Skip to main content

Posts

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට නොගොස් චීනයේ සහය ඉල්ලිය යුතුද ?

  වමේ පක්ෂ මෙන්ම සිංහල ආධිප්තයවාදී මත දරන පතුරු පක්ෂද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගැනීමට විරුද්ධය ඔවුන්ගේ මතය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගත් කිසිවෙකු ගොඩ ගියේ නැති බවය. තවත් හිඟමනට වැටුණු බවය. ඇත්ත වශයෙන්ම ගොඩ ගිය රටවල් ගණනවක් තිබේ අසාර්ථකවූ රටවල් කීපයක්ද තිබේ   අසාර්ථක වුයේ නම් ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රශ්නයක් නොව එම රටවල ආර්ථිකය මෙහෙයවන්නන්ගේ දුර්වල කම් නිසා බව සමහරු කියති   මේ ගැන වටිනා විග්‍රහයක් ඊයේ (28) පාර්ලිමේන්තුවේදී කබීර් හෂීම් මහතා කළේය YOU TUBE හි මෙම කතාව තිබිය හැක. එය සවන්දීමට වටිනා කතාවකි මන්ද ඔහු මධ්‍යස්ත ලෙස සිටිමින් එම කතාව කළ නිසාය   ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට විකල්පයක් ඉදිරිපත් කරමින් කතා කලේ විමල් වීරවංශ පමණි ඔහු උදාහරණයක් ලෙස එල් සැල්වදෝරය දැක්වීය චීනය එල් සැල්වදෝරයේ ණය පවරාගෙන ණය සහ පොලිය අදාළ ආයතනවලට ගෙවීමට සුදානම් බවත් එල් සැල්වදෝරය මේ සම්බන්ධයෙන් චීනය සමග ගිවිසුමක් අත්සන් කිරීමට සුදානම් වෙමින් සිටින බවත් ඔහු කීය   මේ ගැන මවිසින් කරන ලද සොයා බැලීමේදී අනාවරණය වුයේ චීනය එවැනි යෝජනාවක් එල් සල්වදෝරයට කර ඇති ...

හමුවී ,නැතිවී ,යලි හමුවී, නැතිවී ගිය මගේ ලඟම මිතුරා

අපි පළමු වරට හමුවුයේ මීරිගම ඉංග්‍රීසි ගුරුවිදුහලට පුහුණුව සඳහා ගිය විටය ඒ 1984 දීය අපි දෙදෙනාම එකම බෝට්ටුවේ අය වූ බැවින් අපි හනික මිතුරන් වූයෙමු 1980 ජුලි වැඩ වර්ජනයට ඔහු පේරාදෙණිය ගුරු විදුහලේදී එකතු වූ අතර ජේ ආර් ආණ්ඩුව ඔහු අවුරුදු තුනකට ගෙදර යැව්වේය මම මහරගම ගුරු විදුහලේ ගුරු පුහුණුව ලබමින් සිටින අතරතුර 1980 ජුලි වැඩ වර්ජනයට සහභාගිවීම නිසා ජේ.ආර් .ආණ්ඩුව මා අවුරුදු තුනකට ගෙදර යැව්වේය අවුරුදු 3කට පසු ඔහු සේවයේ පිහිටවූ අතර මා ද අවුරුදු 3 කැට පසු සේවයේ පිහිටුවන ලැබිණි ඔහුත් ලංකා ගුරු සංගමයේය මමත් ලංකා ගුරු සංගමයේය ඔහුත් සමාජවාදී මත දැරිය මමත් සමාජවාදී මත දැරීමි ඔහුත් ඉංග්‍රීසි ගුරු පුහුණුව ලැබීය මමත් ඉංග්‍රීසි ගුරු පුහුණුව ලැබීමි මිරිගම දී අපි දෙදෙනාම නවාතැන් ගත්තේ එකම බෝඩිමේය 1984 අගදී අපි පුහුණුව අවසන් කොට වෙන්වී ගියෙමු එකල දුරකථන නොවුයෙන් අදහස් හුවමාරු කරගත්තේ තැපාලෙනි. ඔහු ජවිපෙට හිතවත් මත දැරූ අතර මාද එම මතයට ගන්නට උත්සහ කළේය 1987-88-89 භිෂණ සමය උදාවිය ඉන්පසු ඔහුගෙන් එකම ලිපියක් වත් ආවේ නැත ඔහු භීෂණයට ගොදුරු වෙන්නට ඇතයි අනුමාන කලෙමි එහෙත් ඔහුට ලිපි දෙකක් තුනක් යවමින් පණපිට...

රැස්වීම් කඩාකප්පල් කරන්නට මමද ගියෙමි

  මේ එම රැළියයි  ඒ කාලයේ මම සිටියේ මොස්කව් හිතවාදී කොමියුනිස්ට් පක්ෂයේය 1977 මහා මැතිවරණයේදී වමට එකම ආසනයක් වත් දිනාගන්නට බැරිවිය එකල අනුපාත චන්ද ක්‍රමය තිබුනේ නැත මන්ත්‍රීවරු තෝරාගත්තේ ආසන මට්ටමෙන් චන්දය පවත්වාය. 77 මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය 5/6 ක බලයක් ලබා ගත්තේය ,ජේ ආර ජයවර්ධන මහතා අගමැති විය සතියක් තිස්සේ යුඑන්පි කාරයෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ ගෙවල් වලට ගැහුවෝය ගිණි තිබ්බොය මිනිස්සුන්ට පොලු මුගුරුවලින් පහර දුන්නොය ජවිපෙ තහනම් කර තිබුනේ හදිසි නිතිය යටතේය ,හදිසි නිතිය ඉවත් කිරීම නිසා ජවිපෙ තහනම අහෝසි විය ජවිපෙ මහනඩුවේ විත්තිකාරයන් බොහොමයක් ජේ ආර් විසින් පළමුවෙන් හිරෙන් නිදහස් කළේය නිදහස් කල පිරිස අතර කෙලි සේනානායක , සහ ලයනල් බෝපගේ ද සිටියහ වහාම පුවත්පත් සාකච්ඡාවක් කැඳවූ එම දෙදෙනා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතු නැවත අරඹන බව කීහ ඉන් දින කීපයකට පසු රෝහණ විජේවීර ද නිදහස් කරනු ලැබිණ විජේවීර සහභාගිවන රැස්වීමක් කොළඹ නගර සභා පිටියේ පවත්වන බව මට දැනගන්නට ලැබිණ කොළඹට යන්නට කිලෝමීටර් 100 විතර පසුකල යුතුය දුර නොබලා රැස්වීමට ගියෙමි. කොළඹ ...

පොල් ගගා විශ්වය වටා දුවගොස් ආවෙමි

  හාල් කිලෝවක් මිලදී ගන්න, ගෑස් සිලින්ඩරයක් ගන්න , භූමිතෙල් ටිකක් හොයාගන්න ළමුන්ට උගන්වන්න ගෙයක් දොරක් හදාගන්න නොනවතින ධාවන තරඟ යක ට අපි එකතු වී සිටිනවා සේම විශ්වය පුරා අපි හැම මොහොතකම දුවමින් ඉන්නේ ඒත් අපි දුවන බව අපිට දැනෙන්නේවත් නැහැ ඒ මොකද ? ඒ කොහොමද ? 1 පෘතුවිය අපිවත් රැගෙන සිය අක්ෂය වටා නොනවත්වා දුවනවා එක වටයක් දුවන්නට පැය 23 විනාඩි 56 තත්පර 4.09 ඊට ගතවෙනවා සාමාන්යෙන් අපිව අරන් දුවන වේගය පැයට කිලෝමීටර් 1500 කට වැඩියි 2 පෘතුවිය අපිව රැගෙන සිය අක්ෂය වටා දුවනවා සේම සුර්යයා වටාත් දුවනවා. එම වේගය පෘතුවිය සිය අක්ෂය වටා දුවනවාට වඩා මහා වේගයෙන් දිවිල්ලක් එම වේගය තත්පරයට කිලෝමීටර් 30 ක් විතර දිවිල්ල එතනින් නතර වෙන්නේ නැහැ 3 සුර්යයා සිය ග් ‍ රහ ලෝක පද්ධතියත් රැගෙන අපගේ මන්දාකිනිය වන ක්ශීරපථය වටාත් දුවනවා එකවටයක් යාමට අවුරුදු මිලියන 220-250 අතර කාලයක් ගතවෙනවා . 4 ඉතින් දිවිල්ල එතනින් නවතින්නේ නැහැ අපගේ මන්දාකිනිය, (GALAXY) ආසන්නයේ තිබෙන අපේ මන්දාකිනි කණ්ඩායම සමග රේස් එක්ක දුවමින් ඉන්නේ. අපේ මන්දාකිනිය ඉන්නේ 60 ක කල්ලියක් එක්කයි . ඒ කල්ලියේ දෙවෙනියට විශාල මන්ද...

යුක්රේනයේ මහසෝන් බලකාය

    යුක්රේනය ආක්‍රමණය කිරීමේ එක අරමුණක් ලෙස රුසියානු ජනාධිපතිවරයා කියා සිටියේ  එහි සිටින මහසොන්නු සහ පිස්සුසාරලා අල්ලා  සක්වල ගලේ ගැසීම  බවය  එය ලෝකයාට  තේරෙන භාෂාවෙන් කිව්වේ Denazification  හෙවත් නාසි  මත දරන්නන්  නැති භංග කොට නාසි ධර්මයත් නැති භංග කිරීම බවය .  නාසි ධර්මය ලෝකයට දේශනා කළ වදාලේ හිට්ලර්ය  හිට්ලර්ට අනුව ලෝකයේ උතුම්ම මිනිස්සු ආර්ය  ජාතියයි  ජර්මානුවෝද ආර්ය වර්ගයට අයත්  වෙති. ආර්ය නොවන ජාතින් විනාශ කළ යුතුය  යුදෙව්වන් 60 ලක්ෂයකට අධික සංඛ්‍යාවක් හිට්ලර් වාදීන් විසින් ඝාතනය කළේ යුදෙව්වන් මහා පොළොවෙන් නැත්තටම නැති කර දැමීම සඳහාය  දෙවන ලෝක යුද්ධයෙන් හිට්ලර් ජය ගත්තේ නම් ලෝකයේ වසන  ආර්ය නොවන සියලු ජනවර්ග මරා දමනු නිසැකය . හිට්ලර් පරාජය වීමෙන් පසු ජර්මනියේ බලය අතට ගත මිත්‍ර  හමුදා කළ පළමු කටයුත්ත  ජර්මනිය   Denazification   කිරීමය. රාජ්‍ය සහ රජයේ නොව සියලු ආයතනවල සිටි සියලුම නාසි මත දරන්නන්  ඉවත්  කරන ලදී. නාසි සන්විධාන තහනම් කරන ලදී නාසි පතපොත විනාශ කර...

දෙවියෝ සිටීද ?

  දරුවාගේ අසනීපයට වෛද් ‍ ය ප් ‍ රතිකාර නොදී දෙවියනට යාඥා කොට රෝගය සුව කරන්නට ගොස් දරුවා මියයාම නිසා බඩල්ගම මවක් පියෙක් සහ මිත්තනියක් පොලිස් අත්අඩංගුවට ගත් බව ඊයේ වාර්තා විය ඉස්සර නම් මෙවැනි සිද්ධීන් ගැන අපට අහන්නට ලැබුනේ ඉන්දියාවෙනි . ඉන්දියාව දේවාල ලක්ෂ ගණනක් තිබෙන රටකි. 33 කෝටියක් දෙවියන් සිටින බව ඉන්දියානුවෝ විශ්වාස කරති. දෙවියන් 33 න් කෝටියත් රැගෙන ඉන්දියානුවන් මෙහි ආ බැවින් දෙවියන් 33 ක් කෝටියක් සිටින බව අපිද විශ්වාස කරමු .33 න් කෝටියක් දෙව් දේවතාවන්ට පිං අනුමෝදන් කරන ලෙස භික්ෂුන් කියනු දහස් වාරයක් ඔබට ඇසී ඇති බවට සැකයක් නැත . ක් ‍ රිස්තියානි ආගමිකයන්ට ඇත්තේ එක දෙවියෙකි .එම දෙවියන් ගේ පිහිට සියල්ලෝම යදිති ඇතැම් ක් ‍ රිස්තියානි නිකායන් දේව බලයෙන් කොරුන් ඇවිද්දවන බවත් ගොළුවන් ලවා කතා කරවන බවත් බිහිරන්ට ඇසීමේ හැකියාව ලබා දෙන බවත්, අන්ධයනට පෙනුම ලබා දෙන බවත් කියති විදේශික පුජකයෝ මිනිසුන් පිට්ටනිවලට කැඳවා එවැනි යාඥා සංදර්ශන පවත්වන අවස්ථා වලට මිනිස්සු තම නිවෙස්වල සිතින අන්ධයන් ,බිහිරන් කොරුන් ගොළුවන් රැගෙන යති. සුවවූ බව කියමින් ඇතැමුන් වේදිකාවට න...

බිත්තර සහ බෝම්බ

         දේශපාලකයනට කුණු බිත්තර හෝ කුණු තක්කාලි වලින් ගැසීම මහජනයා විසින් අහිංසක ආකාරයෙන් ඔවුන්ට විරෝධය දැක්වීමක් ලෙස සැලකේ . පසුගිය දිනක අවුරුදු 17 ගැටයෙකු ඕස්ට් ‍ රේලියාවේ ස්වාධින සෙනෙට් සභිකයෙකු වන Frasar Anning ළඟටම ගොස් ඔහු ගේ තට්ටයට බිත්තරයකින් ගැසුවේය . සෙනෙට් සභිකයා ගැටයාගේ මුහුනට අත මිට මොලොව පහර දුන්නේය පොලිසිය ගැටයා අල්ලා උසාවි දැම්මේය උසාවියෙන් ඇප දුන්නේය මේ නිසා ගැටයා වටා ඕස්ට් ‍ රේලියානු ජනතාව එකතු විය සෙනෙට් සභිකයාට එරෙහිව නිතිය අඩුවකින් තොරව ක් ‍ රියාත්මක විය යුතු බව ඔස්ට් ‍ රේලියානු අගමැති කීය ගැටයාගේ නඩුවට වියදම් කිරීම සඳහා සහ තව බිත්තර මිලදී ගැනීම සඳහා අරමුදලක් ආරම්භ කරන ලදී මේ වන විට 3000 කට අධික පිරිසක් ඕස්ට් ‍ රේලියානු ඩොලර් 63000 කට වඩා මෙම අරමුදලට ප් ‍ රදානය කර තිබේ . පසුව බ් ‍ රිතාන් ‍ ය අගමැතිවූ ඩේවිඩ් කැමරන් ට 2010 අප් ‍ රියෙල් මාසයේදී ශිෂ් ‍ යයෙකු විසින් බිත්තරයකින් පහර දුන්නේය පොලිසිය ඔහුව ටික වෙලාවකට අත් අඩංගුවට ගත් නමුත් උසාවියට ඉදිරිපත් කලේ නැත . බ් ‍ රිතාන් ‍ ය දේශපාලකයෙකුවූ Ed Milibandට එක වරකට වඩා බිත්තර ප් ‍ ර...