Skip to main content

Posts

Showing posts from January, 2019

ඥානසරට සමාව දීම හෙවත් බෙල්ල කපා ගැනීම

      එන පෙබරවාරි 4 වෙනිදට යෙදෙන ජාතික නිදහස් දිනයේදී ඥානසාරට නිදහස දෙන්නට  යන  බව ට ආරංචි  පැතිරෙමින් පවතී .මේ වන විට අස්ගිරි මල්වතු ඇතුළු සෑම නිකායකම නායක උන්නාන්සේලා  එවැනි ඉල්ලීමක් කර ඇති බව  කියවේ .එයට අමතරව  ආණ්ඩුවේ බුද්ධ සාසන ඇමති ද එම ඉල්ලීමම කළ බව දැනගන්නට ඇත  .    ඥානසාර  හිරේ ගියේ අවුරුදු හයකටය. චෝදනා  හතරකට වැරදි කරු කරමින් අවුරුදු 19 ක  බරපතල වැඩ සහිත හිර දඬුවම් නියම කළ අතර එම දඬුවම අවුරුදු හයකින් ගෙවී  යන ලෙස  2018 අගෝස්තුවේදී අභියාචනාධිකරණය ඒකමතික තීන්දුවක් දුන්නේය .  දඬුවම් කිරීමට හේතු වුයේ  හෝමාගම මහේස්ත්‍රාත්  උසාවියේදී මහේස්ත්‍රාත්වරයාට විරුද්ධව  කෑගසමින් උසාවියට අපහස  කළ බවට අභියාචනාධිකරණය නිගමනය  කළ නිසාය  . ඥානසාර  2016 දිනක විනිසුරුවරයාට විරුද්ධව  උසාවිය තුලදී කෑගැසුවේ  ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කලබවට චෝදනා  ලැබූ හමුදා  නිලධාරීන්ට ඇප දීමට  මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කිරීම නිසාය .  ඉහත නඩු  තීන්දුව  දීමට  මාස දෙකකට  පෙර එනම් 2018 ජුනි මාසයේදී  හෝමාගම අධිකරණය  ඥානසාරට  මාස  හයක බරපතල සිරදඬුවමක් නියම කළේය .එයට හේතුව වුයේ ප්‍රගීත්

සේනා දළඹුවන් ඇරඹු තුන්වන ලෝක යුද්ධය

           පළමු ලෝක යුද්ධය එක් කෝටි හැට ලක්ෂයක් මරා දැම්මේය. දෙවන ලෝක යුද්ධය  මරා  දැමු සංඛ්‍යාව  හරි හැටි දන්නා  කෙනක් නැත. කෝටි හතත් - අටහමාරක් අතර  මිනිසුන් සංඛ්‍යාවක්  දෙවන ලෝක යුද්ධය විසින්  මරා  දැමු බවට ගණන් හිලව්  හදා  තිබේ. තුන්වැනි  ලෝක යුද්ධයක් මිනිසුන් විසින් ඇරඹුවහොත්  එය අවසන් වනු ඇත්තේ  ලෝකයේ මිනිසුන්  කෝටි හැට හැත්තෑවක් ඝාතනය වීමෙන් බවට අනුමාන කිරීම සාධාරණය. න්‍යෂ්ටික අවි භාවිතා  කිරීම නිසා එවැනි විනාශයක්  සිදුවීම  කිසිවෙකුට වැළක්විය නොහැක .  මේ සම්බන්ධයෙන් ඇල්බර්ට්  අයින්ස්ටයින්ගේ  තක්සේරුව මෙසේය. ' තුන්වන ලෝක යුද්ධයේදී භාවිතා  කරන  අවි මොනවාදැයි මට  කිව නොහැක .එහෙත් හතරවෙනි ලෝක යුද්ධයේදී නම් භාවිතා  කරනු ඇත්තේ   ගල් කැටය.' ලෝකය එක වරක් නොව  කීප වාරයක් විනාශ  කිරීමට සමත් අවි අද ලෝක බලවතුන් අත තිබේ. එබැවින් ඔවුහු තුන්වන ලෝක යුද්ධය ඇරඹීමට  මෙතෙක්  පසු බැස සිටින්නේ  ඒ නිසාය . එහෙත් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙන්නේ නැති බවට කිසිදු සහතිකයක්ද නැත . ඉතා සුළු සිද්ධියක් තෙවන ලෝක යුද්ධය දක්වා පුපුරා  යා හැක .  එහෙත්  කිසිවෙකු බලාපොරොත්තු නොවූ  ලෙස තු

සිරිසේනගේ ඉංග්‍රීසි ,අපේ ඉංග්‍රීසි සහ රනිල්ගේ ඉංග්‍රීසි

      ජනාධිපති සිරිසේන මහතාට  ලියා දුන් ඉංග්‍රීසි  කතාව පිලිපින ජනධිපති වරයා ඉදිරියේ හරියට  කියවා  ගන්නට බැරිවීම ගැන දැන් විවිධ විවේචන එල්ල වෙමින් තිබේ .වෙනත් ජාත්‍යන්තර  සම්මන්ත්‍රණ වලදී සිංහලෙන් කතාකරන සිරිසේන මහතා මෙවර ඉංග්‍රීසියෙන් කතා  කරන්නට ගියේ මන්දැයි අපි දන්නේ නැත . සිරිසේන මහතා දක්ෂ  කථිකයෙකි .මව් බසින් කතා  පවත්වන්නට  ඔහුට වඩා දක්ෂ දේශපාලනඥයින් සිටින්නේ අතලොස්සකි . අනුර කුමාර එවැන්නෙකි . රනිල්ගේ සිංහල කතා නම් එහෙමට  රසයක් නැත    . මහින්ද රාජපක්ෂගේ සිංහල කතාද එසේමය .  සිරිසේන මහතාට  ඉංග්‍රීසි බස පිළිබඳව අඩු දැනුමක් තිබීම ඇත්තෙම්ම රාජ්‍යපාලනයේදී ඔහුටත් අවාසි දායකය. රටටත් අවාසි දායකය . රනිල්ගේ සංස්කෘතිය ඔහුට අප්පිරිය වීමට එක හේතුවක් වුයේ  ඉංග්‍රීසි බව  කියනු  ලැබේ . සිරිසේන  මහතා රනිල් පන්නා දමා දින 52 ක් නැටු නැටිල්ලෙන් රටට සිදුවූ පාඩුව කොතරම් විශාලදැයි දන්නෝ දනිති. එය සිදුවුයේ ඔහුගේ ඉංග්‍රීසි බසේ දුප්පත් කමත් එක හේතුවක් වූ නිසා නොවේද? සිරිසේන මහතාට  පමණක් නොව මන්ත්‍රීවරු සැලකිය යුතු පිරිසකටද , රටේ බහුතරයකට ද  ප්‍රමාණවත්   ඉංග්‍රීසි  දැනුමක් නැත . ප්‍රමාණව

වීරවංශ උසාවියට ගැරහිල්ල නීතිඥ සංගමය තදින් හෙලා දකී

          "  ශ්‍රේෂ්ඨාධිකරණය එක්තරා ආගමික කල්ලියක  ගුහාවක්"  යැයි  විමල් වීරවංශ   ඉකුත් 10 වනදා පාර්ලිමේන්තුවේදී  කළ ප්‍රකාශය ශ්‍රී ලංකා  නීතිඥ සංගමය හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ .  පාර්ලිමේන්තුව තුලදී කරන ප්‍රකාශවලට විරුද්ධව  නඩු පැවරිය නොහැක .   ශ්‍රී ලංකා  නීතිඥ සංගමය  නිකුත්  කළ ප්‍රකාශය මෙසේය . මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නව පත්වීම් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙළා දකී. 2019.01.10 වන දින පාර්ලිමේන්තු සැසිවාරයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මන්ත්‍රීතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධව කර ඇති ප්‍රකාශය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය තරයේ හෙළා දකියි. පාර්ලිමේන්තු විවාදයක් අතරතුර දී වීරවංශ මන්ත්‍රීවරයා විසින් “ශ්‍රේෂ්ඨාධිකරණය එක්තරා ආගමික කල්ලියක ගුහාවක්“ බව ප්‍රකාශ කර ඇත. තවදුරටත් ඔහු පවසා ඇත්තේ ව්‍යවස්ථාදායක සභාව අනුමත කර ඇත්තේ ද එක්තරා ආගමික කල්ලියකට අයත් පුද්ගලයන්ගේ නම් බවය. නමුත් පසුගිය වසර ගණනාවක ශ්‍රේෂ්ඨාධිකරණයේ පත්වීම් පිළිබඳව සලකා බැලීමේදී එම ප්‍රකාශය සත්‍යයෙන් තොර බව ප

කැනඩාවට පැන ආ සවුදි තරුණිය පළමු වරට තොරතුරු රැසක් හෙළි කරයි

     කුවේටයේ සිට  කැනඩාවට  පැන  ගිය සවුදි තරුණිය ,රහාෆ්  මොහමඩ් ඊයේ ( 14 ) පළමු වරට මාධ්‍ය සාකච්චාවක්  පවත්වමින්  කරුණු රැසක් හෙළි  කළාය. අවුරුදු 16 සිට තම පවුලේ අය තමන්ට කායික සහ මානසික හිරිහැර කළ බවත් ජීවිතය පරදුවට තබා පැනයාමට තීරණය කළේ ඒ නිසා බවත් ඇය මාධ් ‍ ය වේදීන්ට කිව් බව කැනඩාවේ CBC  පුවත්සේවය උපුටමින් අල්ජසීරා පුවත්සේවය වාර්තා කර තිබේ. සවුදියේ සිටින තුරු පැන යාමට ඉඩක් නැති බැවින් කුවේට් සංචාරය අතර තුර පැනයාමට තමන් සැලසුම් කර සිටි බව ඇය කියා තිබුණි . පවුලේ අය නින්දට ගිය විට තමා හෝටලයෙන් පැන අවුත් ගුවන් ටිකට් පතක් මිලදීගෙන තායිලන්තයට පැමිණි බවත් තමා අල්ලාගන්නට පිය සහ සහෝදරයෙකු තායිලන්තයට ආවිට දිවි නසා ගන්නට තීරණය කළ බවත් ඒ බව තමන්ගේ මිතුරියනට ලිපි මගින් දැනුම් දුන් බවත් ඇය කියා සිටි ඇය    " මම අතුරුදහන් වුවහොත් ඒම ලිපි ලෝකයාට දැනගැනීමට ප් ‍ රසිද්ධ කිරීමට තම මිතුරියන් සුදානමින් සිටි බව " ත් ඇය මාධ් ‍ යට හෙළි කළාය. .  " එක්සත් ජාතීන්ගේ නිලධාරීන් හෝටල් කාමරය අසලට ආවිට මන් හිතුව ඒ ගොල්ලෝ සවුදි සහ

ජනාධිපති තුමා වෙත කණගාටුවෙන් ලියමි

     ඔබ තුමා  ගැන  මා  සිත  තුල ඇත්ත  බලවත් කණගාටුවකි . ඔබ තුමාට මෙවැනි ඉරණමක් ඇති වෙතැයි ඔබ තුමා  පමණක් නොව  මමද නොසිතුවෙමි. 2015 ජනවාරි මාසයේ ශ්‍රීලංකා නිදහස්  පක්ෂයේ සභාපති කම  භාර ගන්නා විට එය බලවත් පක්ෂයකි .  එහෙත්  හෙට   මහා මැතිවරණයක්   පැවැත්වුවහොත්  එකම  ආසනයක්වත්, අඩු වශයෙන් පොලොන්නරුව  වත් ශ්‍රීලනිපයට ලැබෙන්නේ නැති බව බොහෝ දෙනෙකුගේ  විශ්වාසයයි අනුපාත චන්ද  ක්‍රමයට  පින්සිදුවෙන්නට  උපරිම වශයෙන්  මන්ත්‍රී ධුර දහයකට දොළහකට වඩා   ගන්නට ශ්‍රීලනිපයට නොහැකිවෙනු ඇත    මේ වසරේ අග පැවැත්වෙන  ජනාධිපතිවරණයට ඔබ ඉදිරිපත් වීමට අපේක්ෂා  කරන බවත් ඒ සදහා එක්සත් ජාතික  පක්ෂයේ සහය දෙන්නේ  දැයි ගිය සැප්තැම්බරයේ  ඔබ විමසු විට බැහැ කියා  ඔවුන් ඔබට  පස්ස  හැරවීම කොතරම් අභාග්‍යයක්ද ? ඉන් පසුඔබ තුමා  රාත්‍රී  ජාමයේ මහින්ද රාජපක්ෂ  මහතා  කැදවා රනිල්ගේ අගමැති පුටුව ඔහුට දුන්නේ පොහොට්ටුවේ සහයෝගය ජනාධිපතිවරණයේදී ඔබට දෙනු ඇතැයි යන බලවත් විශ්වාසයෙන් බව අපි දනිමු. එහෙත් දැන් නම් එන පොට හොද නැත. උන් ඔබට සහය දෙන්නට සුදානම් නැති බව වරින් වර  කරන  ප්‍රකාශ වලින් පෙනේ .  පොහොට්ටුව මිසක් වෙ

මුස්ලිම් සමාජයට අභියෝග කළ සවුදි කෙල්ල

                                              රහාෆ් මොහමඩ් අල්ඛනුන්       ඇගේ නම රහෆ් මොහමඩ් අල්ඛනුන්  ය. වයස අවුරුදු 18 කි.ඇයට සහෝදර සහෝදරයන් 9 දෙනෙකි .උපන්නේ සවුදි අරාබියේය. සවුදියේ  කාන්තාවන්ට  නිදහසක් නොමැතිවුයෙන් එයින් මිදී වෙනත් රටකට  පැනගොස් නිදහසේ ජීවත් වීමට ඇයට අවශ්‍ය විය . එහෙත් එසේ  පැනයාමට මෙයට පෙර උත්සහ  කළ තරුණියන්ට සවුදි ගුවන්තොටුපොලකින්  පිටවීමට ඉඩ ලැබුනේ නැත .  එයට හේතුව  සවුදි කාන්තාවන්ට තනියෙන් ගමන් යාමට  එහි ඉඩ නැති නිසාය . පසු ගිය දිනක  ඔහුගේ  පවුලේ අය ඇයත්  සමග  කුවේටයේ සංචාරය  කළහ. තම සැලැස්ම  ක්‍රියාත්මක කිරීමට තීරණය  කළ ඇය ඔස්ට්‍රේලියාවට  පැනයාමට ගුවන් ටිකට්  පතක් රහසිගතව  මිලදී  ගත අතර  වහාම ගුවන් තොටුපොළට ගිය ඇය බැංකොක්  හරහා ඔස්ට්‍රේලියාවට යාමට  ගුවන්  යානයකට ගොඩ වුවාය  . ජනවාරි 5 ඇය බැංකොක් ගුවන් තොටුපලට  පැමිණි නමුත්  එහි සවුදි තානාපතිවරයා ඇගේ  ගමන් බලපත්‍රය  බලහත්කාරයෙන් ගත් බැවින් ඇයට  ඉන් ඉදිරියට  ගමන් කිරීමට  නොහැකි විය .   තායි බලධාරීන් ඇය තොටුපොළේ  හෝටල් කාමරයකැ  රැඳවු පසු  ඇතුලෙන් අගුලු දාගත් ඇය දොර  බලෙන්  විවුර්ත   කිරීම වැලක්ව

ඇත්ත වීරයන් හමුවෙන Zookeeper's wife චිත්‍රපටිය

                               Zookeeper's wife චිත්‍රපටයේ අවස්ථාවක්               යුද්ධයකදී තම  පාර්ශවය  වැඩියෙන්  මිනීමැරීම  වීර ක්‍රියාවක්  ලෙස සැලකේ. මැරූ සංඛ්‍යාව වැඩිවූ තරමට ඔහුට ලැබෙන පදක්කම් සංඛ්‍යාවද වැඩිය . සැබවින්ම ඔවුහු  වීරයෝද?       Zookeeper's wife චිත්‍රපටිය ඔබ  නැරඹුව හොත් සැබෑ වීරයන් කවුදැයි  ඔබට සොයා  ගත  හැකිය.  මෙම චිත්‍රපටිය පළමු වරට  ප්‍රදර්ශනය  කරනු ලැබුවේ 2017 වසරේ  මුල් භාගයේදීය .එහෙත් එය නරඹන්නට  මට  හැකි වුයේ ඉතා  මෑතකදීය  . සමස්ත චිත්‍රපටියම  පාදක වී  තිබෙන්නේ සැබෑ කතාවක්  පදනම්  කොට ගෙනය . 1939 දී හිට්ලර්  හමුදාව  පෝලන්තයේ අගනුවර වන  වෝර්සෝ නගරය  ඇතුළුව රටින් අඩකට ආසන්න  ප්‍රමාණයක්   අල්ලා    ගැනීමෙන් පසු එහි සිටි යුදෙව් ජාතිකයන් ලක්ෂ 4 කට  අධික  ප්‍රමාණයක් ' වර්සෝ ගෙටෝ'  නම්න් හදුන්වන වර්ග කිලෝමීටර් 3.4 ප්‍රමාණයක ප්‍රදේශයක   ගාල් කරනු ලබු අතර එයින් පිටතට  යාම වෙඩි කෑමට හේතු විය.දිනකට  එක අයෙකු ගත හැකි ආහාර  ප්‍රමාණය  කැලරි 187 කට  සීමා කරන  ලද  බැවින් සියල්ලෝම සිටියේ  කුසගින්නේය .ආහාර සොයාගැනීමට රහසිගතව  පිටතට  ග

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ