![]() |
භීෂණය ඇරඹෙන විට මා සිටියේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය කරමිනි . මේ වන විට උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු 5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු දකුණේ සිටි ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් උතුරට යැවීම හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ නිෂ්පාදනයක් වූ බැවින් උතුරට ගිය දෙමල තරුණයෝ දහ දහස් ගණනින් කොටි සංවිධානයට හා අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් වලට එකතු වීම නිසා උතුරේ යුද්ධය වඩාත් දරුණු තත්වයට පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව ලංකාවේ දේශපාලනයට මැදිහත් වන්නට පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත්වන ලෙස ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල මිනිසුන් ඉල්ලා සිටින විට එය නොසලකා හැරීමට කිසිදු ඉන්දියානු ආණ්ඩුවකට පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Comments
රාමා අමරපුර ඩිංගක් පහළ හිටු
සරදම් කරති උස් කුල හිමිවරු කැහැටු
දුටුවිට ඇනේ බොදු නෙත්වල නපුරු කටු
තමුන්නැහැ හරි. ඕක තමයි වෙන්නෙ අන්තිමේ. අපිත් බුදුන්ට ආපහු ඉන්දියාවට වඩින්න ඇරලා පිටිපස්සෙන් කෝචොක් කරයි, "ආව මෙතන සිංහල බෞද්ධයින්ට බුද්ධාගම කියල දෙන්ඩ" කියල...
ඔය මහ නායක ටයිටල් අර ටයිටල් මේ ටයිටල් බුද්ධ ධර්මයේ නැහැ. හැබැයි බුද්ධාගමේ තියෙනවා. බුද්ධ ධර්මයේ සමානාත්මතාවය උගන්වද්දී බුද්ධාගමේ කුල බේද උඩ පහත බේද ඔක්කොම තියෙනවා. ඔයාගේ 'යුදෙව් ක්‍රිස්තියානි, බටහිරයෝ' ආවොත් උන් නං සියං නිකායේ මහණ කරගන්නවා. ඕ යස්.
තෑන්ක්ස් මෙයා.
සියම් නිකාගේ ගොවිකුලයෙන් පිට අය මහන කරන්නේ නැති නිසා, එදා හිටි සිංහල බෞද්ධයෝ අමරපුර, රාමාඤ්ඤ නිකායවල් පිහිටුවා ගන්තා. නැතුව සියම් නිකාය එක්ක ගහගන්න ගියේ නෑ.
හැම ප්‍රශ්නෙකටම අරගලයකින් විසඳුම් හොයන්න ඕනෙ නෑ. සිංහල බෞද්ධ ගිහියෝ අතර කුලබේධ, උඩරට පහතරට භේද නැතිවුනේ විප්ලවයකින්වත්, රජය මැදිහත්වී ලබාදුන් දේශපාලන විසඳුමකින්වත් නෙමෙයි. භිකක්ෂු සාසනය තුල කුල නාඩගම ඉවර වෙනවට මමත් කැමතියි. ඒත් ඒක ඒ ගොල්ලන්ගේ වැඩක්. ඔබ මහනවෙන්න කැමතිනම් රාමාඤ්ඤ නිකාය තෝරගන්න.
සුදුකුකලා වගේ අය මේවගේ දේවල් අවුස්සන්නේ සිංහල බෞද්ධයා ගැන ආදරේට නම් නෙමෙයි. සිංහල බෞද්ධයාගේ ආත්ම විශ්වාසය නැතිකරන්න.