Skip to main content

මෛත්‍රී අඳින්න යන්නේ මොකාටද ?



Image result for maithripala sirisena

  


  මෛත්‍රීට දැන්  දෙපැත්තකින්  බැට  කෑමට සිදුවී තිබේ. එක අතකින්  එක්සත් ජාතික  පක්ෂයේ අඳබාලයෝ  පහර  ගසති. අනිත් පැත්තෙන්  රාජපක්ෂලා  පහර  ගසති .


එක්සත් ජාතික  පක්ෂයේ අය ඔහුට  පහර ගසන්නේ  බැඳුම්කර  හොරකම  පිලිබඳ වාර්තාව යට නොගැසීමත්  එයට වග  කිව  යුතු අයට  නඩු පැවරීම සඳහා නීතිපති වෙත එම වාර්තාව   යැවීමත්  නිසාය .


රාජපක්ෂ  කඳවුරේ අය ඔහුට  පහර  ගසන්නේ  ඔවුන්ගේ ඇතැමෙකුට  මේ වන විට  නඩු  පවරා තිබීම නිසාත් ඉදිරියේදී  තව තවත් නඩු හබවලට මුහුණ දෙන්නට සිදුවීමට  ඉඩ  තිබෙන නිසාත්ය. ඊට අමතරව  ඉකුත් ආණ්ඩු සමයේ සිදුකල වංචාවන් පිලිබඳ  කොමිෂන් සභා වාර්තා එලියට  දැමීමට  යාම නිසාත් ශ්‍රීලන්කන් සහ මිහින් ගුවන්  සේවය  පිලිබඳ  කොමිසමක් පත් කරන්නට  යන  නිසාත්  බව  මගේ  විශ්වාසයයි .


ජනධිපතිවරයා  මුල සිටම දැඩි  ස්ථාවරයක සිට  කටයුතු  කලේ නම් කවුරු ප්‍රහාර එල්ල  කළත් ශක්තිමත් ලෙස ඒවාට මුහුණ දීමට  ඉඩ තිබුණි. එහෙත්  වැනෙන සුළු  ප්‍රතිපත්තියක සිට  මුල සිටම ඔහු කටයුතු කිරීම නිසා ඔහුට තිබු මහජන  සහය  යම් ප්‍රමාණයකින් අඩු වී තිබේ.


කෙසේ වෙතත්  19 වෙනි ව්‍යවස්ථාව සම්මත  කර  ගැනීම සඳහා  ඔහු දැඩි  උත්සාහයක්  නොගත්තේ  නම එය සම්මත  නොවන්නට  ඉඩ තිබුණි  එබැවින් එහි ගවුරවය  ඔහුට දිය  යුතුය . රාජපක්ෂ  මහතා  මැරෙන තුරු ජනාධිපති වී  පාර්ලිමේන්තුව  ඔහු ගේ අතකොළුවක්  පමණක් බවට  පත්කරන්නට  හැදු නීතිය අවලංගු කොට  ජනාධිපති සතු බලතල අඩු කරන්නට මෛත්‍රී විසින්  කටයුතු කිරීම  නිසා  ප්‍රජාතන්ත්‍රවාදය  ශක්තිමත් වූ බව  නොපිළිගන්නේ කුහකයන් පමණි 


ජනාධිපතිවරයාට  මේ දිනවල  තවත් බරපතල අභියෝගයකට  මුහුණ දීමට සිදුවී  තිබේ.  මේ  පළාත්පාලන  මැතිවරණයෙදී මහින්ද  ගේ  පොහොට්ටුවට වඩා  ශ්‍රීලනිපයට  චන්ද ලබා  ගැනීමේ අභියෝගයයි  . එසේ  නොවුණහොත් තවත් වසරක්  ගතවන විට  ඔහු සමග සිටින ශ්‍රී ලංකා ඇමතිවරුන් සියල්ලෝම වාගේ  ජනාධිපතිවරයා ශ්‍රීලංකා නිදහස්  පක්ෂයෙන් එලවා දමා මහින්ද  යලි ඩාලි පාරට වඩම්මන්නට පාවාඩ  එළනු ස්ථිරය. එය  මෛත්‍රී  වටහාගෙන ඇති බවට සැකයක් නැත .


පොහොට්ටුවට වඩා බුලත්කොලයට  සහ අතට චන්දය  ලබා  ගන්නට නම් එක්සත් ජාතික  පක්ෂය හුරතල් කිරීමෙන් එය ඉටු නොවේ    එක්සත් ජාතික  පක්ෂයට ඕනා  හැටියට නටන්නට තමන් ඉඩ නොදෙන  බව  තම  පාක්ෂිකයන්ට ඒත්තු ගන්නන්නට  මෛත්‍රීට  සිදුවේ. ජනාධිපතිවරයා  රට පුරා රැස්වීම වලට  යමින් ආවේග ශීලී අන්දමින් එක්සත්  ජාතික පක්ෂයේ  බැඳුම්කර හොරුන්ටත්  රාජපක්ෂලාගේ  හොරකම් වලටත් එරෙහිව  කතා  කරන්නේ  ඒ නිසාය . එය එජාපයේ අඳ  බාලයන්ට වටහා  ගන්නට  බැරිවීම පුදුමයක් නොවේ.මෛත්‍රී  වැටුනොත් ඔවුන්ද  වැටෙන  බව  ඔවුන් දන්නේ  නැත .


මේ චන්ද සටනින්  මෛතිර්  දුර්වල වුවහොත් එය  රටේ අභාග්‍යයකි. රනිල්  වික්‍රමසිංහ මහතා  ජනාධිපතිවරනයකින්  ජයගන්නට  තරම්   ශක්තිමත් පෞරුෂත්වයකින්  හෙබි නායකයෙකු නොවන  බැවින් ලබන වසරේ  අග පැවැත්වීමට නියමිත ජනධිපතිවරණයේදී  වැඩි වාසිය  යන්නේ  මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදයෙන් එන අපේක්ෂකයෙකුටය.  ඔහු බොහෝ විට  ගෝඨාභය රාජපක්ෂ විය  හැක. 


Image result for gotabaya rajapaksa


ගෝඨාභය  ජනධිපතිවරයා වුවහොත්  2015 ජනවාරි 8  වෙනිදට  පසු මේ රටේ මිනිසුන් ලැබූ නිදහස අහෝසි  කරන  බවට  කිසිදු සැකයක් නැත .සුදු වැන් යලි  පිටත් කර  එවීම ස්ථිරය .



එබැවින් මෛත්‍රිපාල සිරිසේන  ජනාධිපතිවරයා  ආරක්ෂා  කර  ගැනීම අප කාගේත්  ශරීරාරක්ෂාවට  ගුණ  බව   කවුරු කවුරුත් තේරුම්  ගැනීම ගැනීම වටී.


 පී. බර්ටි රණවීරගේ 



Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...