Skip to main content

Posts

Showing posts from 2017

2018 දේශපාලන අනාවැකි

                           ඉකුත් ජනාධිපතිවරණයට සති කීපයක්  තිබියදී Colombo Telegraph පත්තරයට  ලිපියක් ලියමින්  ජනාධිපතිවරණයෙන්  මෛත්‍රි   දිනන බව  මා කිවේ  නැකත් බලා නොවේ.   දේශපාලන  පක්ෂවල  හැසිරීම සහ  ජන විඥානය හැදෑරීමෙනි . මා   මේ ලිපියෙන් 2018 වසරේ දේශපාලන අනාවැකි  කියන්නේද  එලෙසමය .        ගිය අවුරුද්ද අවසන් වීමට  පෙර ආණ්ඩුව  පෙරලීමට  මහින්ද රාජපක්ෂ මහතා අසමත් වීම නිසා  ඔහුගේ  අනුගාමිකයන්  2018 වසරට  පා තබන්නේ අතෘප්තියෙන්  බවට සැකයක් නැත . එබැවින් ඔවුන් තව දුරටත් රඳවා  තබා  ගැනීමට  නම් 2018 අවසන් වීමට  පෙර ආණ්ඩුව  පෙරලන බව කිව යුතුව තිබේ. දැනටමත් ප්‍රසන්න රණතුංග  මහතා ඒ  ගැන ප්‍රකාශයක් කර තිබේ.හොඳින් හෝ නරකෙන් 2018 දී  ආණ්ඩුව  පෙරලන බවකීම  එම ප්‍රකාශයයි . මහින්ද+මෛත්‍රී ආණ්ඩුවක් ? කෙසේ වෙතත්  2018 දී ආණ්ඩුව  පෙරලන්නට  හැකිවෙන ලකුණක්  නම් දකින්නට නැත  එයට හේතුව  නම් මහින්ද  පාර්ශවයෙත්  මෛත්‍රී පාර්ශවයෙත්  මන්ත්‍රීවරු එකතු වුවද  113  ක් නැති නිසාය.  දෙපැත්තටම සිටින්නේ  මන්ත්‍රීවරු  95 දෙනෙකු පමණි  ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය  ඉතිරි 18  ලබා 

පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන නාමල්ගේ මිතුරිය

                       ඇය  නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද  , කොළඹට චන්දය  ඉල්ලුවද ඇය  ගැන ලිපියක්  ලියන්නට   මේ මොහොත වෙන තුරු  මා සිතා  සිටියේ  නැත. ඊයේ මුහුණු පොතේ  පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු   නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට  පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය  ගැන වැඩි දුර  යමක් ලිවීම අවශ්‍ය  බව  පෙනුණි. එය කොළඹ  චන්ද දායකයනට ඇය ගැන තීරණයක්  ගැනීමට දායක වනු ඇත .  මේ  ආණ්ඩුව  බලයට  පැමිණි පසු  පත් කරනු ලැබූ  වරාය  , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා  විසින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ  කමිටුව  පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු  ඉතා  බරපතලය එම වාර්තාව අන්තර්  ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට  කියවිය  හැක .  එබැවින්  මා  මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ  කොළඹ නගර සභාවට  පොදු ජන පෙරමුණේ පොහොට්ටුවෙන් තරඟ  කරන  මෙම අපේක්ෂිකාව  ගැන පමණක් ලිවීමටය  ඇගේ  නම නිත්‍යා සේනානි සමරනායකය . ඇය කලක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ  ගුවන් සේවිකාවක් ලෙස  සේවය  කළාය. ඇගෙන් අමතර වැඩ   ගැනීමට  සිතු   නාමල් රාජපක්ෂ  මහතා , ජනධිපති ලේකම් කාර්ය

පොහොට්ටු සහ යක්කු

        මේ  පළාත් පාලන චන්දය  ගැන ඊයේ වෙනතුරු   මගේ  කිසි උනන්දුව  තිබුණේ නැත .එහෙත් මහින්ද රාජපක්ෂ  ඊයේ  කළ  ප්‍රකාශයක් ඇසු  විට මොහු  පරණ රාජපක්ෂ  මිස අබ මල් රේණුවක් වත් වෙනස් වී  නොමැති බව  පෙණුනේය. මොහු නියෝජනය  කරන අන්ත  ප්‍රතිගාමී  මතය නැවත වරක්  පරාජය කිරීම ට යලිත් අවස්ථාවක් එළඹ ඇති බැවින්  ඔහු ස්ථිර  ලෙසම විශ්‍රාම  ගැන්වීම  සඳහා ,  හැකි පමණ දායකත්වයක්  දීම කළ යුතුමය  යන අදහස මා සිත තුල බලවත්  ලෙස දැන් මතුවී  තිබේ. එයින් අදහස් වෙන්නේ  මා  එක්සත්  ජාතික  පක්ෂයට  කඩේ  යන බව   නොවේ. එක්සත් ජාතික  පක්ෂයට  කඩේ  යන්නට  මට මෙතෙක් අදහසක්  ඇතිවී  නැත .රනිල් වික්‍රමසිංහ මහතාද ඇමති ධුරයක් දරු  ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව  1980 දී මා ඇතුළු ජුලි වැඩ වර්ජකයන් 40000 ක්  ගෙදර  යැවූ  බව මට අමතක  වන්නේ  නැත. 1983 දී එක්සත් ජාතික  පක්ෂය කළු ජුලිය දියත් කොට එවකට  100   ටත් අඩු  තුවක්කු කරුවන් සිටි කොටි  සංවිධානය යෝධයෙක් කළ  හැටි  මට අමතක නැත .චන්දය  බලු පොරයක් බවට  පත් කළ  අනුපාත චන්ද  ක්‍රමය  හඳුන්වා දුන්නේ එක්සත් ජාතික  පක්ෂය  බව මට අමතක වන්නේ  නැත . මන්තිරි  කම හම්බු කිරීමේ  ජොබ් එකක්  බව

විල්පත්තුව , ඇස්බැස්ටෝස් තේ , රුසියාව සහ ලංකාවේ රතු විප්ලවය

             දිග මාතෘකාවක්  යොදන්නට  සිදුවුයේ මගේ මේ  ඇත්ත  කතන්දරයට විල්පත්තුවත් , ඇස්බැස්ටෝස් තහඩුත් , තේ කොලත්,  රුසියාවත් , ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී විප්ලවයත්  දම්වැලක් සේ   ගැටගැසී  තිබෙන නිසාය . අපේ තේ කොලත් රුසියවේ ඇස්බැස්ටෝසුත් අතර තිබෙන සම්බන්ධය  ගැන දැන් කවුරුත් වාගේ දන්නා  බැවින් ඒ  ගැන මාගලක් වියන්නට  මා සුදානම් නැත .කෙසේ වෙතත්  අප  යැවූ තේ  බහාලුමක  කුරුමිණියෙක් සිටීම නිසා තාවකාලිකව  තේ  ගැනීම රුසියාව  නැවැත්වූ බව රුසියාවේ සිටින  ලංකාවේ තානාපතිවරයා  කියා  තිබෙන නමුත් ඇස්බැස්ටෝස් ද්‍රව්‍ය ආනයනය අත්හිටුවීමට  යාම නිසා  රුසියාව  මේ පියවර ගන්නට ඇතැයි ආණ්ඩුව අනුමාන  කරන  බවක්  පෙනේ.    මා මෙහි වැඩි අවධානයකින් ලියන්නට  යන්නේ ඇස්බැස්ටෝස් ඇත්තටම  අපව  ඉක්මනින් පරලොව  ගෙනියන්නට  ලක ලෑස්තිවී  සිටීද  නැද්ද  යන්න  ගැනත්  , චීස්  බටර් , ඇපල් , රෝස් කළ  කළුකුන්  එහෙම  පිටින්ම අපේ  කෑම  මේසයට  ගෙනත් දෙන බව   කියන  සමාජවාදයට   එරෙහිව ඇස්බැස්ටෝස් ප්‍රහාරයක් එල්ලවේද  යන්න ගැනත්ය  . ඇස්බැස්ටෝස් නිෂ්පාදනයට අවශ්‍ය අමු ද්‍රව්‍යය  ලංකාවට  ගෙන්වීම  2018  ජනවාරි පළමුදා සිට  නවත්වන

ආණ්ඩුව පෙරලන්නේ මෛත්රිද ? රනිල්ද? මහින්දද?

     යහපාලන ආණ්ඩුවට චන්දය  දුන් කවුරුත් පාහේ   මේ දවස්වල  ඉන්නේ  තිගැස්සීමෙනි. කම්මුල් දෙකේ අත් තබාගෙනය .  කුමන වින්නැහියක්  වෙන්නට  යන්නේදැයි  හිතා  ගැනීමටත්  නොහැකිවය . මෛත්‍රී  +UNP  ආණ්ඩුව වෙනුවට  මෛත්‍රී+මහින්ද ආණ්ඩුවක් ඒවිද?  නැතහොත්  UNP+ TNA  ආණ්ඩුවක් පැමිණේද?  ජනවාරි 8  පොරොන්දු  මෛත්‍රී  පොළොවේ  ගසා  කුඩුපට්ටම් කරාවිද ?  නව ව්‍යවස්ථාව  ඉපදීමටත්  පෙර අවසන් ගමන් යාවිද?  හොරු ඇල්ලීමේ  පොරොන්දු  අපි පුංචිකාලයේ  සුන්දර  ලෝකයකට  ගෙන  ගිය   සුරංගනා  කතාවක්  බවට  පමණක්  පත්වේද ?  කොටින්ම  62 ලක්ෂයක්  ජනතාවට  මෛත්‍රී  කොකා  පෙන්නාවිද? යහපාලනයට  චන්දය  දුන් බහුතරයක්  මිනිස්සුන්ට  මේ දිනවල සිතන්නට බළකොට  තිබෙන්නේ එවැනි ප්‍රශ්න  ගැනය . ජනවාරි  8  දා  හැට දෙලක්ෂයක්  මිනිස්සු මෛත්‍රීට   චන්දය  දුන්නේ  මහත් බලාපොරොත්තු ඇතිව  බව  අමුතුවෙන් කිව  යුතු නොවේ.  එහෙත් දුන් පොරොන්දු වලින්  ආණ්ඩුව  තවමත්  ඉටු කර  ඇත්තේ කීපයක් පමණි. ඇතැම් ඒවා  ඉටු කළේ එතරම්ම  උනන්දුවකින්ද  නොවේ. මයිත්‍රී +UNP  හවුල හෙල්ලෙන්නට  පටන් ගත්තේ බැඳුම්කර  කොමිසම  ඉදිරියේ  හොරකම එළ

සවුදි අරාබියේ මාලිගා විප්ලවයක් -500 ක් අත් අඩංගුවට

                                              ඔටුන්න  හිමි  මොහමඩ් බින් සල්මාන්  කුමරු                        තවමත්  නවීන  ලෝකයට  පිවිස  නැති සවුදි අරාබියේ   රජපවුලේ  අඬු  කැඩීමේ    ප්‍රහාරයක් එහි ඔටුන්න  හිමි කුමාරයා විසින් අරඹා  තිබේ.      කලින් සිටි  සවුදි රජු වූ අබ්දුල්ලාට  හිතවත්  රජ කුමාරවරු , සව්දි ආණ්ඩුවේ ඇමතිවරු  සහ  ප්‍රාදේශීය  නායකයන්  සහ ව්‍යාපාරිකයන්  අත්අඩංගුවට   ගෙන තිබේ .ඇතැම් රජ  කුමාරවරුන්ට  අත් අඩංගුවේ  සිටියදී වද  හිංසා  කොට කට  උත්තර  ලබාගෙන  තිබේ . ඔවුන්ට  වද  හිංසා  පමුණුවා ඇත්තේ  ඔවුන්ගේ  බැංකු  ගිණුම් පිලිබඳ  විස්තර  ලබා  ගැනීමටය . සවුදි  රජපවුලේ බලකණු හතරේ දරුවන්  දුර්වල කිරීමේ අරමුණෙන්  මෙම අත් අඩංගුවට ගැනීම අරඹා ඇතැයි විචාරකයෝ කියති .1964 දී  හිටපු සවුදි රජෙකු  බලයෙන් පහකිරීම සඳහා  ඔහුගේ සහෝදරයෙකු  ආරක්ෂක හමුදා  යෙදවීමේ  සිද්ධියෙන්  පසු  සවුදි  රජපවුලේ  මෙවැනි  ඉහල මට්ටමේ  අත්අඩංගුවට ගැනීම් සිදුවූ  පළමු වතාවය .  පළමු වටයේදී ලේඛකයන් , පුජකයන්   ආර්ථික විද්‍යාඥයන් සහ  ප්‍රසිද්ධ  පුද්ගලයන් අත් අඩංගුවට  ගනු ලැබිය .  දිනපතාම  අත් අඩංගුවට 

විජේවීර පරාජය වුයේ ඇයි?

           රෝහණ විජේවීර මහතා  මා  පළමුවෙන් දුටුවේ  1971 පෙබරවාරි  මස අග  දිනකදීය . ඒ  හයිඩ්  පිටියේ  ජවිපෙ  රැළියේදීය. 71  කැරැල්ලට  පෙර  ජවිපෙ පැවැත්වූ අවසාන රැළිය එය  විය  යුතුය . රැළියට පැමිණි පිරිසගෙන්  හයිඩ්  පිටිය මුලුමනිනුත්  අවට  මාවත්  යම් තරමිකිනුත්  පිරි තිබිණි . බහුතරය  තරුණ  තරුණියෝ වුහ. හවස     හතර වන  විට ඇරඹුණු රැස්වීම රාත්‍රී  හත අට වන  තුරු ම වාගේ  පැවතින. එම රැස්වීමේදී ජවිපෙ වෘත්තීය සමිතියක් වෙනුවෙන්  කවුරුදෝ පන  නැති  කතාවක්  කළේය.  ඒ ,ගුණසේකර  නම් පුද්ගලයෙක් විය  යුතුය.   ශිෂ්‍යයන්  නියෝජනය  කරමින් විද්‍යෝදය (ජයවර්ධනපුර ) විශ්ව විද්‍යාලයේ  ශිෂ්‍ය  නායකයා වූ   මහින්ද විජේසේකර  සිත්  වශිකරන කතාවක් කළ  බව  මට  ඉතා  හොඳින් මතකය .ඔහු එකළ කෙසඟ  සිරුරකින්  යුක්ත විය .( පසු කාලයේ  ඔහු ඇමතිවරයෙක් වූ  කළ  කෙසඟ  කම ආගිය අතක් නැති විය ). විජේවීර  කතාව ආරම්භ  කළේ  සවස  5 ට  විතරය . මා සිටියේ වේදිකාවට  ආසන්නවය.එබැවින් විජේවීරගේ සැම ඉරියව්වක් වාගේම දැක  ගැනීමට  මට  හැකි විය .  එකල  පැවතී ශ්‍රීලංකා + සමසමාජ+ කොමියුනිස්ට්  ආණ්ඩුවට  බනිමින් පැයක්  පමණ  රැස්වීම  ඇමතු ඔහු පක්

කොස් ඇටයක්වත් නොලැබුණු උපවාසය

      හුණු  බිජ්ජකින් පමණක් සෑහි  ' මාරාන්තික' උපවාසය නවතා දැමීම  ගැන උපවාසයට සහභාගී වූ  පස්  දෙනාට පමණක් නොව අන්තරේට ද පෙරටුගාමී සහෝදරවරුන්ටද  ජනතා විමුක්ති පෙරමුණේ  නායක  කාරකාදින්ටද අපි මුව  නොසැහෙන සේ ස්තුති කරමු .හුණු බිජ්ජ  නම් වෙන යමක්  නොව   හර්ෂද සිල්වාගේ ලිපියයි .එම  ලිපියෙන්ද  හර්ෂද  සිල්වා  කිව්වේ වෙන කිසිවක්  නොව   2017 -10-29  දින ප්‍රවුර්ති දෙපාර්තමේන්තුව  නිකුත් කළ  නිවේදනයෙන් ආණ්ඩුව  කියා  සිටි කි දේමය . සයිටමය  අහෝසි කොට මුදල් අය  කරන  එහෙත් ලාභ අපේක්ෂා  නොකරන ආයතනයක්  පිහිටුවන  බව එදා  ආණ්ඩුව  කිවේය . හර්ෂද  සිල්වා ගේ  ලිපියෙන්  යලි තහවුරු  කළේ ද එයමය. එකම වෙනස  නම්  කලින්   නිකුත්  කළ දීර්ඝ  ලිපිය  ප්‍රවුර්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ  ජනරාල් වරයා අත්සන් කර  තිබිම වන අතර මේ  කෙටි ලිපිය හර්ෂද  සිල්වා  නියෝජ්‍ය ඇමතිවරයා අත්සන් කර  තිබීමය                                                               හර්ෂ ද සිල්වා ගේ ලිපිය                                            ප්‍රවුර්ති අධ්‍යක්ෂ ජනරාල් වරයා  නිකුත්  කළ නිවේදනය   උපවාසය ආරම්භ  කළ ව

ලේ හලන කුමන්ත්‍රණයක් අත ළඟ

බෝම්බ  කතා , උල තැබීමේ  කතා,   වෙඩි උණ්ඩ  බැස්සවීමේ  කතා  යලි ඇරඹි  තිබේ. ඒ නව ව්‍යවස්ථාවක් වෙනුවෙන්  පෙනී සිටින්නන්  තොග  පිටින්  මරා දැමීමටය . එහෙත් තවමත්  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්  කෙටුම්පත්  කර  නැත .පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ව්‍යවස්තාවක් සකස්  කිරීම සදහා මන්ත්‍රී කමිටු සකස්  කළ යෝජනා ඇතුලත්   වාර්තාවක්  පමණි .එහෙත්  ඇතැම්  භික්ෂු පිරිසක් විසින්  සිවුරු කරට  ගෙන රට  පුරා  ගිනි ඇවිලවීමට   පටන්ගෙන ඇත.  භික්ෂුන්ගේ මේ  හැසිරීම අලුත් දෙයක් නොවේ.1957 සිටම  ලංකාවේ අන්තගාමී  භික්ෂුන් විසින් මේ ඛේදවාචි  නාටකය  රඟපා  තිබේ. බණ්ඩාරනායක  මහතා 1957  චෙල්වනායගම් සමග  ගිවිසුමක් අත්සන් කොට උතුරේ  සහ  නැගෙනහිර  ප්‍රදේශවල  පළාත්  බද සභා (Regional Councils ) පිහිටුවීම සඳහා උත්සහ  කළ අවස්ථාවේද භික්ෂුන්  හැසිරුනේ  මෙලෙසමය . රොස්මිඩ් පෙදෙසට  පැමිණි 100  පමණ  භික්ෂු පිරිසක්  ගිවිසුම  ඉරා දමන  ලෙස  බණ්ඩාරනායක  මහතාට  බලකළහ .මොලයක් තිබුණත් කොන්දක් නොතිබුණු බණ්ඩාරනායක  මහතා ඔවුන් ඉදිරියේ  ගිවිසුම  ඉරා දමා  ගිවිසුම  ක්‍රියාත්මක  නොකරන  බවට  ලිඛිත  පොරොන්දුවක්ද  පැමිණ සිටි භික්ෂුන්ට දු