Skip to main content

Posts

ගොටාභයගේ සිරිසේන

තත්වය පැහැදිලිය.යුද්ධයක් ඇරඹීමට ජනාධිපති  සූදානම්ය. තමන්ට පලිගැණීමට උවමනාවක්  නැති බව රනිල්  ඊයේ උදේ  කි විට තමන්  අත තවත් තුරුම්පු ඇතැයිද, අඩියක්වත් පස්සට තැබීමට තමන් සූදානම් නැතැයිද ජනාධිපති ඊයේ (නොවැ.8) හැන්දෑවේ  ප්‍රකාශ  කොට තිබුනි. මේ 14 වනදා පාර්ලිමේන්තුවේදි   ඔඩුදුවමින් තිබෙන අර්බූදය විසදා ගැනීමට ජනාධිපති පාර්ශවය  කිසිසේත් උනන්දුවක් නැති බව පැහැදිලිය .එය ඉතා අවාසනාවන්ත  ප්‍රතිඵල  ඇති කරනු ඇත. සිරිසේන+මහින්ද  පාර්ශවය  හැර රට තුල ක්‍රියාකාරි දේශපාලන  පක්ශ මෙන්ම සිවිල් සංවිධාන ද අන්තර් ජාතික ප්‍රජාවද ජනාධිපති වරයාගේ ව්‍යවස්ථා  විරෝධි ක්‍රියා පිලිවෙත පිලිගෙන නැත.  දේශීය බලවේග ජනාධිපති  බලය යොදා කෙටි කලකට මර්දනය  කළ හැකි වුවත් අන්තර්  ජාතික ප්‍රජාව එසේ පාලනය කළ හැක්කක් නොවේ.  14 වනදා මේ ගැටුම විසදා නොගත හොත්  ජාත්‍යන්තරය අපට එරෙහිව තදබල ක්‍රියාමාර්ග වලට එලඹීමට ඉඩ තිබේ. ලබන වසර අගදී පැවත්වීමට නියමිත ජනාධිපති වරණයේදී යලිත් වරක් ජනාධිපති  වීමට සිරිසේන  ...

සිරිසේන අඩි හයේ වල කපාගනී

       ඇතිවී තිබෙන්නෙ බරපතල දේශපාලන  අර්බූදයකි එය ආර්ථික අර්බූදයක් දෙසට ගමන් කරමින් තිබේ.සෑම පැයකම දේශපාලන  අර්බූදය උග්‍ර අතට හැරෙමින් තිබේ.එය ලේ ගැලීම දක්වා පැතිරෙමින් යයි. තව මිනිස් ජීවිත ගණනාවක් බිලිගනු ඇත. මේ අර්බූදය ඇරඹුනේ රාත්‍රි කාලයේ රහසිගතව අගමැති ලෙස මහින්ද  රාජපක්ශ  මහතා පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම නිසාය. එහෙත් මේ මොහොත වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතාට බහුතර මංත්‍රිවරු  පිරිසක් සහයෝගය ප්‍රකාශ  කර තිබේ ඔවුන් විසින් අත්සන් කරන ලද ලියවිල්ලක් කථානායකවරයා ට භාරදීමට යනබව වාර්තාවී තිබේ.  ඔහුට සහය දෙන මංත්‍රි සංඛ්‍යාව  125 ඉක්මවා තිබෙනබව පෙනේ.  එක්සත් ජාතික පක්ශයේ  මංත්‍රිවරු  පිරිසක් ජනාධිපති ට සහය දීමට ඉදිරිපත් වනු ඇතැයි අපේක්ශා කර තිබූ නමුත් එම බලාපොරොත්තු කඩවෙමින් තිබේ. ආනන්ද අලුත්ගමගේ  මංත්‍රිවරයා හැර අන් සියලුම එජාප පෙරමුනේ මංත්‍රිවරු  රනිල් වටා රැස්වී ඔහු ආරක්ශා කිරිමට ඉදිරියට පැමින සිටී. දැන් සිදුවෙමින් තිබෙන්නේ ජනාධිපති වරයා කිසිසේත්ම අපේක්ශා  නො...

අමතක නොවෙන චිත්‍රපටියක් Lion

                 මා  ඉතා ආශාවෙන් නැරඹූ චිත්‍රපටියක්  වන Lion  නරඹන ලෙස ඔබට කියන්නේ එය ඔබට බොහෝ කාලයක් යනතුරු අමතක නොවන බව මා දන්නා නිසයි. මා එය නැරඹූවේ වසරකට පෙර උවත් එය නැරඹීමෙන් මා ලැබූ ආශ්වාද ජනක මිහිර  තවමත්  මා සිත තුල සැරිසරමින් තිබෙනවා . මේ චිත්‍රපටය  සත්‍ය කතාවක් මත ඕස්ට්‍රේලියානු සිනමා කරුවෙකු නිපදවනු ලැබුවේ 2016 වසරේ අග භාගයේදි. ඩොලර් ලක්ශ මිලියන් 16 ක් වැය කොට නිපදවනු  ලැබු Lion  නැමති මේ චිත්‍රපටය   ඩොලර් මිලියන 140 ඉක්මවා ආදායම්  ඉපයා තිබෙනවා.එමෙන්ම ඔස්කාර් සම්මාන හයක් ද ලබා තිබෙනවා. Garth Devis විසින් අධ්‍යක්ෂනය කළ මේ චිත්‍රපටයේ දේව් පටෙල්,  සහ නිකොල් කිඩ්මන්  රගපානවා. මෙම චිත්‍රපටය නිපදවා ඇත්තේ ඇත්තටම සිදුවූ ලොකු කතාවක් පදනම් කරගෙනයි. ඇත්ත සිදුවිම මෙසේයි ඉන්දියාවේ  කන්ද්වා දිස්ත්‍රික්කයේ  ඈත ගමක ජීවත්වූ ශෙරූ (සිංහයා) අවුරුදු 5 දරුවෙක්.ඔහුට සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරියක් සිටිනවා. පියා ඔවුන් අතහැර ගොස් බැවින් මව ඉතා දුකසේ දරුවන් උස්මහත් කර ග...

ජූලියේ මළවුන් සමග රාත්‍රියක්

            පෙරේදා (ජුලි 29  ) හැන්දෑවේ මා සිටියේ පස්වනක් ප්‍රීතියෙනි . හේතුව හාමිනේ මා සමග  ගෝරියක් ඇදගෙන දික්කසාද  නඩුවක් දමන බව  කියමින් 13 වෙනි වතාවට   ඇගේ  මහගෙදර  ගිය නිසාය. මා දික්කසාද  කරන  බව කියමින්  දොළොස් වතාවක්  පිටවී ගොස් ඇතත් පසුවදා නැද්දම්මාත් සමග ආපසු  පැමිණේ . "මේ අම්මගේ වදේට මන් ආව  මිසක්  නැත්තම් මන් ආයි එන්න නෙවෙයි ගියේ "  යන්න  ඇය ආපසු පැමිණි  හැම දිනකම  කියන්නීය . එහෙත් ඇත්ත  කතාව එය නොවේ. වටපිට ගෙවල්වල ගෑනුන්ට ගබඩා  කාමරයේ තිබෙන පොල්  ගෙඩියක් හෝ පින් තකා  දෙනු ඇතැයි  යන බිය නිසාය .මා එය සහසුද්දෙන් දන්නේ ඇය ආපසු පැමිණි විගසම ගබඩා  කාමරයට ගොස්  පොල් ගණන් කරන නිසාය .  පුතුන් දෙදෙනාද  කොළඹට වී රස්සාවල්  කරන නිසා හාමිනේ  ගිය දිනට  ගෙදර සිටින්නේ  මා  පමණය. කෑම උයන්නට  කාලය  නාස්ති  කිරීම තේරුමක්  නැති බැවින්  හැන්දෑ සමයේ නගරයට ගොස්...

අඩු වයසෙන් වැඩි වියට පැමිණි ක්‍රොයේෂියානු කෙල්ල

 පාපන්දු ක්‍රීඩාව  ගැන උනන්දුවක් දක්වන ලාංකිකයන්  බහුතරයක්  ලෝක  පාපන්දු තරඟාවලියෙන් ක්‍රොයේෂියාවේ ජයග්‍රහණය ප්‍රාර්ථනා  කළේ  මන්දැයි  හිතාගැනීමට අමාරුය එහි  ජනාධිපතිවරිය වන  කොලින්ඩා ග්‍රබාර් කිටාරොවික් මන බඳින ලලනාවක් නිසාද?  කොලින්ඩාට සමාන රුවක් හිමි වෙනත්  කාන්තාවක් බිකිණියකින් සැරසී සිටින චායරුප ඇතැමෙකු  බුකියේ  පළකර ඇය ක්‍රොයේෂියානු ජනාධිපතිවරිය  ලෙස විස්තර  කර තිබීම නිසාද  ? කොලින්ඩා ක්‍රොයේෂියාවේ  ජනාධිපති වරිය  ලෙස පත් වුයේ 2015 පෙබරවාරියේදී ය  2020 පෙබරවාරිය දක්වා ඇය  ජනාධිපති  තනතුරේ සිටිනු ඇත . කෙසේ වෙතත් ක්‍රොයේෂියා වේ  බලවත්ම  පුද්ගලයා ඇය නොවේ. එහි අගමැතිවරයාය  ..එයට හේතුව වන්නේ 1999 දී එරට ව්‍යවස්ථාව සංශෝධනය  කොට වැඩි බලතල  පාර්ලිමේන්තුවට පැවරීම  නිසාය  .කෙසේ වෙතත් එරට  ජනාධිපතිට දෙවරක් එම ධුරයට  මහජන චන්දයෙන් පත්විය  හැක .  වෙනත් රටවල  ජනාධිපති වරුන්ගේ වැටුප් සමග සංසන්දනය  කළහොත් ඇය...

සංඝ පාතාලය

   රත්නපුරේ පන්සලකදී  භික්ෂුවක් විසින්  නිරායුධ , පොලිස් නිලධාරියෙකුගේ   බෙල්ල  මිරිකා  මැරීම,  භික්ෂුන්ගේ නොපණත්  කම්  කලක් තිස්සේ නිවට නියාලු ලෙස  ඉවසා  වැදෑරීමේ  ආණ්ඩුවේත්, පොලිසියේත් , අමනෝඥ ප්‍රතිපත්තියේ  ප්‍රතිඵලය මිස වෙන දෙයක් නොවේ . විශේෂයෙන්ම  ඉකුත් වසර  හත අටක  කාලයක සිට ඇතැම් භික්ෂුන්  සිවුර  ඕනෑම  ජඩ වැඩක් කිරීමට  ලැබුණු ලැයිසමක්  ලෙස සළකමින් යකා  නැටුහ.   ඔවුහු රෝහල්වලට,  උසාවි වලට ,ආණ්ඩුවේ කාර්යාලවලට කඩා  පැන  යකා  නැටුහ. ආණ්ඩුව වලිගය දෙකකුල් අතර හංගාගෙන සිටියා විනා නිතිය  ක්‍රියාත්මක  කලේ නැත .   සමස්තයක් වශයෙන් ගත්  කළ  දශක  හතරක  සිට බහුතරයක් භික්ෂුහු  සාමය වෙනුවෙන්  පෙනී සිටියේ නැත  ලේ  හැලීමට  යන අයට  සෙත් පතා පිරිත් නුල්  ගැට ගැසීම  ඔවුන්ගේ දිනචරියාවේ අංගයක් විය  අපි බුදු දහම අගය  කරන කරුණු අතර ප්‍රධාන  කරුණක් වන්නේ එ...

මහින්දගේ චන්ද වැඩට චීනයෙන් රු.කෝටි 100 සන්තෝසමක්

     මහින්ද රාජපක්ෂ  මහතාට 2015 ජනාධිපතිවරණයේදී  චීනය ආණ්ඩුවට    අයත් China  Harbour  Engineering Company නමැති සමාගම අවම වශයෙන්  ඇමරිකානු ඩොලර් 76 ලක්ෂයක්  ලබා දී ඇති බව New York Times පුවත්පත ඊයේ (ජුනි 25 ) පළකළ  ලිපියක සඳහන් වේ . 2015  ජනවාරි  මස 1 වන විට ඇමරිකානු ඩොලරයක වටිනාකම රු.131.23  ක් වුයෙන් චීන වරය සමාගම රාජපක්ෂ මහතාගේ  ජනාධිපතිවරණය  මැතිවරණ ව්‍යාපාරයට දී ඇති මුදල  රු.ලක්ෂ 9975 කි . (කෝටි 100 කට ආසන්නය ) මේ පිළිබඳව කුමක් කියන්නේදැයි දැනගැනීම සඳහා රාජපක්ෂ මහතාගෙන් සහ  ඔහුගේ අතවැස්සන්ගෙන්    මාස  ගණනක් තිස්සේ  විමසු නමුත් ඔවුන් නිහඬව සිටි බව  New York Times පුවත්පත කියයි   China Harbour සමාගමෙන් මේ පිළිබඳව විමසු නමුත් ඔවුන්ද  කට වසාගෙන සිටි  බව පුවත්පත කියයි     චීනයේ සියලු ඉල්ලීම වලට රාජපක්ෂ මහතා අවනත වී ඇති බවත්  ඇතැම් රහස් තොරතුරු චීනයට දැනුම් දීමටද රාජපක්ෂ ආණ්ඩුව එකඟ වූ බ...