Skip to main content

ඕමල්පේ ඇදගෙන ස්විට්සර්ලන්තයට ගියෙමි.

'විගි' ලොක්කා  යාපනයේ  පුස්තකාල ගොඩනැගිල්ල උඩට  නැග ෆෙඩරල් මල් වෙඩිල්ල පත්තුකළ විට 'දිවයින'කර්තෘ මණ්ඩලය මෙන්ම  ඕමල්පේලා ද පස්ස  කැඩුණු කඩි  මෙන් දඟලන්නට වූ බැවින් මා  කල්පනා කළේ ඕමල්පේ වත් වඩම්මා   ගෙන ස්විට්සර්ලන්තයට  යන්නටය. ඕනෑම  රටකට  යාමට තමන්  කැමති වුවද  ස්විට්සර්ලන්තය බෙල්ජියම  වගේ  පුංචි ෆෙඩරල්  රටවලට යාමට තමන්  කොහෙත්ම කැමති  නැති බව ඔහු එක හෙලා  කියා සිටියේය. චාටු  කතා  කියා  හෝ ඔහු ඇදගෙන  යන්නට  මා උත්සාහ  කළ  නමුත් ඔහු ඊට චුට්ටක්වත්  කැමති වුයේ  නැත . කරන්නම දෙයක් නැති වූ විට රාත්‍රී  කාලයේ සුදු වැන් රථයකින් ඔහුගේ  ජාත්‍යන්තර  පාසලට  ගොස්  වැන් රථයට ඔහු  බලහත්කාරයෙන් නංවා  ගතිමි. එක පිම්මේ  කටුනායක  ගුවන්  තොටුපලට  පැමිණි  මම , කාටත් හොරා,  නොනවත්වා  ස්විට්සර්ලන්තයට පියාඹන  ගුවන් යානයකට ඔහු පටවා ගතිමි.


ස්විට්සර්ලන්තය  මුහුදක්  නැති  , පුංචි කඳුකර  රටකි. එහි වර්ග  සැතපුම්  ප්‍රමාණය 41000කි. ඒ  කියන්නේ  ලංකාවටත් වඩා පුංචිය. එය  ඉතා  ලස්සන  රටක් බව නොදන්නා  කෙනෙක්  සිටී  නම් ඒ  ඔමල්පේගේ ගෝත්‍රයේ  අය විය  හැක. ගැහැණු  මෙන්ම   පිරිමිද ලස්සනය. අගනුවර    බර්න් නගරයයි.ජනගහනය  ලක්ෂ 81කි.



 අපේ  රටේ මෙන්ම ලෝකයේ  ඇතැම්  රටවල දේශපාලකයෝද  ඉස්සර සිය  කළු සල්ලි  හැංගුවේ ස්විට්සර්ලන්තයේ  බැන්කුවලය. එයට හේතුව  වුයේ ඒ රටේ  බැංකු රහස් කිසිවෙකුට  හෙළි  නොකළ නිසාය. 2009 සිට  එම  ප්‍රතිපත්තිය  අත්හල ස්විට්සර්ලන්තය සිය  මව් රටට බදු  නොගෙවා සිටීමේ  අරමුණෙන් ස්විස් බැංකුවල සල්ලි තැන්පත්  කරන අය ගැන  විස්තර අදාළ රට ඉල්ලා  සිටි විට  දීමට තීරණය  කළහ  එබැවින් ස්විස් රටේ සල්ලි හැංගීමෙන්  දැන් එතරම් පලක් නැත. කළු සල්ලි  කාරයෝ දැන්  යන්නේ සීෂෙල්ස්ය .  රටේ භාණ්ඩාගාරය  කොල්ල  කා  සල්ලි  ගෙනාවත්  සීෂෙල්ස්හී බැංකු බාරගන්නා බව  කියවේ.


මාධ්‍ය  නිදහස ස්විට්සර්ලන්තයේ   ඉතා  හොඳින් තිබේ. ආණ්ඩුවේ  දේ  කීමට  ප්‍රබල  රුපවාහිනි  සේවයක්  තිබෙන අතර පවුද්ගලික  මාධ්‍ය රැසක් එහි පවතී. එහෙත්  මාධ්‍ය  මගින් ජාතිවාදය  ඇවිස්සිම  තහනම්ය. එමෙන්ම  ජනවර්ගය  පදනම්  කරගෙන  වෙනස්  කම් කිරීමද  දඬුවම් ලැබෙන වරදකි.කිසිදු  බාධාවකින් තොරව  අන්තර්ජාලය  භාවිත  කිරීමේ  නිදහස එරට  ජනයා   භුක්ති විඳිති.  මුස්ලිම් කතුන්ට මුහුණ  වසාගෙන  හෝ එළියේ  දමාගෙන හෝ  යාමේ  නිදහස්  එහි තිබේ.


ක්‍රිස්තියානි රටක් වුවද ලිංගික  නිදහස ඉහල මට්ටමිකින්  එහි තිබේ.එනමුත් ගැටිස්සියන් ගැබ් ගැනීම අනිකුත් රටවල්  හා සංසන්දනය  කරන  විට ඉතා අඩු මට්ටමක  පවතී. අවුරුදු 16 ට අඩු තරුණියක් හා   ලිංගික සම්බදකම් පැවැත්වීම  නීති විරෝධී  වුවද 16 ට අඩු  කෙල්ලන් සහ  කොල්ලන්  කැමැත්තෙන්  ලිංගිකව  හැසිරීම නීති විරෝධී  කර  නැත. සමහරු එයට කියන්නේ   'රෝමියෝ ජුලියට් නීතිය'   කියාය.


ස්විට්සර්ලන්තයේ  ජනවර්ග  ගණනාවක්  විසුවත් ඔවුන් මරා   ගන්නේ  නැත. ඔවුන් අතරෙන් වැඩි දෙනෙකු  කතා  කරන  භාෂා නම් ජර්මන් (63.7%) , ප්‍රංස  (19.6% ) , ඉතාලි (6.6% ), රුමාන්ට්ෂ්  (0.5%)  වේ.

 එම  භාෂා   4 ම එරට  රාජ්‍ය  භාෂාවන් වෙති. එහෙත් එරට එකෙක්වත් එයට විරුද්ධ වී නැත.  ජනගහනයෙන් 0.5% ක්  පමණක්  කතා  කරන රුමාන්ට්ෂ්  භාෂාව, රාජ්‍ය  භාෂාවක් කරේ  අහවල්  කෙන්ගෙඩියකටදැයි අසන්නට ඥානසාර පරපුරේ අය එහි නැත.


වෙනත් භාෂා  කතා  කරන අයද එහි වසන   අතර එරට ජනගහනයෙන් 20% ක් පමණ රැකවරණය පතා  වෙනත් රටවලින්     පැමිණි  අය වෙති.  අපේ  රටේ යුද්ධය තිබු  සමයේ  ගිය  ලංකික දෙමළුන්  සහ  රාජපක්ෂ  ජනාධිපති සමයේ  සුදු වැන් වලට  බයේ  ගිය සිංහලුන්  සැහෙන පිරිසක්ද  ස්විට්සර්ලන්තයේ  වෙසෙති.


ඕමල්පේ උන්නන්සේව බලහත්කාරයෙන් මා විසින්   ස්විට්සර්ලන්තයට එක්කරගෙන  ගියේ  ඔහුගේ  ගෝත්‍රයේ  කට්ටිය ඇමරිකාව , රුසියාව  ඔස්ට්‍රේලියාව  ඉන්දියාව වැනි ලොකු රටවලට ෆෙඩරල් හරි ගියාට කඩල ඇටයක් තරම්  තරම් පුංචි   ලංකාවට  හරියන්නේ  නැත  කියා බෙරිහන් දෙන  නිසා ත් " බලාපිය  ෆෙඩරල් උනා   කියල පුංචි ස්විට්සර්ලන්තය කෑලි 26 කට  කැඩිලද? " කියා  ඇසීමට  මට  තිබු උවමනාව  නිසාත්ය.. 


           ස්විස්ට්සර්ලන්තයේ ෆෙඩරල් පාර්ලිමේන්තුව  ඉදිරිපස තිබෙන  ප්‍රාන්ත  ආණ්ඩු  කොඩි 



ස්විට්සර්ලන්තයට තිබෙන්නේ ලංකාවේ භුමි ප්‍රමාණයෙන්  2/3ක් වැනි ප්‍රමාණයක් පමණි. .  එය  සන්ධීය හෙවත් ෆෙඩරල්  රාජ්‍යයකි. බොහෝ  කාලයක   සිට ,කැන්ටන් නමින් හඳුන්වන ප්‍රාන්ත  රාජ්‍යයන් 26 කට රාජ්‍ය බලය බෙදා  හැර  තිබේ. ස්විට්සර්ලන්තයේ  ෆෙඩරල් ව්‍යවස්ථාව විසින්  එම  ප්‍රාන්ත  රාජ්‍යයන්ට තමන්ගේ  ව්‍යවස්ථාවක් නිර්මාණය  කර  ක්‍රියාත්මක කර ගැනීමට , තමන්ගේ  ජාතික  ගීයක්   හදා ගැනීමට , බදු එකතු  කර  ගැනීමට  පමණක් නොව වෙනත් කැන්ටන් සමග එකතු වීමේ බලයද  ලබා දී තිබේ. 

අධ්‍යාපනය  සම්බන්ධයෙන්  ගත්   කළ   ද්විතීයික  පාසලේ සිට  විශ්ව  විද්යාල  දක්වා අයිති  වන්නේ  කැන්ටන් නමැති මෙම ප්‍රාන්ත  රාජ්‍යයන්ටය. ප්‍රාථමික  පාසල්  පාලනය  අයිති වන්නේ නාගරික  සභා ලෙස  හඳුන්වන පහලම බල වයුහයටය. ෆෙඩරල්  ආණ්ඩුව  පාලනය  කරන්නේ  කාර්මික  පාසල් පමණි.

ස්විස් ප්‍රාන්ත  ආණ්ඩුවලට  පොලිස්  බලතලද  ෆෙඩරල් ව්‍යවස්ථාව  මගින් ලබා දී තිබේ. එහෙත් එකම  ප්‍රාන්ත  රාජ්‍යයක්  වත්  මහා  ආණ්ඩුවෙන් ඉවත් වී වෙනම  ස්වාධීන රාජ්‍යයක් පිහිටුවා  ගැනීමට තුවක්කු අමෝරා ගෙන  නැත.

 එහෙත් මේ  රටේ  සුළු  ජන කොටස්   තම ප්‍රදේශවලට බලතල ලැබෙන ව්‍යුහයක් ඉල්ලා  සිටි හැම විටෙකම 'මෙන්න  රට  කඩනෝ "  කියා කැ  ගැසූ කණ්ඩායම්  දෙකක්   සිටී. එකක් ඥානසාරගේ ගෝත්‍රයේ අයය.  අනිත් කණ්ඩායම    නම් විජේවීර  පරම්පරාවය .  චමපිකලාද වීරවන්සලාද , ජාගොඩලාද  විජේවීර  පරම්පරාවට  අයත්වෙති  .නව  ආණ්ඩු  ක්‍රම ව්‍යවස්ථාව  මගින් උතුරට 13 න් එහා  ගිය  බලතල දීමට යෝජනා වුවහොත්   මේ  කණ්ඩායම් දෙකම  එකිනෙකාගේ  කරට අත දමාගෙන"  මචං  දෙමු වැඩක් " කියනු නිසැකය.



                                          අපේ  රටේ දකුණේ  ගමක දසුනක් 




                                                         යාපනය      නගරාසන්නයේ 




























Comments

ඒ උනාට අපි ළෝකේ අනිත් රටවලට වඩා වෙනස් ජාතියක්... අන්න ඒ වෙනසට අපි ගරු කරන්න ඕනා...
සුවිට්සර්ලන්තේ වගේද ඩෝ අම්මට සිරි ලංකාව....
මේක තමයි ළෝකේ උතුම්ම රට, ළෝකේ ලස්සනම රට, ළෝකේ හොඳම දහම තියෙන රට, අවුරුදු 2500 ක ප්‍රවුඩ ඉතිහාසයක් තියෙන රට, සඟිස්කුරුතියක් තියෙන රට... අරක.... මේක....
Cham said…


ස්ව්ට්සර්ලන්තෙ හැදුනෙ රටක් කඩල පෙඩරල් කරල නෙමෙයි.

මධ්‍යම ඇල්ප්ස් ප්‍රදේශවල හිටිය විවිධ ගෝත්‍රික ජන කණ්ඩායම් ආරක්ශාව හා වෙළදාම මුලිකව එකට එකතුවෙලා කොන්ෆෙඩරේෂන් එකක් හදාගෙන.

ෆෙඩරල් හින්දා ස්විට්සර්ලන්තෙ දියුණු උනා නෙමෙයි මේ ප්‍රදේශ කි.ව. 1000ටත් කලින් ඉදන් නැගෙනහිර යුරෝපය හා බටහිර යුරෝපය අතර වෙළදාම සිදුවෙන මාර්ගය විදියට පැවතිච්ච හින්දයි දියුණු උනේ.



නිකන් ගොන් පණ්ඩිතකන් කෙලින්නෙ නැතුව දන්න දෙයක් ලියපන්.


sujeeva said…
සුදු කුකුලා සෝබිත හාමුදුරුවන්ට වඩා ඔහු ස්විට්සරලන්තයට ගිය බව පෙන්වීමට උත්සහ කරයි . රටක දේශපාලන සිස්ටම් එක තීරණය වන්නේ එම රටේ සමාජීය ජාතික බූගොලිය ආගමික සහ තවත් බොහෝ කරුණු මත පදනම් වී බව කුකුළාට නොතේරේ . ඔහු කියන මොඩලය හරි නම් එංගලන්තය ඇමෙරිකාව වැනි රටවල් ද ෆෙඩරල් විය යුතුය. සම රටක් ම තෝරා ගෙන ඇත්තේ තමාට ගැලපෙන යයි සිතන මොඩලයි . ඔච්චර දියුණු එංගලන්තය තාම පාලනය වන්නේ ඉතා නොදියුණු ගෝත්‍රික සංකල්පයක් වන රජ කිරුල මතයි . ර්ලන්කාව පාලනය විය යුත්තේ කෙසේද යන්න තීරණය කල යුත්තේ ලොවේ අන් සියලු රටවල ම පාහේ කෙරෙනවා මෙන්ම මෙහි බහුතරය වන සිංහල බෞද්ධයා යි .
ඇමෙරිකාව ෆෙඩරල් රාජ්‍ය 50 කින් සැදී ඇත. එක්සත් රාජධානියෙන් ස්කොට්ලන්තය ඉවත්වීම සඳහා පසුගිය කාලයේ ස්කොට්ලන්තයේ ජනමත විචාරණයක් පැවති බව සිහිපත් කරමි.
Manoj said…
ස්ව්ට්සර්ලන්තයේ සාර්ථක වු පලියට එක අපිටත් හරියටම ගැලපෙනවා කියන්න බැහැ.දේශපාලනඥයින් පෙඩරල් ගැන කතා කෙරුවත් සාමන්‍යා මිනිස්සු මේවා ඉල්ලන්නෙ නැහැනේ.ඒ මිනිස්සුන්ටත් ඔනේ නිදහස.දකුණේ මිනිස්සු අත්දකින නිදහස ඔවුන්ටත් දෙන්න ඔනේ.ඒකේ තර්කයක් නැහැ.
Nimal said…
ඇයි මේ බබාල Federal ක්‍රමයට ඔච්චර බය? ඔයගොල්ල දන්නේ නැද්ද
සිංහල බෞද්ධ උඩරට අයත් වෙනම රජයක් සුද්දාගෙන් ඉල්ලපු වග?

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...