Skip to main content

ඇමරිකානුවෝ සහ අපේ පොල් බූරුවෝ



Image may contain: house, outdoor and nature

මුස්ලිම් අන්තවාදීන් විසින් කරන ලද ලොකුම ත්‍රස්ත ප්‍රහාරය 2001 /9/11 දින ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල කරන ලද ප්‍රහාරයයි එම ප්‍රහාරයෙන් තට්ටු 101 කින් යුතු ගොඩනැගිල්ලක් කඩා වැටුණි අවට ගොඩනැගිලිවලටද බරපතල හානි සිදුවිය මියගිය ගණන 2996 කි තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව 6000 ඉක්මවයි සිදුවූ දේපොළ හානිය අවම වශයෙන් ඩොලර් බිලියන 10 කි

එම ප්‍රහාරය එල්ල කළේ අල්ඛයිඩා සංවිධානයට අයත් මුස්ලිම් ත්‍රස්ත පිරිසකි මෙම ප්‍රහාරය නිසා ඇමරිකානුවන් තුල ඇතිවූ කම්පනය කොපමණදැයි වටහා ගැනීම ඔබට භාරය

ඒ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ විසු මුස්ලිම් මිනිසුන්ගේ සංඛ්‍යාව 23 ලක්ෂයකට ආසන්න විය .ඔවුන් සොයා ගොස් ඔවුන් මර දැමීමට ඔවුන්ගේ දෙපොල ගිනි තැබීමට , ඔවුන්ගේ ව්‍යාපාර විනාශ කිරීමට, මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමට ඔවුන් මරා දැමීමට 9/11 ප්‍රහාරය නිසා ඇමරිකානුවන් පෙළඹුනේ නැත.


Image result for 9/11 attack

එසේ වුයේ නම් මුස්ලිම් ත්‍රස්තයන් අඩු වශයෙන් දාහක්වත් ඇමරිකාවේ උප්පත්තිය ලබන්නට ඉඩ තිබිණ.



බෞද්ධ සංස්කෘතිය උපන්දා සිට පානය කරන අපේ පොල්බුරුවෝ ක්‍රිස්තියානි ඇමරිකානුවන් මෙන් නොවේ .ත්‍රස්තයන් හමුවේ ඇඳන් යටට වී සිටින ඔවුහු අවස්ථාවක් ලද විගස අහිංසක මුස්ලිම් මිනිසුන්ගේ දේපොළ මංකොල්ල කති, . ගිනි තබති. මිනි මරති.



ත්‍රස්තවාදීන් දුසින් ගණනින් බිහි කරන්නේ තමන්ගේ එම ක්‍රියා තුලින් බව එම මැට්ටෝ නොදනිති .


මේවා පාලනය කරන්නට 1956 සිට මෙතෙක් බලයට පත් කිසිම ආණ්ඩුවක් කෙලින් වැඩ කලේ නැත. පළමු අවස්ථාවේදීම කළමනා පොඩි පට්ටම් වී යාමට පුකට වෙඩි තිබ්බේ නම් නැවතත් තම්බින්ට හෝ දෙමළුන්ට ගහන්නට යන්නේ නැත උන් අපිට ගහන්නට එන්නෙත් නැත .

.
ජාතිවාදී කලකොලහලවලදී බොහෝ විට ඇසෙන චෝදනාවක් වන්නේ ආරක්ෂක හමුදාවන්හි සහයද මංකොල්ල කරුවනට ලැබෙන බවය පෙරේදාත් එය සිදුවූ බවට චෝදනා එල්ල විය.



හරි හමං ආණ්ඩුවකට නම් මේවාට බෙහෙත් තිබේ එහෙත් 'ආණ්ඩු බලය පළමුව රට දෙවනුව' යන ප්‍රතිපත්තිය අනුගමනය කරන ශත 5 දේශපාලකයන් ආණ්ඩුවේත් විපක්ෂයෙත් අති බහුතරය වන බැවින් අපි ගමන් කරන්නේ සිංගප්පුරුව දෙසට නොව සෝමාලියාව දෙසට බව ඉතා පැහැදිලිය 

Comments

Anonymous said…
කවුද අපේබූරුවෝ කියන්නේ,
ඔය කියන්නේ සිංහලයෝ ගැනද? ශ්‍රීලාංකිකයෝ ගැනද?
ඔබ මොකෙක්ද?

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...