Skip to main content

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගෙන මංකොල්ල කෑ සිංහලයෝ

 


   උඩරට අවසන් රජුවූ ශ්‍රී  වික්‍රම රාජසිංහ රජතුමා  1815 පෙබරවාරි 18 වෙනි දින අල්ලා ගන්නා  ලදී  . එසේ අල්ලගන්න ලද්දේ රජුට සේවැය කර තිබු නිලධාරින් විසිනි  පහත දැක්වෙන්නේ  රජු අල්ලාගැනීම සම්බන්ධයෙන්  සුදු පාලකයන් විසින්  පත්කොට තිබු  නිලධාරියෙකු විසින් තැබූ සටහනකි 


වෙනත් තැනක පලකොට තිබු පහත සටහන උපුටා පහත පලකරමි 


සිංහලේ අවසන් පාලකයා වූ ශ්රී වික්රම රාජසිංහ රජු අල්ලාගැනීම සඳහා 1815 පිටත් වූ කණ්ඩායම සමඟ ගිය භාෂා පරිවර්තයෙකු වූ ඩී. වී. ඒ. දියෙස් (D. V. A. Dias) හෙවත් තුප්පැහි මුලාදෑනියා විසින් තබන ලද සටහනක්, නිට්ටඹුවේ නම්බාදළුව විහාරයේ වැඩ විසූ වරකාපොළ රතනසාර ස්ථවිරයන් විසින් 1955 වසරේ ඔක්තෝම්බර් මාසයේ ‘ශ්රී ලංකා’ සඟරාවට යොමු කර තිබුණි. එය හුදී ජන සංවේග පිණිස මෙහි ලා දක්වමි.


“1815 මැද මහනුවර අන්තිම සිංහල රජු සැඟවුණු තැනින් අල්ලාගෙන ඊම පිණිස ගිය මහ පිරිසේ තුප්පහි නිලය දැරූ මම, එක්නැලිගොඩ මොහොට්ටාලත් සමඟ වෙලේ ඇවිදින්නට පිටත් වුනාය. ඔහු සමඟ සපරගමුවේ පන්සියයක් පමණ සෙනඟ ද ඉඹුලන්වල ආරච්චි සහ යටිපහුවේ කංකානම ද සමඟ යන විට වයස දහයක දොළහක කොළුගැටයෙක් දුවනවා දැක එලවාගන ආවාම මහත් භයෙන් වැඳගෙන, “දෙවි හාමුදුරුවෝ වැඩ සිටින තැන් මම පෙන්වා දෙඤ්ඤං” කීවාය. එතකොට එක්නැලිගොඩ මොහොට්ටාල මේ කොළුවාගේ තුනටියේ වැල් පොටක් බන්දවා අල්ලාගෙන ඉස්සර කරගෙන අපි සෑම දෙනා ම ගියා ය. ටිකදුරක් ගිය පසු “ඔන්න දෙවි හාමුදුරුවෝ මාළිගාවට ඉහළින් තිබෙන ගහ” යි නුග ගහක් පෙන්නුවා ය. එතනට අපි ළංවුණු විට පියා තිබුණු ගෙයි දොර ළඟ ආරච්චිගෙයි ගෑණු දෙන්නෙක් සිටියා ය. මිදුලේ සැතපෙනගෙයි අප්පුහාමි කෙනෙක් ලංසයක් ගෙන සක්මන් කරමින් සිට “හා... එක්නැළිගොඩ රාළ... කොයි යනවා ද?” ඇසුවාම “අපිත් මෙහාට ආවා තමයි” කී විට සැතපෙනගෙයි අප්පුහාමි අතේ තිබුණ ලංසයෙන් එක්නැළිගොඩට ඉතා ම සැරෙන් ඇන්නා ය. ඒ ඇනුම ඔහුගේ වාසනාවෙන් නොවැදී ලංසේ බිම ඇනී කැබලිවලට කැඩී ගියා ය. එවිට සපරගමුවේ මිනිස්සු ඔහු අතින් අතට ඉහළට ගත්තා දුටුවා මිස ඔහුගේ ශරීරට මක්වුණා ද නොදනිමි. එවිට එක්නැළිගොඩ ගෙයි දොර ළඟට ගොස් රජ්ජුරුවන්ට දොර අරින්ඩ කීවා ය. රජ්ජුරුවෝ දොර නෑර “එක්නැළිගොඩ අපේ නෑයා ද?” ඇසුවා ය. “ඒ මම තමා... දොර අරින්ඩ. යම් යුද්ධ ආයුධ ඇත්නම් එළියට දමන්ඩ” කිවුවා ය. එතකොට සොරොව්වකින් රිදී වැඩ කළ වඩන තුවක්කු තුනක් ද ක්රිස් දෙකක් ද එළියට දැම්මා ය. එහෙත් රන් කඩුව එළියට දමන්ඩ කිව් නමුත් නොදැම්මා ය. එතකොට එක්නැළිගොඩගේ කීම පිට මිදුලේ තිබුණු වංගෙඩි ගෙන දොරට ගැසුවා ම දොර පැලී ගියා ය. ඉන්පසු හබරගමුවේ මිනිස්සු ගෙට වැද කෝලහාල කොට දේවීන් වහන්සේලාගේ ඇඳුම් පැළඳුම් කඩාගෙන රෙදි හතර රියන පිටින් දොරට දැම්මා ය. එවිට දේවීන්නාන්සේලා දෙනම ඒ මේ අත බෙලි කපාපු කුකුළෝ වගේ පෙරලෙමින් සිටින අතර ගෙට නොවැදී කිසිවක් නොකර මගේ මිනිස්සු දෙන්නාත් සමඟ සිටි මම “අම්මයියාර් නීංග පයප්පංඩ වාංඩම් ඉංගාලේ වාංගෝ” කීමි. එවිට ඔවුන් දෙදෙනා “නාංග කාපාත්ති කෝංගෝ” වචනයෙන් මගේ දෙවුරේ එල්ලී ගත්තා ය. විනාඩි කීපයක දී මගේ රෙදි ලේ පෙවී තිබී බලනකොට බිසවුන්නාන්සේලාගේ කුන්ඩලාභරණ කඩා ගනිද්දී කන් ඉරා දමා තිබුණා ය. ඒ ලේවලින් මගේ රෙදි තෙමුණා ය. ඒවායින් වූ තුවාලවලට ඉඹුලන්වල රාළ ලවා බෙහෙත් කොටවා ලේ හිටෙව්වෙමි. රජ්ජුරුවන් වහන්සේ බලාත්කාරයෙන් එළියට දමා “වර තොගේ අප්පාට බාර දෙන්ට”යි පරුෂ වචන එක්නැළිගොඩ කීවා ය. “මා මරන්ඩ ඕනෑනම් මරාපල්ලා, කැමති දෙයක් කරපල්ලා, මට පයින් යන්ඩ බැරිය” යි රජ්ජුරුවෝ කීවා ය. “දෙවිහාමුදුරුවෝ, ස්වාමින්වහන්සේ, දෙමාපියෝ ය කියූ රජ්ජුරුවන් වහන්සේ බැඳ අපහාස වශයෙන් නෙරක්කු කිරීම යුතු නැත” යි කීමි. එතකොට එක්නැළිගොඩ මට බොහො ම තදබලයෙන් “ඔතන කීම ගන්ඩ අපි මෙහෙ ආවා නොවෙ” යි කියා රජ්ජුරුවන් බඳින්ඩ ජෝඩු වුණා ය. මෙසේ රජ්ජුරුවන්ඩ කරන අපහාස වෙහෙස මහත් වික්ෂෝපයෙන් බලා කණගාටුව දරාගන්ඩ බැරුව මගේ කරේ සාලුව ගලවා “මේකෙන් බඳින්ඩ” කියා ඒක දුනිමි. රජ්ජුරුවන් ඇල්ලූ බව ඩොයිලි උන්නාන්සේට ලියා අරින පිණිස කඩදාසි සහ පොත්ලොක්කූර ගන්ඩ උත්සාහ කළ මුත් දේවීන්නාන්සේලා දෙන්නා මගේ උර දෙකේ එල්ලී සිටි නිසා නුපුළුවන්ව යටිපහුවේ කංකානමට කියා මගේ සාක්කුවෙන් අරගෙන ඔහුගේ පිටේ තබා මෙසේ ලීමි. ඒ නම්, “ඩොවිල් උන්නාන්සේ බලාගන්නා පිණිසයි. සිංහලේ රජ්ජුරුවෝ අපට අසුවුණා ය. එක්නැළිගොඩ රජ්ජුරුවන්ඩ බොහෝ නෙරෙක්කු කොට අපහාස වශයෙන් බැඳගෙන එනවා ය. දෝළා ගණනකුත් ගෙන තමුන්නාන්සේ කඩිනමින් මෙහි එන්ඩ ඕනෑ ය. රජ්ජුරුවෝ සහ බිසවුන්නාන්සේලා නිර්වස්ත්රව වාගේ සිටින නිසා රෙදිත් ගේන්ඩ ඕනෑය.” යනු යි. මේ ලියුම බොහො ම ඉක්මනින් යටිපහුවේ කංකානම අත යැවුවා ය. සිංහල පැයක් යන්ට පෙර කර්නල් හාර්ඩි හුක් ඇතුළු භට පිරිසක් පැමිණ බිම එල එලා තල්ලු කරගෙන රජ්ජුරුවෝ ඇදගෙන ගිය සපරගමුවේ මිනිස්සුන්ට කස පහරවල් ගසා එළවා දමා අස්සයන් පිටින් බැස තොප්පි ගලවා රජ්ජුරුවන්ඩ දණ නමස්කාර කොට සැප පහසු විභාග කළා ය.”..








Comments

Lalith said…

Sri lanken local people is the one try to put shame in to king. Foreigners much better then us...
Anonymous said…
Thheoriginsl account published in 186
5 heen contestedted for its veracity.please research Royal Asiatic Society papers 1895to 1897 for a more balanced account of the event

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා