Skip to main content

අවුරුද්ද සිංහලද ?






Image result for සිංහල අවුරුදු උත්සව


            ලිපියේ  මාතෘකාව දුටු විට පරම පවිත්‍ර අමු සිංහලයන්ට  යකා ආරුඪ වෙන බවට සැකයක් නැත .කෙසේ  වෙතත්  මගේ  ලිපියේ අරමුණ වෙන එකකි. ලිපිය කියවා අවසන් වූ විට සුද්ධ සිංහලයන්ට අසු හාරදාහට  නැග  පොලු මුගුරු , කඩු කිණිසි, පමණක් නොව ගල් කටස් ද රැගෙන  මා  හොයා  ගෙන ඒමට  ඉඩ  තිබේ. එබැවින් මේ  ලිපිය අන්තර්  ජාලයේ නොමැකෙන ලෙස  කොටා , සතියක් හමාරක් යන තුරු  ගෙදරින්  පිටවී  සිටීමට සැලසුම් කරගෙන සිටිමි .


අපේ සීයා  ඉස්සර  නොවරදවා ඈපා පංචාංග ලිත මිලදී  ගැනීමට  පුරුදුවී  සිටියේය. අපේ සීයා  පමණක් නොව  කොයි  කවුරුත් වාගේ  පංචාංග  ලිත  මිලදී  ගත්හ. එකල මිනිසුන්  එහි සඳහන් අවුරුදු  චාරිත්‍ර වාරිත්‍ර අකුරටම ඉටු  කරන බැවින් පංචාංග  ලිත  නැතිවම බැරි  විය . ඒ    කාළයේ  නැකත් දැනගැනීමට  තිබුණු එකම  මග එය විය , අද මෙන්  නැකත්  කියන්නට රුපවාහිනී නොවීය .රේඩියෝ හෙවත් ගුවන් විදුලි යන්ත්‍ර තිබුණු මුත් ඒවා  තිබුණේ  ගමකටම  හත අටකි . දිනමිණ  පත්තරය සමග වසරකට වරක් නොමිලේ  ලිතක්  ආ  නමුත් පත්තර මිලදී  ගත්තේ ඉතාමත් අතලොස්සක් පමණි. එබැවින් කාගේත් විශ්වාසය   හිමි කරගෙන තිබු පංචාංග  ලිත නැති නිවසක්  නැති තරම් විය විශේෂයෙන්ම අවුරුදු  නැකත්  බලා ගැනීමට  පංචාංග  ලිත  අත්‍යවශ්‍ය විය .


 බිත්තියේ එල්ලා  තබා   තිබෙන  පංචාංග  ලිත ජනවාරි සිට අවුරුද්ද අවසන් වනතුරු  විසි තිස් වාරයක්  බැලීම  මගේ සිරිත  විය .අප්‍රියෙල් 13 සහ 14 සිංහල සහ  හින්දු අවුරුද්ද ලෙස එය හැම වසරකම සඳහන් කළේය . එහෙත් අද  බොහෝ අය හින්දු කෑල්ල ඉවත් කොට සිංහල අවුරුද්ද  ලෙස සඳහන්  කරන්නට ඉතා  ප්‍රිය  කරති 

 එහෙත් ඊටත් පෙර අතීතයේදී අප්‍රියෙල් 13 හින්දු අවුරුද්ද  ලෙස සලකු බව පෙනේ .1941 දී සුද්දන්ගේ ආණ්ඩුව විසින් නිකුත් කළ එම වසරේ ආගමික දින ලේඛනයේ අප්‍රියෙල් 13 හින්දු අවුරුද්ද  ලෙස  සඳහන්  කර තිබේ .




Ugadi
Telugu
New
Year
Celebrat
ed in the
state of
Karnata
ka and
Andhra
pradesh

      

අවුරුද්ද අපට  පැමිණෙන්නට ඇත්තේ  ඉන්දියාවෙන්  බවට අනුමාන කිරීම සාධාරණය  ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල අවුරුද්ද  සමරන්නේ අප්‍රියෙල් 13 , 14, සහ 15  යන දිනවලය .පන්ජාබයේ නව වසර අවුරුද්ද  අප්‍රියෙල්  13  ද ,ඇසෑමයේ ද , තමිල්  නාඩුවේද කේරලයේද , බෙංගාලයේද අප්‍රියෙල් 13, 14 සහ 15  සමරනු ලැබේ සුර්ය කැලැන්ඩරය අනුව වසරේ  පළමු දිනය  ලෙස  ඔවුන් සලකන්නේ අප්‍රියෙල් 13 වන  දාය .


             තමිල්  නාඩු වැසියන්ට අප්‍රියෙල් 14 උදාවන  අවුරුද්ද හඳුන්වන්නේ තමිල් පුතන්ඩු ලෙසය  .(தமிழ்புத்தாண்டு))  ඔවුන් එදින  නිවෙස්  පිරිසිඳු කොට අලංකාර  කොට  පලතුරු මල් සහ සුභ වස්තුන්ගෙන් සමන්විත වට්ටියක් සකස්  කොට තබන අතර දෙවියන්ට  පහන්  පුජාවක් පවත්වා  ආගමික කටයුතු  කිරීමට  කෝවිලට  යති .අලුත් ඇඳුම් පැළද  නෑදෑයන්  බැලීමට  යන  ඔවුහු   වැඩිහිටියනට වැඳ ආශිර්වාද  ලබා  ගනිති .ඉන්පසු පවුලේ සියලු දෙනා එකතුවී මස්  මාලුවලින් තොර  භෝජනයක්  භුක්ති විඳිති . අවුරුදු දිනට පිළියෙළ කරන ආහාර සිංහල  නිවෙස්වල අවුරුද්දට  පිළියෙළ  කරන ආහාරවලට  යම් තරමකින් සමාන බව පෙනේ . පහත දැක්වෙන්නේ එම ආහාරවල  චායාරුපයකි 






                        ( චායාරුප අනුග්‍රහය WIKIPEDIA)



ගිය අවුරුද්දේ  සිංහල හින්දු අවුරුදු  දිනවල  මා සිටියේ  යාපනයේය. මගේ  දෙමල මිතුරන්  කීප දෙනෙකුගේ නිවෙස්වලට ආස්මි  පාර්සල් රැගෙන  ගියේ  ඔවුන් ආස්මි  ගැන  නොදන්නා  බව කි නිසාය . ඔවුන්ද  අප මෙන්ම අලුත් අවුරුද්ද  සමරමින් සිටියහ .  ඔවුන්ගේ ඥාතින් සහ හිත මිතුරන් තෑගි බෝග  රැගෙන  ඔවුන් හමුවීමට පැමිණියේ අප අවුරුද්දට  නෑ  මිතුරන් බැලීමට  යන  පරිදිමය .




අප්‍රියෙල්  මස  පවත්වන  අලුත් අවුරුද්දේ  නැකත් වල ඇත්ත  නැත්ත  මා  මේ  ලිපියෙන්  කතා  කරන්නට  යන්නේ  නැත . එහෙත් මෙය අපේ  රටේ බොහෝ නිවෙස්වල  පවත්වන විශාලතම  උත්සවය වෙයි . එය  අතිශයින්ම වටින්නේ රට පුරා විසිරි සිටින  පවුලේ සියලුම සාමාජිකයන්  එකතු කරන  උත්සවය  මෙන්ම  නෑදෑයන් සහ මිතුරන් සමග  සම්බන්ධකම්  අලුත් කර ගැනීමට අවස්ථාවක් උදාවන නිසාය . දවස් 365 ම වාගේ වෙහෙසෙන මිනිසුන්ට  සතුටක් විනෝදයක් සහ විවේකයක් දින  කීපයක් තිස්සේ  ලබා  ගැනීමට වසරකට වරක් ලැබෙන එකම අවස්ථව  මෙය වේ. එබැවින් මෙහි වැදගත්  කම සුළු පටු නැත .



එහෙත්  දෙමළුන් සහ සිංහලුන් සමරන මේ උත්සවය  ඔවුන් අතර සම්බන්ධතාවය , මිත්‍රත්වය සහ සහයෝගය ගොඩ නැගීමට , වැඩි දියුණු කරගැනීමට   අවස්ථාවක් බවට යොදාගැනීමට  වග කිව යුත්තන්  කල්පනා  කොට  නැත. අසමගියෙන් සිටින  ජනවර්ග දෙකක් අතර වඩාත් කිට්ටු සම්බන්ධයක්  ගොඩ  නගන්නට අවුරුදු  කාලය ඉතා  උචිත  බව මගේ අදහසයි . අප දෙගොල්ලන් විරසක වී  සිටියත්  අප සියල්ලෝම අතීතයේ දී  නෑදයන්  බව සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සනාථ කරයි. අප දුරස්ව  ජීවත්වන  බැවින් සිංහලයන මෙන්ම  දෙමලුන්ද ඒ  බව  දන්නේ නැත .



       මේ රටේ  ජීවත්වන  මුස්ලිම්  ජනයාද අප්‍රියෙල් අවුරුද්ද සමරන්නට එකතු  ගැනිමට  හැකි නම් එය  ජාතික සමගිය දෙසට  තබන විශාල  පියවරක් වනු ඇත  යන්න  මගේ අදහසයි . සිංහලයන් සහ දෙමළුන් අතර සංස්කෘතික  වශයෙන්  සමාන  කම් බොහොමයක්   තිබුනත් ඒ දෙපාර්ශවය  සහ මුස්ලිම් ජනයා අතර සංස්කෘතික  වශයෙන් සමානකම්  නැති තරම්ය . එහෙත් ඔවුන්ගේ ආහාර වන පරාටේ , බුරියානි  , වටලප්පන්  මස්කට්  මෙන්ම   සහ  සරුවත්  , ෆලුඩා වැනි  පානයන්ද  සිංහලයන්  ප්‍රිය  කරති . වටලප්පන් දැන් සිංහල  මඟුල් ගෙවල්වල  අනිවාර්ය අතුරුපසක්  බවට  පත්වී  හමාරය . 

           

       චන්ද්‍රිකා    බණ්ඩාරනායක  මහත්මිය ජනාධිපති සමයේ සිංහල සහ මුස්ලිම් පාසල් එකතුව   අවුරුදු  උත්සව  පැවැත්වූ නමුත් ඉන්පසු  බලයට  පැමිණි අය ඒවා  අතහැර දැමුහ .යලිත් එවැනි වැඩසටහන්  මෙන්ම මුස්ලිම් ජනයා එකතු  කරගෙන අවුරුදු උත්සව සමරන්නට  කාලය  පැමිණ තිබේ . ඉකුත්දා  නුවර අවට ඇතිවූ  කලකෝලාහල මෙන්ම  ඊට  පෙර වසරවල   ඇතිවූ මුස්ලිම් සිංහල ගැටුම් ද දෙපාර්ශවයේ  සම්බන්ධකම්  පෙරට වඩා දුරස්  කර තිබේ .එබැවින්  ඔවුන්  හා සිංහලයන් අතර පලුදුවූ විශ්වාසය ගොඩ නැගීමට  අවුරුදු සමයේ එකතුව  කරන  උත්සව ද  යම් තරමකින් හෝ  ආධාර වනු ඇත .


මේ සම්බන්ධයෙන් මුස්ලිම් ජනයාද  ගැඹුරු ලෙස  කල්පනා  කිරීමට  කාලය  පැමිණ තිබේ . අලුතෙන් අරාබි  සංස්කෘතික  ලක්ෂණ  වැළඳ  ගනු වෙනුවට මේ රටේ ජීවත්වන සිංහල සහ දෙමළ  මිනිසුන්ගේ සංස්කෘතීන් සමග පෑහීමට  කටයුතු කිරීම  මේ මොහොතේ අත්‍යවශ්‍ය වී තිබේ . මුස්ලිම්  ජනයා , සිංහල  මෙන්ම දෙමල මිනිසුන් සමග සංස්කෘතික සබඳතා ගොඩ  නගා ගැනීම  ජනවර්ග අතර සමගිය  වර්ධනය  කිරීමට මෙන්ම  ලාංකික අනන්‍යතාවයක් දෙසට  ගමන් කිරීමට ලබා  දෙන වැදගත්  දායකත්වයක් වනු නිසැකය 



Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...