Skip to main content

නන්දිකඩාල් කලපුව අද්දර සිට ඔබට ලියමි

Image result for nandikadal lagoon


        තමිල් ඊළමේ විමුක්ති කොටින්ට උතුරු  ලංකාවේ  මේ  කෙරවල  වසර  ගණනාවක්  බලකොටුවක්  වි තිබිණ  .තමන්ගේ  පොලිසි ද  ,තමන්ගේ  උසාවිද LTTE සංවිධානයට  තිබුනේය. කුඩා වාණිජ මධ්‍යස්ථානයක් වූ  පුතුක්කුඩියිරුප්පු හී ඔවුන්ගේ නායකයාවූ  වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ට නිවසක්ද ශක්තිමත්  බංකරයක්ද තිබිණ .


අද මුලතිව්  දිස්ත්‍රික්කයේ වාසය  කරන  තරුණ පරම්පරාව  වැඩි කාලයක් ජීවත්වුයේ ලංකාවේ ආණ්ඩු යටතේ නොව LTTE  පාලනය  යටතේය .


LTTE සංවිධානය 2009 දී තම අන්තිම සටන  කරුණු ලැබුවේද මුලතිව් හීදීය .හතරැස්  කිලෝමීටර  3  ක වැලි තීරයක සිදුවූ  යුද්ධයෙන් බේරීම සඳහා  දෙපැත්තේම වෙඩි ප්‍රහාරයන්ට  මැදිවෙමින් ලක්ෂයක  ජනතාවක් මෙහි සරණ සොයා පැමිණියහ .එහි අවසාන  මාස  කීපය 'අපායට සමානවූ බව ' එක්සත් ජාතීන්ගේ වාර්තාවක් කියා තිබේ.


යුද්ධය අවසන් වී වසර 10 කට ආසන්න වී  ඇතත්  බොහෝ තුවාල තවමත් සුවවී  නැත . 


මෙම දිස්ත්‍රික්කයෙන් හමුදාව  ඉවත් වී යාම  ඉතා මන්දගාමී  වන අතර ලංකවේ දුප්පත්ම දිස්තික්ක වලින්  එකක් වන්නේ  මෙයයි.


Image result for mulativ district


මුලතිව්  නගරය වටා සැරිසරන විට  ඇසෙන්නේ   ජනයාගේ දුක්ඛ දෝමනස්සයන්‍ ය. ඔවුන් කලකිරී සිටින්නේ   ආණ්ඩුව සම්බන්ධ්යෙන්  පමණක් නොවේ . තමන් විසින්  දිගින් දිගටම  කර උඩ තබාගෙන සිටි  දෙමල  ජාතික සන්ධානය පිලිබඳවද   කලකිරී සිටිති .


හමුදාව විසින් අල්ලාගෙන තිබෙන  ඉඩම්  නිදහස්  කර  දෙන බවට,  අතුරුදහන් වුවන්ට සිදුවුයේ  කුමක්දැයි සොයා දෙන  බවට දුන්   පොරොන්දු  ඉටු නොකිරීම  ගැන තමන් නියෝජනය  කරන  බව   කියන දේශපාලකයන් පිළිබඳව මුලතිව් වැසියන් සිටින්නේ  කේන්තියෙනි  .

    Image result for mulative

                               මුලතිව්- පරන්තන් පාර 

පෙබරවාරි මාසයේ  පැවතී පළාත් පාලන  මැතිවරණයේදී පුතුක්කුඩුයිරිප්පු හි අලුත්  දේශපාලන බලවේගයක් ඉදිරියට  පැමිණීම  මිනිසුන් තුළ  පවත්නා බලාපොරොත්තු කඩවීම  ප්‍රකාශ  කරයි .


මන්තිරිවරු 22  කින් සමන්විත  ප්‍රාදේශීය  සභාවට කිසිදු දේශපාලන  පක්ෂයකට සම්බන්ධ නැති ' වෙනසක් සඳහා වන  තරුණ  තරුණියෝ ' (Mattathukkana Ilajooir Amaipu,) නම් සංවිධානය  මන්ත්‍රී ධුර 4 ක් දිනාගැනීමට සමත්වූ විය  .ඔවුන් එම සංවිධානය  පිහිටුවාගෙන  තිබුනේ මැතිවරණයට  දින 45 ක් තබාය


එම සංවිධානය ඉදිරියේ  පැවැත්වීමට නියමිත පළාත් සභා  මැතිවරණයට  ඉදිරිපත්වීමට සුදානම් වෙමින් සිටි. දෙමල  ජාතික සන්ධානය ඉබාගාතේ  යමින් සිටින බවත්  ගිය  මැතිවරණයේදී ඔවුන් මුලතිව් පැත්තටවත් ආවේ  නැති බවත් 'වෙනසක් සඳහා වන තරුණ තරුණියෝ සංවිධානයේ සභාපතිවන ටි .නිත්‍යානන්දන්  කිවේය .




" උතුර පළාතේ කුඩා නගරයක මිනිසුන්ගේ ප්‍රශ්න  කතා  කිරීම නිසා  සුළු වෙනසක්  කරන්නට අපිට  හැකිවී  තිබෙනවා .ඉදිරියේදී උතුර  ගමන් කරන්නේ  කොයි දෙසට දැයි සිතා  ගැනීමට මෙය හොඳ සලකුණක් " ඔහු තව දුරටත් කිවේය .


Image result for mulativ district

    පැසවන බලාපොරොත්තු  කඩවීම 


යුද්ධයේ උරුමය වන තල් ගස්  අතර පුපුරා  ගිය  නිවෙස්,  දිස්ත්‍රික්කය පුරා  තිබෙන  බොහෝ යුධ  කඳවුරු අතර  මාවත් දිගේ ගමන් කරන සොල්දාදුවන් සහිත වාහන, මෙහිදී  ඔබට දැක ගත  හැකිය .


ප්‍රතිපත්ති පර්යේෂණ අධ්යාලාම්  මධ්‍යස්ථානයේ තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා  යුධ හමුදාවේ  60000 (හැටදහසක් ) මුලතිව් දිස්ත්‍රික්කයේ රඳවා තිබේ.එම සංඛ්‍යාව රාජකාරිවල නියුක්තව සිතන  ලංකා  හමුදාවෙන්  25%කි .


මුලතිව් නගරයෙන් පිටත පිහිටුවා තිබෙන පිලක්කුඩුජිරිප්පු ගුවන් හමුදා  කඳවුර  ඉදිරිපස පවුල් ගණනවක්  තාවකාලික  කුඩාරමක් සවිකොටගෙන නැවතී සිටිති.


එහිදී මා සමග  කතා  කළ 51 හැවිරිදි අරුමොගම් වේලායුද පිල්ලෙයි,  දින 411 ක් තිස්සේ විරෝධය  පළකිරීමක් ලෙස  මෙහි නැවතී සිටින බව  කිවේය .


"අප  ඉල්ලන්නේ වෙන මොකවත් වත් නෙවෙයි.අපේ ඉඩම් " ඔහු කිය.


හමුදාවේ  අවසාන  ප්‍රහාරය  සිදුවූ සමයේ , 2008 -12.26 වන දින ගේ දොර අත්හැර දමා සිය පවුලේ සාමාජිකයන් සමග  පැන ගිය  බවත්  අභ්‍යන්තර අවතැන්වුවන්ගේ කඳවුරක  ගතකොට 2012  ආපසු  පැමිණිවිට තමන්ගේ නිවසට  යන  පාර ගේට්ටුවක් දමා  වසා  තිබුන  බවත් ගේට්ටුව  විවුර්ත කිරීමට  හමුදාව  ඉඩ නුදුන් බවත් වේලායුද පිල්ලෙයි   කියා සිටියේය .


වෙනත් කුඩා  ඉඩමක  තමන් පදිංචි කරවූ නමුත් තමන්ගේ  පරම්පරාගත නිවස සහ අලුත් ස්ථානය  අහසට  පොලොව  මෙන් වෙනස්  බවත් ඔහු කියයි.


" කලින්  ගෙදර එක පැත්තක කලපුව. අනිත් පැත්තෙන්  කුඹුරු .ඉඩමේ  පොල් ගසුයි අනිත් ඕන දේවලුයි තිබුන. දැන් ඉන්න ඉඩමේ ඒ මොකුත් නැහැ මම කඩෙන් පොල් ගන්නවා .මගේ වත්තේ පොල් හමුදාව  කඩා ගන්නවා " වෙලායුදපිල්ලෙයි කිය.


නගරයේ  අනිත් පැත්තේ  තවත් විරෝධතා  කඳවුරක්  තිබේ එහි සිටින්නේ කාන්තාවන් පිරිසකි .අතුරුදහන් වූ තම  පවුල්වල සාමාජිකයන්ට අත්වූ ඉරණම කුමක්දැයි ඔවුන් අසති .


මුලතිව්හි අතුරුදහන් කරනු ලැබුවන් වෙනුවෙන් පිහිටුවාගන්නා   ලද සංවිධානයේ  දිස්ත්‍රික් සම්බන්ධිකාරක වන්නේ 42  හැවිරිදි  මෙරියාසුරේෂ් ඊශ්වරි  නමැති කාන්තාවයි .ඇයට සිය ස්වාමිපුරුෂයා අහිමි වුයේ 2009 මාර්තු මාසයේය . යුධ හමුදාව විසින් ඔහු අත් අඩංගුවට  ගත් බව  රතු කුරුස සේවය ඇයට  කියා  තිබේ, නමුත් ඉන්පසු ඔහු පිළිබඳව  කිසිදු ආරංචියක්  නැත .


Mariyasuresh Isswary, 42

" දැන් අවුරුදු 10 ක් ගත වෙලා. අපේ  ස්වාමිපුරුෂයන්  පන පිටින් ඉන්නවද නැද්ද  කියල අපි දන්නේ නැහැ .ඔවුන්ට අත්වූ ඉරණම  ගැන  අපි දැනගන්න  තුරු අපිට අපේ ජීවිතවලට  කිසිම අනාගත සැලැස්මක් හදාගන්න බැහැ" ඊශ්වරි කීවාය.


" අපේ දේශපාලන නියෝජිතයන් අපිව රවට්ටලා .මේ ප්‍රශ්නෙට  පිළිතුරක් හැටියට  ලඟදි ආණ්ඩුව  පිහිටවපු අතුරුදහන් වුවන් පිලිබඳ  කාර්යාල ය පිළිබඳව විශ්වාසය  තියන්න  පුළුවන් කියල දෙමල මන්ත්‍රීවරු කියනව. නමුත් ඒ කාර්යාලයට  නැහැ නඩු පවරන්න  බලයක් .අනික ඕකේ ඉන්න  අය  කොළඹ  ඉහල පැලැන්තියේ අයයි,  හමුදා නියෝජිතයෝයි.  මට නම් හිතෙන්නේ  ලෝකේ රවට්ටන්න  හදපු සුත්තරයක්  කියල ඔය  කාර්යාලේ ."


'අපි දෙමල  ජාතික සන්ධානයට  චන්දෙ දුන්නේ ඒ ගොල්ලන්ව විශ්වාස  කරලා.  නමුත් ඒ ගොල්ලෝ අපේ ප්‍රශ්න  ගැන උවමනාවෙන්  පාර්ලිමේන්තුදි  කතා  කරන්නෙත් නැහැ  ලෝක  ප්‍රජාවට අපේ  ප්‍රශ්න  කියන්නෙත්  නැහැ අපි මේ  කුඩාරමට වෙලා  ඇතිවෙන්න දුක් විඳිනවා .ඒ ගොල්ලෝ ඒ සී වාහනවල  යනවා " 


මේ පිළිබඳව  දෙමල ජතික සන්ධානයේ  මුලතිව් දිස්ත්‍රික්කයේ තරුණ අංශයේ  නායකයා වන පීටර් ඉලන්චේලියගෙන් විමසුවෙමි .

පීටර් ඉලන්චේලියන් 

"අපේ නායකයන් විශ්මකර්ම  වැඩ  කරන්නේ  නැති එක ඇත්ත නමුත් ඔවුන්ගේ උත්සාහය නිසා තමයි කෙප්පපුලව් ප්‍රදේශයේ අකකර 133 ක් හමුදාවෙන් ආපහු ගන්න  පුළුවන් උනේ .


සති තුනකට පෙර ධීවරයන් පිරිසක් අත් අඩංගුවට ගනු ලැබිණ. එයට හේතුවුයේ නාවික  හමුදාව විසින් නදිකඩාල් කලපුවේ ධීවර  කටයුතු කිරීමට ඉඩ නොදීම  ගැන විරෝධතා ව්‍යාපාරයක්  ගෙන ගිය නිසාය . 


" නන්දිකඩාල්  කලපුව අපිට ජීවත්වෙන්න  තියෙන එක සම්පතක් . නේවි එක හිටියට අපිට  කමක් නැහැ . නමුත් අපිට මාළු අල්ලගන්න  ඉඩ දෙන්න  ඕනේ ." එක ධීවරයෙක් කිය. අපි විරෝධතා දක්වන එක නවත්තන්නේ  නැහැ .කලපුවේ  මාළු අල්ලන්න දෙනකම් අපි විරෝධතා ව්‍යාපාර ගෙනියනවා  මොකද  අපි දන්නේ  මාළු අල්ලන රස්සාව විතරයි .


 ( Walter Wuthermann නමැති ඇමරිකානු ලේඛකයා Daily News පුවත් පතට  ලියා  තිබු  ලිපියක් ඇසුරෙන් ලියන ලද ලිපියක්  බව සලකන්න )


Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...