Skip to main content

ඥානසාර හිමිගේ අලුත් අඩව්ව කුමක්ද?



Image result for gnanasara thero

මම පළමු වරට ඥානසාර හිමියන් දුටුවේ විහාරමහා දෙවි එළිමහන් රංග පීඨයේ පැවතී යුධ විරෝධී රැස්වීමකදීය ඔහු තවත් භික්ෂුන් කීප දෙනෙකු සමග බලහත්කාරයෙන් වේදිකාවට නැග රැස්වීම කඩාකප්පල් කිරීමට උත්සාහ කළේය . පැමිණි සිටි පිරිස ඔහු සහ අනෙකුත් භික්ෂුන් වේදිකාවෙන් බිමට ඇද පන්නා දැම්මෝය . පහර කීපයක්ද ඔවුන්ට වදිනු දුටුවෙමි.


ඉන් කලකට පසු දෙමල විරෝධය ඔහු අතහැර දැම්මේය තමන් වැරදි බව පිළිගත්තේය ඉන්පසු නොර්වේ රටට යාමට ආශාවක් ඥානසාර හිමිට පහලවූ අතර මහින්ද ආණ්ඩුවේද ඇමතිවරයෙක් වූ රාජිත සේනාරත්න මහතාගේ සහයෝගයෙන් නොර්වේ රටට ගොස් කෙටි කාලයක් එහි ගත කළ අතර නොර්වේ අමාත්‍ය සෝල්හයිම් සමග පින්තුර ගත් බවද ඔහු පිළිගත්තේය නොර්වේ සිට ආපසු පැමිණි ඥානසාර හිමි දෙමල විරෝධය වෙනුවට මුස්ලිම් විරෝධය ආරම්භ කළේය .


එම මුස්ලිම් විරෝධී ව්‍යාපාරය කෝටි දහස් ගණනක දේපොළ විනාශ කළා පමණක් නොව මුස්ලිම් ජිවිත කීපයක්ද බිලිගත්තේය.

ඒ අතර තුර දේශපාලනයට බැස නාගයා ලකුණෙන් මැතිවරණය තරඟ කළ උන්වහන්සේට ලැබුනේ ඉතා සුළු චන්ද ප්‍රමාණයකි එයින් මහත් කලකිරීමට පත් ඒ හිමි දේශපාලනයෙන් ඉවත් වෙන බවට ප්‍රකාශයක් කළේය


අධිකරණයට අපහාස කිරීම නිසා අවුරුදු 19 සිර දඬුවමක් ලැබූ ඥානසාර හිමි මාස නමයක් පමණක් එහි ගත කොට ඊයේ එලියට ආවේය .


ඉදිරි කාලයේදී බණක් භාවනාවක් කරගෙන සිටින බවත් ඉතා වෙහෙස බවත් මාධ්‍යට කි ඔහු ඊයේ හැන්දාවේම ජනාධිපති හමුවීමට ගියේය . එය ජනාධිපතිවරයාගේ ආරාධනාවක් මත බව පැහදිලිය .


අද දහවල් දානයට තිලංග සුමතිපාල ගේ ආරාධනයෙන් එහි ගියේ හිරගෙදරින් නිදහස් කිරීමට කපු කම කළ නිසා පමණක් යයි සැලකිය නොහැක .අනාගත වැඩසටහනද එහිදී නැවත සාකච්චා කරන්නට ඇත.


කෙසේ වෙතත් අද රාත්‍රී දෙරණ ප්‍රවෘත්ති හරහා ඥානසාර හිමි කල ප්‍රකාශය අනුව ඔහු සුදානම් වන්නේ පැරණි ගමන යාමට නොවෙන බවට අනුමාන කල හැකිය


එහිදී රාජපක්ෂ වරුන්ටද නම නොකියා ටොක්කක් ඇන්නේය.


"අබ්දුල් රසික්ගෙන් අහගෙන තමා වටලන්න යන්නේ අබ්දුල් රසික් දැන් බබා වෙලා . එයා තමා මෙතන මහමොලය . ඒ මිනිහගෙන් අහගෙන වටලන්න ගිහිල්ල හරියනවද?"


යනුවෙන් ඥානසාර හිමි කිය. අබ්දුල් රසික් ට ගෝටා ආරක්ෂක ලේකම් කාලයේ ආරක්ෂක අමාත්‍යංශයේ රහසිගත ගිණුමකින් වැටුප් ගෙවූ බව දැන් රහසක් නොවේ.


"සල්ලි දීල අපි තොරතුරු ගත්තා ' යයි මහින්ද පසුගිය දිනක ප්‍රසිද්ධියේ කිවේය.


ඥානසාර හිමි අද කළ ප්‍රකාශය අනුව එය රාජපක්ෂලාට ඇන්න ටොක්කක් බව එයින් පැහැදිලිය .


කෙසේ වෙතත් ඥානසාර හිමිට නිදහස ලැබුනේ නිකම් නොවේ තිලංග සුමතිපාල සහ අසාද් සාලි හිරගෙදරට රහසිගතව ගියේ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කොන්දේසි ගැන එකඟ කරගැනීමට විය යුතුය එම කොන්දේසි මොනවාදැයි ඉදිරිකාලයේ ඥානසාර හිමිගේ වචන වලින් සහ හැසිරීමෙන් හෙලිවෙනු ඇත



දෙමල විරෝධය අත් හැරී සේම මුස්ලිම් විරෝධයද අත් හැර මුස්ලිම් මිනිසුන් සමග එක්වී ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ගමනක් ඇරඹීමට ඥානසාර හිමි සුදානම් වෙමින් සිටින්නේද ?


ඥානසාර හිමි අද කළ ප්‍රකාශයේ එවැනි ඉඟි කීපයක් තිබිණ හෙට අනිද්දා වන විට චිත්‍රය වඩාත් පැහැදිලිවෙනු ඇත.

Comments

Jagath Pathirana said…
එම මුස්ලිම් විරෝධී ව්‍යාපාරය කෝටි දහස් ගණනක දේපොළ විනාශ කළා පමණක් නොව මුස්ලිම් ජිවිත කීපයක්ද බිලිගත්තේය.

කොටි ගනන ඉලක්කමකින් කියන්න.

ඥානසාර හාමුදුරුවන්ගේ එක හොඳක් කියන්න.
1983 ජූලි කලබලවලදී හානියන් වුන දෙමලෙක්ගේ එක නරකක් කියන්න.
yakageadaviya said…
ඔබ දෙමළ සහ කොටි කියන වචන සමාන වචන ලෙස සළකන බව පේනව.
මටත් මතකයි ඔය්ට සිද්ධිය.
ඔයාලටත් යුද්දෙ කඩාකප්පල්කරන්න මීටින් තියන්න බැරිවුනා නේද ඊට පස්සෙ
Anonymous said…
ශ්‍රී ලංකා පොලිසියට බුදුබව අත්වෙන්න ඕනි අපිට ආරක්ෂාව ලබා දෙනවාට..
Jagath Pathirana said…
ඇමරිකානුවෝ හා අපේ දෙමළ පොල් බූරුවෝ

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...