Skip to main content

උනුත් එකයි මුනුත් එකයි

 


මේ මැතිවරණ පාඨය අයිති කාරයා ජනතා විමුක්ති පෙරමුණය
උනුත් හොරු මුනුත් හොරු බිහිවුවේ ජේ.ආර්/ප්රේමදාස බලයට පැමිණි පසු හඳුන්වා දුන් අනුපාත චන්ද ක්රමය යටතේය ඊට පෙර මිනිස්සු දේශපාලනය කලේ තමන්ගේ ධනය වියදම් කොටය
ඉඳහිට දුෂිත වැඩ කළ අය හිටියත් ඔවුන්ට එරෙහිව උසාවි ගිය විට නඩු අසා ඔවුන්ගේ මන්ත්රී ධුර අහිමි කරනු ලැබිණ .
මේ අනුපාත චන්දය තිබෙන තුරු මෙන්ම මහජන චන්දයෙන් ජනාධිපති තෝරාගන්නා ක්රමය තිබෙන තුරු දුෂණ, හොරකම් නැති කළ නොහැක මන්ද සල්ලි කන්දරාවක් නැතිව චන්දය දිනිය නොහැකි නිසාය
දිනු දවසේ සිට සල්ලි හොයන්නට බොහෝ අය හොරකම් කරති
මේ වන විට ජවිපෙ දෙසට පෙරට වඩා ජන ආකර්ශනයක් තිබෙන බව පෙනේ ඒ ජවිපෙ /ජා.ජ.බ ආණ්ඩුවක් යටතේ හොරකම් නොකරනු ඇති පිරිසක් විශ්වාස කරන නිසාය
ජවිපෙ සමාජවාදී මත දරන පක්ෂයකි ඔවුන්ගේ පාට රතු වෙන්නෙත් මැයි දිනවලදී මාර්ක්ස් එංගල්ස් ලෙනින් විජේවීර යන අයගේ පින්තුර ඉදිරියෙන් ගෙනියන්නෙත් ඒ නිසාය
එසේ නම් සමාජවාදී රටවල හොරකම් දුෂණ අවම හෝ නැත්තටම නැති විය යුතුය
Transparency International ආයතනය ලෝකයේ රටවල පවතින දුෂණය පිළිබඳව වාර්ෂික වාර්තාවක් ප්රසිද්ධ කරයි එම වාර්තාව අනුව ලකුණු 0 හිමි වන්නේ අන්තිම දුෂිත රටට වන අතර ලකුණු 100ක් හිමිවන්නේ දුෂණයෙන් තොර රටවලටය
හැබැයි ලකුණු 90 ට වැඩිය ගත් එකම රටක් වත් නැත
2021 සහ 2022 යන වසරවලදී සමාජවාදී රටවල් අතලොස්ස ලබා ගෙන තිබෙන ලකුණු පරණ මෙසේය
කියුබාව ලකුණු 46 (2021)
ලකුණු 45 (2022)
චීනය ලකුණු 45 (2021)
ලකුණු 45 (2022 )
වියට්නාමය ලකුණු 39 (2021)
ලකුණු 42 (2022)
ලාවෝසය ලකුණු 30 (2021)
ලකුණු 31 (2022)
ලංකාව ට හිමි ලකුණු ප්රමාණයද මෙහි දක්වමි
ලංකාව ලකුණු 37 (2021)
ලකුණු 36 (2022)
දුශණය අඩුම රටවල් 10 මෙසේය
ඩෙන්මාර්ක් ලකුණු 88 (2021)
ලකුණු 90 (2022)
ෆින්ලන්තය ලකුණු 88 (2021)
ලකුණු 87 (2022 )
නවසීලන්තය ලකුණු 88 (2021)
ලකුණු 87(2021)
නොර්වේ ලකුණු 85( 2021)
ලකුණු 84 (2022)
සිංප්පුරුව ලකුණු 85(2021)
ලකුණු 83( 2022)
ඒ රටවල එසේ වුවත් ජනතා විමුක්ති පෙරමුණේ සිටින්නේ ඉතා අවංක අය බැවින් ඔවුන්ගේ පාලනයක් යටතේ කිසිදු වංචාවක්, හොරකමක් නොවනු ඇත යන්න ඊට පක්ෂපාත අයගේ විශ්වාසයයි
ලයනල් බෝපගේ 1977 සිට 1984 දක්වා ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් වරයාය ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් ජවිපෙ දැරූ මතය ( දෙමල ජනයාට ස්වයං තීරණ අයිතිය ඇත ) උඩු යටිකුරු වීමෙන් පසු ඔහු පක්ෂයෙන් ඉල්ලා අස්විය ඔහු විසින් ලියවන ලද 'ඉතිහාසය හමුවේ ලයනල් බෝපගේ ' නමැති කෘතියේ 421 වන පිටුවේ මෙසේ සඳහන් වේ
" ඇතැම් මධ්යම කමිටු සාමාජිකයන් පක්ෂයෙන් නෙරපා දැමීම සඳහා විනයානුකුල ක්රියාමාර්ග ගතයුතු යයි බෝපගේ නිර්දේශ කළේය . ඊට හේතු වුයේ ඔව්න් පක්ශයේ මුදල් එහි කටයුතු සඳහා යොදවනු වෙනුවට තම පෞද්ගලික කටයුතු සඳහා වැය කිරීමය .මෙය සිදුවුයේ දේශපාලන මණ්ඩලයේ වගකිවයුතු තනතුරු ඉසිලීමට තරම් සුදුසු පුද්ගලයන් නැතිකම නිසා සහ විවධ සංවිධාන ඒකක තුල පුර්නකාලිකයන්ට සමාන ලෙස සැලකීමක් සිදු නොවීම නිසාය . රෝහණ විජේවීර මෙබඳු ඇතැම් පුද්ගලයන් සමග සමීප සම්බන්ධකම් පවත්වාගෙන ගියේය "

Comments

Lalith said…
දෙපැත්ත මාරු කර කර දැන් අවුරුදු ගානක් මේ හොරුන් පත්කරපු අපිට, පරිපාලනය දේශපාලනය ගැන මෙලෝ සංසාරයක් නොදන්නා කෙනෙක් හැටනම ලස්සයක් චන්ද දීල පත්කර ගත්තු අපිට ජේවීපී එකට එනපර චන්දෙ දෙනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි.
This maybe the last chance...

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා