Skip to main content

ශ්‍රී ලංකා - යුඑන්පි හුටස්පරයේ කෙළවර කුමක්ද?



Image result for Ranil in temple Trees
     

 


                   මහින්ද  රාජපක්ෂ  මහතා  මේ  මොහොතේ  බොර  දියේ  මාළු  අල්ලන්නට  උපරිම  උත්සාහය දරමින් සිටි. නිමල් සිරිපාල  මහතා අගමැති  කිරීමට දරන උත්සාහයට  ඔහු පෝර දමමින් සිටින්නේ  ඒ  නිසාය . සිරිපාල අගමැති වුවහොත්  ඉන්පසු  වැඩි කල් නොගොස්  මහා   මැතිවරණයකින්  ආණ්ඩුව  තමන් අතට  ගැනීම  ඔහුගේ සැලැස්ම  බවට  කිසිදු සැකයක් නැත.


ඒකාබද්ධ විපක්ෂයේ අය  සිරිපාල යටතේ ඇමති කම්  ගන්නට සුදානම්  නැත්තේ  නිකම් නොවේ. ඇමතිකම් අරගෙන වැඩි කලක් යාමට  පෙර  ඔවුන්ද  මහජන  අප්‍රසාදයට  ලක්වන  බව  ඔවුන් දන්නා නිසාය . ඔවුන් ඇමති  කම් රැගෙන  රට  කරන්නට  සිදුවෙන්නෙත්  එක්සත් ජාතික  පක්ෂය  රට  කරවපු ආකාරයටමය .ගත් ණය ගෙවන්නට තිබුණු සබ්බ  සකලමනාවම  දී  ඇති බැවින්  ආණ්ඩුවේ  භාණ්ඩාගාරය  පතුලටම  හිඳී  තිබේ . එබැවින්  එදිනෙදා  වියදම් හොයා  ගැන්ම සඳහා  තෙල් මිල  පවා  වැඩි කරන්නට  ඔවුන්ට සිදුවීමට  ඉඩ  තිබෙන  බව ඒකාබද්ධ විපක්ෂයේ අය දනිති. . එසේ වුවහොත්  පොහොට්ටුවට  ලැබුණු   45% ,   ඊ ළඟ   මහා  මැතිවරණය  එන විට  සියයට  හතලිහ  දක්වා හෝ ඊටත් වඩා  අඩුවෙන්නට  ඉඩ  තිබෙන  බව රාජපක්ෂලා දනිති.රාජපක්ෂලාගේ  ඉලක්කය  පොල්ල රැකගෙන    නයා  මරන්නටය .







මෛත්‍රිපාල   සිරිසේන මහතා රාජපක්ෂලාගේ සටකපට  කම්  වටහා  ගැනීමට  නොහැකි මෝඩයෙක් නොවේ. නිමල් සිරිපාලට සහයෝගය දෙන්නේ  නම් ඒකාබද්ධ  විපක්ෂය ඇමති කම්  භාරගත යුතු බව  ඔහු  ඒකාබද්ධ විපක්ෂයේ  නායකයන්ට  කිවේ  ඒ  නිසාය .ඒකාබද්ධ විපක්ෂය ඇමතිකම්  භාරගැනීමට සුදානම් නැත්තම් නිමල් සිරිපාල අගමැති කරන්නට  ජනාධිපතිවරයා  සහය දෙන්නට සුදානම් නොමැති බව  පෙනේ. .



Image result for nimal siripala de silva

ජනාධිපතිවරයා  ප්‍රමුඛ ශ්‍රීලනිපය දැන් පත්ව ඇත්තේ  බරපතල අමාරුවකය .  හිටි හැටියේම ශ්‍රීලනිපය දැවැන්ත  ප්‍රපාතයකට  කඩ වැටීම  නිසා  පක්ෂය  ගොඩ ගැනීමට දහ  අතේ නොව සිය අතේ   කල්පනා  කරන්නට  ඔහුට  සිදුවී  තිබේ. ශ්‍රී ලංකා  නිදහස්  පක්ෂයේ ගමනක් අවසානය  ඔහුගේ පාලන කාලයේ අවසානයත්  සමග සිදුවීම වැලැක්වීම  ඔහු මත වැටී  තිබෙන  බරපතලම අභියෝගයයි .  එය නවත්වාගැනීමට  නම්  මී  ළඟ ජනාධිපතිවරණයේදීද  ඔහු ජයගත  යුතු වෙයි. එබැවින්  මෛත්‍රිපාල  මහතා  ඒ අරමුණෙන් සිය උපාය  උපක්‍රම සකසා  ගන්නවාට සැකයක් නැත .



Image result for SLFP head office



රනිල් වික්‍රමසිංහ  මහතා  මිනිසුන් දිනාගැනීමට දක්ෂයෙකු නොවුනත් බලය  තමන් අත  රඳවා  ගැනීමට දක්ෂයෙකි . විපක්ෂයේ සිටියදී එක්සත් ජාතික  පක්ෂයේ  නායකත්වයෙන් ඔහු  පන්නා  දමන්නට සජිත්  ප්‍රමුඛ  කණ්ඩායමක් කුමන දහම් ගැට  ගැසුවත්  පුළුවන් වුයේ   නැත . ඔහු අගමැති කමින් එලවා දමන්නට  කවුරු කුමන සුත්තර සහ  කුමන්ත්‍රණ  කළත් ඔහු අගමැති පුටුව අත්නොහරින්නට අධිෂ්ටාන  කරගෙන සිටි.

ජාතික ආණ්ඩුවෙන් එක පක්ෂයක් ඉවත්වූ  කළ  ඇමතිමන්ඩලය විසුරුණු බැවින්  අගමැතිවරයා  තව දුරටත් බලයේ සිටිය  නොහැකි බව  ගමන්පිල මහතා  තර්කයක් ඉදිරිපත්  කළත් එවැන්නක් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ  නැත . නීතිඥයෙකු වන   රනිල් වික්‍රමසිංහ  මහතා එය  හොඳින් වටහා  ගෙන  තිබේ. එවැනි පසු බිමක් යටතේ අගමැතිවරයා අස්  කරන්නට  ජනාධිපතිවරයාට  බලයක් නොමැත .


රනිල් අගමැති පුටුවෙන් තල්ලු කරන්නට  හැකි එකම ක්‍රමය  අගමැති වරයාට විරුද්ධව පාර්ලිමේන්තුවට  ගෙන එන විශ්වාස  භංග  යෝජනාවක් වැඩි චන්දයෙන් සම්මත  කිරීමෙනි. එවැනි හැකියාවක් තිබේනම් හෙට අනිද්දාම  ඔහුට එරෙහිව  විශ්වාස  භංග යෝජනවක් ගෙන ඒමට  ඒකාබද්ධ විපක්ෂය  කටයුතු කරනු නිසැකය.


රනිල් අරලියගහ  මන්දිරයෙන්  පිටව  යාමට සුදානම් නැත්තේ  විශ්වාස  භංග  යෝජනාවකින් ඔහුට  ජයගන්නට හැකි බවට විශ්වාසයක් ඔහුට  තිබෙන  නිසා විය  හැක   රනිල් ගෙදර  යැවීමට  නම් රනිල් විරෝධී  මන්ත්‍රීවරුන් 18 දෙනෙකුගේ සහය විපක්ෂය  ලබා  ගත  යුතුය . 


එය පහසු දෙයක් නොවේ.





Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...