Skip to main content

සිංහල බවුද්ධයන්ට වඳ පෙති බෙදන මධ්‍යස්තාන මෙන්න



              Related image

        අම්පාරේ  හෙවත් අං  පාරේ  වඳ  පෙති  ගැන  මා  ලියන්නට  යන්නේ  නැත. ඒ ගැන බුකි  සාමාජිකයෝ කිලෝමීටර්  ගණනක් දිගට  ලියා  තිබේ .එය මුස්ලිම් විරෝධී  අං ඇත්තන්  විසින්  දියත්  කරන  ලද අවලම් ලෙල්ලමක්   බව  බුකි සාමාජිකයන්  99%ක්  ලියා තිබීම  ඇඬේන තරමට සතුටකි.


සදා  කාලික  ලෙස වඳ කිරීම සඳහා තවමත් වඳ  බෙහෙතක් නිපදවා නැති බව වෛද්‍ය වරු කීප දෙනෙකුද රුපවාහිනියේ  කියනු අසන්නට  ලැබුණි. ඇත්තෙම්ම මේ  ගැන  කට ඇරිය යුතුව  තිබුනේ GMOA ලොකු මහත්තුරුය . ඒ අය නිහඬව සිටින්නේ මිනිසුන් මරා   ගන්නා   තරමට  පොහොට්ටුවට වාසි වෙනු ඇතැයි සිතන නිසා  බවට සැකයක් නැත .ඊට  සනාථ කිරීමට හේතු තිබේ. GMOA ලොකු මහත්තයා වන  පාදෙණිය සවුඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ  ජනරාල් සුනිල් අල්විස්  මහතාට   මේ පෙබරවාරි 12 දින තර්ජනය  කරමින් " තමා  පොහොට්ටු ආණ්ඩුවේ සවුඛ්‍ය ඇමති වූ පසු බලාගමු " යයි කීමෙන්  තහවුරු වන්නේ  කුමක්ද?  GMOA  වනාහි  පොහොට්ටුවේ  බළල් අතක් බව මිස වෙන කුමක්ද?

Image result for doctor padeniya

සිංහල  බවුද්ධයන්ට විශේෂයෙන්ම  කාන්තාවන්ට වඳ  පෙති දෙන්නේ  වෙන  කිසිවෙකු නොව පන්සල විසිනි. මෙය  මා විසින් කරන සහාසික  ප්‍රකාශයක්  ලෙස ඇතැමෙකු සලකනු ඇත. NGO විසින් මට  ඩොලර් ගෙවන බැවින් මා මෙසේ  ලියන්නේ  යයි තවත් අය  කියනු ඇත .මා තම්බියෙකු විසින් ජාතක  කර තිබෙන බව  පොල් ලෙල්ලන් කියනු ඇත .නැතහොත් කතෝලික  පල්ලියේ  කොන්ත්‍රාත්තුවක්  මා  විසින් භාරගෙන ඇති බව  ආර්ය සිංහල බවුද්ධයන් විසින් කියනු ඇත .


මට විරුද්ධව  ඕනෑම උසාවියක නඩු එකක් නොව  සියයක්  පැවරුවත්  පන්සල් විසින් බවුද්ධයනට විශේෂයෙන්ම  කාන්තාවන්ට සිංහල  ජාතිය වඳ කිරීම සඳහා වඳ පෙති බෙදන  බව කියන්නට මා  මොහොතක් පැකිලෙන්නේ නැත .එබැවින් හැකි නම් නඩු පවරන  ලෙස  මා  ඕනෑම  කෙනෙකුට අභියෝග  කරමි .




Image result for  medical tablets



පන්සල්වල  භික්ෂුන්  පමණක් නොව වනගත ආරාම වල වසන  භික්ෂුන්ද  සිංහල බවුද්ධයන් වඳ කිරීම සඳහා උපරිම  පරිදි කටයුතු කරති. එය කරන්නේ මෙසේය .


ඔබ  පන්සලේ භික්ෂුන්ට දානයක් දුන් විටද ආධාර  මුදලක් දුන් විටද , ඇඳක් ,පුටුවක් , රුපවාහිනියක් , පරිගණකයක්, පමණක් නොව අව්මගුලකට  පැමිණි විට රු. 500  සාළුවක්  පුජා  කළ විටද  භික්ෂුන් තම දේශනාව අවසන් කරන්නේ මේ  පුණ්‍ය  ක්‍රමයේ මහිමයෙන්  නිවන් සැප  ලැබේවා  කියමිනි . එසේ නොකියන භික්ෂුවක්  සිටිනම් ඕනෑම දඬුවමක් විඳීමට  මා සුදානම්ය .


නිවන යනු කුමක්ද?  යලි නොයිපදීමය . මෙසේ සියලුම සිංහල බවුද්ධයන්  නිවන් ගිය විට ඉතිරිවන්නේ  කවුද ? මිත්‍යා දෘෂ්ටිකයන් පමණි . බුද්ධාගම  ලංකාවේ  ඉන් සදාකාලිකවම අවසන් වන්නේය. බවුද්ධයන් සියල්ලෝම  හැඳි ගෑවී යන්නේය . අවසාන සිංහල බවුද්ධයාද සදාකාලිකවම තොලොංචි වී  යන්නේය . ඉන්පසු සිංහලයන්ට තිබෙන  මේ එකම රට  තම්බින් සහ  කොටි විසින් අල්ලාගනු නිසැකය . ශ්‍රී මහා බෝධිය  මුලින්ම කපා දමා  පොල් සිටුවනු ඇත  . රුවන් වැලි මහා සෑය ට  කාල තුවක්කු වලින් වෙඩි  තබා කුඩේ කුඩු කරනු ඇත. අටමස්ථාන සොලොස්මස්ඨාන ආගිය අතක් සොයා  ගැනීමට නොහැකි වනු ඇත .සිරිපාදය තම්බින් විසින් අල්ලා   ගනු ඇත .බුදුන් වැඩි නාගද්වීපය දෙමළුන් විසින් අල්ලාගෙන  කෝවිලක් බවට  පත් කරනු ඇත . ශ්‍රී දළදාව මහවැලි ගඟේ  කිමුලන්ට කෑමට විසි  කරනු ඇත .


මෙය මහාම මහා  බරපතල  තත්වයකි . සියලුම  සිංහල බවුද්ධයන් සතියක් හමාරක්  යනතෙක් දිවා රෑ  කල්පනා  කළ යුතු කාරණාවකි 


සිංහල  බවුද්ධයන් නැත්තටම  නැති කිරීම සඳහා පන්සල්වල  සහ ආරාමවල  භික්ෂුන් විසින් දියත්  ඇති එම කුමන්ත්‍රණය වටහා  ගෙන ඇති සිතමු.  මින්  පසු නිවන් සැප  ප්‍රර්ථනා   නොකරන  ලෙස  සියලුම   සිංහල  බවුද්ධ    පින්වතුන් ගෙන් සහ  පින්වතියන්ගෙන් ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටිමු. 


ඔබ සැමට තෙරුවන් සරණයි .


ඔබට නිවන් සැප නොලැබේවා.


ප.ලි.  නිවන් සැප  පාර්ථනා  කිරීමෙන් වලකින අතර අවම වශයෙන් සිංහල බවුද්ධ  දු දරුවන්  දහ දෙනෙකුවත්  බිහි කිරීම සඳහා නොපසුබස්නා අධිෂ්ටානයෙන් කටයුතු කරන  ලෙස සියලුම සිංහල බවුද්ධ දෙමාපියන්ගෙන්  ඉල්ලා සිටිමු  

මීට  

බර්ටි රණවීරගේ  

Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා