Skip to main content

වෙසක් බයික් රේස් සහ රතු විප්ලවය.

බුදුන් වහන්සේ  කෙරෙහි  මා   සිත  තුළ  බලවත්  ගවුරවයක්  තිබේ.. එයට  හේතුව  නම් දෙව් ලොව  මිනිස්  ලොව සැප සම්පත් විඳින  හැටි  කියා  දුන් නිසා නොවේ. සංසාර  සාගරයෙන් එතෙර  වී  නිවන් දැකීමට  මග කියා දුන් නිසා  නොවේ.  මිනිසෙක් උසස් හෝ  පහත වන්නේ  උපතින් නොව  ක්‍රියාවෙන්  බව  කී නිසාය.   කුලවාදය මත  පදනම් වූ සමාජයක ඉපිද  කුලවාදය ප්‍රතික්ෂේප  කළ නිසාය. කුලවාදයට එරෙහිව  දේශනා  කළ  නිසාය. මිනිස්  අයිතිවාසිකම් ගැන පමණක් නොව සතුන්ගේද  ගස්  වැල්වලද අයිතීන් ගැන දේශනා  කළ නිසාය. යුද්ධයට එරෙහිව දේශනා  කල නිසාය. අහිංසාව දේශනා  කළ නිසාය.

බුදුන්ගේ  කාලයෙන් අවුරුදු 2500ක් ඉක්ම  ගොස්  අද  ජීවත් වන අපේ  රටේ   බහුතරයක් භික්ෂුන්  කෙරෙහි මා   සිත  තුළ  කිසිදු  ගවුරවයක්  නැත්තේ  ඔවුන්  කුලවාදය කර පින්නා  ගෙන  යන නිසාය. ජාතිවාදය දේශනා  කරන  නිසාය. හිංසාවට  සිංහලයන්  පොළඹවන  නිසාය. කොටින්ම බුදුන්ගේ  මග වෙනුවට දෙවදත්ගේ  මග අනුගමනය  කරන  නිසාය.

එවැනි ශ්‍රේෂ්ට  මිනිසෙකු වූ බුදුන් වහන්සේට ගවුරව්‍යක් ලෙස වෙසක් කුඩු දෙක  තුනක් වත් ආලෝකමත් කිරීම  සුදුස බැවින්    අහල  පහල  කඩ  මන්ඩියට  මා අද උදේ වරුවේ ගියේ වෙසක් කුඩු  මිලදී  ගැනීම  සඳහාය.ඉස්සර  නම් වෙසක්  කුඩු විකුණන්නට  තිබුනේ  කොළඹ  පමණය. එහෙත් දැන් නම් අපේ  ගමේ  කඩවලත්  ඒවා විකිණීමට  තිබේ. අනිකුත් ගම්  වලත් එසේ  නොවෙන්නට  හේතුවක්  නැත.නිවන් මග  අහුරන කාමයේ යෙදීමේ අඩුවක් අපේ  රටේ  බවුද්ධ්යන් අතර  නැති බැවින්  ජනගහණය ඉහල  යාම හේතුකොට ගෙන බට  ගහක්වත් වැවෙන්නට  ඉඩක් නැත.  ඒ  නිසා  ගම්වල  අපිටත් වෙසක් කුඩු කඩේ  මුදලාලිගෙන්  මිලදී ගැනීමට සිදුවී තිබේ. 


මේ  ලිපිය  ලියන්නට  පාදක  වුනේ    වෙසක් කුඩු ගැනීමට කඩමන්ඩියට ගිය විට   දුටු දර්ශන කීපයක්  නිසාය.  එක් පැය භාගයක් තුළ පමණක්   තරුණ  ගැටවුන්  රංචු  ගණනාවක්  මෝටර් බයිසිකල්වල  නැගී එකිනෙකා පරයමින් ධාවනය කරනු  මා  දුටිමි. එක් අවස්ථාවකදී ඉතා වේගයෙන් (පැයට  කිලෝ මීටර් 70 තරම  වේගයෙන් )  මා   සිටි දෙසට  බයිසිකලයක් ධාවනය කර ගෙන  ආවේය. ඒ  සමගම  ඔහු පිටුපසින් තවත් බයිසිකලයක්  වෙගයෙන් පැමිණි අතර  අනිත් පසට  වෙනත් වාහනද  ගමන් කරමින් තිබුණි. පසුපසින් පැමිණි ගැටයා වෙට්ටුවක් දමා ඉදීරියෙන්  ගිය බයිකලය  පසු  කළේය. එවැනි වේගයකින් බයිකලයක් පදින්නට හේතුව  මට වටහා   ගත  හැකි වුයේ මා  පසු  කර  යන විටය. ඔහු පිටුපස  සිටියේ  ගැටිස්සියකි. ඇය  සිහින්ය.  පියකරුය. නමුත් අගේ  මුහුණේ  තිබිනේ භීතියකි. ගැටයා   කෙරෙහි කෙන්තියක්ද  ගැටිස්සිය  කෙරෙහි අනුකම්පාවක්ද  මා  සිත  තුළ   පහළ විය.තමන්ගේ  ජීවිතය නැති  කර  ගැනීම  හෝ  අතපය  කඩා  ගැනීමට  වගකිව යුත්තේ  තමන්ය . එහෙත් අනුන්ගේ  ජීවිතයක් නැති කිරීමට  හෝ  අත  පය  කඩා දැමීමට  ඒ  ගස්තර  කොල්ලාට  ඇති අයිතිය  කුමක්ද?   

හවස් වරුවේ  ආරංචි වුවේ  රේස්  එකේ  ගිය  බයිසකල් රංචුවක  එකෙකු  පෙරළුණු බයිසිකලයත් සමග  අඩි  50ක් 60 ක් දුර කාපට්  පාරේ  ඇදී  ගොස්  අත් පාවල  හම,  ගලවා ගත් බවය.

කොල්ලන් වනාහි එඩිතරය. අයුක්තියට එරෙහිව සටන් කරන්නට එක  පයින්ම සුදානම්ය. මිත්‍රයන් වෙනුවෙන් බොක්කෙන්ම   කැප කිරීමට   සුදානම්ය. එහෙත් දුර දිග  හිතීමට අසමත්ය.  ඒ  නිසා වීරකම් කරන්නට  ගොස්  අමාරුවේ  වැටෙති . මොලේ  පහළවන්නේ  අතපය  කඩා ගත්තාට පසුවය .  නැතහොත් චන්ඩි  කම් කරන්නට  ගොස් අම්බානට  ගුටි කෑවාට  පසුවය. මෙය  ෆන් ගන්නා කොල්ලන්ට  පමණක් සීමා  නොවේ. විප්ලව  කරන්නට  යන තරුණයන්ටද  වලංගුය. අවුරුදු  කීපයක් හිරගෙදර  සිටින විට බොහෝ විප්ලවකරුවනට  මොලය  පහලවේ   

1971  කැරැල්ලට සහභාගිවී හිරගෙදර  ගිය  අයගෙන්  90% ආයිත්  ජවිපෙට එකතු  උනේ  නැත. 87-89 කැරැල්ලට සම්බන්ධ වී කෙසේ  හෝ  පණනල  බෙර ගත්ත  අයගෙන් 90% ද යලිත්  ජවිපෙට සමග දේශපලනයට බැස්සේ  නැත. 71  කැරැල්ලට  සම්බන්ධ හිරේ  ගිය  අයගෙන්   සැහෙන  පිරිසක් වෙනත් දේශපාලන  සංවිධාන  හදා ගෙන දේශපාලනය කළ නමුත්   කාලයාගේ  ඇවෑමෙන් ඒවා අභාවයට  පත්විය. 

අයුක්තියට එරෙහි  තරුණයන්ට ජවිපෙ ආකර්ෂණය වූ බැවින් ඔවුන්ගේ  සැලකිය  යුතු  පිරිසක්  ජවිපෙ වටා යලිත් එකතු වී තිබේ. දෙමල ජනයාගේ  ඉල්ලීම් වලට එරෙහිව  ජවිපෙ හඬ  නැගු බැවින්ද  ඇතැම් සිංහල තරුණයනට මෙන්ම මධ්‍යම පන්තික ස්තරයකටද එය  ආකර්ශනීය වී තිබේ.දුෂණ විරෝධී ජවිපෙ  හඬද ඇතැම් පිරිස්  තුළ  ජවිපෙ  කෙරෙහි ප්‍රසාදයක් ඇති වීමට  හේතු වී තිබෙන  බව  පෙනේ.

එහෙත් ඔවුන් සමග සිටි බලවත් පිරිසක් ජවිපෙන් ඉවත්වී පෙරටුගාමී නමින් සංවිධානයක් ගොඩ නගා ගැනීමත්  සෝමවංස අමරසිංහ ඉවත් වී කර  විවේචන නිසාත් ජවිපෙට නරක  කල දසාවක් උදාවී තිබේ  යැයි  කිව හැක. ඉකුත් මහා  මැතිවරණයේදී  මන්ත්‍රී ආසන 20ක් බලාපොරොත්තු වූ නමුත්  එය  හයකට  පමණක් සීමා වීමෙන්ද  ප්‍රබල නායකයනට පවා  ආසන  අහිමි වීමෙන්ද  එය  තහවුරු විය. 88-89 සමයේ  ජවිපෙ  හැසිරීම එම සංවිධානයට මිනිසුන්  විරුද්ධ වීමට බෙහෙවින් බල පා තිබේ.

ජවිපෙ  පිලිබඳ කරන විවේචන  එයට සම්බන්ධ  තරුණයන් කිසිසේත් පිලි ගන්නේ  නැති බව මා  හොඳින්ම දනිමි. මා  ජවිපෙ ක්‍රියාකාරිකයෙකු  ලෙස  කටයුතු   කරන  සමයේ මාද හැසිරුණේ එසේය. ජවිපෙ  විවේචනය   කරන්නන්   ද්‍රෝහීන් ලෙස සැලකීමට නායකයන්  විසින් සාමාජිකයන් හුරු කර  තිබීම එයට  හේතුවය.

1990 දක්වා ජවිපෙට  තරුණයන් එකතු වුයේ  සමාජවාදී පාලනයක් මේ  රටේ   ස්ථාපිත  කිරීමේ  අරමුණෙන්ය.  එහෙත් 1991 දී  සෝවියට් දේශයත් ඒ  සමග නැගෙන හිර  යුරෝපයේ තිබු  ධනවාදී නොවන  රාජ්‍ය පද්ධතිය කඩා වැටීමත්  චීනය ධනවාදී  මාවතේ  ගමන් කිරීම  නිසාත් සමාජවාදය  පිලිබඳ බලාපොරොත්තු ලොව  පුරා වසන   ප්‍රගතිශීලී   ජනයා  තුළ  ගිලිහී  ගොස්  තිබේ. එය අපේ  රටටද පොදුය. එබැවින් 1990 පෙර මෙන් ජවිපෙට සමාජවාදී විප්ලවයක් ගැන කියමින්  තරුණයන් එය වටා  ආකර්ෂණය  කර  ගත නොහැක.

යම් දිනක ජවිපෙට   මහජනයාගේ සහය  ලබා ගෙන  ආණ්ඩුවක්  පිහිට වුවත් එය ධනේශ්වර  ආණ්ඩුවක් පමණක් වන්නේය.  එහි පැවැත්ම සහතික වන්නේ  ධනේශ්වර  ලෝකයේ  සහය  ලැබුන හොත්  පමණි.ඔවුන්ගේ  සහය ලැබෙන්නේ  වේගවත් ප්‍රතිසන්ස්කර  නොකරන්නේ  නම් පමණි. තෙල් තිබුණු වෙනිසියුලාව වේගවත්  ප්‍රතිසංසකරණ කළ නමුත් ඉකුත්  මැතිවරණයේදී  එය  පරාජයට  පත් විය. එයට හේතුව  වුයේ  ආර්ථිකයේ ඇතිවූ  කඩා වැටීමයි.

එබැවින්  අනාගතයේ  යම් දවසක  මහජන සහය ලැබුනහොත් ඔවුන්ට  පිහිටුවීමට  සිදු වන්නේ  මහින්ද  රාජපක්ෂ පන්නයේ  ආණ්ඩුවකි.එහෙත් එවැනි  ආණ්ඩුවකට  කල හැක්කේ  කුමක්ද  මේ  රට වැටී තිබෙන  ණය උගුලෙන්  නිදහස්  වන්නේ  කෙසේද ? කල හැකි වන්නේ  ගත ණය  වාරික සහ  පොලී ගෙවීමට  තව දුරටත් ණය  ගැනීමය.  ණය දෙන්නේ  කොන්දේසි මතය කොන්දේසි වන්නේ  සහනාධාර  කැපීම , රුපියල අව ප්‍රමාණ  කිරීම සේවක වැටුප් වැඩි  නොකිරීම , විශ්‍රාම වැටුප් කප්පාදුව  වැනි දේය.

ජවිපෙ  සමග එකතුවී  ඉතා අවංකව දේශපාලනය  කරන  තරුණයන්ගේ අනාගත  බලාපොරොත්තු ඉටුවීමේ ඉඩ  කඩ  ඉතාම  අවම  වීම ඛේදවාචයකි 





























































Comments

Transylvania said…
මෙය ෆන් ගන්නා කොල්ලන්ට පමණක් සීමා නොවේ. විප්ලව කරන්නට යන තරුණයන්ටද වලංගුය. අවුරුදු කීපයක් හිරගෙදර සිටින විට බොහෝ විප්ලවකරුවනට මොලය පහලවේ ++++++++++
ජේවිපියට ආණ්ඩු බලය ගන්න බෑ, ඔවුන්ට කළ හැක්කේ ප්‍රගතිශීලි ආර්ථික දේශපාලනික ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ ජනමතයක් ගොඩ නංවා ඒවා පමා කීරීමට පමණි. මම ප්‍රගතිශීලී ආර්ථික ප්‍රතිසංස්කරණ කීවේ අවුරුදු ගනනක් ඇදෙන ජලය ආර්ථික භාණ්ඩයක් බවට පත් කෙරෙන ජල පනත, ගොවීන්ට රජයෙන් ලබා දී ඇති ඉඩම් විකිණිමට ඇති බාධා ඉවත් කිරීම, සතොස, සමූපකාර, වී මණ්ඩලය වැනි ආයතන වසා දැමීම යනාදියයි.
Unknown said…
Meka liyala thiyana premalalta pissu. Ethakota lankawa hadanna wenne pita rata salliwalinda. ethakota e salli dena ratawal salli hoyanne kohomada. Ara namalge achchita wage e ratawala janadipathithumaata kawru hari awilla manik mallak deelada. Moda manussayaek. ape rata diunu karanna kohewath rataka salli uwamanaa ne. me rate nispadanaya wadi karanna oona. dan me aandu mokada karanne rate minisunta kanna dennada pitaratin naya ganne. pitaratin genwana bandawalata dollarwalin gewan nisa dollar hoyannai. pitaratawalin genena baanda adu wena thanata ape ratata awasya siyalu ape ratema nishpadanaya karaganna oona. ape rate minisunge danumin guwan yaana unath hadanna puluwan. rate siyaluma ahaara nispadanaya wadi karanna oona. me lipiya liuwa kenage aanduwalin lunuth pitaratin gennanawa. ape rata watema muhuda eth lunu pita ratin. moda widihata dakinkota pennema JVP ekatath me gon arthika modalayama thamai kiyala. aluth widihata hithanna ethakotai aluth dewal nirmanaya wenne.

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...