Skip to main content

සුගන්ධිකා කිව් කතා සහ නොකිව් කතා



Image result for sugandhika fernando

       සුගන්ධිකා  ෆර්නැන්ඩු මහත්මිය එක රැයකින්  ජනප්‍රිය චරිතයක් වී  තිබේ. එමෙන්ම එක රැයකින් සතුරන් රැසක්ද ඇය ඇති කරගෙන තිබෙන බව  පෙනේ. අධිකරණ ශේෂ්ත්‍රය කොතරම් කුණු වී තිබේ දැයි ඇය  හෙළි කිරීම නිසා  බොහෝ  නීතිඥයන් ඇය සමග  උරණ වී  තිබේ . ඔවුන්ට   සුගන්ධිකා අප්පිරිය වී  තිබෙන්නේ ඇය බොරු කීම නිසා  නොවේ. ඇත්ත  කීම නිසාය . ඇත්ත  හෙළි කිරීමෙන් උසාවියේ   හංගාගෙන තිබෙන  ඇට සැකිලි දැක අධිකරණය කෙරෙහි  තිබෙන ගෞරවය මිනිසුන්  තුළින් අහෝසි වී  යතැයි මෙන්ම නීතිඥ යන් යනු ඩ්රැකියුලාගේ පරම්පරාවෙන් පැවත එන්නන් බවට  සැකපහල කරනු ඇතැයි ද බියට  පත්වූ  බොහෝ නීතිඥයෝ     ඇයට දෙස් දෙවොල්  කියන්නට  පටන්ගෙන   තිබේ.




සුගන්ධිකාට  පෙර අධිකරණයේ   නොපණත්  කම් වලට එරෙහිව මෑත කාලයේ  සටනට  බැස්සේ  නීතිඥ  නාගානන්ද  කොඩිතුවක්කු  මහතාය . මේ නිසා නීතිඥ  සංගමය මෙන්ම ඇතැම් අධිකරණ නිලධාරීන්  ඔහු දෙස  බලන්නේ සතුරෙකු  ලෙස  බව  පෙනේ. සුගන්ධිකා  මහත්මිය ආපසු එතෙර නොගොස්  ලංකාවේ  නතරවී සටන දිගට  ගෙනියන්නේ නම  නාගානන්ද මහතාටද   නව  පණක් ගෙන  සටන  ඉදිරියට  ගෙන යාමට ශක්තියක් වනු ඇත  .


Image result for NAGANADA KODITHUWAKKU

 

අධිකරණයේ ඇතැමෙකුගේ   කැත වැඩ  පළමු වරට සමාජයට හෙළි කළේ වික්ටර් අයිවන් මහතා  යයි  මා සිතමි .  දසක දෙකකට  පමණ පෙර ඔහු විසින් දිගින් දිගටම රාවය  පත්තරය  මගින්  හෙළිදරව්  ගණනාවක්  කළත්   කැත වැඩ  කළ  අයට සිදුවූ දෙයක් නැති තරම්ය.


මා මේ ලිපියෙන්  කියන්නට  යන්නේ විනිසුරුවන් ගැන නොවේ. ඔවුහු  තිරය  පසුපස  සිට  කරන දේවල් මා දන්නේ  නැත .කෙසේ වෙතත් ඔවුන්  හා ඇසුරක්  තිබෙන්නේ  නම්  නඩු තීන්දු තමන්ට  උවමනා  පරිදි වෙනස්  කරගත  හැකි බව  පසු ගිය  කාලයේ ඇසුණු  කතා වලින් පැහැදිලිය .  සරත් එන් සිල්වා  මහතා විසින්ම එය  ඔප්පු කළේ සුනාමි  ගැහිල්ලට  මහින්දව  හිරේ යැවීමට  පුළුවන් කම තිබුනද  තමා එසේ  නොකළ බව  කිමෙන්ය . හිටපු අග විනිසුරු මොහාන් පීරිස්  තමා  හමුවට ඇවිත් රැකියාවෙන් ඉවත් නොකරන්නේ  නම් ආණ්ඩුවට අවශ්‍ය  පරිදි නඩු තීන්දු  ලබා දිය  හැකි බව කිවේයයි කිවේ   වත්මන් ජනාධිපතිවරයාමය . ශිරාණි බණ්ඩාරනායක  මහත්මියට එරෙහිව  පාර්ලිමේන්තුවේදී කැකිල්ලේ  නඩු තීන්දුවක් දී  ගෙදර   යැව්වේ රාජපක්ෂ  මහතාට උවමනා  පරිදි  නඩු තීන්දු ලිවීමට පසු කාලයේ ඇය අකමැති වූ නිසා  බව  ප්‍රසිද්ධ  කරුණකි .හෝමාගම දිස්ත්‍රික් විනිසුරුවූ සුනිල් අබේසිංහ  ඉඩම් නඩු  තීන්දුවක් වාසි වන ආකාරයට  ලබා දීමට  රුපියල් ලක්ෂ තුනක අල්ලසක්  ලබා ගැනීමේදී අසුවිම නිසා වැඩ තහනම් කරනු ලැබිණ.මේ විනිසුරුවන්ගේ කැත වැඩ  ගැන ලියවී  තිබෙන  තොම්බුවෙන් කීපයක් පමණි .


Related image

දුෂණය වී  තිබෙන්නේ අධිකරණයේ  ඉහල  තට්ටුව  පමණක්  නොවේ. ඉහල සිට පහල  සුළු සේවකයා දක්වාම  අධිකරණ ශේෂ්ත්‍රය අල්ලස් වැනි දුෂණ  ක්‍රියාවලින්  කම් වලින් මෙන්ම  නොපනත්  කම වලින්   පිරී  ගොස් තිබේ  .ඉඩම් නඩු  දෙක තුනක් කීමට  මට ද සිදුවූ බැවින් ඒ පිළිබඳව තරමක අවබෝධයක්  මට තිබේ .



කිසියම් උසාවියකට අයත්  කාර්යලකින් නඩුවකට සම්බන්ධ  ලියවිල්ලක්  ඉක්මනින් ලබා  ගැනීමට  හැකිවන්නේ එහි කිසිවෙකුට අතමිට  මෙලවුවහොත් පමණය .අධිකරණයෙන්  කිසියම් තහනමක් ඔබ   ලබාගතහොත්  එය  ඉක්මන්  කර අනෙක් පාර්ශවයට දැනුම් දිය යුත්තේ  පිස්කල් නිලධාරියෙකු විසිනි . එහෙත්  එම රාජකාරිය  ඉක්මනින් කිරීමට  පිස්කල් නිලධාරියට  උවමනාවක්  නැත . එය  ඉක්මන් කරවීමට  ඔබට  හැකි වන්නේ පිස්කල් නිලධාරියා  සොයාගෙන  ගොස් (බොහෝ විට ඔහුගේ නිවසට ) ඉක්මනින් රාජකාරිය  ඉටු කරන  ලෙස ඉල්ලමින් සන්තෝසමක් දිමෙන් පමණි. .වරක්  නඩු තීන්දුවකින්  මට අයත්වූ  ඉඩම් කට්ටිය  භාර දෙන ලෙස  අධිකරණයෙන්  ඉල්ලා සිටියෙමි. ඒ සඳහා උසාවිය  එවන්නේ එහි කාර්යාලයේ ප්‍රධානියාය . මේ  සම්බන්ධයෙන් විමසීම සඳහා  උසාවියේ කාර්යාලයට  ගිය  විට එහි සේවකයෙකු  මට කිවේ ලොකු මහතා අරක්කු නොබොන  බවත් බියර්  පමණක්  බොන බවත්ය . ඔහුට ඉඩමට  පැමිණීමට වාහනයක් සපයන  ලෙස  කිව් සේවකයා  සන්තෝසමක් ලෙස  ලොකු මුදලක්  ලොකු සර්ට දිය යුතු බවද මට කිවේය .



ඉඩම්  නඩුවක්  අවසන් වීමට අඩු වශයෙන් වසර  දහයක් පහළොවක්  ගතවේ .ඇතැම් නඩු අවුරුදු තිහක් ගතවීත් අවසන් වන්නේ නැත . නඩු අවසන් වන විට පාර්ශ්වකරුවන්ගෙන් ඇතැමෙකු පරලොව  ගොස්ය .තීන්දුව එන විට   පැමිණිලි පාර්ශ්වය  මෙන්ම   විත්ති පාර්ශ්වයේ බොහෝ දෙනෙකු (නොමැරී සිටියහොත් ) ආර්ථික වශයෙන් නට්ටම් වී  හමාරය . ඔවුන් නට්ටම් වන විට නීතිඥ  නෝනා  මහත්වරු තට්ටු පිට  තට්ටු ගෙවල්  හදාගෙන අහවරය .

 

 නීතිඥවරු සම්බන්ධයෙන් ද  තිබෙන්නේ  කට්ට  කළු චිත්‍රයකි . තම සේවා  දායකයාගේ කැවුත්තටම සුරා  කන  පිරිසක්  ලෙස නඩු යන්නෝ ඔවුන් හදුන්වති .නීතිඥයන්ට තමන් කැමති  කැමති හැටියට  ගාස්තු අය  කිරීමට පවතින නීතියෙන් ඉඩකඩ සලසා  තිබීම එයට  ප්‍රධානම  හේතුව වෙයි . නීතිඥ මහතා හෝ මහත්මිය  විසින් අය  කරන සේවා  ගාස්තුව සඳහා සේවා දායකයාට ලදු පතක්  කිසිදිනක ලැබෙන්නේ  නැත . එසේ  වන්නේ  නීතියෙන් එයට  ප්‍රතිපාදන සලසා  නැති නිසා විය  යුතුය . එබැවින් නීතිඥයෙකු  කොපමණ ආදායමක්  උපයන්නේ දැයි දන්නේ  ඔහු පමණි. ඔහු/ඇය ලබන ආදායම වෙනුවෙන් ආණ්ඩුවට ඔහු/ඇය බදු ගෙවීමක්ද  නොකරයි .මහජනයාගේ බදු  මුදලින් අධ්‍යාපනය  ලබා නීතිඥයෙකු වන  ඔහු /ඇය විශාල ආදායමක්  උපයාගන්නා  නමුත් මහජනයාට සේවා සැපයීම සඳහා   තඹ සතයක් වත් බදු ලෙස  ගෙවන්නේ  නැත .


ආණ්ඩුවක වගකීම වන්නේ පුරවැසියා  හැම අතකින්ම ආරක්ෂා  කිරීමය එහෙත් නීතිඥයන් විසින් දිගින් දිගටම අධික සේවා  ගාස්තු අය  කිරීම හෙවත්  සේවා  දායකයන් හුරා  කෑම  වලක්වන්නට   කිසිදු ආණ්ඩුවක් ගත්  පියවරක් නැත .  එසේ වී  තිබෙන්නේ  ආණ්ඩුවලට ඒ සඳහා කිසිදු උවමනාවක් නොතිබීම නිසාය . පාර්ලිමේන්තුවේ සිටින  සහ සිටි  මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් අතරින් සැලකිය යුතු පිරිසක් නීතිඥයන් වී  තිබීමද එයට  හේතුවක් විය  හැක . මහජන සේවය සඳහා එක  පයින් සුදානම් වී  සිටින බව  කියන  මේ  නීතිඥ  මන්ත්‍රීවරු සහ  ඇමතිවරු මහජනයාට සහනයක් සලසා  තමන්ගේ සාක්කුවට  වැටෙන ලක්ෂ  ගණනින් සොච්චමක් වත්  අඩු කර ගන්නට සුදානම් නැත . ඇත්ත වශයෙන්ම  අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ  නඩු වෙනුවෙන්  පෙනී සිටින ඉහල පෙළේ නීතිඥ  මහත්වරු එක නඩුවක් වෙනුවෙන් අයකරන  ගාස්තුව  ලක්ෂ පහකින්  ඉහළය ඔවුන් වසරකට උපයන ආදායම  ලක්ෂ  ගණනක් නොව  කෝටි  ගණනක් විය  යුතුය . 


සුගන්ධිකා ෆර්නැන්ඩෝ මහත්මිය ඉහත කාරණාව  හෙවත් නීතිඥ  නෝනා  මහත්වරු  තමන් අය  කරන සේවා  ගාස්තුව සඳහා  ලදු පතක්  නොදීම සම්බන්ධයෙන්  කළ  ප්‍රකාශය  නිසා  ඇය  කෙරෙහි බද්ධ වෛරයක් ඇති කරගෙන  තිබෙන  බව  පෙනේ .   මෙයට   පෙර  මේ  ප්‍රශ්ණය  මතු කිරීමට  කිසිදු නීතිඥයෙක් අවංක නොවීය . එබැවින් ඇගේ  එඩිතර  කම   අප සියල්ලෝම ඇයට  ණයගැතිය. 


 ( ඉහත ලිපියේ සඳහන්  කරුණු අධිකරණ ශේෂ්ත්‍රයට සම්බන්ධ   සියල්ලන්ටම අදාළ  නොවන බව කරුණාවෙන් සලකන්න )

 

Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...