Skip to main content

ඇමරිකානුවෝ සහ අපේ පොල් බූරුවෝ



Image may contain: house, outdoor and nature

මුස්ලිම් අන්තවාදීන් විසින් කරන ලද ලොකුම ත්‍රස්ත ප්‍රහාරය 2001 /9/11 දින ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල කරන ලද ප්‍රහාරයයි එම ප්‍රහාරයෙන් තට්ටු 101 කින් යුතු ගොඩනැගිල්ලක් කඩා වැටුණි අවට ගොඩනැගිලිවලටද බරපතල හානි සිදුවිය මියගිය ගණන 2996 කි තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව 6000 ඉක්මවයි සිදුවූ දේපොළ හානිය අවම වශයෙන් ඩොලර් බිලියන 10 කි

එම ප්‍රහාරය එල්ල කළේ අල්ඛයිඩා සංවිධානයට අයත් මුස්ලිම් ත්‍රස්ත පිරිසකි මෙම ප්‍රහාරය නිසා ඇමරිකානුවන් තුල ඇතිවූ කම්පනය කොපමණදැයි වටහා ගැනීම ඔබට භාරය

ඒ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ විසු මුස්ලිම් මිනිසුන්ගේ සංඛ්‍යාව 23 ලක්ෂයකට ආසන්න විය .ඔවුන් සොයා ගොස් ඔවුන් මර දැමීමට ඔවුන්ගේ දෙපොල ගිනි තැබීමට , ඔවුන්ගේ ව්‍යාපාර විනාශ කිරීමට, මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමට ඔවුන් මරා දැමීමට 9/11 ප්‍රහාරය නිසා ඇමරිකානුවන් පෙළඹුනේ නැත.


Image result for 9/11 attack

එසේ වුයේ නම් මුස්ලිම් ත්‍රස්තයන් අඩු වශයෙන් දාහක්වත් ඇමරිකාවේ උප්පත්තිය ලබන්නට ඉඩ තිබිණ.



බෞද්ධ සංස්කෘතිය උපන්දා සිට පානය කරන අපේ පොල්බුරුවෝ ක්‍රිස්තියානි ඇමරිකානුවන් මෙන් නොවේ .ත්‍රස්තයන් හමුවේ ඇඳන් යටට වී සිටින ඔවුහු අවස්ථාවක් ලද විගස අහිංසක මුස්ලිම් මිනිසුන්ගේ දේපොළ මංකොල්ල කති, . ගිනි තබති. මිනි මරති.



ත්‍රස්තවාදීන් දුසින් ගණනින් බිහි කරන්නේ තමන්ගේ එම ක්‍රියා තුලින් බව එම මැට්ටෝ නොදනිති .


මේවා පාලනය කරන්නට 1956 සිට මෙතෙක් බලයට පත් කිසිම ආණ්ඩුවක් කෙලින් වැඩ කලේ නැත. පළමු අවස්ථාවේදීම කළමනා පොඩි පට්ටම් වී යාමට පුකට වෙඩි තිබ්බේ නම් නැවතත් තම්බින්ට හෝ දෙමළුන්ට ගහන්නට යන්නේ නැත උන් අපිට ගහන්නට එන්නෙත් නැත .

.
ජාතිවාදී කලකොලහලවලදී බොහෝ විට ඇසෙන චෝදනාවක් වන්නේ ආරක්ෂක හමුදාවන්හි සහයද මංකොල්ල කරුවනට ලැබෙන බවය පෙරේදාත් එය සිදුවූ බවට චෝදනා එල්ල විය.



හරි හමං ආණ්ඩුවකට නම් මේවාට බෙහෙත් තිබේ එහෙත් 'ආණ්ඩු බලය පළමුව රට දෙවනුව' යන ප්‍රතිපත්තිය අනුගමනය කරන ශත 5 දේශපාලකයන් ආණ්ඩුවේත් විපක්ෂයෙත් අති බහුතරය වන බැවින් අපි ගමන් කරන්නේ සිංගප්පුරුව දෙසට නොව සෝමාලියාව දෙසට බව ඉතා පැහැදිලිය 

Comments

Anonymous said…
කවුද අපේබූරුවෝ කියන්නේ,
ඔය කියන්නේ සිංහලයෝ ගැනද? ශ්‍රීලාංකිකයෝ ගැනද?
ඔබ මොකෙක්ද?

Popular posts from this blog

පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන නාමල්ගේ මිතුරිය

                       ඇය  නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද  , කොළඹට චන්දය  ඉල්ලුවද ඇය  ගැන ලිපියක්  ලියන්නට   මේ මොහොත වෙන තුරු  මා සිතා  සිටියේ  නැත. ඊයේ මුහුණු පොතේ  පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු   නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට  පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය  ගැන වැඩි දුර  යමක් ලිවීම අවශ්‍ය  බව  පෙනුණි. එය කොළඹ  චන්ද දායකයනට ඇය ගැන තීරණයක්  ගැනීමට දායක වනු ඇත .  මේ  ආණ්ඩුව  බලයට  පැමිණි පසු  පත් කරනු ලැබූ  වරාය  , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා  විසින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ  කමිටුව  පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු  ඉතා  බරපතලය එම වාර්තාව අන්තර්  ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට  කියවිය  හැක .  එබැවින්  මා  මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ  කොළඹ නගර ස...

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...