Skip to main content

කරන්නාගොඩ කුණු ගොඩේ තුන් කොන් ප්‍රේමයක්


Image result for Sri lanka Navy kidnapped 11 children and killed


   

හිටපු නාවික  හමුදාපති  කරන්නාගොඩ විසින් තමන් අත්අඩංගුවට  ගැනීම වලක්වන මෙන්  උසාවි යාම  නිසා ඔහුගේ බිරිඳ සහ සම්පත් මුණසිංහ අතර තිබු ප්‍රේම සම්බන්ධයක් පිලිබඳ ආරවුලක් කරලියට පැමිණ  තිබේ .


තරුණයන් 11 ක් පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ කීප දෙනෙකු දැනටමත් රක්ෂිත බන්ධනාගාර  කර තිබෙන අතර    එම පැහැරගැනීම් වලට  කරන්නාගොඩ සම්බන්ධ බවට  රහස් පොලිසිය උසාවියට දැන්වූ අතර ඒ අනුව ඔහු  අත් අඩංගුවට ගෙන උසාවියට  ඉදිරිපත් කරන ලෙස අධිකරණය  රහස් පොලිසියට නියෝග  කළේය .


ඔහු සොයා  පොලිසිය ගියත් කට්ටි පැනීම නිසා  ඔහු අත්අඩංගුවට ගැනීමට   නොහැකි විය.  සැඟවී සිටිමින් නීතිඥයෙකු මගින්   ශ්‍රේෂ්ටාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ ඔහු  තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන නියෝගයක්  නිකුත් කරන ලෙස  ඉල්ලා සිටියේය . ළමුන්  පැහර ගැනීමේ  මුලිකයා වූ , කරන්නාගොඩ  නාවික හමුදාපති සමයේ  ඔහුගේ  නිල  සහයක , ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් සම්පත් මුණසිංහ ට එරෙහිව  මුලික  පැමිණිල්ල  කලේ  තමා  බැවින් ළමුන් පැහැරගැනීම්වලට තමා සම්බන්ධ  නැති බව  ඔහු එම  පෙත්සමෙන් කියා  තිබුණි.


Image result for karannagoda navy chief

 

එහෙත්  කරන්නාගොඩ  මහතා එම  පැමිණිල්ලේ තරුණයන්  පැහර ගැනීමක්  ගැන සඳහන් කොට නොමැති බවත් ඔහුගේ සහයකයා වූ සම්පත් මුණසිංහ  කොටි සංවිධානය සමග සම්බන්ධකම්  පවත්වන බව පමණක්   එම  පැමිණිල්ල මගින්   කියා ඇති බව  පැහැරගනු ලැබූ තරුණයෙකුගේ   මවක් ශ්‍රේෂ්ඨාධිකරණයට මැදිහත්කාර   පෙත්සමක්  ඉදිරිපත් කරමින් කියා  තිබේ .


එම  පෙත්සම  ඉදිරිපත් කර ඇත්තේ  පැහැරගනු ලැබූ තරුණයන්  11 දෙනාගෙන් එක අයෙකු වන රජිව් ගේ මව වන සරෝජා  නාගනාදන් විසිනි .


හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ බිරිඳ වන අශෝකා කරන්නාගොඩ  සමග  සම්පත් මුණසිංහ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබෙන බවත් එය අසුවීමෙන් පසු සම්පත් මුණසිංහගෙන්  පලි ගැනීමට  ඔහු කොටි සංවිධානය සමග සම්බන්ධකම්  පවත්වන බවට පැමිණිල්ලක්  කළ බවත් සරෝජා නාගනාදන් විසින් ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් වන බව Economic Next පුවත් පත කියයි .


රහස් පොලිසිය කළ  පරීක්ෂණ අනුව සහ ත්‍රිවිධ හමුදා ඉදිරිපත් කළ ලිපි ලේඛන අනුව පැහැරගෙන ගොස් මරා දැමු තරුණයන්  11 දෙනා කොටි සංවිධානයට කිසි සම්බන්ධකමක් නැති බව හෙළි වී තිබේ .


කරන්නාගොඩට සම්බන්ධ   නාවික හමුදවේ  පිරිසක්  පොහොසත් පවුල්වල ළමුන් පැහැරගෙන දෙමාපියන්ගෙන් කප්පන් ගෙන මරා දැමීම දිගට  කරගෙන ගොස් ඇති බව රාහස් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි  එම පුවත්පත වැඩි දුරටත් කියයි .


Image result for Sri lanka Navy kidnapped 11 children and killed


තරුණයන්  11 දෙනා  පැහැරගැනීම පිළිබඳව  නාවික හමුදාවේ බුද්ධි තොරතුරු අංශය  කරන්නාගොඩ මහතාට කල් ඇතුවම  ඇතුවම දැනුම් දී ඇතත් ඔහු කිසිවක් නොකිරීමෙන් එයට අනුබල දී ඇතැයි රහස් පොලිසිය  කියයි.


වැඩි විස්තර  පහත  ලිංකුවෙන් කියවිය හැක  

https://economynext.com/A_love_triangle_that_exposed_Sri_Lanka%E2%80%99s_worst_kidnap_murder_ring-3-13650-10.html

 

Comments

Jagath Pathirana said…
දෙවෙනි ලෝක යුද්දෙදි නාසි වාදියෝ යුධ අපරාධ කලා
නාසි විරෝධියොත් යුධ අපරාධ කලා.

නමුත් දඬුවම් කලේ නාසි යුධ අපරාධ කාරයන්ට විතරයි.

ඒ අනුව ලංකාවෙදි දඬුවම් ලැබිය යුත්තේ දෙමළ නාසි වාදියන්ට විතරයි නේද?
Wijebahu said…
These are just show for the gallery, they always get a high profile name from previous govt's time and go on for a while on the press. Then they take long time to bring the case in front of court, then court throw it out since no proper evidence to go on. By that time political damage is done, if deformation was criminal in Sri Lanka non of this gallery show will not happen.

Thadjudeen case is good example, it is going on since 2015, all they have so far is someone who throw away a complain book or police note book. But they started saying they have photos videos car plate numbers etc (of course they have but, not connected to the case. ha ha ha) All they do i sgo to courts and ask for more time.

ChanHK said…
These are not war crimes; crimes against humanity. Look at those young men who can harm such young ones except cannibals.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා