Skip to main content

කලවන් ,කවලන්,කලවන්, කවලන්

 



ඔය රාජපස්සල රතනල ජයසුමනල නානසාරල ගොම්මන්පිලලා මහසොනල ,Dan ල ජාතියේ ගැලවුම් කාරයන් විදිහට නාට්ටිය පෙන්නුවට සුද්ධ සිංහල මිනිස්සු කොහෙවත් නැහැ ඕන කෙනෙක් තමන්ගේ ජාන පරීක්ෂණයක් කරලා බැලුවොත් පෙනේවි ජනවර්ග 30, 40ක් කලවම් බව .


උතුරේ සහ නැගෙනහිර පුරාවිද්‍යා භුමි ගැන උවිඳු කුරුකුලසූරිය පෙරේද ලියපු ලිපියක ලියල තිබුන එක වැදගත් කාරනාවක් තමා අනුරාධපුර රාජධානිය පිරිහිලා වල් වැදිලා යන කාලේ අනුරාධපුරේ හිටපු සිංහලයන්ගෙන් සමහරු උතුරට ගිහින්දෙමල අය සමග මිශ්‍ර වෙන්න ඇති . ඒ වගේම සිංහල ප්‍රදේශවලට සංක්‍රමණය වෙච්ච දෙමල ජාතිකයෝ සිංහල බවට පත් වෙන්න ඇති කියන කාරණාව
 

මුස්ලීම් ජාතිකයෝ ගත්තත් ඒ වගේ තමා ඒ අය අරාබියේ සහ ඉන්දියාවේ සිට ලංකාවට සංක්‍රමණය වෙනකොට මුස්ලිම් කාන්තවන් එක්කගෙන ආවේ නැහැ ඒ අය විවාහ වුනේ එක්කෝ දෙමල අය සමග නැත්තම් සිංහල අය සමග
 


ඔය රට රටවල් වල පදිංචි වෙලා ඉන්න සිංහලයන්ගේ දෙමල අයගේ දු දරුවන් විශාල ප්‍රතිශතයක් මේ වෙනකොට විවාහ වෙලා ඉන්නේ ඒ ඒ රටවල පුරවැසියෝ එක්ක . මේ වෙනකොට ඒ ගොල්ලන්ට දු දරුවොත් ලැබිල. ඉතින් ඒ අය සිංහලද ? නැත්තම් සුද්දෝද ?නැත්තම් කවුද ?


කන්න බොන්න හිඟ මිනිස්සු ජාති ආලයෙන් මත් උනාට සල්ලි බාගේ හොඳට තියෙන මිනිස්සු විවාහය සඳහා ජනවර්ගය හොයන්නේ නැහැ කියල තමා මට නම් පෙන්නේ . වාසු දේව නානායක්කාරගේ දරුවෙක් විවාහ වෙලා ඉන්නේ උතරේ හිටපු මහඇමති ගේ දරුවෙක් කියන එක ප්‍රසිද්ධ කාරණාවක්
 

ඒ වගේම බ්‍රිතාන්‍යයේ රජපවුලේ හැරී කුමාරය විවාහ උනේ ඇමරිකාවේ කළු ජාතික තරුණියක් එක්ක
 

වැඩි දුර යන්න ඕනේ නැහැ ෆේස්බුක් එක අයිති සකර්බර්ග් මහත්තය කසාද බැන්දේ චීන කාන්තවක්



මිශ්‍ර ජනවර්ග විවාහවලින් උපදින දරුවන් වැඩ බුද්ධිමත් කියල පිලිගනිමකුත් තියෙනවා ඒවගේම ඥාති විවාහවලින් උපදින දරුවන් විවධ රෝගභාධවලට ගොදුරු වෙන අවස්ථාද වැඩියි
 

2015 අවුරුද්ද වන විට මිලියන 244ක් මිනිස්සු ජීවත්වුණේ උපන් රටේ නෙවෙයි වෙනත් රටක . හැම රටකම වගේ අන්තර් ජනවර්ග විවාහ එන්න එන්නම වැඩිවෙමින් තියෙන්නේ . 2010 දී කරපු ජනසංගණනය අනුව බ්‍රසීලයේ ජනගහනයෙන් 43%ක් කියල තියෙනවා තමන්ගේ ජාතිය මිශ්‍රයි කියල අහල පහල සිංගප්පුරුවේ 2015 වෙනකොට 21.5%ක් මිශ්‍ර විවාහ .


මීට අදාලව තවත් රටවල් වල උදාහරණ දැක්විය හැකියි ලිපිය දික් වෙන නිසා ඒ ගැන ලියන්නේ නැහැ. 

Comments

Lalith said…
ලංකාවේ මිනිස්සු හිතන්නේ අපි බිහිඋනේ සිංහයෙක් ගෙන් කියලනේ....හරිම ලොල් සහගතයි...
Anonymous said…
ජැගට් පැටිරන කියන්නෙ සුද්ද සින්හලයෙක්

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...