Skip to main content

නිධානයක් වූ ලෙස්ටර් ට පස්ස පෙන්වීම



Image result for lester james peiris

   

 ලෙස්ටර් ජේම්ස්  පිරිස් මහතා, ලංකික සිනමාව  යා යුතු ඉසව්ව   රේඛාව සහ ඉන් පසු තැනු විශිෂ්ට සිනමා  කෘතීන්  මගින් අපට  කියා  දුන්නේය. එහෙත් ඔහු එළිකළ  මාවතේ  ගියේ අතලොස්සක් සිනමා  කරුවන් පමණි .බොහෝ සිනමා  කරුවන් විසින් කසි කබල්  ඉන්දියානු චිත්‍රපට අච්ච්වේ සිංහල  චිත්තර  පටි  අච්චු ගසා ප්‍රසිද්ධ  කළහ . එමගින්  ඔවුන්ගේ සාක්කු පුරවා  ගත්  අතර ලාංකික සිනමාව වල පල්ලට ඇද දැම්මේය .


ලෙස්ටර් යුරෝපයේ හෝ ඇමරිකාවේ උපන්නේ නම් ඔහු  අංක එකේ සිනමා  කරුවෙකු ලෙස  ලෝකයම හඳුනා ගනු ඇත . එවැනි විශිෂ්ටයෙකුගෙන් අප  ඉගෙන ගත්තානම් ඒ සොච්චමක්  පමණි . අප කණගාටු විය යුත්තේ  ඔහුගේ  අභාවයට වඩා ඒ  පිලිබඳවය .


මගේ බුකි මිත්‍රයෙකු වන  කේතක දිනාජ් විසින් ලෙස්ටර් ගේ  සිනමා නිරමාණ  ගැන අගනා විවරණයක් බුකියේ ලියා තිබුණේය. එය මා  මෙහි නැවත  පළකරන්නේ එවැනි රචනයක්  ලියන්නට  තරම්  සිනමාව ගැන තිබෙන මගේ දැනුම ප්‍රමාණවත් නොවන නිසාය .


 ===========================

ලෝකය ඉදිරියේ ලෙස්ටර් නිරාවරණය කල ලංකාවේ නිධානය

නිධානය චිත්‍රපටයට පාදකකොට ගෙන ඇත්තේ ජී.බී සේනානායක මහතාගේ 'පලිගැනීම'කෙටිකතා සංග්‍රහයෙහි එන 'නිධානය' නම් කෙටිකතාවයි.'නිධානය' කෙටිකතාවෙහි ප්‍රධාන චරිතය වන 'විලී අබේනායකගේ' ස්වයං පාපොච්චාරණය නිධානය නමින් කෙටිකතාව ලෙසට ප්‍රබන්ධ කොට ඇත.


Related image

                                                        (නිධානය )


ණය බරින් මිරිකී ගිය පිරිහුණු රදළ පවුලකට අයත් විලී අබේනායක නිධානයක් පිළිබඳ උනන්දු වෙයි. එලෙස නිධානයක් ගැන ඔහු දැනුවත් වන්නෙ පැරණි පුස්කොල පොතක එන විස්තරයක් කියවීමෙනි. නිධානය ලබා ගැනීමට නම් නළලෙහිද නහය අගද කම්මුලෙහි වල ගැසෙන තැනද අනුක්‍රමයෙන් කුඩාවී යන උපන් ලප ඇති ස්ත්‍රියක් බිලිදීමට අවශ්‍යය. එවන් ස්ත්‍රියක සොයා සැරිසරන විලී අබේනායක අවසානයේ 'අයිරින්' නම් අර කී ලක්ෂණ දරන ආකාරයේ ස්ත්‍රිය සොයා ගනී.

ඇයව විවාහ කරගන්නා විලී අබේනායක ඈට මහත් සේ ප්‍රේම කරන අතර ඇයද ඊටත් වඩා ඔහුට පෙරළා ප්‍රේම කරයි.ණය බර දියුණු වී දේපලද අහිමිව යෑමේ අවදානම් තත්වයක් ඇතිවූ විට විලී අබේනායකගේ සිතෙහි ඇයව මරා නිධානය ලබා ගැනීමේ අදහස නැවතත් මතුව එයි.ප්‍රේමයට වඩා දිලින්දෙකු වීමේ අවමානය පිලිබඳ හැඟීම දැඩි වීම නිසා අවසානයේ ඇයව මරා නිධානය ලබාගැනීමට ඔහු තීරණය කරයි.



Image result for lester james peiris


                                                           (නිධානය )


කැලයෙහි උස් පර්වතයක මුදුනෙහි වන ගල් දොරක් අබියසට යන විලී අබේනායක අයිරින් හා එක්ව බහිරව පූජා පවත්වයි. පිරුවට හැඳ මන්ත්‍ර කියමින් පූජා පවත්වන විලී අබේනායක අවසන පිහියකින් ගෙල සිඳ අයිරින් මරා දමයි. නියමිත ආකාරයට වත්පිළිවෙත් කොට අයිරින් ද බිලිකල නමුදු නිධානය සඟවා ඇති ගල් ගුහාවේ ගල් දොර නොඇරෙයි. 

අතිශයින්ම කම්පාවට පත්වන විලී අබේනායක ජීවිතාශාව අත් හරී.

ජී.බී සේනානායක මහතාගේ නිධානය කෙටිකතාව සැකෙවින් එලෙසය. නිධානය කෙටිකතාව එතරම් දීර්ඝ කතාවක් නොවේ. එමෙන්ම කෙටිකතාවේ එකදු දෙබසක් හෝ අඩංගු නොවෙයි. තමා කල මනුෂ්‍ය ඝාතනය ගැන කම්පා වන මිනිසෙකුගේ පාපොච්චාරණයක විලාසයට කෙටිකතාව රචනා කර ඇත.



Related image


                                ලෙස්ටර් තැනු ' ගොළු හදවත ' 



නිධානය කෙටිකතාව ලිවීමට අවශ්‍ය ආවේශය ජී.බී සේනානායකලැබුවේ කෙලෙසද යන්න පිලිබඳ තොරතුරු නොමැත. ඇතැම් විටෙක සිටු දියණිය මරා අභරණ පැහැර ගැනීමට අදහස් කල සත්තුක නම් සොරා ගැන බෞද්ධ සාහිත්‍යයේ එන කුණ්ඩලකේෂී කතාපුවත ඊට වස්තු බීජය සැපයූවා විය හැක.

නිධානය කෙටිකතාව ආශ්‍රයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කල ඇන්තනී පිල්ලෙ මහතා (සිලෝන් තියටර්ස්) නිෂ්පාදනය කල චිත්‍රපටය නිපදවන්නේ 1972 වසරේදීය.චිත්‍රපටයේ සාර්ථකත්වයට විශාල ලෙස බලපා ඇත්තේ තිස්ස අබේසේකර මහතාගේ තිර පිටපත සහ දෙබස් ය. කෙටි,දෙබස් රහිත කෙටිකතාවකට අතිශය සාර්ථක සිනමාරූපී බවක් ලැබෙන්නෙ තිස්ස අබේසේකර මහතාගේ මැදිහත් වීමෙනි.

                    අනෙක් අතට සිංහල චිත්‍රපටයක දැක ඇති ඉහලම පසුබිම් සංගීතය ඇත්තේද නිධානයෙහිය. නිධානයෙහි සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාස මහතාගේය.



Related image


                                         ලෙස්ටර්ගේ  ගම් පෙරලිය 


ලෙස්ටර්,තිස්ස,කේමදාස ත්‍රිත්වය ලෝක සිනමාවෙහි සනිටුහන් කල නිධානය ලාංකේය සිනමාවෙහි හැරවුම් ලක්ෂ්‍යයකි.

විලී අබේනායකගේ චරිතය මැනවින් නිරූපණය කල ගාමිණී ෆොන්සේකාගේ ප්‍රබල රංගනය ද මාලිනී ෆොන්සේකා කෙරෙන් නිරූපණය වූ අවිහිංසක ගැමි ස්ත්‍රියද නිධානයට මහත්ම ආලෝකයක් විය.

ශෝකජනක අවසානයක් ඇති නිධානය චිත්‍රපටයේ සෑම චරිතයක්ම එකී ශෝකජනක අවසානයට හිමිකම් කියන්නේ මන්ද යන්නට පිලිතුරු ඇත.


 එහි ආකාස්මික හේතු කිසිවක් නොමැත.විලී අබේනායක අතිශය සාහසික මිනී මරුවෙකු වන්නේ මන්ද ? 

ධනවාදී ව්‍යාපාරිකයින් පංතියක් ලෙස වැඩෙද්දී පිරීහි යන වැඩවසම්බව දැඩිව අල්වා ගෙන ධනවාදයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකිරීමට යෑම එයට හේතුවයි.මුදලින්,දේපලින් පිරිහී යෑම වැඩවසම් රදලයාට ඉහිලුම් නොදෙන ශෝකයක් වෙයි. ඔහු කෙසේ හෝ තමාට පරම්පරාවෙන් කිසිදු වෙහෙසකින් තොරව උපතින්ම හිමි වූ දේපල ආරක්ෂා කිරිමට සිතයි. එයට සාධාරණ හේතු සහිත වටපිටාවක් චිත්‍රපටයේ පෙන්වා ඇත. විලී අබේනායක නම් සාහසික මිනීමරුවා කෙරෙහි සංවේගයක් මිසක කෝපයක් හට නොගන්නේ එබැවිනි.

ලෝක සිනමාව කෙරෙහි නිධානය බලපෑ අතර විදෙස් අවධානය වරින් වර ඊට හිමි විය.1972 ඉතාලියේ වැනිස් සිනමා උළෙලෙහි එයට රජත සිංහ (Silver Lion) සම්මානය හිමිවිය.

ප්‍රංශයේ සිනමතෙක් ආයතනය විසින් 1995දී ලෝක සිනමාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් නම් කල ලොව බිහිවූ සිනමාපට 100 අතරට නිධානය නම් කර ඇත.

1999 කොරියාවේ පූසාන් අන්තර් ජාතික සිනමා උළෙලේ දී විසිවන සියවසේ ආසියාවෙන් බිහිවූ හොඳම සිනමාපට 13 න් එකක් ලෙස නිධානය නම් කර ඇත.


Image result for lester james peiris


විවිධ පාර්ශව ඔස්සෙ ලෙස්ටර් ලංකාවේ සිනමාවට කල මෙහෙය කිසි කලෙක මැකී නොයෙන එකකි.එළිමහනේ 'රේඛාව' අධ්‍යක්ෂණය කිරීමෙන් වාණිජවාදී සිනමාවට නව මානයක් පෙන්වමින්ද නිධානය වැනි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමින් සම්භාව්‍ය සිනමාවට අඩිතාලම දැමීමෙන් ද ලෙස්ටර් ලංකාවේ සිනමාකරුවන්ගේ පීතෲවරයා ලෙස ඉතිහාසගත වී අවසන් ය.



Image result for lester james peiris

Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...