Skip to main content

අහසේ ගිය ආණ්ඩුව බිමට කඩ වැටීම



Image result for maithri disappointed




        මැතිවරණ  ප්‍රතිඵලය සියල්ලන්ම විශ්මයට  පත් කර තිබේ. ආණ්ඩු විරෝධය මෙපමණ පැහවා උඩුදුවා   ඇතැයි කිසිවෙකු සිතුවේ නැත . රාජපක්ෂලවත් මෙවැනි ප්‍රතිඵලයක් අපේක්ෂා  නොකලාට සැකයක් නැත.. 


         රවී කරුණානායක  තබා  ගත හොත් එක්සත් ජාතික පක්ෂයේ චන්ද   අඩු වෙන බවත්  ඔහු එජාපයෙන් නෙරපා  හැරියහොත් එය වලක්වා  ගත හැකි බවත්  මැතිවරණයට සති දෙකකට පෙර මුහුණු පොතේ  පොස්ටුවක් පළකරමින්  කීවෙමි .එමෙන්ම මැතිවරණයේදී  මහින්ද දුර්වල කිරීමට  නම් මෛත්‍රිගේ ශ්‍රීලනිපය ශක්තිමත්  කළ යුතු බවද කීවෙමි . එහෙත් රවී  ඉවත් කිරීමට   රනිල්ට    හය්යක්  තිබුනේ  නැත. ඒ වෙනුවට  ඔහු දිගින් දිගටම කිවේ  බැඳුම්කර  හොරකමට  එක්සත් ජාතික සම්බන්ධ  බව කොමිසම කියා  නැති බව   කියමින් මහජනයා රැවටීමට උත්සහ කිරීමය .



Image result for maithri disappointed


පොහොට්ටුව  පනගසා ඒමේ වගකීම රනිල් ඇතුළු ඉහල  නායකත්වය  භාරගත  යුතුය .මා  එසේ  කියන්නේ හේතු ඇතිවය .


අගමැති කම  භාරගත් දින සිට රනිල් ගේ  උපාය මාර්ගය වුයේ ශ්‍රීලනිපය දෙකට කැඩීයාම තව තව අවුළුවා තැබීමට  අවශ්‍ය වටපිටාව හදමින් ඊට පෙට්‍රල්  හැලිමය   .එක්සත් ජාතික  පක්ෂයට 2025 දක්වා  බලයේ සිටීමට  හැක්කේ එමගින් පමණක් බව රනිල් සහ සමාගම නිගමනය  කළාට සැකයක් නැත. එබැවින් මහින්ද  කොම්පැනියේ හොරුන්ට දඬුවම් කිරීම ඔහු අමතක  කර දැම්මේය. ශ්‍රීලනිප බෙදීම දිගින් දිගටම  තබාගත  හැක්කේ මහින්ද සමාගමේ අය හිරගෙවල්වල නොව දේශපාලන භුමියේ  සිටිය හොත්ය .රනිල් මහින්ද සමග ඩීල් දමන  බව  ඇතැමෙකු කිවත්  බොහෝ අය එය විශ්වාස  කලේ නැත .මහින්දලා  යහතින් සිටින්නේ විජේදාස රාජපක්ෂගේ  යටිකුට්ටු වැඩ  නිසා  බව දෙවෙනි පෙළේ යුඑන්පි  කාරයන්ගේ විශ්වාසය විය . රනිල් නිසා   අන්තිමට   බෙල්ල දෙන්නට සිදුවුයේ  විජේදාස  රාජපක්ෂටය .


රනිල්ගේ සුත්තරය  සාර්ථකවී  ශ්‍රීලනිපය  දෙකට  බෙදුනේ නැති බව  පලාත්පාලන චන්ද  ප්‍රතිඵල  තහවුරු කළේය. ශ්‍රීලනිපයෙන් 86 % ක් මහින්ද සමග  හිටගත් අතර මෛත්‍රීට ඉතුරු වුයේ14% ය .  ශ්‍රීලනිපය බෙදන්නට  ගිය රනිල්ට දැන් සිදුවී  තිබෙන්නේ  ඔහුට එරෙහිව එජාපය තුළ  හමන කුණාටුවට මුහුණ දීමටය. .කුණාටුව  පාලනය  කිරීම සඳහා තනි එක්සත් ජාතික ආණ්ඩුව ක් පිහිටුවීම  ඔහු ගේ  උපක්‍රමය වී  තිබෙන  බව  පෙනේ .


එක්සත් ජාතික  පක්ෂයට මේ වලෙන් ගොඩ ඒමට   යුතු පලමු  කටයුත්ත  නම් රනිල් , මලික් කබීර් හෂීම් රවී කරුණානායක සහ අර්ජුන් අලෝසියස්ගේ බේරාගැනීමට දර දිය ඇද්ද හොර අලින් ගෙදර යැවීමය. එසේ  කර මහජන විශ්වාසය  දිනා  ගැනීමය .දෙවන කාර්යය වන්නේ  ජනවාරි 8 පොරොන්දු වහාම  ඉටුකිරීමට  කල හැකි සියල්ල  කිරීමය .


එක්සත් ජාතික  පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවා   UNPට ගොඩ එන්නට  පුළුවන් යැයි සිතන්නට  කාරණා  නම් මට පෙනෙන්නේ නැත . තනි ආණ්ඩුව  හදන්නේ නම්  රවී  කරුනානයකලා  තබාගැනීමට සිදුවේ. . රවී සිටින ආණ්ඩුවක් කෙරෙහි මහජනයාට විශ්වාසයක් ඇතිවෙන්නේ නැත .අනෙත් අතට  ශ්‍රීරීලනිපයේ සහයෝගය  තිබියදී  නොකළ වැඩ තනි UNP  ආණ්ඩුවකට  කළ  හැකිද?



මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා  සහ  ඔහුගේ ශ්‍රීලනිපය මුහුණ දී  තිබෙන  ප්‍රශ්නය එක්සත් ජාතික  පක්ෂයට වඩා බරපතලය .එක්සත් ජාතික  පක්ෂයේ  පැවැත්මට  අනතුරක් නැතත්  මෛත්රිගේ ශ්‍රීලනිපයේ  පැවැත්ම බලවත් අනතුරකට  පත්ව තිබේ. එක්සත් ජාතික  පක්ෂය සමග තව දුරටත් ආණ්ඩු කිරීමෙන් සිදුවන්නේ මීළඟ මහා මැතිවරණයේදී ඔවුන් දේශපාලන  භුමියෙන් විසිවී යාම  බව ඔවුන් දැන් වටහා  ගෙන තිබේ. .එබැවින් ආණ්ඩුවෙන් ඉවත් වීම  හැර වෙනත් විකල්පයක්මේ මොහොතේ  ඔවුන්ට  නොමැත . එපමණකින්ම ඔවුන්ට  වැටුණු  ප්‍රපාතයෙන්  ගොඩ ඒමට  නොහැක  . ජනාධිපතිවරයාගේ  නිල කාලයද  ලබන වසර අවසානයේදී අවසන් වේ . එබැවින්  රාජපක්ෂලාට  යටනොවී ශ්‍රීලනිපය  ගොඩ  ගැනීම අන්තිම අසීරු  මට්ටමට වැටි තිබේ.  රනිල් වැටුනේ වලකටය .මෛත්‍රී  වැටී සිටින්නේ දැවැන්ත ප්‍රපාතයකටය  .


එහෙත් ඔහු වැටී  තිබෙන්නේ ගොඩ ඒමට නොහැකි ප්‍රපාතයකට  නොවේ. 


Image result for maithri disappointed


මැතිවරණයෙන් පසු ගොඩනගන  බව   කී  දුෂණ විරෝධී පෙරමුණ  යථාර්තයක්  කරමින්  සිවිල්  සංවිධාන වල සහ  වාම  මත දරන සංවිධානවල සහය  එයට ලබා  ගනිමින්  රාජපක්ෂ විරෝධී වැඩ  පිළිවෙලකට මෛත්‍රී අවතීර්ණ වේද ? නැතහොත් ශ්‍රීලනිපය රාජපක්ෂට භාරදී  ලබන වසර අගදී ඔහු ගෙදර  යන්නට  සුදානම් වේද  ? යන්න  ඉදිරි  මාස  කීපය  තුළ අපට දැක  ගත  හැකිවෙනු ඇත  


Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...