Skip to main content

ඥානසාර හිමිගේ අලුත් අඩව්ව කුමක්ද?



Image result for gnanasara thero

මම පළමු වරට ඥානසාර හිමියන් දුටුවේ විහාරමහා දෙවි එළිමහන් රංග පීඨයේ පැවතී යුධ විරෝධී රැස්වීමකදීය ඔහු තවත් භික්ෂුන් කීප දෙනෙකු සමග බලහත්කාරයෙන් වේදිකාවට නැග රැස්වීම කඩාකප්පල් කිරීමට උත්සාහ කළේය . පැමිණි සිටි පිරිස ඔහු සහ අනෙකුත් භික්ෂුන් වේදිකාවෙන් බිමට ඇද පන්නා දැම්මෝය . පහර කීපයක්ද ඔවුන්ට වදිනු දුටුවෙමි.


ඉන් කලකට පසු දෙමල විරෝධය ඔහු අතහැර දැම්මේය තමන් වැරදි බව පිළිගත්තේය ඉන්පසු නොර්වේ රටට යාමට ආශාවක් ඥානසාර හිමිට පහලවූ අතර මහින්ද ආණ්ඩුවේද ඇමතිවරයෙක් වූ රාජිත සේනාරත්න මහතාගේ සහයෝගයෙන් නොර්වේ රටට ගොස් කෙටි කාලයක් එහි ගත කළ අතර නොර්වේ අමාත්ය සෝල්හයිම් සමග පින්තුර ගත් බවද ඔහු පිළිගත්තේය නොර්වේ සිට ආපසු පැමිණි ඥානසාර හිමි දෙමල විරෝධය වෙනුවට මුස්ලිම් විරෝධය ආරම්භ කළේය .


එම මුස්ලිම් විරෝධී ව්යාපාරය කෝටි දහස් ගණනක දේපොළ විනාශ කළා පමණක් නොව මුස්ලිම් ජිවිත කීපයක්ද බිලිගත්තේය.

ඒ අතර තුර දේශපාලනයට බැස නාගයා ලකුණෙන් මැතිවරණය තරඟ කළ උන්වහන්සේට ලැබුනේ ඉතා සුළු චන්ද ප්රමාණයකි එයින් මහත් කලකිරීමට පත් ඒ හිමි දේශපාලනයෙන් ඉවත් වෙන බවට ප්රකාශයක් කළේය


අධිකරණයට අපහාස කිරීම නිසා අවුරුදු 19 සිර දඬුවමක් ලැබූ ඥානසාර හිමි මාස නමයක් පමණක් එහි ගත කොට ඊයේ එලියට ආවේය .


ඉදිරි කාලයේදී බණක් භාවනාවක් කරගෙන සිටින බවත් ඉතා වෙහෙස බවත් මාධ්යට කි ඔහු ඊයේ හැන්දාවේම ජනාධිපති හමුවීමට ගියේය . එය ජනාධිපතිවරයාගේ ආරාධනාවක් මත බව පැහදිලිය .


අද දහවල් දානයට තිලංග සුමතිපාල ගේ ආරාධනයෙන් එහි ගියේ හිරගෙදරින් නිදහස් කිරීමට කපු කම කළ නිසා පමණක් යයි සැලකිය නොහැක .අනාගත වැඩසටහනද එහිදී නැවත සාකච්චා කරන්නට ඇත.


කෙසේ වෙතත් අද රාත්රී දෙරණ ප්රවෘත්ති හරහා ඥානසාර හිමි කල ප්රකාශය අනුව ඔහු සුදානම් වන්නේ පැරණි ගමන යාමට නොවෙන බවට අනුමාන කල හැකිය


එහිදී රාජපක්ෂ වරුන්ටද නම නොකියා ටොක්කක් ඇන්නේය.


"අබ්දුල් රසික්ගෙන් අහගෙන තමා වටලන්න යන්නේ අබ්දුල් රසික් දැන් බබා වෙලා . එයා තමා මෙතන මහමොලය . ඒ මිනිහගෙන් අහගෙන වටලන්න ගිහිල්ල හරියනවද?"


යනුවෙන් ඥානසාර හිමි කිය. අබ්දුල් රසික් ට ගෝටා ආරක්ෂක ලේකම් කාලයේ ආරක්ෂක අමාත්යංශයේ රහසිගත ගිණුමකින් වැටුප් ගෙවූ බව දැන් රහසක් නොවේ.


"සල්ලි දීල අපි තොරතුරු ගත්තා ' යයි මහින්ද පසුගිය දිනක ප්රසිද්ධියේ කිවේය.


ඥානසාර හිමි අද කළ ප්රකාශය අනුව එය රාජපක්ෂලාට ඇන්න ටොක්කක් බව එයින් පැහැදිලිය .


කෙසේ වෙතත් ඥානසාර හිමිට නිදහස ලැබුනේ නිකම් නොවේ තිලංග සුමතිපාල සහ අසාද් සාලි හිරගෙදරට රහසිගතව ගියේ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කොන්දේසි ගැන එකඟ කරගැනීමට විය යුතුය එම කොන්දේසි මොනවාදැයි ඉදිරිකාලයේ ඥානසාර හිමිගේ වචන වලින් සහ හැසිරීමෙන් හෙලිවෙනු ඇත



දෙමල විරෝධය අත් හැරී සේම මුස්ලිම් විරෝධයද අත් හැර මුස්ලිම් මිනිසුන් සමග එක්වී ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ගමනක් ඇරඹීමට ඥානසාර හිමි සුදානම් වෙමින් සිටින්නේද ?


ඥානසාර හිමි අද කළ ප්රකාශයේ එවැනි ඉඟි කීපයක් තිබිණ හෙට අනිද්දා වන විට චිත්රය වඩාත් පැහැදිලිවෙනු ඇත.

Comments

Jagath Pathirana said…
එම මුස්ලිම් විරෝධී ව්‍යාපාරය කෝටි දහස් ගණනක දේපොළ විනාශ කළා පමණක් නොව මුස්ලිම් ජිවිත කීපයක්ද බිලිගත්තේය.

කොටි ගනන ඉලක්කමකින් කියන්න.

ඥානසාර හාමුදුරුවන්ගේ එක හොඳක් කියන්න.
1983 ජූලි කලබලවලදී හානියන් වුන දෙමලෙක්ගේ එක නරකක් කියන්න.
yakageadaviya said…
ඔබ දෙමළ සහ කොටි කියන වචන සමාන වචන ලෙස සළකන බව පේනව.
මටත් මතකයි ඔය්ට සිද්ධිය.
ඔයාලටත් යුද්දෙ කඩාකප්පල්කරන්න මීටින් තියන්න බැරිවුනා නේද ඊට පස්සෙ
Anonymous said…
ශ්‍රී ලංකා පොලිසියට බුදුබව අත්වෙන්න ඕනි අපිට ආරක්ෂාව ලබා දෙනවාට..
Jagath Pathirana said…
ඇමරිකානුවෝ හා අපේ දෙමළ පොල් බූරුවෝ

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට