ෆෙඩරල් පක්ෂයේ ප්‍රධානියාවූ චෙල්වනායගම් සමග ගිවිසුමක් අත්සන් කරන ලදී . එක්සත් ජාතික පක්ෂය ඊට විරුද්ධ විය භික්ෂුන්ද එයට විරුද්ධවුහ භික්ශුන්ට බියේ බණ්ඩාරනායක ගිවිසුම ඉරා දැම්මේය   ඩඩ්ලි සේනානායක මහතා 1965 අගමැතිවී චෙල්වනායගම් සමග ගිවිසුමක් අත්සන් කළේය  එමගින් උතුර නැගෙනහිර පලාත්වල දිස්ත්‍රක් සභා පිහිටුවා රජයේ ආයතනවල දෙමල බසින් වැඩ කිරීමට සහ එම ප්‍රදේශවල ඉඩම් ලබා දීමේදී එම දිස්ත්රික්කවල පදිංචි ඉඩම් නැති අයට අයට ප්‍රමුඛත්වය දීමටද , එම දිස්ත්‍රික්කවල දෙමල බස කතාකරන අයට දෙවනුවද දීමටද රටේ අනෙකුත් ප්‍රදේශවල පදිංචි අයට තෙවනුව දීමටද එකඟ විය   එම ගිවිසුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය විරුද්ධව වුහ එබැවින් එම ගිවිසුම එතනම මිය ගියේය    1970 බලයට පත් සිරිමා ප්‍රධාන සමගි පෙරමුණ ආණ්ඩුව විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරාගැනීමේදී  උසස් පෙළ   විභාගයෙන් ගන්නා ලකුණු මත නොව  ජන අනුපාතය අනුව ගැනීමට තීරණය කරන ල...

උනුත් එකයි මුනුත් එකයි

  මේ මැතිවරණ පාඨය අයිති කාරයා ජනතා විමුක්ති පෙරමුණය උනුත් හොරු මුනුත් හොරු බිහිවුවේ ජේ.ආර්/ප් ‍ රේමදාස බලයට පැමිණි පසු හඳුන්වා දුන් අනුපාත චන්ද ක් ‍ රමය යටතේය ඊට පෙර මිනිස්සු දේශපාලනය කලේ තමන්ගේ ධනය වියදම් කොටය ඉඳහිට දුෂිත වැඩ කළ අය හිටියත් ඔවුන්ට එරෙහිව උසාවි ගිය විට නඩු අසා ඔවුන්ගේ මන්ත් ‍ රී ධුර අහිමි කරනු ලැබිණ . මේ අනුපාත චන්දය තිබෙන තුරු මෙන්ම මහජන චන්දයෙන් ජනාධිපති තෝරාගන්නා ක් ‍ රමය තිබෙන තුරු දුෂණ, හොරකම් නැති කළ නොහැක මන්ද සල්ලි කන්දරාවක් නැතිව චන්දය දිනිය නොහැකි නිසාය දිනු දවසේ සිට සල්ලි හොයන්නට බොහෝ අය හොරකම් කරති මේ වන විට ජවිපෙ දෙසට පෙරට වඩා ජන ආකර්ශනයක් තිබෙන බව පෙනේ ඒ ජවිපෙ /ජා.ජ.බ ආණ්ඩුවක් යටතේ හොරකම් නොකරනු ඇති පිරිසක් විශ්වාස කරන නිසාය ජවිපෙ සමාජවාදී මත දරන පක්ෂයකි ඔවුන්ගේ පාට රතු වෙන්නෙත් මැයි දිනවලදී මාර්ක්ස් එංගල්ස් ලෙනින් විජේවීර යන අයගේ පින්තුර ඉදිරියෙන් ගෙනියන්නෙත් ඒ නිසාය එසේ නම් සමාජවාදී රටවල හොරකම් දුෂණ අවම හෝ නැත්තටම නැති විය යුතුය Transparency International ආයතනය ලෝකයේ රටවල පවතින දුෂණය පිළිබඳව වාර්ෂික වාර්තාවක් ප් ‍ රසිද්...