Skip to main content

Posts

නව ව්‍යවස්ථාව රට බෙදන උගුලක්ද?

ගොබෙල්ස්   වීරවංස ගහන  පදයට  මහින්ද  නටනවාද නැතහොත්  මහින්ද  ගහන  පදයට ගොබෙල්ස්  වීරවංස  නටනවාද  කියා තවම  පැහැදිලි  නැත. කෙසේ  වෙතත්  බලය  නොමැති වීම  නිසා බලවත්  හිතේ    අමාරුවෙන්  සිටින  ඔවුන්     හදන්නට   යන නව ව්‍යවස්ථාව  පිළිබඳව මිනිසුන් ගොනුන්ට ඇන්දවීම  සඳහා  මහා බේගල් ව්‍යාපෘතියක් දියත්  කර  තිබේ. ලියාගෙන යන  ව්‍යවස්ථාවෙන්  රට  කෑලි කෑලි  වලට කැඩී  යන  බව කියන්නට  පලමුමෙන් දෙසන්නට   පටන් ගත්තේ වීරවංසය ඊට  ටික  දිනකට  පසුව  මහින්ද ද  එම  බේගලයම  පතුරුවන්නට  පටන් ගත් අතර  ඔවුන්ගේ  ගෝලයන්ද  ගිරව් මෙන් එයම   කියන්නට  පටන් ගෙන  තිබේ. . නිල කොළ රතු දේශපාලකයන් මෙන්ම අන්තවාදී  ශ්‍රමණ  මුන්ඩකයෝද  1956 සිට ලංකාව  වල  පල්ලට  ඇද්දෝය. බණ්ඩාරනායක විසින් සිංහල රාජ්‍ය  භාෂාව කිරීම  නිසා...

විජේවීරට අභියෝග කළ මස්සිනා

රෝහණ විජේවීර  මහතා , සිරිමා +එන්.එම්+පීටර් කේනමන් ආණ්ඩුවෙ  පැවැත්මට  1971 දී අභියෝග කිරීම නඩු අසා හිරේට  යැවූ  පසු ඔහු  නිදහස්  කර  ගැනීම සඳහා උද්ඝෝෂණය  කළ සංවිධාන  අතර  ලංකා  ගුරු  සංගමයද විය. එහි  නායකයෙකු වූ එච්. එන්. ප්‍රනාන්දුද ජවිපෙ  හා සම්බන්ධව  සිටීම  හේතු  කොට  ගෙන  සිරගත  කළ අතර ඔප්පු  කළ  හැකි  චෝදනාවක්  නොවුයෙන් 1973 දී  නිදහස්  කරනු  ලැබීය. ඔහු  සංගමයේ   සභාපති  තනතුරට  තෝරා   පත් කරගනු  ලැබුයේ ඔහු  හිරගෙදර සිටියදීය. 1972-77 සමයේ  හොර  රහසේ  ක්‍රියාත්මක වූ  ජවිපෙ  තම  කටයුතු සඳහා  යොදාගත් කොළඹ මධ්‍යස්ථානය  වුයේ  ලංකා  ගුරු සංගමයේ ප්‍රධාන  කාර්යාලය යි. එවක එය  පැවතුනේ කොල්ලුපිටියේ ෆේවරිට් ගොඩනැගිල්ලේය. රෝහණ විජේවීර 1977 දී  නිදහස්  කරනු  ලැබීමෙන්  පසු පැවැත්වූ පළමු  ජවිපෙ  රැළියේදී   තම ...

මෛත්‍රී +රනිල්+ මහින්ද එකගෙයි කෑම

කලකට  පෙර  උඩරට  නිලමෙලා , මැණිකෙලා , බණ්ඩාරලා එක ගෙයි  කෑහ. අනාදිමත්  කාලයක  සිට  මෑතක් වන  තුරුම පැවති මේ සිරිතට අනුව පවුලක  සිටින සියලු සහෝදරයන්  වෙනුවෙන්  කැන්දාගෙන ආවේ  එකම අඹුවකි.  එක්  සහෝදරයෙකු ඇයගේ සයනය  කොතරම්  සුව  පහසුදැයි  පරීක්ෂා කර   බැලීමට යන්නේ  ඔහුගේ අමුඩ ලේන්සුව ඇගේ  කුටියේ දොරෙහි එල්ලා  බව  කියති . එම සංඥාව දකින අනිත් සහෝදරයෝ  තමන්ගේ වැඩක්  බලාගන්නවා  මිස ඒ අහලකටවත්  යන්නේ  නැත. ඔවුන් එහි  ඇතුළුවන්නේ අමුද  ලේන්සුවක්  නැති වෙලාවක්  බලාය. උඩරට  ඇත්තෝ එම  සිරිත   පවත්වාගෙන ආවේ පවුලේ දේපොළ බෙදී  යාම අඩුකරගන්නටය. මේ  සිරිත  තවමත් ඇතැම් උඩරට  නෝනා  මහත්වරු අනුගමනය  කරන්නේ  දැයි දැනගන්නට  නැත. එසේයැයි වාර්තා  තිබෙතොත්  දන්නා  පාඨකයෝ කොමෙන්ටු ලෙස  ලියත්වා . මෙය සවුත්තු සිරිතක්  ලෙස  ඇතැමෙකුට  පෙනී...

රෝහණ විජේවීර බුද්ධිමතෙක්ද

 රෝහණ විජේවීර මහතා  ඝාතනය  කොට අදට අවුරුදු 27ක්  පිරේ. ඔහු  පිළිබඳව ලියවී  ඇති ග්‍රන්ථ සංඛ්‍යාව  සිය  ගණනක්  බවට  සැකයක්  නැත. ඔහු  පිළිබඳව  ලියවී  ඇති  ලිපි සංඛ්‍යාව  දස  දහස්  ගණනක්  බවටද  කිසිදු  සැකයක්  නැත. ලංකා දේශපාලන වේදිකාවේ  රඟ  පෑ දේශපාලකයන්  අතරින්  වැඩිම සාකච්චාවට  භාජනය වූ පුද්ගලයන් අතර  රෝහණ  විජේවීර ද එක්  අයෙකු  බවට  සැකයක්  නැත. රෝහණ  විජේවීර  සුවිශේෂ  පුද්ගයෙකු  බව  අමුතුවෙන්  කිව  යුතු  නැත.  ජවිපෙ  සිටි  හොඳම  සංවිධායකයා  මෙන්ම හොඳම  කථිකයාද වුයේ    ඔහුය. බොහෝ  දේශපාලන  පක්ෂවල නායකයනට  එම දක්ෂතා   දෙකම  පිහිටා  තිබුනේ  නැත. පොත  පත  වෙනුවට   යුක්තිය  වෙනුවෙන් තුවක්කුව  අතට  ගැනීමට කුමන හෝ  පීඩනයකට පත්ව  සිටි  බොහෝ  තරුණයන් සුද...

දොස්තර සංගමයට ස්කෝතුයි.

    දවස්  දහයක් දොළහක් තිස්සේ  GMOA හෙවත් දොස්තර  සංගමයේ  ලොකු මහත්තරු  අම්ම  මුත්තා  කාලේ වත්  නොකාපු හොඳ පරිප්පුවක් කමින් සිටින  නිසා  බඩ  සෑහෙන්න අප්සැට් එකේ සිටින බැවින්   ඔවුන්ට  ඉස්කොතුවක් දී  ගොඩ වෙදකමක්   කරන්නටයි   මා  කල්පනා  කළේ. මා එසේ  ඉස්කෝතුවක් දෙන්නේ  වෙන  කිසිවක්  නිසා  නොව   පාසල්වලට  ළමුන් ඇතුලත්  කිරීම  පිළිබඳව ලොකු  මොළ, පුංචි  මොළ, බුරු මොළ  සහ  කුණු  මොළ  තියන කාගේත් ඔලු  කට්ට  අස්සට   හිතන්න  උගන්වන   සංවාදයක්   GMOA   ලොකු මහත්තුරු ඇති  කළ නිසයි.     අධ්‍යාපනය ගැන  කැක්කුමක් තියෙන අපි වගේ අයගේ  ලේ  කෝප කරන සිද්ධියක්  තෙවරප්පෙරුම  මන්ත්‍රීවරයා මීට  මාස  කීපයකට   පෙර   ඇති  කළා. තෙවරප්පෙරුම උන්නැහැ උපවාසයක්  හා දිවි නසා  ගැනීමේ විගඩමක්  රඟ  ප...

පාද යාත්‍රාවෙන් පසු මහින්දගේ සහ රනිල්ගේ පස්ස

    පාද  යාත්‍රාව අවසන්ය.  සංවිධායකයනට අනුව එය අති සාර්ථකය.  පාද  යාත්‍රාවේ  ප්‍රධාන සංවිධායක  මහින්දානන්ද අලුත්ගමගෙට  අනුව  සහභාගී වූ සංඛ්‍යාව ලක්ෂ  විස්සකි. ගීතා කුමාරසිංහට අනුව කෝටි දෙකකි. එහෙත් ඩිලාන්  පෙරේරාට සහ මහින්ද අමරවීරට   අනුව  50 දහසකට අඩුය. පාද  යාත්‍රා  සංවිධායකයන්  මුලින්  කියා  සිටියේ  ලක්ෂ  දහයක් සමග  කොළඹට  පැමිණ ආණ්ඩුව  පෙරලන  බවය.  නායකත්වය  ගත්තේ බැසිල්  රාජපක්ෂය. එය සාර්ථක  කර  ගැනීම  සඳහා ඉහල මට්ටමේ  සාකච්චා දුසිම්  ගණනක්ද ප්‍රාදේශීය  මටටමේ  පාක්ෂික සාකච්චා සිය  ගණනක්ද  පවත්වනු ලැබිණ.. එහෙත් බැසිල්ට පළමුවෙන් රිමාන්ඩ් හිර  ගෙදරටත් දොස්තර  මහත්තුරුන්ගේ  උදව්වෙන්  දෙවනුව මහා රෝහලේ  ගෙවන වාට්ටුවටත්  යාමට සිදුවීම  නිසා එය සංවිධානය කිරීමේ වගකීම අන් අයට  පැවරිණ.   එකාබද්ධ විපක්ෂයේ  මුළු  බර  යොදා පා ගමන සංවිධානය...

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  න...