Skip to main content

අවුරුදු 60 කට පෙර අපේ රට





1948 සිට ලංකාව පාලනය කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  හා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ රට වලපල්ලට දමන ලද බව  ජනතා  විමුක්ති පෙරමුණ  1965 සිට 1924 දක්වා අවුරුදු 59 ක් තිස්සේ කී බැවින් 2024 දී මේ රටේ චන්ද දායකයන්ගෙන් 42%ක් චන්දය දී ජවිපෙ වර්තමාන නායකයා වූ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති තනතුරට පත්කර ගත්තේය  


ජවිපෙ අවුරුදු 59 ක් තිස්සේ කිව්වේ ඇත්තද ? එසේ නැතහොත් එවරස්ට් කන්ද තරම් බොරු කන්දක් ද ?


මගේ මේ උත්සාහය අවුරුදු 60 කට පෙර අපේ ගම , අපේ රට කෙසේ වීද යන්න ගැන සටහනක් ලියන්නටය 


අපේ ගමේ ඉස්කෝලය ගැන කියතොත් මම හෝඩිය පන්තියට ඇතුලුවෙන විට ඉස්කොලෙටම තිබුනේ එකම එක ශාලාවක් පමණි  2024 වන විට අපේ ඉස්කෝලයට ශාලාවල්  20 කට අධික ප්‍රමාණයක් තිබුණි 
 

මට අවුරුදු 10ක් පමණ වන කාලයේ   රජයේ හා පුද්ගලික අංශයේ රැකියා කරන ගම්වැසියන් සිටියේ දුසිමක් හමාරක් පමණි  අනුර කුමාර මහතා ජනාධිපති වන විට රජයේ සහ පුද්ගලික අංශයේ රැකියා කරන අපේ ගමේ  අයගේ සංඛ්‍යාව දහසකට වැඩි මිසක් අඩු නැත 



2024 වන විට අපේ ගමේ තිබුණු රථවාහන සංඛ්‍යාව (කාර් බස් ලොරි ත්‍රී රෝද රථ යතුරු පැදි පාපැදි) 2000කට වැඩි බව මගේ අනුමනයයි  මා පුංචි කාලයේ අපේ ගමටම තිබුනේ මෝටර් රථ 5ක්  ලොරි තුනක් පමණි  පා පැදි 100කට අඩු මිසක් වැඩි නැත  යතුරු පැදි එකම  එකවත් නොතිබුනේය   ත්රිරෝද රථ ලංකාවේ තබා ඉන්දියවෙවත්  එකල නොතිබුනේය .

  
ගම්වල භාණ්ඩ  ප්‍රවාහන අව්ශ්‍යත්වය බොහෝ විට පිරිමසා ගත්තේ ගොන් කරත්තය මගිනි 

අපේ ඉඩමක රබර් වැවීම සඳහා රබර් පැළ ගෙන ඒමට  කිලෝමීටර් 15ක් පමණ දුරින්වූ  ඈගල්ඔය   රබර් පැළ තවානට ගොස් සීයා සමග මම ගියේ ගොන් කරත්තයකය රබර් පැළ පැටවූ කරත්තයේ මම වාඩිවී විනෝදයෙන් ආ නමුත් සීයාත් කරත්ත කරුත් ආපසු ආවේ පා ගමනෙනි 



මට අවුරුදු 10ක් වන කාලයේ අපේ ගමේ තිබුනේ දුරකථන තුනක් හෝ හතරක් පමණි ගමේම ලොකුම කඩය වන Mahagama Stores හි දුරකතනයක් තිබුණු අතර ගමේ තැපැල් කන්තොරුවටද දුරකතනයක් තිබුනේය ඊට අමතරව ගමේ ඇත කෙලවරක තිබුණු කිරිවානා කැටිය වතු යා ය ට සහ තවත් වතු යායවල් දෙක තුනකට දුරකතන පහසුකම් තිබුණි 



එහෙත් එම දුරකථන වලින් කෙලින්ම ඇමතුම් ගත හැකි වුයේ  දිස්ත්‍රික්කය තුල සිටි අයෙකු ට පමණි කොළඹට හෝ වෙනත් දිස්ත්‍රික්කයකට ඇමතුමක් ගැනීමට  අවශ්ය වූ විට අපි  කරන්නේ ගමේ තැපැල් කන්තෝරුවට ගොස් දුරකථන අංකය දී ඇමතුමක් ලබා දෙන  ලෙස ඉල්ලීමය තැපැල් ස්ථානාධිපති කළුතර   දුරකථන හුවමාරු පොලට ඇමතුමක් දී අදාළ අංකය සම්බන්ධකර දෙන ලෙස ඉල්ලයි  එවැනි ඇමතුමක් හැඳින්වුයේ Trunk call යනුවෙනි එම ඇමතුම සම්බන්ධකර දෙන තුරු  අපි තැපැල් කන්තෝරුවේ පැය භාගයක්,  පැයක්  කාලය නාස්ති කරමු මේ තත්වය 1995 පසුවෙන තුරුත් තිබුනේය 



අපේ රටේ දුරකතන සේවයේ  විප්ලවයක් සිදුකලේ 1994 බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුවේ තැපැල් හා විදුලි සංදේශ ඇමති මංගල සමරවීර මහතා විසිනි ඉල්ලු සැනින් දුරකතනයක් (Over the counter) රටවැසියෙකුට ලැබිය යුතු බව ඔහු ඇමති වූ මුල් කාලයේ කී බව මට මතකය 

 






1989 දක්වාම දුරකථන සේවය ආණ්ඩුවේ ඒකාධිකාරියක් විය සාමාන්‍ය පුරවැසියෙකු ට දුරකතනයක් ලබා ගැනීමට ආණ්ඩුවේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවට ඉල්ලුම් පත්‍රයක් භාර දී අවුරුදු 4ක් හෝ 5ක් බලා  සිටීමට සිදුවිය  (මගේ  නිවසට දුරකතනයක් ලැබුනේද අවුරුදු 4කට අධික කාලයක් බලා  සිටීමෙන් පසුවය )



Celltel නමැති  පළමු ජංගම දුරකතන සේවය ලංකාවේ පළමුව ක්‍රියාත්මක වුයේ  1989 ජුනි  මස 18 වෙනිදාය මංගල සමර වීර මහතා විදුලි සංදේශ ඇමති වීමෙන් පසු Sri lanka Telecom Ltd ආයතනය පිහිටවන ලද අතර ඒ යටතේ  ජංගම  සහ ස්ථාවර දුරකථන සේවා සපයන පුද්ගලික  සමා ගම්  වලට දොර විවෘත කරන ලදී. ලංකාවට දුරකථන මහා වැසි වසින්නට පටන් ගත්තේ එතැන් සිටය 




විදුලි බලය තිබු එකම නිවසක්වත් අපේ ගමේ මා පුංචි කාලයේ තිබුනේ නැත  සවස හයහමාර වන විට මුළු ගමම කට්ට කලුවරය අහල පහල නිවසකට හෝ කඩයකට හෝ හදිසි අසනීපයක් හේතුවෙන්  වෙද මහතෙකු හමුවීමට යාමට  සිදුවුවහොත් ගම්වැසියන් ට සිදුවෙන්නේ පොල්කොළ පන්දමක් පත්තු කරගෙන යාමටය  ඒ කාලයේ කවුරුත් පාහේ පොල්කොළ පන්දම් කීපයක් ඔතා සුදානම් කොටගෙන තිබුණි විදුලි පන්දමක් තිබුනේ අතලොස්සක් දෙනෙකුට පමණි කවුරුත් පාහේ වේලාසනින් නින්දට ගිය අතර නින්දට යනතුරු නිවෙස්වල කළුවර දුරු කරේ භූමිතෙල් කුප්පි හෝ භූමිතෙල්  ලාම්පු මගිනි පෙට්‍රෝ මැක්ස් ලාම්පුවක් තිබුනේ සල්ලි බාගය වැඩියෙන් ගැවසුණු අතලොස්සක් දෙනෙකුට පමණි 

අපේ ගමට විදුලි බලය පළමු වරට  ලැබුනේ 1984 දීය 


අනුරකුමාර මහතා බලයට එන විට   ලංකාවේ  නිවාසවලින් 99.99 කටම විදුලි බලය ලැබී තිබුණි 


රුපවාහිනිය ලංකාවට ආවේ 1980 දීය ඊට පෙර අපි තොරතුරු දැනගත් ප්‍රධාන මාධ්‍ය වුයේ ගුවන් විදුලිය සහ පත්තරය  .



මගේ කොලු කාලයේ අපේ ගමේ නිවෙස්වල  ගුවන් විදුලි යන්තර පවා තිබුනේ කීපයක්   පමණි  ඒ කාලයේ ගුවන් විදුලි යන්තරයකට ශබ්ද තරංග අල්ල ගැනීමට හැකි වුයේ  පොළොවේ සිට අඩි 60 70ක් ඉහලින් ගහක අත්තකට වයරයක් ගැට ගස ගත්තොත් පමණකි





අපේ ගෙදරට රේඩියෝවක් මිලදී ගත්තේ  1980 දශකයේ මුලදීය 



අන්තර්ජාලය ලංකාවට පළමුවරට ආවේ 1993 දීය එහි ගෞරවය හිමිවන්නේ එවක අගමැති වූ රනිල් වික්‍රමසිංහ මහතාටය ඔහු 1993 දී ඇමරිකාවට ගොස් එහි උප ජනාධිපති සමග අත්සන් කරන ලද ගිවිසුමක්  යටතේ අන්තරජාලය ලංකාවට ආවේය 



අපි පොඩි එවුන් කාලයේ කෑ බී හැටිද ලිව්වේ නැත්තම් මේ ලිපිය අසම්පුරණය එබැවින් ඒ ගැන කෙටියෙන් හෝ ලියමි 



ගම් වැසියන්  99%ක් ම දුප්පතුන් වූ බැවින් ගම වැසියන්ගේ ආහාර පාන ද  දුප්පත් විය බොහෝ විට ආහාර වේලට අයත් වුයේ බත් සහ  එක හොද්දක් පමණකි කඩේට ගොස් එලවලු මිලදී ගැනීමක් නොවුණු තරමය බතට එකතුකරගත්තේ  ගමේ  හෝ ගෙදර වත්තේ වැවු  එළවලුවක් මය්යොක්ක කොහිල ගහල   වැනි  අලවර්ගයක් කොස් හෝ දෙල්  මාළුවකි කඩෙන් බො හෝ විට මිලදී ගත්තේ  හාල් කරවල  අර්තාපල් පරිප්පු මුන් ඇට වැනි දේ ය 





ගමේ ඇතැමෙකුගේ උදේ ආහාරය වුයේ තැම්බූ බතල අල දෙක තුනක් සමග සහ කැඳ කෝප්ප දෙක තුනකි 



කුකුළු මස් කියා ජාතියක් ඒ කාලයේ කඩවල තිබුනේ නැත කුකුළු මස් කන්නට   ගම් වැසියෙකුට උවමනා  වන්නේ සිංහල -හින්දු අලුත් අවුරුදු දවසට ය ඒ අවශ්යත්වය ඉටු කරගන්නේ කුකුලන් ඇතිකරන  ගමේ ගෙදරකින් කුකුලෙකු හෝ කිකිළියක් මිලද දී  ගැනීමෙනි 

මා කුඩා කාලයේ පාසල් යනවිට අම්මා  මට දෙන මුදල ශත 5ක් පමණි මම ඒ මුදලෙන් බොහෝ විට  බනිස් ගෙඩියක් මිලදී ගනිමි  









Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...