Skip to main content

කඩු සහ බොරු


Image may contain: one or more people and shoes


පල්ලි වල කඩු තොග පිටින් තිබීමට ඇත්ත හේතුව කුමක්දැ දැයි කීමට මුස්ලිම් දේශපාලනඥයන්ට තබා මුස්ලිම් සිවිල් ජන නායකයනටද නොහැකි වී තිබේ . 


ඇතැම් ගෙවල්වල සහ ව්‍යාපාරික ස්ථානවල සිංහල දෙමල , මුස්ලිම් භේදයකින් තොරව කඩු කිණිසි තිබේ. එසේ තබා ගන්නේ මංකොල්ල කාරයන්ගෙන් සහ හොරුන්ගෙන් ආරක්ෂා වීම සඳහා විය හැක
.
එහෙත් පල්ලි වල බ්‍රෑන්ඩ් නිව් කඩු තොග පිටින් තබා ගෙන සිටියේ මන්දැයි මුස්ලිම් නායකයන්ගෙන් ඇසු විට ඔවුන්ට කට උත්තර නැත


කඩු තොග පිටින් අසුවීම මුස්ලිම් ජාතිකයන් කෙරෙහි අන්‍ය ජනවර්ගයන් තුල අවිශ්වාසය වැඩි කිරීමට හේතු වී තිබේ තර්කන බුද්ධිය නැති අය සිතන්නේ ඔවුන්ද ලංකා ISIS කාරයන් ලෙසය . එමෙන්ම කඩු අසුවීම තුලින් සමස්ත මුස්ලිම් සමාජයම අන්ද මන්ද කර තිබෙන අතර බඩුත් සමග හොරුන් අසුවූ විට හොරුන් මුහුණ දෙන බය සහ ලජ්ජාවට මුස්ලිම් සමාජයට මුහුණ දීමට අද සිදුවී තිබේ .


මගේ විශ්වාසය නම් පල්ලි වලට කඩු තිබු පමණින් ඔවුන් ජාතික තව්හීඩ් ජමාත් ත්‍රස්ත සංවිධානයට කිසිදු සම්බන්ධයක් නැත යන්නය. මුස්ලිම් සමාජය තියුණු ආගමික බෙදීම් සහිත සමාජයකි .ලංකාවේද මුස්ලිම් ජාතිකයන් ආගමික බෙදීම් පදනම් කරගෙන අරින වර එකිනෙකාට ගල් මුල් ගසාගෙන තිබේ .ඉරාකයේ මෙන්ම පකිස්ථානයේ සුන්නි සහ ශීට් ගැටුම කොතරම් උග්‍ර ද යත් එකිනෙකාගේ පල්ලි වලට බෝම්බ ගසා බොහෝ අය මරා දැමු අවස්ථා සිය වාරයකට වැඩිය .


පල්ලිවල කඩු තොග ගණනින් රැස් කරගෙන සිටින්නේ සිංහලයන් විසින් මුස්ලිම් ජාතිකයන්ට යලි වතාවක් පහර දුනහොත් ප්‍රතිප්‍රහාර දීමට බව අනුමාන කිරීම සාධාරණය 2014 දර්ගා ටවුමේ අලුත්ගම , බේරුවල මුස්ලිම් ජාතිකයනට පහර දීම සඳහා ඥානසාර කල්ලිය විසින් මිනිසුන් මෙහෙයවීමෙන් කීප දෙනෙකු මිය ගිය අතර මුස්ලිම් මිනිසුන්ගේ කෝටි සියගණනක් වටින දේපොළ ගිනිතබා විනාශ කර දමන ලද අතර තවත් දේපොළ මංකොල්ල කන ලදී .


තවත් අවස්ථාවකදී දෙහිවල විශාල මුස්ලිම් වෙළඳ ආයතනයක් ගිනි තබනු ලැබිය ගින්තොටදී ද මුස්ලිම් සිංහල ගැටුමක් ඇති කරනු ලැබිණ ගිය වසරේ මහනුවට අවට මුස්ලිම් පල්ලි කීපයකටද , මුස්ලිම්දේ ජාතිකයන්ගේ වෙළඳ ව්‍යාපාර සහ නිවාස වලට පහර දීම හෝ ගිනිතැබීම මහසොන්නු විසින් කර ලදී එහිදී සිදුවූ අලාභය අති විශාලය
එවැනි බිය කරු අත්දැකීම් ලැබූ මුස්ලිම් ජනයා යලිත් එවැනි ප්‍රහාරයක්
සිදු වෙනු ඇතැයි අනුමාන කොට ඊට මුහුණ දීම සඳහා කඩු කිණිසි සහ දුටුවිට පවා භීතියක් ඇති කරන තියුණු පිහි වලින් සන්නද්ධ වී තිබේ දැන් අසුවෙන්නේ ඒවාය .


අවි ගත්තෝ අවියෙන් නැසිය හැකි බැවින් ආයුධ රැස්කිරීම ඥානවන්ත පියවරක් නොවේ. එය ආපසු තමන්ටම කරකැවී පැමිණිය හැක
අන්තවාදී සිංහලයන්ගේ මෙහෙයවීමෙන් සිංහල ජනයාගේ ප්‍රහාරයක් මුස්ලිම් ජනයට එල්ල වුවහොත් සහ එයට ප්‍රතිප්‍රහාර දීමට මුස්ලිම් ජාතිකයන් රැස්කර ගත් ආයුධ වලින් පෙරලා පහර දුන්නේ නම් ඇතිවන්නේ සිතා ගැනීමටවත් නොහැකි විනාශයකි 1983 කළු ජුලිය මෙන් දස ගුණයකට වඩා එය බිහිසුණු විය හැක .


මේවාට වග කිව යුත්තේ දේශපාලකයන් පමණක් නොවේ ජාතිවාදී සංවිධාන පමණක් නොවේ ඇතැම් බෞද්ධ භික්ෂුන් මෙන්ම මුස්ලිම් පල්ලිවල පුජකයන්ද වග කිව යුතුය මගේ මුස්ලිම් මිත්‍රයෙකුට අනුව ඇතැම් මුස්ලිම් පුජකයන් විසින් අනෙකුත් ජනවර්ග වලින් මුස්ලිම් ජනයා ඈත් කර තැබීම සඳහා වෛරී සහගත දේශනා සැම සිකුරාදා දිනකම වාගේ පල්ලිවල පවත්වති. එමෙන්ම මද්‍රසා පාසල් විසින්ද එයම කරනු ලැබේ.


මේ දුෂ්ට සහ විනාශකාරී වැඩ පිළිවෙල නැවත්වීමේ ප්‍රධානතම වගකීම ඇත්තේ ආණ්ඩුවටය . පල්ලියේ මෙන්ම පන්සලේ පදයට ආණ්ඩුව නැටීම පළමුවෙන්ම නතර කල යුතුය . එමෙන්ම සියලු ජනකොටස් වලට වෙන වෙනම තිබෙන නීති අහෝසි කොට නිතිය සියල්ලනට සමාන විය යුතු සේම අපක්ෂ පාති ලෙස එය ක්‍රියාත්මක කල යුතුය.


ජනවර්ග අතර තිබෙන අවිශ්වාසය තුරන් කිරීමේ පළමු පියවර වන්නේ එයයි
.

Comments

Jagath Pathirana said…
//මගේ මුස්ලිම් මිත්‍රයෙකුට අනුව ඇතැම් මුස්ලිම් පුජකයන් විසින් අනෙකුත් ජනවර්ග වලින් මුස්ලිම් ජනයා ඈත් කර තැබීම සඳහා වෛරී සහගත දේශනා සැම සිකුරාදා දිනකම වාගේ පල්ලිවල පවත්වති. එමෙන්ම මද්‍රසා පාසල් විසින්ද එයම කරනු ලැබේ.

මෙය සුදුකුකුලාගේ මනෝ බ්‍රාන්තියක්.
Anonymous said…
මහත්මයාගේ බ්ලොග් අඩවියේ ලිපි මා නොවරදවාම කියනවනවා. එහෙත් මෙහි කොමන්ටු පළකරනා ක්‍රමය අපහසු නිසා ඔබගේ ලිපි ගැන මාගේ අදහස් පළකිරීම අත්පසුව තිබෙනවා. ඔබගේ ලිපි ගැන මෙහි සංවාදයක් සිදුවීම අඩුත් මේ කොමෙන්ටු පද්ධතියයේ තියෙන ගැටලුව විය හැකියි.
Anonymous said…
සවුදියේ රජයෙන්
ලද තෑගි මුදලින්
නිමාකල බව කියති
ෂරියා සරසවිය
මඩකලපුවේ

හිස්බුල්ලා පුතුට
හිමි කොටස
එහි ජයට
පන්සියයක්ම වේ
රුපියල් වලින් මිලියන

කොහොම එය ලැබුනාද
ඩේසි ආච්චි දුන්නාද
පැනයකි පැනනැගුණ
කිසි දිනක නොවිසඳෙන

අදි ෂරි ඉල්ලෙයි
හිස්බුල්ලා!




Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...