Skip to main content

ලංකාවේ ISIS ව්‍යාපාරය ඉක්මනින් පරලොවට ?


Image result for LANKA THOWHEED JAMATH TERRORISTS ARRESTED BY POLICE



LTTE සංවිධානයේ සහ දේශප්රේමී ජනතා ව්යාපාරයේ (ජවිපෙ )සංවිධාන රටාව සහ සටන් ක්රම පිළිබඳව මෙන්ම ඒවා මැඩලීමට ආණ්ඩුවේ හමුදා ගනු ලැබූ ක්රියාමාර්ග පිළිබඳව නිරීක්ෂකයන් ලෙස අපට අවබෝධයක් තිබේ .


ලංකාවේ ISIS ව්යාපාරය දෙස බැලු විට ඔවුන්ගේ සටන් ක්රම ඉහත සංවිධාන දෙකේ සටන් ක්රම වලට වඩා වෙනස්ය එමෙන්ම මෙය මර්ධනය කිරීම සඳහා ආණ්ඩුවේ හමුදා සහ පොලීසය ගන්නා ක්රියා මාරගද වෙනස්ය



LTTE සංවිධානය අවුරුදු 30 කට ආසන්න කාලයක් සටන් කල අතර දේශප්රේමී ජනතා ව්යාපාරය අවුරුදු 3 ක් පමණ සටන් කළේය . එතරම් කාලයක් ඔවුන්ට සටන් කල හැකි වුයේ එම සංවිධානවලට එක්තරා ප්රමාණයකට සමාජයේ යම් යම් ස්ථරවල සහයෝගයක් තිබුණු නිසාය

එහෙත් තවුහීඩ් ජමාත් ඇතුළු අල්පයක් මුස්ලිම් ත්රත්යනට මුස්ලිම් සමාජයෙන් ලැබෙන සහය ඉතා අල්ප බව පෙනේ. එයට හේතුව වන්නේ බහුතරයක් මුස්ලිම් ජනයාගේ ආගමික විශ්වාසයන්ට එම අන්තවාදීන් විරුද්ධ වීම නිසාය. 


එමෙන්ම ඔවුන්ගේ සටන් ක්රමද ඉතා දුර්වල බව පෙනේ ප්රභාකරන් ඇතුළු lTTE නායකත්වය මෙන්ම ජවිපෙ නායකත්වය විනාශ වුයේ අවසන් අවස්ථාවේය . එහෙත් තවුහීඩ් ජමාත් සංවිධානයේ නායකයා පළමු අවස්ථාවේදීම අන් අය මරමින් දිවිනසා ගත්තේය ඔහුගේ සහෝදරයන් දෙදෙනා සහ පියා දින 6 ක් තුළ බෝම්බ පුපුරවාගෙන මිය ගියහ ඔවුන්ගේ ප්රධාන තිප්පොලවල කීපයක්ද අවි ආයුධ සැලකිය යුතු ප්රමාණයක්ද සාමාජිකයන් සැලකිය යුතු සංඛ්යාවක්ද දින හතක තුළ අසුවී තිබේ.



ආගමික උමතුවෙන් පෙළෙන්නට වැඩි සිහි බුද්ධියක්ද නැත ව්යාපාරයේ සාර්ථකත්වයට අල්ලා දෙවියන්ගේ සහයද අනිවාර්යයෙන්ම ලැබෙන බැවින් ඔවුන්ගේ අරමුණු ඉටුවනු ඇතැයි ඔවුහු නොඅනුමානවම විශ්වාස කරන්නට ඇත. 


සතියක් තුළ ආරක්ෂක හමුදා මේ තරම් සාර්ථකත්වයක් ලැබීමට හේතුවූ තවත් කරුණු 3 ක් තිබේ . 1 ජාතිවාදී ප්රති ප්රහාරයකට ආණ්ඩුව ඉඩ නොතැබීම. 2 ඒ නිසා සැලකිය යුතු මුස්ලිම් ජනපිරිසකගෙන් ආරක්ෂක හමුදාවනට සහය හිමිවීම .3 ආරක්ෂක හමුදා ත්රස්තවාදීන්ගේ සහ මුස්ලිම් ජනයාගේ වෙනස අවබෝධ කරගනිමින් ප්රවේසමෙන් මර්දන කටයුතු කිරීම එම කරුණු තුනය .


එමෙන්ම මෙම ත්රස්තයන්ගේ කෘරත්වය සමස්ත ලාංක්ක ජනයාගේ පිළිකුලට ලක්ව තිබීමද ත්රස්ත ව්යාපාරයේ අවසන් ගමනට උපකාර කරමින් තිබේ .තමන්ගේම දරුවන් මර දමන්නට මොවුන්ට හැකි නම් මොවුන්ට කල නොහැකි අපරාධයක් නොමැත පාසලකට ඇතුළුවී බෝම්බයක් පිපිරවීම මදුරුවෙක් මරන්නක් මෙන් ඉතා සුළු දෙයක් ලෙස ඔවුන් සලකති ඔවුන්ගේ දර්ශනයට අනුව අන්යාගමිකයන් සියල්ලෝම සතුරෝය


ඉහත හේතු නිසා ලංකාවේ මුස්ලිම් ත්රස්ත ව්යාපාරය ඉක්මනින් අවසන් ගමන් යාමට බොහෝ දුරට ඉඩ තිබේ .


එහෙත් අනාගතයේ දිනක යලිත් ISIS කරුවන් බිහිවීමට ඉඩ තිබේ .ඊට හේතුව  ඊට මග පාදන වහබ් වාදය මෙහි  පවතින නිසාය එබැවින්  මෙරටින් වහබ්වාදය  මුළුමනින්ම අතු ගා දැමීම සඳහා ස්ථිර සහ එඩිතර පියවර ගැනීම මේ මොහොතේ පාලකයන්ගේ ප්රධානතම වගකීමයි .

Comments

Jagath Pathirana said…
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ ශ්‍රි ලංකාව ගොඩනැගුනේ සිංහල දෙමල මුස්ලිම් හැමෝම එක සමානයි. ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කාතිය ඊට ඉහලයි මතවාදය යටතේයි. නිදහස ලැබිමෙන් පසු සංහල බෞද්ධ සංස්කෘතිය මුල්කරගත් ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීමේ වැඩපිලිවෙලට දෙමල ජාතිවාදය නිසා බාධා වුනා.
ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනැගී නැතිකම මුස්ලිම් අන්තවාදයට සහයක්. ඒ නිසා වහාබිවාදියාගේ සංස්කෘතියටත් සිංහල, දෙමළ සංස්කෘතීන් හා සමතැනක් ඉල්ලීමේ අයිතියක් ලැබී තිබෙනවා.
භාෂා දෙකක් යනු එක රටක්, එක බාශාවක් යනු රටවල් දෙකක් යන තකතීරු ප්‍රශාශය කල වාමාංශික දේශපාලකයොත් මේකට වගකිව යුතුයි.
Anonymous said…
මුස්ලිම් කාන්තා මුහුණු ආවරණ තහනම හා මුස්ලිම් ISIS විරෝධය-
කලු වළාකුලක දුටු රිදී රේඛාවක්!