මම පළමු වරට ඥානසාර හිමියන් දුටුවේ විහාරමහා දෙවි එළිමහන් රංග පීඨයේ පැවතී යුධ විරෝධී රැස්වීමකදීය ඔහු තවත් භික්ෂුන් කීප දෙනෙකු සමග බලහත්කාරයෙන් වේදිකාවට නැග රැස්වීම කඩාකප්පල් කිරීමට උත්සාහ කළේය . පැමිණි සිටි පිරිස ඔහු සහ අනෙකුත් භික්ෂුන් වේදිකාවෙන් බිමට ඇද පන්නා දැම්මෝය . පහර කීපයක්ද ඔවුන්ට වදිනු දුටුවෙමි.
ඉන් කලකට පසු දෙමල විරෝධය ඔහු අතහැර දැම්මේය තමන් වැරදි බව පිළිගත්තේය ඉන්පසු නොර්වේ රටට යාමට ආශාවක් ඥානසාර හිමිට පහලවූ අතර මහින්ද ආණ්ඩුවේද ඇමතිවරයෙක් වූ රාජිත සේනාරත්න මහතාගේ සහයෝගයෙන් නොර්වේ රටට ගොස් කෙටි කාලයක් එහි ගත කළ අතර නොර්වේ අමාත්‍ය සෝල්හයිම් සමග පින්තුර ගත් බවද ඔහු පිළිගත්තේය නොර්වේ සිට ආපසු පැමිණි ඥානසාර හිමි දෙමල විරෝධය වෙනුවට මුස්ලිම් විරෝධය ආරම්භ කළේය .
එම මුස්ලිම් විරෝධී ව්‍යාපාරය කෝටි දහස් ගණනක දේපොළ විනාශ කළා පමණක් නොව මුස්ලිම් ජිවිත කීපයක්ද බිලිගත්තේය.
ඒ අතර තුර දේශපාලනයට බැස නාගයා ලකුණෙන් මැතිවරණය තරඟ කළ උන්වහන්සේට ලැබුනේ ඉතා සුළු චන්ද ප්රමාණයකි එයින් මහත් කලකිරීමට පත් ඒ හිමි දේශපාලනයෙන් ඉවත් වෙන බවට ප්‍රකාශයක් කළේය
අධිකරණයට අපහාස කිරීම නිසා අවුරුදු 19 සිර දඬුවමක් ලැබූ ඥානසාර හිමි මාස නමයක් පමණක් එහි ගත කොට ඊයේ එලියට ආවේය .
ඉදිරි කාලයේදී බණක් භාවනාවක් කරගෙන සිටින බවත් ඉතා වෙහෙස බවත් මාධ්‍යට කි ඔහු ඊයේ හැන්දාවේම ජනාධිපති හමුවීමට ගියේය . එය ජනාධිපතිවරයාගේ ආරාධනාවක් මත බව පැහදිලිය .
අද දහවල් දානයට තිලංග සුමතිපාල ගේ ආරාධනයෙන් එහි ගියේ හිරගෙදරින් නිදහස් කිරීමට කපු කම කළ නිසා පමණක් යයි සැලකිය නොහැක .අනාගත වැඩසටහනද එහිදී නැවත සාකච්චා කරන්නට ඇත.
කෙසේ වෙතත් අද රාත්‍රී දෙරණ ප්රවෘත්ති හරහා ඥානසාර හිමි කල ප්‍රකාශය අනුව ඔහු සුදානම් වන්නේ පැරණි ගමන යාමට නොවෙන බවට අනුමාන කල හැකිය
එහිදී රාජපක්ෂ වරුන්ටද නම නොකියා ටොක්කක් ඇන්නේය.
"අබ්දුල් රසික්ගෙන් අහගෙන තමා වටලන්න යන්නේ අබ්දුල් රසික් දැන් බබා වෙලා . එයා තමා මෙතන මහමොලය . ඒ මිනිහගෙන් අහගෙන වටලන්න ගිහිල්ල හරියනවද?"
යනුවෙන් ඥානසාර හිමි කිය. අබ්දුල් රසික් ට ගෝටා ආරක්ෂක ලේකම් කාලයේ ආරක්ෂක අමාත්‍යංශයේ රහසිගත ගිණුමකින් වැටුප් ගෙවූ බව දැන් රහසක් නොවේ.
"සල්ලි දීල අපි තොරතුරු ගත්තා ' යයි මහින්ද පසුගිය දිනක ප්‍රසිද්ධියේ කිවේය.
ඥානසාර හිමි අද කළ ප්‍රකාශය අනුව එය රාජපක්ෂලාට ඇන්න ටොක්කක් බව එයින් පැහැදිලිය .
කෙසේ වෙතත් ඥානසාර හිමිට නිදහස ලැබුනේ නිකම් නොවේ තිලංග සුමතිපාල සහ අසාද් සාලි හිරගෙදරට රහසිගතව ගියේ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කොන්දේසි ගැන එකඟ කරගැනීමට විය යුතුය එම කොන්දේසි මොනවාදැයි ඉදිරිකාලයේ ඥානසාර හිමිගේ වචන වලින් සහ හැසිරීමෙන් හෙලිවෙනු ඇත
දෙමල විරෝධය අත් හැරී සේම මුස්ලිම් විරෝධයද අත් හැර මුස්ලිම් මිනිසුන් සමග එක්වී ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ගමනක් ඇරඹීමට ඥානසාර හිමි සුදානම් වෙමින් සිටින්නේද ?
ඥානසාර හිමි අද කළ ප්‍රකාශයේ එවැනි ඉඟි කීපයක් තිබිණ හෙට අනිද්දා වන විට චිත්‍රය වඩාත් පැහැදිලිවෙනු ඇත.
Comments
කොටි ගනන ඉලක්කමකින් කියන්න.
ඥානසාර හාමුදුරුවන්ගේ එක හොඳක් කියන්න.
1983 ජූලි කලබලවලදී හානියන් වුන දෙමලෙක්ගේ එක නරකක් කියන්න.
මටත් මතකයි ඔය්ට සිද්ධිය.
ඔයාලටත් යුද්දෙ කඩාකප්පල්කරන්න මීටින් තියන්න බැරිවුනා නේද ඊට පස්සෙ