Skip to main content

Posts

Showing posts from 2017

2018 දේශපාලන අනාවැකි

                           ඉකුත් ජනාධිපතිවරණයට සති කීපයක්  තිබියදී Colombo Telegraph පත්තරයට  ලිපියක් ලියමින්  ජනාධිපතිවරණයෙන්  මෛත්‍රි   දිනන බව  මා කිවේ  නැකත් බලා නොවේ.   දේශපාලන  පක්ෂවල  හැසිරීම සහ  ජන විඥානය හැදෑරීමෙනි . මා   මේ ලිපියෙන් 2018 වසරේ දේශපාලන අනාවැකි  කියන්නේද  එලෙසමය .        ගිය අවුරුද්ද අවසන් වීමට  පෙර ආණ්ඩුව  පෙරලීමට  මහින්ද රාජපක්ෂ මහතා අසමත් වීම නිසා  ඔහුගේ  අනුගාමිකයන්  2018 වසරට  පා තබන්නේ අතෘප්තියෙන්  බවට සැකයක් නැත . එබැවින් ඔවුන් තව දුරටත් රඳවා  තබා  ගැනීමට  නම් 2018 අවසන් වීමට  පෙර ආණ්ඩුව  පෙරලන බව කිව යුතුව තිබේ. දැනටමත් ප්‍රසන්න රණතුංග  මහතා ඒ  ගැන ප්‍රකාශයක් කර තිබේ.හොඳින් හෝ නරකෙන් 2018 දී  ආණ්ඩුව  පෙරලන බවකීම  එම ප්‍රකාශයයි . මහින්ද+මෛත්‍රී ආණ්ඩුවක් ? ...

පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන නාමල්ගේ මිතුරිය

                       ඇය  නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද  , කොළඹට චන්දය  ඉල්ලුවද ඇය  ගැන ලිපියක්  ලියන්නට   මේ මොහොත වෙන තුරු  මා සිතා  සිටියේ  නැත. ඊයේ මුහුණු පොතේ  පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු   නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට  පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය  ගැන වැඩි දුර  යමක් ලිවීම අවශ්‍ය  බව  පෙනුණි. එය කොළඹ  චන්ද දායකයනට ඇය ගැන තීරණයක්  ගැනීමට දායක වනු ඇත .  මේ  ආණ්ඩුව  බලයට  පැමිණි පසු  පත් කරනු ලැබූ  වරාය  , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා  විසින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ  කමිටුව  පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු  ඉතා  බරපතලය එම වාර්තාව අන්තර්  ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට  කියවිය  හැක .  එබැවින්  මා  මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ  කොළඹ නගර ස...

පොහොට්ටු සහ යක්කු

        මේ  පළාත් පාලන චන්දය  ගැන ඊයේ වෙනතුරු   මගේ  කිසි උනන්දුව  තිබුණේ නැත .එහෙත් මහින්ද රාජපක්ෂ  ඊයේ  කළ  ප්‍රකාශයක් ඇසු  විට මොහු  පරණ රාජපක්ෂ  මිස අබ මල් රේණුවක් වත් වෙනස් වී  නොමැති බව  පෙණුනේය. මොහු නියෝජනය  කරන අන්ත  ප්‍රතිගාමී  මතය නැවත වරක්  පරාජය කිරීම ට යලිත් අවස්ථාවක් එළඹ ඇති බැවින්  ඔහු ස්ථිර  ලෙසම විශ්‍රාම  ගැන්වීම  සඳහා ,  හැකි පමණ දායකත්වයක්  දීම කළ යුතුමය  යන අදහස මා සිත තුල බලවත්  ලෙස දැන් මතුවී  තිබේ. එයින් අදහස් වෙන්නේ  මා  එක්සත්  ජාතික  පක්ෂයට  කඩේ  යන බව   නොවේ. එක්සත් ජාතික  පක්ෂයට  කඩේ  යන්නට  මට මෙතෙක් අදහසක්  ඇතිවී  නැත .රනිල් වික්‍රමසිංහ මහතාද ඇමති ධුරයක් දරු  ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව  1980 දී මා ඇතුළු ජුලි වැඩ වර්ජකයන් 40000 ක්  ගෙදර  යැවූ  බව මට අමතක  වන්නේ  නැත. 1983 දී එක්සත් ජාතික...

විල්පත්තුව , ඇස්බැස්ටෝස් තේ , රුසියාව සහ ලංකාවේ රතු විප්ලවය

             දිග මාතෘකාවක්  යොදන්නට  සිදුවුයේ මගේ මේ  ඇත්ත  කතන්දරයට විල්පත්තුවත් , ඇස්බැස්ටෝස් තහඩුත් , තේ කොලත්,  රුසියාවත් , ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී විප්ලවයත්  දම්වැලක් සේ   ගැටගැසී  තිබෙන නිසාය . අපේ තේ කොලත් රුසියවේ ඇස්බැස්ටෝසුත් අතර තිබෙන සම්බන්ධය  ගැන දැන් කවුරුත් වාගේ දන්නා  බැවින් ඒ  ගැන මාගලක් වියන්නට  මා සුදානම් නැත .කෙසේ වෙතත්  අප  යැවූ තේ  බහාලුමක  කුරුමිණියෙක් සිටීම නිසා තාවකාලිකව  තේ  ගැනීම රුසියාව  නැවැත්වූ බව රුසියාවේ සිටින  ලංකාවේ තානාපතිවරයා  කියා  තිබෙන නමුත් ඇස්බැස්ටෝස් ද්‍රව්‍ය ආනයනය අත්හිටුවීමට  යාම නිසා  රුසියාව  මේ පියවර ගන්නට ඇතැයි ආණ්ඩුව අනුමාන  කරන  බවක්  පෙනේ.    මා මෙහි වැඩි අවධානයකින් ලියන්නට  යන්නේ ඇස්බැස්ටෝස් ඇත්තටම  අපව  ඉක්මනින් පරලොව  ගෙනියන්නට  ලක ලෑස්තිවී  සිටීද  නැද්ද  යන්න  ගැනත්  , චීස්  බටර...

ආණ්ඩුව පෙරලන්නේ මෛත්රිද ? රනිල්ද? මහින්දද?

     යහපාලන ආණ්ඩුවට චන්දය  දුන් කවුරුත් පාහේ   මේ දවස්වල  ඉන්නේ  තිගැස්සීමෙනි. කම්මුල් දෙකේ අත් තබාගෙනය .  කුමන වින්නැහියක්  වෙන්නට  යන්නේදැයි  හිතා  ගැනීමටත්  නොහැකිවය . මෛත්‍රී  +UNP  ආණ්ඩුව වෙනුවට  මෛත්‍රී+මහින්ද ආණ්ඩුවක් ඒවිද?  නැතහොත්  UNP+ TNA  ආණ්ඩුවක් පැමිණේද?  ජනවාරි 8  පොරොන්දු  මෛත්‍රී  පොළොවේ  ගසා  කුඩුපට්ටම් කරාවිද ?  නව ව්‍යවස්ථාව  ඉපදීමටත්  පෙර අවසන් ගමන් යාවිද?  හොරු ඇල්ලීමේ  පොරොන්දු  අපි පුංචිකාලයේ  සුන්දර  ලෝකයකට  ගෙන  ගිය   සුරංගනා  කතාවක්  බවට  පමණක්  පත්වේද ?  කොටින්ම  62 ලක්ෂයක්  ජනතාවට  මෛත්‍රී  කොකා  පෙන්නාවිද? යහපාලනයට  චන්දය  දුන් බහුතරයක්  මිනිස්සුන්ට  මේ දිනවල සිතන්නට බළකොට  තිබෙන්නේ එවැනි ප්‍රශ්න  ගැනය . ජනවාරි  8  දා  හැට දෙලක්ෂයක්...

සවුදි අරාබියේ මාලිගා විප්ලවයක් -500 ක් අත් අඩංගුවට

                                              ඔටුන්න  හිමි  මොහමඩ් බින් සල්මාන්  කුමරු                        තවමත්  නවීන  ලෝකයට  පිවිස  නැති සවුදි අරාබියේ   රජපවුලේ  අඬු  කැඩීමේ    ප්‍රහාරයක් එහි ඔටුන්න  හිමි කුමාරයා විසින් අරඹා  තිබේ.      කලින් සිටි  සවුදි රජු වූ අබ්දුල්ලාට  හිතවත්  රජ කුමාරවරු , සව්දි ආණ්ඩුවේ ඇමතිවරු  සහ  ප්‍රාදේශීය  නායකයන්  සහ ව්‍යාපාරිකයන්  අත්අඩංගුවට   ගෙන තිබේ .ඇතැම් රජ  කුමාරවරුන්ට  අත් අඩංගුවේ  සිටියදී වද  හිංසා  කොට කට  උත්තර  ලබාගෙන  තිබේ . ඔවුන්ට  වද  හිංසා  පමුණුවා ඇත්තේ  ඔවුන්ගේ  බැංකු  ගිණුම් පිලිබඳ  විස්තර  ලබා  ගැනීමටය . සවුදි  රජපවුලේ බල...

විජේවීර පරාජය වුයේ ඇයි?

           රෝහණ විජේවීර මහතා  මා  පළමුවෙන් දුටුවේ  1971 පෙබරවාරි  මස අග  දිනකදීය . ඒ  හයිඩ්  පිටියේ  ජවිපෙ  රැළියේදීය. 71  කැරැල්ලට  පෙර  ජවිපෙ පැවැත්වූ අවසාන රැළිය එය  විය  යුතුය . රැළියට පැමිණි පිරිසගෙන්  හයිඩ්  පිටිය මුලුමනිනුත්  අවට  මාවත්  යම් තරමිකිනුත්  පිරි තිබිණි . බහුතරය  තරුණ  තරුණියෝ වුහ. හවස     හතර වන  විට ඇරඹුණු රැස්වීම රාත්‍රී  හත අට වන  තුරු ම වාගේ  පැවතින. එම රැස්වීමේදී ජවිපෙ වෘත්තීය සමිතියක් වෙනුවෙන්  කවුරුදෝ පන  නැති  කතාවක්  කළේය.  ඒ ,ගුණසේකර  නම් පුද්ගලයෙක් විය  යුතුය.   ශිෂ්‍යයන්  නියෝජනය  කරමින් විද්‍යෝදය (ජයවර්ධනපුර ) විශ්ව විද්‍යාලයේ  ශිෂ්‍ය  නායකයා වූ   මහින්ද විජේසේකර  සිත්  වශිකරන කතාවක් කළ  බව  මට  ඉතා  හොඳින් මතකය .ඔහු එකළ කෙසඟ  සිරුරකින්  යුක්ත විය .( පසු කාලයේ...

කොස් ඇටයක්වත් නොලැබුණු උපවාසය

      හුණු  බිජ්ජකින් පමණක් සෑහි  ' මාරාන්තික' උපවාසය නවතා දැමීම  ගැන උපවාසයට සහභාගී වූ  පස්  දෙනාට පමණක් නොව අන්තරේට ද පෙරටුගාමී සහෝදරවරුන්ටද  ජනතා විමුක්ති පෙරමුණේ  නායක  කාරකාදින්ටද අපි මුව  නොසැහෙන සේ ස්තුති කරමු .හුණු බිජ්ජ  නම් වෙන යමක්  නොව   හර්ෂද සිල්වාගේ ලිපියයි .එම  ලිපියෙන්ද  හර්ෂද  සිල්වා  කිව්වේ වෙන කිසිවක්  නොව   2017 -10-29  දින ප්‍රවුර්ති දෙපාර්තමේන්තුව  නිකුත් කළ  නිවේදනයෙන් ආණ්ඩුව  කියා  සිටි කි දේමය . සයිටමය  අහෝසි කොට මුදල් අය  කරන  එහෙත් ලාභ අපේක්ෂා  නොකරන ආයතනයක්  පිහිටුවන  බව එදා  ආණ්ඩුව  කිවේය . හර්ෂද  සිල්වා ගේ  ලිපියෙන්  යලි තහවුරු  කළේ ද එයමය. එකම වෙනස  නම්  කලින්   නිකුත්  කළ දීර්ඝ  ලිපිය  ප්‍රවුර්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ  ජනරාල් වරයා අත්සන් කර  තිබිම වන අතර මේ  කෙටි ලිපිය හර්ෂද  සිල්වා  නියෝජ්...

ලේ හලන කුමන්ත්‍රණයක් අත ළඟ

බෝම්බ  කතා , උල තැබීමේ  කතා,   වෙඩි උණ්ඩ  බැස්සවීමේ  කතා  යලි ඇරඹි  තිබේ. ඒ නව ව්‍යවස්ථාවක් වෙනුවෙන්  පෙනී සිටින්නන්  තොග  පිටින්  මරා දැමීමටය . එහෙත් තවමත්  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්  කෙටුම්පත්  කර  නැත .පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ව්‍යවස්තාවක් සකස්  කිරීම සදහා මන්ත්‍රී කමිටු සකස්  කළ යෝජනා ඇතුලත්   වාර්තාවක්  පමණි .එහෙත්  ඇතැම්  භික්ෂු පිරිසක් විසින්  සිවුරු කරට  ගෙන රට  පුරා  ගිනි ඇවිලවීමට   පටන්ගෙන ඇත.  භික්ෂුන්ගේ මේ  හැසිරීම අලුත් දෙයක් නොවේ.1957 සිටම  ලංකාවේ අන්තගාමී  භික්ෂුන් විසින් මේ ඛේදවාචි  නාටකය  රඟපා  තිබේ. බණ්ඩාරනායක  මහතා 1957  චෙල්වනායගම් සමග  ගිවිසුමක් අත්සන් කොට උතුරේ  සහ  නැගෙනහිර  ප්‍රදේශවල  පළාත්  බද සභා (Regional Councils ) පිහිටුවීම සඳහා උත්සහ  කළ අවස්ථාවේද භික්ෂුන්  හැසිරුනේ  මෙලෙසමය . රොස්මිඩ් පෙදෙසට  පැම...