Skip to main content

Posts

සිංහල බවුද්ධයන්ට වඳ පෙති බෙදන මධ්‍යස්තාන මෙන්න

                       අම්පාරේ  හෙවත් අං  පාරේ  වඳ  පෙති  ගැන  මා  ලියන්නට  යන්නේ  නැත. ඒ ගැන බුකි  සාමාජිකයෝ කිලෝමීටර්  ගණනක් දිගට  ලියා  තිබේ .එය මුස්ලිම් විරෝධී  අං ඇත්තන්  විසින්  දියත්  කරන  ලද අවලම් ලෙල්ලමක්   බව  බුකි සාමාජිකයන්  99%ක්  ලියා තිබීම  ඇඬේන තරමට සතුටකි. සදා  කාලික  ලෙස වඳ කිරීම සඳහා තවමත් වඳ  බෙහෙතක් නිපදවා නැති බව වෛද්‍ය වරු කීප දෙනෙකුද රුපවාහිනියේ  කියනු අසන්නට  ලැබුණි. ඇත්තෙම්ම මේ  ගැන  කට ඇරිය යුතුව  තිබුනේ GMOA ලොකු මහත්තුරුය . ඒ අය නිහඬව සිටින්නේ මිනිසුන් මරා   ගන්නා   තරමට  පොහොට්ටුවට වාසි වෙනු ඇතැයි සිතන නිසා  බවට සැකයක් නැත .ඊට  සනාථ කිරීමට හේතු තිබේ. GMOA ලොකු මහත්තයා වන  පාදෙණිය සවුඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ  ජනරාල් සුනිල් අල්විස්  මහතාට   මේ පෙබරවාරි 12 දින තර්ජන...

ශ්‍රී ලංකා - යුඑන්පි හුටස්පරයේ කෙළවර කුමක්ද?

                           මහින්ද  රාජපක්ෂ  මහතා  මේ  මොහොතේ  බොර  දියේ  මාළු  අල්ලන්නට  උපරිම  උත්සාහය දරමින් සිටි. නිමල් සිරිපාල  මහතා අගමැති  කිරීමට දරන උත්සාහයට  ඔහු පෝර දමමින් සිටින්නේ  ඒ  නිසාය . සිරිපාල අගමැති වුවහොත්  ඉන්පසු  වැඩි කල් නොගොස්  මහා   මැතිවරණයකින්  ආණ්ඩුව  තමන් අතට  ගැනීම  ඔහුගේ සැලැස්ම  බවට  කිසිදු සැකයක් නැත. ඒකාබද්ධ විපක්ෂයේ අය  සිරිපාල යටතේ ඇමති කම්  ගන්නට සුදානම්  නැත්තේ  නිකම් නොවේ. ඇමතිකම් අරගෙන වැඩි කලක් යාමට  පෙර  ඔවුන්ද  මහජන  අප්‍රසාදයට  ලක්වන  බව  ඔවුන් දන්නා නිසාය . ඔවුන් ඇමති  කම් රැගෙන  රට  කරන්නට  සිදුවෙන්නෙත්  එක්සත් ජාතික  පක්ෂය  රට  කරවපු ආකාරයටමය .ගත් ණය ගෙවන්නට තිබුණු සබ්බ  සකලමනාවම  දී  ඇති බැවින්  ආණ්ඩුවේ  භාණ්ඩාග...

අහසේ ගිය ආණ්ඩුව බිමට කඩ වැටීම

        මැතිවරණ  ප්‍රතිඵලය සියල්ලන්ම විශ්මයට  පත් කර තිබේ. ආණ්ඩු විරෝධය මෙපමණ පැහවා උඩුදුවා   ඇතැයි කිසිවෙකු සිතුවේ නැත . රාජපක්ෂලවත් මෙවැනි ප්‍රතිඵලයක් අපේක්ෂා  නොකලාට සැකයක් නැත..           රවී කරුණානායක  තබා  ගත හොත් එක්සත් ජාතික පක්ෂයේ චන්ද   අඩු වෙන බවත්  ඔහු එජාපයෙන් නෙරපා  හැරියහොත් එය වලක්වා  ගත හැකි බවත්  මැතිවරණයට සති දෙකකට පෙර මුහුණු පොතේ  පොස්ටුවක් පළකරමින්  කීවෙමි .එමෙන්ම මැතිවරණයේදී  මහින්ද දුර්වල කිරීමට  නම් මෛත්‍රිගේ ශ්‍රීලනිපය ශක්තිමත්  කළ යුතු බවද කීවෙමි . එහෙත් රවී  ඉවත් කිරීමට   රනිල්ට    හය්යක්  තිබුනේ  නැත. ඒ වෙනුවට  ඔහු දිගින් දිගටම කිවේ  බැඳුම්කර  හොරකමට  එක්සත් ජාතික සම්බන්ධ  බව කොමිසම කියා  නැති බව   කියමින් මහජනයා රැවටීමට උත්සහ කිරීමය . පොහොට්ටුව  පනගසා ඒමේ වගකීම රනිල් ඇතුළු ඉහල  නායකත්වය  භාරගත  යුතුය .මා...

ලන්ඩන් බෙලි කැපිල්ල

      බ්‍රිගේඩියර්ගේ  බෙලි කැපීමේ අභිරුප  රංගනය නිසා  ප්‍රීති ප්‍රමෝදයට  පත් අය ඔහුගේ වැඩ තහනමට එරෙහිව  කඩු  කිනිසි අතට  ගත්තෝය . චන්ද හිඟයෙන් පෙලෙන ජනාධිපතිවරයාද වහා  කඩුව  ගෙන  විදේශ ඇමති  මාරපනට  කඩු  පාරක් ඇන බ්‍රිගේඩියර්ට  යලි ජොබ් එක දී  චන්ද  ටිකක් එකතු කර  ගත්තේය.  කොටි ඩයස්පෝරාවට ඩොලර්  ලක්ෂ  ගණනක්  වියදම් කොට  ලබා  ගැනීමටවත්  නොහැකි   හමුදාවට එරෙහි ප්‍රචාරයක්  බ්‍රිගේඩියර්ගේ අභිරුපන රංගනය  නොමිලයේම ලබා දුන්නේය . ආණ්ඩුවක් බ්‍රිගේඩියර් වරයෙකු  තානාපති කාර්යාලයකට  පත් කරන්නේ  අභිරුපන  රංගන  කරන්නට  නොව ලංකාණ්ඩුව එම තානාපති කාර්යාලය  පිහිටි රට සමග  කරන ආයුධ මිලදීගැනීම ආදී  මිලිටරි  කටයුතුවලදී  වැදගත්  වැඩ  කොටසක්  ඉටු කරවා  ගැනීමටය .එහෙත්  තමන්ට  පැවරී තිබෙන වැදගත්  කාර්යය අමතක  කොට 2.50 වැඩ  කරන්නට  යාම ...

මෛත්‍රී අඳින්න යන්නේ මොකාටද ?

     මෛත්‍රීට දැන්  දෙපැත්තකින්  බැට  කෑමට සිදුවී තිබේ. එක අතකින්  එක්සත් ජාතික  පක්ෂයේ අඳබාලයෝ  පහර  ගසති. අනිත් පැත්තෙන්  රාජපක්ෂලා  පහර  ගසති . එක්සත් ජාතික  පක්ෂයේ අය ඔහුට  පහර ගසන්නේ  බැඳුම්කර  හොරකම  පිලිබඳ වාර්තාව යට නොගැසීමත්  එයට වග  කිව  යුතු අයට  නඩු පැවරීම සඳහා නීතිපති වෙත එම වාර්තාව   යැවීමත්  නිසාය . රාජපක්ෂ  කඳවුරේ අය ඔහුට  පහර  ගසන්නේ  ඔවුන්ගේ ඇතැමෙකුට  මේ වන විට  නඩු  පවරා තිබීම නිසාත් ඉදිරියේදී  තව තවත් නඩු හබවලට මුහුණ දෙන්නට සිදුවීමට  ඉඩ  තිබෙන නිසාත්ය. ඊට අමතරව  ඉකුත් ආණ්ඩු සමයේ සිදුකල වංචාවන් පිලිබඳ  කොමිෂන් සභා වාර්තා එලියට  දැමීමට  යාම නිසාත් ශ්‍රීලන්කන් සහ මිහින් ගුවන්  සේවය  පිලිබඳ  කොමිසමක් පත් කරන්නට  යන  නිසාත්  බව  මගේ  විශ්වාසයයි . ජනධිපතිවරයා  මුල සිටම දැඩි  ස්ථාවරයක සිට  කටයුතු  කලේ ...

2018 දේශපාලන අනාවැකි

                           ඉකුත් ජනාධිපතිවරණයට සති කීපයක්  තිබියදී Colombo Telegraph පත්තරයට  ලිපියක් ලියමින්  ජනාධිපතිවරණයෙන්  මෛත්‍රි   දිනන බව  මා කිවේ  නැකත් බලා නොවේ.   දේශපාලන  පක්ෂවල  හැසිරීම සහ  ජන විඥානය හැදෑරීමෙනි . මා   මේ ලිපියෙන් 2018 වසරේ දේශපාලන අනාවැකි  කියන්නේද  එලෙසමය .        ගිය අවුරුද්ද අවසන් වීමට  පෙර ආණ්ඩුව  පෙරලීමට  මහින්ද රාජපක්ෂ මහතා අසමත් වීම නිසා  ඔහුගේ  අනුගාමිකයන්  2018 වසරට  පා තබන්නේ අතෘප්තියෙන්  බවට සැකයක් නැත . එබැවින් ඔවුන් තව දුරටත් රඳවා  තබා  ගැනීමට  නම් 2018 අවසන් වීමට  පෙර ආණ්ඩුව  පෙරලන බව කිව යුතුව තිබේ. දැනටමත් ප්‍රසන්න රණතුංග  මහතා ඒ  ගැන ප්‍රකාශයක් කර තිබේ.හොඳින් හෝ නරකෙන් 2018 දී  ආණ්ඩුව  පෙරලන බවකීම  එම ප්‍රකාශයයි . මහින්ද+මෛත්‍රී ආණ්ඩුවක් ? ...

පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන නාමල්ගේ මිතුරිය

                       ඇය  නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද  , කොළඹට චන්දය  ඉල්ලුවද ඇය  ගැන ලිපියක්  ලියන්නට   මේ මොහොත වෙන තුරු  මා සිතා  සිටියේ  නැත. ඊයේ මුහුණු පොතේ  පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු   නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට  පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය  ගැන වැඩි දුර  යමක් ලිවීම අවශ්‍ය  බව  පෙනුණි. එය කොළඹ  චන්ද දායකයනට ඇය ගැන තීරණයක්  ගැනීමට දායක වනු ඇත .  මේ  ආණ්ඩුව  බලයට  පැමිණි පසු  පත් කරනු ලැබූ  වරාය  , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා  විසින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ  කමිටුව  පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු  ඉතා  බරපතලය එම වාර්තාව අන්තර්  ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට  කියවිය  හැක .  එබැවින්  මා  මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ  කොළඹ නගර ස...