Skip to main content

සිංහල බවුද්ධයන්ට වඳ පෙති බෙදන මධ්‍යස්තාන මෙන්න



              Related image

        අම්පාරේ  හෙවත් අං  පාරේ  වඳ  පෙති  ගැන  මා  ලියන්නට  යන්නේ  නැත. ඒ ගැන බුකි  සාමාජිකයෝ කිලෝමීටර්  ගණනක් දිගට  ලියා  තිබේ .එය මුස්ලිම් විරෝධී  අං ඇත්තන්  විසින්  දියත්  කරන  ලද අවලම් ලෙල්ලමක්   බව  බුකි සාමාජිකයන්  99%ක්  ලියා තිබීම  ඇඬේන තරමට සතුටකි.


සදා  කාලික  ලෙස වඳ කිරීම සඳහා තවමත් වඳ  බෙහෙතක් නිපදවා නැති බව වෛද්‍ය වරු කීප දෙනෙකුද රුපවාහිනියේ  කියනු අසන්නට  ලැබුණි. ඇත්තෙම්ම මේ  ගැන  කට ඇරිය යුතුව  තිබුනේ GMOA ලොකු මහත්තුරුය . ඒ අය නිහඬව සිටින්නේ මිනිසුන් මරා   ගන්නා   තරමට  පොහොට්ටුවට වාසි වෙනු ඇතැයි සිතන නිසා  බවට සැකයක් නැත .ඊට  සනාථ කිරීමට හේතු තිබේ. GMOA ලොකු මහත්තයා වන  පාදෙණිය සවුඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ  ජනරාල් සුනිල් අල්විස්  මහතාට   මේ පෙබරවාරි 12 දින තර්ජනය  කරමින් " තමා  පොහොට්ටු ආණ්ඩුවේ සවුඛ්‍ය ඇමති වූ පසු බලාගමු " යයි කීමෙන්  තහවුරු වන්නේ  කුමක්ද?  GMOA  වනාහි  පොහොට්ටුවේ  බළල් අතක් බව මිස වෙන කුමක්ද?

Image result for doctor padeniya

සිංහල  බවුද්ධයන්ට විශේෂයෙන්ම  කාන්තාවන්ට වඳ  පෙති දෙන්නේ  වෙන  කිසිවෙකු නොව පන්සල විසිනි. මෙය  මා විසින් කරන සහාසික  ප්‍රකාශයක්  ලෙස ඇතැමෙකු සලකනු ඇත. NGO විසින් මට  ඩොලර් ගෙවන බැවින් මා මෙසේ  ලියන්නේ  යයි තවත් අය  කියනු ඇත .මා තම්බියෙකු විසින් ජාතක  කර තිබෙන බව  පොල් ලෙල්ලන් කියනු ඇත .නැතහොත් කතෝලික  පල්ලියේ  කොන්ත්‍රාත්තුවක්  මා  විසින් භාරගෙන ඇති බව  ආර්ය සිංහල බවුද්ධයන් විසින් කියනු ඇත .


මට විරුද්ධව  ඕනෑම උසාවියක නඩු එකක් නොව  සියයක්  පැවරුවත්  පන්සල් විසින් බවුද්ධයනට විශේෂයෙන්ම  කාන්තාවන්ට සිංහල  ජාතිය වඳ කිරීම සඳහා වඳ පෙති බෙදන  බව කියන්නට මා  මොහොතක් පැකිලෙන්නේ නැත .එබැවින් හැකි නම් නඩු පවරන  ලෙස  මා  ඕනෑම  කෙනෙකුට අභියෝග  කරමි .




Image result for  medical tablets



පන්සල්වල  භික්ෂුන්  පමණක් නොව වනගත ආරාම වල වසන  භික්ෂුන්ද  සිංහල බවුද්ධයන් වඳ කිරීම සඳහා උපරිම  පරිදි කටයුතු කරති. එය කරන්නේ මෙසේය .


ඔබ  පන්සලේ භික්ෂුන්ට දානයක් දුන් විටද ආධාර  මුදලක් දුන් විටද , ඇඳක් ,පුටුවක් , රුපවාහිනියක් , පරිගණකයක්, පමණක් නොව අව්මගුලකට  පැමිණි විට රු. 500  සාළුවක්  පුජා  කළ විටද  භික්ෂුන් තම දේශනාව අවසන් කරන්නේ මේ  පුණ්‍ය  ක්‍රමයේ මහිමයෙන්  නිවන් සැප  ලැබේවා  කියමිනි . එසේ නොකියන භික්ෂුවක්  සිටිනම් ඕනෑම දඬුවමක් විඳීමට  මා සුදානම්ය .


නිවන යනු කුමක්ද?  යලි නොයිපදීමය . මෙසේ සියලුම සිංහල බවුද්ධයන්  නිවන් ගිය විට ඉතිරිවන්නේ  කවුද ? මිත්‍යා දෘෂ්ටිකයන් පමණි . බුද්ධාගම  ලංකාවේ  ඉන් සදාකාලිකවම අවසන් වන්නේය. බවුද්ධයන් සියල්ලෝම  හැඳි ගෑවී යන්නේය . අවසාන සිංහල බවුද්ධයාද සදාකාලිකවම තොලොංචි වී  යන්නේය . ඉන්පසු සිංහලයන්ට තිබෙන  මේ එකම රට  තම්බින් සහ  කොටි විසින් අල්ලාගනු නිසැකය . ශ්‍රී මහා බෝධිය  මුලින්ම කපා දමා  පොල් සිටුවනු ඇත  . රුවන් වැලි මහා සෑය ට  කාල තුවක්කු වලින් වෙඩි  තබා කුඩේ කුඩු කරනු ඇත. අටමස්ථාන සොලොස්මස්ඨාන ආගිය අතක් සොයා  ගැනීමට නොහැකි වනු ඇත .සිරිපාදය තම්බින් විසින් අල්ලා   ගනු ඇත .බුදුන් වැඩි නාගද්වීපය දෙමළුන් විසින් අල්ලාගෙන  කෝවිලක් බවට  පත් කරනු ඇත . ශ්‍රී දළදාව මහවැලි ගඟේ  කිමුලන්ට කෑමට විසි  කරනු ඇත .


මෙය මහාම මහා  බරපතල  තත්වයකි . සියලුම  සිංහල බවුද්ධයන් සතියක් හමාරක්  යනතෙක් දිවා රෑ  කල්පනා  කළ යුතු කාරණාවකි 


සිංහල  බවුද්ධයන් නැත්තටම  නැති කිරීම සඳහා පන්සල්වල  සහ ආරාමවල  භික්ෂුන් විසින් දියත්  ඇති එම කුමන්ත්‍රණය වටහා  ගෙන ඇති සිතමු.  මින්  පසු නිවන් සැප  ප්‍රර්ථනා   නොකරන  ලෙස  සියලුම   සිංහල  බවුද්ධ    පින්වතුන් ගෙන් සහ  පින්වතියන්ගෙන් ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටිමු. 


ඔබ සැමට තෙරුවන් සරණයි .


ඔබට නිවන් සැප නොලැබේවා.


ප.ලි.  නිවන් සැප  පාර්ථනා  කිරීමෙන් වලකින අතර අවම වශයෙන් සිංහල බවුද්ධ  දු දරුවන්  දහ දෙනෙකුවත්  බිහි කිරීම සඳහා නොපසුබස්නා අධිෂ්ටානයෙන් කටයුතු කරන  ලෙස සියලුම සිංහල බවුද්ධ දෙමාපියන්ගෙන්  ඉල්ලා සිටිමු  

මීට  

බර්ටි රණවීරගේ  

Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...