Skip to main content

උනුත් එකයි මුනුත් එකයි

 


මේ මැතිවරණ පාඨය අයිති කාරයා ජනතා විමුක්ති පෙරමුණය
උනුත් හොරු මුනුත් හොරු බිහිවුවේ ජේ.ආර්/ප්රේමදාස බලයට පැමිණි පසු හඳුන්වා දුන් අනුපාත චන්ද ක්රමය යටතේය ඊට පෙර මිනිස්සු දේශපාලනය කලේ තමන්ගේ ධනය වියදම් කොටය
ඉඳහිට දුෂිත වැඩ කළ අය හිටියත් ඔවුන්ට එරෙහිව උසාවි ගිය විට නඩු අසා ඔවුන්ගේ මන්ත්රී ධුර අහිමි කරනු ලැබිණ .
මේ අනුපාත චන්දය තිබෙන තුරු මෙන්ම මහජන චන්දයෙන් ජනාධිපති තෝරාගන්නා ක්රමය තිබෙන තුරු දුෂණ, හොරකම් නැති කළ නොහැක මන්ද සල්ලි කන්දරාවක් නැතිව චන්දය දිනිය නොහැකි නිසාය
දිනු දවසේ සිට සල්ලි හොයන්නට බොහෝ අය හොරකම් කරති
මේ වන විට ජවිපෙ දෙසට පෙරට වඩා ජන ආකර්ශනයක් තිබෙන බව පෙනේ ඒ ජවිපෙ /ජා.ජ.බ ආණ්ඩුවක් යටතේ හොරකම් නොකරනු ඇති පිරිසක් විශ්වාස කරන නිසාය
ජවිපෙ සමාජවාදී මත දරන පක්ෂයකි ඔවුන්ගේ පාට රතු වෙන්නෙත් මැයි දිනවලදී මාර්ක්ස් එංගල්ස් ලෙනින් විජේවීර යන අයගේ පින්තුර ඉදිරියෙන් ගෙනියන්නෙත් ඒ නිසාය
එසේ නම් සමාජවාදී රටවල හොරකම් දුෂණ අවම හෝ නැත්තටම නැති විය යුතුය
Transparency International ආයතනය ලෝකයේ රටවල පවතින දුෂණය පිළිබඳව වාර්ෂික වාර්තාවක් ප්රසිද්ධ කරයි එම වාර්තාව අනුව ලකුණු 0 හිමි වන්නේ අන්තිම දුෂිත රටට වන අතර ලකුණු 100ක් හිමිවන්නේ දුෂණයෙන් තොර රටවලටය
හැබැයි ලකුණු 90 ට වැඩිය ගත් එකම රටක් වත් නැත
2021 සහ 2022 යන වසරවලදී සමාජවාදී රටවල් අතලොස්ස ලබා ගෙන තිබෙන ලකුණු පරණ මෙසේය
කියුබාව ලකුණු 46 (2021)
ලකුණු 45 (2022)
චීනය ලකුණු 45 (2021)
ලකුණු 45 (2022 )
වියට්නාමය ලකුණු 39 (2021)
ලකුණු 42 (2022)
ලාවෝසය ලකුණු 30 (2021)
ලකුණු 31 (2022)
ලංකාව ට හිමි ලකුණු ප්රමාණයද මෙහි දක්වමි
ලංකාව ලකුණු 37 (2021)
ලකුණු 36 (2022)
දුශණය අඩුම රටවල් 10 මෙසේය
ඩෙන්මාර්ක් ලකුණු 88 (2021)
ලකුණු 90 (2022)
ෆින්ලන්තය ලකුණු 88 (2021)
ලකුණු 87 (2022 )
නවසීලන්තය ලකුණු 88 (2021)
ලකුණු 87(2021)
නොර්වේ ලකුණු 85( 2021)
ලකුණු 84 (2022)
සිංප්පුරුව ලකුණු 85(2021)
ලකුණු 83( 2022)
ඒ රටවල එසේ වුවත් ජනතා විමුක්ති පෙරමුණේ සිටින්නේ ඉතා අවංක අය බැවින් ඔවුන්ගේ පාලනයක් යටතේ කිසිදු වංචාවක්, හොරකමක් නොවනු ඇත යන්න ඊට පක්ෂපාත අයගේ විශ්වාසයයි
ලයනල් බෝපගේ 1977 සිට 1984 දක්වා ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් වරයාය ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් ජවිපෙ දැරූ මතය ( දෙමල ජනයාට ස්වයං තීරණ අයිතිය ඇත ) උඩු යටිකුරු වීමෙන් පසු ඔහු පක්ෂයෙන් ඉල්ලා අස්විය ඔහු විසින් ලියවන ලද 'ඉතිහාසය හමුවේ ලයනල් බෝපගේ ' නමැති කෘතියේ 421 වන පිටුවේ මෙසේ සඳහන් වේ
" ඇතැම් මධ්යම කමිටු සාමාජිකයන් පක්ෂයෙන් නෙරපා දැමීම සඳහා විනයානුකුල ක්රියාමාර්ග ගතයුතු යයි බෝපගේ නිර්දේශ කළේය . ඊට හේතු වුයේ ඔව්න් පක්ශයේ මුදල් එහි කටයුතු සඳහා යොදවනු වෙනුවට තම පෞද්ගලික කටයුතු සඳහා වැය කිරීමය .මෙය සිදුවුයේ දේශපාලන මණ්ඩලයේ වගකිවයුතු තනතුරු ඉසිලීමට තරම් සුදුසු පුද්ගලයන් නැතිකම නිසා සහ විවධ සංවිධාන ඒකක තුල පුර්නකාලිකයන්ට සමාන ලෙස සැලකීමක් සිදු නොවීම නිසාය . රෝහණ විජේවීර මෙබඳු ඇතැම් පුද්ගලයන් සමග සමීප සම්බන්ධකම් පවත්වාගෙන ගියේය "

Comments

Lalith said…
දෙපැත්ත මාරු කර කර දැන් අවුරුදු ගානක් මේ හොරුන් පත්කරපු අපිට, පරිපාලනය දේශපාලනය ගැන මෙලෝ සංසාරයක් නොදන්නා කෙනෙක් හැටනම ලස්සයක් චන්ද දීල පත්කර ගත්තු අපිට ජේවීපී එකට එනපර චන්දෙ දෙනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි.
This maybe the last chance...

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...