හබරාදුව මැතිවරණ කොට්ටාශය නියෝජනය කළ ප්‍රින්ස් ගුණසේකර මහතා , මහත්මයෙක් විය. 1977 ට පෙර පාර්ලිමේන්තුවට තේරී පත්වූ වැඩිම දෙනෙක් තමන්ට නොව මිනිසුන්ට සේවය කිරීමට පැමිණි අය වුහ ඔවුන්ට රේගු බද්දෙන් නිදහස් කරන ලද වාහන තබා බදු අයකළ වාහනයක්වත් ආණ්ඩුව දුන්නේ නැත. ආණ්ඩුවේ වාහන දුන්නේ ඇමතිවරුන්ට පමණය .ඇමතිවරුන්ගේ සංඛ්‍යාවද 20 -25 ක් විය .එකල මන්ත්‍රීවරුන්ට බස්වල සහ කෝච්චියේ නොමිලේ යාමට අවසර පත්‍ර ලබා දී තිබුනේ ඒ නිසාය . 1971 කැරැල්ල පරාජය වූ පසු යටත් වූ ජවිපෙ ක්‍රියාකරුවන් රඳවා තබා ගැනීමට හිරගෙවල් ප්‍රමාණවත් නොවුයෙන් විශ්ව විද්‍යාල රැඳවුම් මධ්‍යස්ථාන බවට පත් කරනු ලැබිණ . මේ සිරකරුවන්ගේ සුබසාධනය ගැන ප්‍රින්ස් ගුණසේකර මහතා උනන්දු විය N GO භීතිකාවක් පසුගිය කාලයේ ජවිපෙට තිබුණද 71 ජවිපෙ සිරකරුවන් පිළිබඳව සොයා බැලුවේ NGO එකක් වන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයයි (Amnesty International ) එහි නියෝජිතයෙකු වූ ඇවබරි සාමි වරයා මෙරටට පැමිණි විට ඔහුට පහසුකම් සැපයුවේ ප්‍රින්ස් ගුණසේකර මහතාය .ඇවබරි සාමිවරයා පිළිගැනීමට ප්‍රින්ස් ගුණසේකර මහතා ගුවන්තොටුපොළට...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත