Skip to main content

බුදුන් ප්‍රතික්ෂේප කළ කුල භේදය රකින අස්ගිරි මල්වතු ලොක්කෝ සහ සොක්කෝ





Image may contain: 6 people, people standing and outdoor


   නිර්මල බුදු දහම තිබෙන්නේ  ලංකාවේ  පමණකැයි  භික්ෂුහුද , බුදු දහම විකුණා දේශපාලනය කරන්නන්ද  එක්දහස් එක්වාරයකට වඩා   කියනු  අසන්නට  ලැබී තිබේ . ත්‍රිපිටකය ලෝක උරුමයක්  කරන්න යැයි ඉල්ලමින් ඉකුත් දා  පැවත් රාජ්‍ය  උත්සවයේදී  බුදුන්ගේ දහමට විරුද්ධව  යමින් ජේෂ්ට භික්ෂුන්ට  මිටි ආසන වල වාඩිවීමට සලස්වමින්  උපසම්පදාවෙන් කණිෂ්ට මල්වතු සහ අස්ගිරි නාහිමිවරුන්ට උස ආසන  වල වාඩි වීම සමාජ ජාලවල  තියුණු විවේචනයනට ලක්ව තිබේ . 


පහත දැක්වෙන්නේ ඒ පිළිබඳව මුහුණු පොතේ  පළවූ ලිපියකි එය  ලියා  තිබෙන්නේ ලංකා දීප  පත්තරයේ මාධ්‍යවේදියෙකු වන  තරිඳු ජයවර්ධන විසිනි .


සුදුකුකුලා බ්ලොගය කියවන පාඨකයන් වෙනුවෙන් එම ලිපිය උපුටා  පළකරමි. 


සංඝයා අතර කුල බේදයක් නැද්ද?

------------------------------------

 සාමාන්‍ය සමාජෙට වඩා කුල බේදය වර්තමානයේ ලංකාවේ සංඝයා අතර තිබෙනවා. සාමාන්‍ය සමාජයට වඩා බෙදීම් වර්තමාන ලංකාවේ සංඝයා අතර තිබෙනවා.


නිකාය බේදය ගත්තොත් සියම්, අමරපුර සහ රාමඤ්ඤ කියන ප්‍රධාන නිකාය තුනක් තිබෙනවා. සියම් නිකායේ මේ වන විට පාර්ශ්ව (කොටස්) අටක් පමණ තිබෙනවා. මේ දවස්වල වැඩියෙන් කතා වෙන අස්ගිරි පාර්ශ්වය කියන්නේ සියම් නිකායේ එක පාර්ශ්වයක් පමණයි.


මල්වතු විහාරය, අස්ගිරි විහාරය, ශ්‍රී කල්‍යාණී සාමග්‍රීය ධර්ම මහා සංඝ සභාව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව, රන්ගිරි දඹුළු විහාරය, වනවාසී පාර්ශවය, ශ්‍යාෙමා්පාලි වංශික ශ්‍රී රෝහණ පාර්ශවය සහ ඌවේ ස්යාුමවංශික නිකාය කියන්නේ සියම් නිකායේ කොටස්. මේ සෑම පාර්ශ්වයකටම මහා නායක ස්වාමීන් වහස්නේ නමක් ඉන්නවා. මෙයින් උසස්යැයි සම්මත කරගෙන තිබෙන්නේ මල්වත් සහ අස්ගිරි විහාර පාර්ශ්වයි.


ඊළඟට අමරපුර නිකාය ප්‍රධාන වශයෙන් කොටස් 22කින් පමණ සමන්විතයි. ශ්‍රී කළ්‍යානවංෂ නිකාය, උඩරට අමරපුර නිකාය, උඩුකිඳ අමරපුර නිකාය, ඌව අමරපුර නිකාය, අමරපුර ශ්‍රී සද්ධමිමවංස නිකාය, අමරපුර ශ්‍රී සද්ධමිමවංස නිකායේ රාස්සගල පාර්ශවය, අමරපුර මූලවංශික නිකාය, අමරපුර නිකාය අමරපුර පාර්ශ්වය, අමරපුර නිකාය අඹගහපිටිය පාර්ශ්වය, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකාය, අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික නිකාය, අමරපුර වජිරවංශ පාර්ශවය ආදී වශයෙන් 22ක් තිබෙනවා. ඒවාට වෙන වෙනම මහා නායක හිමිවරුන් ඉන්නවා. ඒ වගේම උත්තරීරතර මහා නායක හිමිනමකුත් ඉන්නවා.


රාමඤ්ඤ නිකායේ නම් ප්‍රසිද්ධ බෙදීම් මං දන්න තරමින් නෑ. (තිබෙනවා නම් දන්නා කෙනෙක් කමේන්ට් කරන්න.)


ලංකාවේ උපසම්පදාව නැති වෙලා ගියාට පස්සේ වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවො සියම් දේශය නමින් හැඳින්වූ තායිලන්තයේ සිට උපාලි කියන ස්වාමීන් වහන්සේ ගෙන්වනවා. වැලිවිට හාමුදුරුවන්ගේ ආරාධනය අනුව සියමේ ඉඳන් ආපු උපාලි කියන ස්වාමීන් වහන්සේ 1753දී පමණ ලංකාවේ යළි උපසම්පදාව ආරම්භ කරනවා. සියම් දේශයෙන් පැවැතෙන නිසා තමයි සියම් නිකාය කියලා හැදුණේ.
මේ උපසම්පදාව වසර නවයක් දහයක් යද්දී ‘ගොවිගම‘ කියන කුලයට සීමා විය යුතු බව කියමින් ‘ගොවිගම‘ කුලයේ අය පමණක් උපසම්පදා කරන්න ගත්තා. ඒ කියන්නේ සියම් නිකායෙන් උපසම්පදා කළේ ‘ගොවිගම‘ කුලයේ අය පමණයි. වෙනත් කුලවල අය මහණ කළේ නෑ. එක් දහස් හත්සිය හැට ගණන් වල තමයි මෙය පටන් ගත්තේ.


ඒ අනුව ගොවිගම නොවන කුලවල අයට සියම් නිකායේ මහණ උපසම්පදාව නොලැබෙද්දි ඔවුන්ට වෙනත් ක්‍රම අනුගමනය කරන්න උත්සාහ කළත් රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ නෑ. (බොහෝ සංකීර්ණ සිදුවීම් දාමයක් තිබුණත් මෙහි දක්වන්නේ සංක්ෂිප්තවයි)


මේ නිසා 1779දී පමණ අඹගස්පිටියේ ඥාණවිමල කියන ස්වාමීන් වහන්සේ තවත් හාමුදුරුවරුන් ටිකක් එක්ක බුරුම රටට (මියන්මාරයට) ගිහින් උපසම්පදාව ලබනවා. රාජ්‍ය අනුග්‍රහය නැති නිසා වෙනත් ධනවතකුගේ උදව්වෙන් තමයි බුරමෙට ගියේ. උපසම්පදාව ලබා තවත් බුරුම හිමිවරුන් පිරිසක් සමඟ ලංකාවට පැමිණි අඹගස්පිටියේ හාමුදුරුවො 1803 මැයි මාසයේ දී බලපිටියේ මාදු ගඟේ හදපු සීමා මාලකයකදී උපසම්පදා වැඩසටහනක් කරනවා. ඒ තමයි අමරපුර නිකායේ ආරම්භය සහ අමරපුර නිකායේ පළමු වැනි උපසම්පදාව. මියන්මාරයේ (බුරුමයේ) පරණ අගනුවර තමයි අමරපුර කියන්නේ.


බුරුමයේ රාමඤ්ඤ පුරයේ විහාරස්ථානයකින් උපසම්පදා ලබා පැමිණි අඹගහවත්තේ නාහිමියන්ගේ මූලිකත්වයෙන් 1863 වසරේ ජුලි මාසයේදී ගාල්ල මහමෝදර සීමාමාලකයක පැවැත්වූ උපසම්පදා උත්සවයෙන් පසු ශ්‍රී ලංකාවේ රාමඤ්ඤ නිකාය ආරම්භ වුණා.


අමරපුර සහ රාමඤ්ඤ යන නිකායන් ඕනෑම කුලයක කෙනකුට විවෘත්තයි. අමරපුර නිකායේ ඇතැම් පාර්ශ්වවල කුල බේදය බලනවා.


කුල ප්‍රශ්නය තදින්ම තිබේනනේ සියම් නිකායෙයි. සියම් නිකායෙත් මල්වතු සහ අස්ගිරි පාර්ශ්ව වල තදින්ම තිබෙනවා. සියම් නිකායේ ඇතැම් පොඩි පාර්ශව නම් කුල බේදය තකන්නේ නැහැ.


මහනුවර දළදා මාලිගාවේ එහෙම තැන්නම් දන්ත ධාතුන්වහන්සේගේ බාරකරිත්වය පැවරී තිබෙන්නේ සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයටයි. අන්න ඒ නිසා තමයි ඒ පාර්ශ්ව දෙක ගැන නිතරම කතා බහට ලක් වන්නේ. මේ දන්ත ධාතූන් වහන්සේ බාරකාරිත්වය දරණ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයම තමයි කුල බේදය වැඩිපුරම තකන්නේ.


කැප්පෙටිපොල නිලමේ ඇතිලු පිරිසක් ද්‍රෝහීන් කළ ගැසට් නිවේදනය අහෝසි කිරීමේ ගැසට් පත්‍රයට අත්සන් තැබීමේ උත්සවය පසුගිය 2017 මාර්තු මාසයෙදි මහනුවර මඟුල් මඩුවෙදි තිබ්බා. හැබැයි රාමඤ්ඤ නිකායේ නායක හාමුදුරුවරුන්ට මගුල් මඩුවේ ආසන තිබ්බේ නෑ. ඒ හාමුදුරුවරුන්ට මඟුල් මඩුවේ ආසන වෙන් කිරීමට සියම් නිකායේ නායක හිමිවරුන් විරුද්ධ වී තිබුණා.


ඒ වගේම ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කරන්නැයි ඉල්ලන රාජ්‍ය මහෝත්සවයේ අස්ගිරි සහ මල්වතු පාර්ශ්ව දෙකේ මහානායක හිමිවරුන්ට වෙනම උස් ආසන දෙකක්. රාමඤ්ඤ නිකායේ මහා නායක නාපානේ පෙමසිරි නාහිමිට සහ අමරපුර නිකායේ කොටුගොඩ ධම්මාවාස නාහිමි ඇතුළු සෙසු හාමුදුරුවන්ට මිටි ආසන දෙකක්. විනය පිටකයේ හැටියට නම් සඟමහළු පිළිවෙළ එන්නේ උපසම්පදා පිළිවෙළ අනුවයි. උපසම්පදාවෙන් වැඩි හිමියන් ජ්‍යෙෂ්ඨත්වයෙහි ලා සැලකෙනවා. ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්නැයි ඉල්ලන මහෝත්සවයේ දී 1923 ජනවාරි 20 වැනිදා උපන් 1943 අගෝස්තු හය වැනිදා කටුගස්තොට පිගාඔය උධකුක්ඛේප සීමාමාලකයේ දී උපසම්පදාව ලැබූ නාපානේ පෙමසිරි රාමඤ්ඥ නිකායේ මහා නායක හිමියන් කොහොමද පහළ ආසනයකට ආවේ? අස්‌ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ඤාණරතන හිමියන් ඉපදිලා තියෙන්නෙත් 1942 මාර්තු 18 වැනිදා. 1942 ඉපදුණු ඤණරතන හිමියන් කොහොමද 1943 උපසම්පදාව ලැබූ නාපාන පෙමසිරි හිමියන්ට වඩා ජ්‍යෙෂ්ඨ වෙන්නේ? සඟමහළු පිළිවෙළ කියන්නේ මේකද?


ඛුද්දකනිකායේ සුත්ත නිපාතයේ උරග වර්ගයේ නම් තියෙන්නේ ‘‘න ජච්චා වසලෝ භෝති - න ජච්චා හෝති බ්‍රාහ්මනෝ, කම්මනා වසලෝ භෝති - කම්මනා හෝති බ්‍රාහ්මනෝ‘ කියලයි. යමෙකු වසලයකු වෙන්නේ උපතින් නොව කරන ක්‍රියවෙන් කියලයි බුද්ධ දේශනාවේ නම් තියෙන්නේ. බමුණකු වුණත් මහනකු වුණත් කවරකු වුණත් කාව හරි බොරුවෙන් රවටනවා නම් ඔහු වසලෙයෙක් කියලයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. මසුරුකම් කරන, කෝපයෙන් හැසිරෙන අය වසලයො කියලයි බුද්ධ දේශනාවේ නම් තිබෙන්නේ.


ඒ කියන්නේ ඇත්තටම අඩු කුලේ වෙන්නේ කුල බේදය අනුව උපසම්පදාව තීරණය කරන අයම තමයි. අක්කර ගණන් වතුපිටි මත්තේ නැහෙන්න යන අයම තමයි.


බුදුන්ගේ කාලේ සුනීතලට සහ සෝපාකලට ශාසනය විවෘත වුණත් අද කාලේ සුනීතලට සෝපාකලට සමහර නිකායන්වල දොර වැහිලයි තියෙන්නේ.
මේවා කියද්දී රිදෙන ‘බෞද්ධ‘ යැයි කියා ගන්නා අය ඉන්නවා නම් සූත්‍ර පිටකය කියවන්න කියලා යෝජනා කරනවා.


ඒ වගේම කුල බේදයක් ලංකාවේ සංඝ ශාසනයේ නැතිනම් ‘අඩුයැයි සම්මත කුලයක‘ කෙනෙක් මල්වත්තේ හෝ අස්ගිරියේ පංසලක මහණ කරලා උපසම්පදා කරලා පෙන්වන්න. ඒ වගේම රාමඤ්ඤ නිකායේ උත්සවයක් මහනුවර මගුල් මඩුවේ පැවැත්වීමට අවස්ථාව දෙන්න. සියලු මහා නාහිමිවරුන් සහභාගී වන රාජ්‍ය උත්සවයක මුල් පුටුව රාමඤ්ඤ නිකායේ මහා නායක හාමුදුරුවන්ටත්, දෙවැනි පුටුව අමරපුර නිකායේ පාර්ශ්වයක මහානායක හිමිකමකටත්, තුන් වැනි පුටුව අස්ගිරි මහානායක හාමුදුරුවන්ටත්, හතර වැනි පුටුව අමරපුර උත්තරීතර මහා නායක හාමුදුරුවන්ටත් පස් වැනි පුටුව මල්වත්තේ මහානායක හාමුදුරුවන්ටත් දීලා පෙන්වන්න.



Comments

Anonymous said…
අස්ගිරියට මල්වත්තට උසම පුටු
රාමා අමරපුර ඩිංගක් පහළ හිටු
සරදම් කරති උස් කුල හිමිවරු කැහැටු
දුටුවිට ඇනේ බොදු නෙත්වල නපුරු කටු
ජේසුතුමා ජෙරුසෙලමෙ පල්ලියට ගිහිං ඒකෙ හිටපු මුදලාලිලා ගහල පැන්නුවා වගේ, බුදුහාමුදුරුවො අද උන්නනම් මේ උදවියත් එළවලා...
එහෙම නෙවෙයි ඩ්‍රැකී සෑර්, ඔය උන්නාන්සෙලම ඕක කොරගන්ඩ කියල උන්වහන්සේ නැවත පාරිලෙය්‍ය වනයට වැඩම කරාවි
Jagath Pathirana said…
මෙහෙමනේ ඩ්‍රැකී තුමා මේ ලිපිය ලියන කෙනා දෙමළ ජාතිවාදියෙක්. මෙයා මේවා ලියන්නේ බුද්ධාගමට ආදරේටනම් නෙමෙයි. අමරපුර නිකායේ හාමුදුරුනේට ඕනෙනම් ඕකට විරුද්ධ වෙයිනේ, එදාට අපිත් සපෝට් කරමු. ගිහියෝ හැටියට අපි පැනලා දෙන්න ඹ්නෙ නෑ.
Anonymous said…
ජගත් පතිරණ ඔබ ක්‍රිස්තියනිකාරයෙක් නේද?
කවුරු මොන වාදියෙක්ද, මොන බැතිමතෙක්ද කියන එක නෙවෙයි වැදගත්. අපිට බුදුන් දෙසූ ධර්මය දේශනා කරන උදවිය බුදුන්ගේ අඩිපාරෙ යන්න (සරණ යන්න) කියලා උදේ හවස අපට කියන උදවිය, අපිට කලින් බුදුන් දේශනා කළ ධර්මය දැරීම සහ එහි හැසිරීම කළ යුතුයි. "සුනාථ ධාරේථ චාරාථ ධම්මෙ..."
@හැට්ටර්...

තමුන්නැහැ හරි. ඕක තමයි වෙන්නෙ අන්තිමේ. අපිත් බුදුන්ට ආපහු ඉන්දියාවට වඩින්න ඇරලා පිටිපස්සෙන් කෝචොක් කරයි, "ආව මෙතන සිංහල බෞද්ධයින්ට බුද්ධාගම කියල දෙන්ඩ" කියල...
මිස්ට ජගත් පතිරණ, මෙතන ජාතියේ ප්‍රශ්නයක් නැහැ තියෙන්නේ ආගමේ ධර්මයේ ප්‍රශ්නයක්. හැම මගුලකටම ජාතිය ගාවගන්න එපා.
ඔය මහ නායක ටයිටල් අර ටයිටල් මේ ටයිටල් බුද්ධ ධර්මයේ නැහැ. හැබැයි බුද්ධාගමේ තියෙනවා. බුද්ධ ධර්මයේ සමානාත්මතාවය උගන්වද්දී බුද්ධාගමේ කුල බේද උඩ පහත බේද ඔක්කොම තියෙනවා. ඔයාගේ 'යුදෙව් ක්‍රිස්තියානි, බටහිරයෝ' ආවොත් උන් නං සියං නිකායේ මහණ කරගන්නවා. ඕ යස්.
තෑන්ක්ස් මෙයා.
Jagath Pathirana said…
රාමාඤ්ඤ නිකායේ හාමුදුරුවන්ට මේක ප්‍රශ්නයක් නෙමෛයිනම් ගිහියෝ වන අපි මේක ප්‍රශ්නයක් කරගන්න ඹ්න නෑ.
සියම් නිකාගේ ගොවිකුලයෙන් පිට අය මහන කරන්නේ නැති නිසා, එදා හිටි සිංහල බෞද්ධයෝ අමරපුර, රාමාඤ්ඤ නිකායවල් පිහිටුවා ගන්තා. නැතුව සියම් නිකාය එක්ක ගහගන්න ගියේ නෑ.
හැම ප්‍රශ්නෙකටම අරගලයකින් විසඳුම් හොයන්න ඕනෙ නෑ. සිංහල බෞද්ධ ගිහියෝ අතර කුලබේධ, උඩරට පහතරට භේද නැතිවුනේ විප්ලවයකින්වත්, රජය මැදිහත්වී ලබාදුන් දේශපාලන විසඳුමකින්වත් නෙමෙයි. භිකක්ෂු සාසනය තුල කුල නාඩගම ඉවර වෙනවට මමත් කැමතියි. ඒත් ඒක ඒ ගොල්ලන්ගේ වැඩක්. ඔබ මහනවෙන්න කැමතිනම් රාමාඤ්ඤ නිකාය තෝරගන්න.

සුදුකුකලා වගේ අය මේවගේ දේවල් අවුස්සන්නේ සිංහල බෞද්ධයා ගැන ආදරේට නම් නෙමෙයි. සිංහල බෞද්ධයාගේ ආත්ම විශ්වාසය නැතිකරන්න.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා