Skip to main content

ලන්ඩන් බෙලි කැපිල්ල










Related image

     

බ්‍රිගේඩියර්ගේ  බෙලි කැපීමේ අභිරුප  රංගනය නිසා  ප්‍රීති ප්‍රමෝදයට  පත් අය ඔහුගේ වැඩ තහනමට එරෙහිව  කඩු  කිනිසි අතට  ගත්තෝය . චන්ද හිඟයෙන් පෙලෙන ජනාධිපතිවරයාද වහා  කඩුව  ගෙන  විදේශ ඇමති  මාරපනට  කඩු  පාරක් ඇන බ්‍රිගේඩියර්ට  යලි ජොබ් එක දී  චන්ද  ටිකක් එකතු කර  ගත්තේය.  කොටි ඩයස්පෝරාවට ඩොලර්  ලක්ෂ  ගණනක්  වියදම් කොට  ලබා  ගැනීමටවත්  නොහැකි   හමුදාවට එරෙහි ප්‍රචාරයක්  බ්‍රිගේඩියර්ගේ අභිරුපන රංගනය  නොමිලයේම ලබා දුන්නේය .


ආණ්ඩුවක් බ්‍රිගේඩියර් වරයෙකු  තානාපති කාර්යාලයකට  පත් කරන්නේ  අභිරුපන  රංගන  කරන්නට  නොව ලංකාණ්ඩුව එම තානාපති කාර්යාලය  පිහිටි රට සමග  කරන ආයුධ මිලදීගැනීම ආදී  මිලිටරි  කටයුතුවලදී  වැදගත්  වැඩ  කොටසක්  ඉටු කරවා  ගැනීමටය .එහෙත්  තමන්ට  පැවරී තිබෙන වැදගත්  කාර්යය අමතක  කොට 2.50 වැඩ  කරන්නට  යාම කණගාටු දායකය  . 2.50 වැඩ  කරගන්නට  නම්  යැවිය යුත්තේ  බ්‍රිගේඩියර් වරයෙකු නොව  ඌවේ  මහා ඇමතියා වැනි ගොබ්බයන්ය  .


  බෙල්ල  කපා  මිනිසුන් මරණ  හැටි   යුද්ධයට  යන සියල්ලන්ටම  වාගේ පුහුණු කර  තිබෙනවාට සැකයක් නැත . එය  හමුදාවද කොටි සංවිධානයද  කියා වෙනසක්  නැත. ඒ  පිළිබඳව  මා අසා  ඇති කාරණා  කීපයක්  මෙසේය .


කොටි සංවිධානය කටුනායක  ගුවන් තොටුපොළට  පහර දීම සඳහා කළ මෙහෙයුමෙදී  ඔවුන් එය දියත් කළේ  කටුනායක  ගුවන්  හමුදා  කඳවුරේ  කොටසක් අල්ලාගෙන එහි සිටය. රහසිගතව  ගුවන් හමුදා  කඳවුරට ඇතුළුවූ  කොටි  පමුවෙන්ම  කළේ  මුරට සිටි ගුවන් භටයකුගේ  බෙල්ල  කපා මරා දැමීමය .


2000  වසරේ කුප්‍රකට  මිරුසුවිල්  ඝාතනය හෙවත් අවුරුදු  5 ළමයෙකු ඇතුළු  සිවිල් වැසියන් 8 දෙනෙකු මරා  දමා තිබුනේද  බෙලි කපා ය එය හෙළි වුයේ  හමුදා  කණ්ඩායමක් විසින් අල්ලගෙන මරාදැමීමට  යාමේදී එක අයකු  පැනගොස් ඩග්ලස් දේවානන්ද ඇමතිවරයාට  පැමිණිලි කිරීමෙන් අනතුරව රතු කුරුසය  මැදිහත්වීම නිසාය .අවුරුදු 13  ක් තිස්සේ  නඩු අසා හමුදාවේ මාණ්ඩලික සාජන්ට් වරයෙකු වූ සුනිල් රත්නායකට  මරණ දඬුවම  නියම  කරනු ලැබීය .චෝදනා  ලැබූ අනෙකුත්  හමුදා  භටයන් නිදහස්  කරනු ලැබීය .


Image result for killing of jaffna civilians by army sergeant sunil


බෙලි  කපා මර දැමීම  පළමුවරට  මා ඇසුවේ 1988-89 සමයේය  අල්ලාගත්  ජවිපෙ  තරුණයන්ගේ  බෙලි කපා  මරා දමා  ගංගාවලට  විසි කර දැමුණු  බව මිනිසුන් කිහ .ඒ සඳහා  විශේෂ  පකිස්තාන් පිහිවර්ගයක්  හමුදාව සතුව  තිබු බවට  ප්‍රචාරය  විය . යාන්ත්‍රික  පකිස්තාන් පිහි බෙල්ල අසලට  තබා  බොත්තමක් එබූ විට  බෙල්ල  හනික  කැපී වෙන් වන බව ඇතැමෙකු කිහ .


ISIS සංවිධානය  බෙලි කැපුවේද යාන්ත්‍රික  පිහිවලිනි 


 W3 Lanka බ්ලොගය  ලියන  අජිත් පැරකුම් 87-89 සමයේ  ජවිපෙ  ක්‍රියාකාරිකයෙකු වූ අතර  හමුදාව විසින් ඔහු වසර දෙකකට වඩා  කාලයක්  හමුදා  හිර  කඳවුරු දෙක තුනක  රඳවා  ගෙන සිටියේය . දිනක්  හමුදා  භටයෙකු කඳවුරේ සිටි ජවිපෙ  සැකකරුවෙකුගේ  බෙල්ල  කපා  වැටෙන් එපිටට  විසි කොට එය  ආපහු රැගෙන එන  ලෙස  ඔහුට  නියෝග  කල  බව අජිත් තම  බ්ලොගයේ  ලිවූ ලිපියක  සඳහන්  කර  තිබුනේය. 



Image result for isis knife

Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...