Skip to main content

බුද්ධ පුත්තරයන්ගේ යුද්ධය

බුදුහාමුදුරුවෝ දේශනා  කළේ ප්‍රාණඝාතයෙන් වළකින්නටය. මිනිහෙක් නොව   කොඳුරුවෙක් මැරුවත් පාපයකි. බණ  පොතට  අනුව නම් මිනීමරුවෙකුට යලිත් මනුස්සයෙක් වී උපදින්නට තවත්  කල්ප  ගානක් බලා  සිටිය  යුතුය. මිනිස්බව  ලබා   උපදින්නට  බොහෝ පින් තිබිය යුතු  බව හාමුදුරුවරු  බණට  කියති. උපමාවට  කියන්නේ  විය සිදුරෙන් කණ කැස්බැවෙකුට  අහස  දකින්නට දුෂ්කර තරමටම  මිනිස් බව ලබා  උපදින්නට දුෂ්කරය කියාය.


  භික්ෂුවක් විසින් ගසක  අත්තක්  කැඩීමත් ඇවතක් ලෙස දෙසු  බුදුන් වහන්සේ යුද්ධයේදී මිනී  මැරුවාට  පව් සිද්ධ  වන්නේ  නැත  කියා   කිව්  බවක්  නම් දැන  ගන්නට නැත. උන්වහන්සේ ධර්මය  පදනම් වී තිබෙන්නේ අවිහිංසාව  මතය. එහෙත් ප්‍රාණඝාත කිරීමට අණදුන් අය වීරයන් සේ අපේ රටේ  බුද්ධ පුත්තරයෝ සලකති. මේ වෙසක් මාසයේ  18 ට  දිනට යෙදෙන  ප්‍රාණඝාත කිරීමේ   සංවත්සරය  දිනය  සැමරිය යුතු යැයි මුරුත්තෙට්ටුවේ  බුද්ධ පුත්තරයාද  ඇතුළු පුත්තරයෝ කියති   ආණ්ඩුව එය සැමරීමට  කටයුතු  නොකිරීම  ගැන දොස්  පවරති.


එයට  හේතුව  නම් අපේ රටේ  නිර්මල  ථෙරවාද  බුද්ධාගම තිබෙන නිසා වෙන්නට  ඕනෑය.

බුදුන් වහන්සේ  නම් අසරණයන්ට පිහිට වුහ. සුනීතට, සෝපාකට , පටාචාරාවට මහත් කරුණාවෙන් සැලකුහ. එහෙත් අපේ බුද්ධ පුත්තරයෝ  නම් එසේ  කරන අවස්ථා නම්  ඉතා විරලය.සුනීතල  සෝපාකලා පටාචාරලා  ලක්ෂයක් හමාරක් 27 අවුරුදු යුද්ධයේ  ප්‍රතිඵල ලෙස උතුර  නැගෙනහිර දැකිය  හැක.එහෙත් ඒ පැත්තට ගොස්  ඔවුන්ට  උදව්  කළේ ඉතා අල්පයක් බුද්ධ පුත්‍රයන් පමණකි.


එයට  හේතුවත් නිර්මල ථෙරවාද  බුද්ධාගම අපේ රටේ  තිබෙන නිසා වන්නට  ඕනෑය.

බුදුන් වහන්සේ, කුල වසයෙන් මිනිස්සු බෙදීම අනුමත  කලේ  නැත. කෙනෙකු උසස්  හෝ පහත්  වන්නේ උපතින් නොව ක්‍රියාවෙන්  බව උන්වහන්සේ  කීහ. ඒ  අවුරුදු 2500 කටත් පෙරය. එහෙත් අපේ  රටේ  නම් මහන කරන්නේ කුලය  හොඳ හැටි සොයා  බලාය. සියම් නිකායේ ගොවිගම කුලයෙන් පිට එකෙකුට නම් ඉඩක් නැත. මා   සමග  විවුර්තව  කතා  බහ කරන ,අමරපුර  නිකායේ ,අනු   නිකායක,   නායක තෙර  නමක් සමග  එයට  විරුද්ධව  මා   අදහස්  දැක් වූ  විට  උන්වහන්සේ  මට  දුන් පිළිතුර  නම් "අපි  මහන  කරන්නෙත් අහවල්  කුලයේ  අය  පමණක්ය '' කියාය.හේතුව විමසු විට කිව්වේ " අපේ  පන්සල් වෙන  කුලවල  අයට අයිති වන එක  වලක්වන්නට ඕන  නිසා " කියාය.


ඒකට  හේතුවත්  අපේ  රටේ  නිර්මල   ථෙරවාද බුද්ධාගම  තිබෙන  නිසා  වෙන්න  ඕනෑය.

  චුලොධර  සහ  මහෝධර නම් නා රජවරු  දෙදෙනෙකු  සේනාවන් සමග පැමිණ මැණික් පුටුවක් අයිති  කරගැනීම  සඳහා  මහා සංග්‍රාමයකට  ලක ලෑස්තිවන විට බුදුන් වහන්සේ  ලංකාවට වැඩම  කොට යුද්ධය  යනු බිහිසුණු අපරාධයක් බව  දේසනා කොට යුද්ධය වැලක්වූ බව  බණ පොතේ  සඳහන් වේ.  ශාක්‍ය  කෝලිය යුද්ධය  නවත්වන්නට ද බුදුන් වහන්සේ  මැදිහත් වූ බව  මා අසා තිබේ. තමන් සාඛ්‍ය වංශයේ  නිසා " කෝලිය වංසයේ  එවුන්ට  කට උත්තර  නැති වෙන්නට  සබ්බුව  දීපියව් " කියා  උන්වහන්සේ  දේශනා  කරේ  නැත.අපේ රටේ 27 අවුරුදු  යුද්ධය නිසා  මහා මිනිස් සංහාරයක්  සිදුවුණු  නමුත් අපේ බුද්ධ  පුත්‍රයෝ   නම් එය වලක්වන්නට අබ මල් රේණුවක  තරම් දෙයක් වත්  කල බවක් දැනගන්නට නැත. ඒ වෙනුවට  වෙඩි තැබීමට, බෝම්බ  ගැසීමට , පිහියෙන් ඇනීමට , බෙල්ල  කැපීමට ,කාල තුවක්කු වලින් වෙඩි තැබීමට , උඩින් බෝම්බ අතැරීමට  හමුදා භටයන්ට ධයිර්ය  දීම  සඳහා   ඇතැම්  බුද්ධ  පුත්තරයෝ  යුධ බිමට වැඩියාහ.


එයට හේතුව  වන්නට  ඇත්තෙත් අපේ රටේ    නිර්මල  ථේරවාදී බුද්ධාගම තිබෙන  නිසා  වෙන්නට  ඕනෑය..

දිනක් බුදුන් වහන්සේ ආනන්ද හිමියන් සමග  කුඹුරක් පසු  කර  යමින් සිටින විට හොරුන් අතින්  කුඹුරට වැටී තිබු සල්ලි  මල්ලක් දැක " ආනන්ද ! සර්පයා දුටුවාද ?" කියා ඇසුහ.. ආනන්ද හිමියෝද " එසේය. භාග්‍යවතුන් වහන්ස " කියා  පිළිතුරු දුන් සේක.

එහෙත් අපේ  රටේ  ගිහි පින්වතුන් බුද්ධ  පුත්‍රයන්  බන කිව් පසු පිරිකර සමග සර්පයන්ද පුජා   කරති.සර්පයන් අඩුවී තිබුනොත් , පිරිකර පුංචි වුවහොත් බන කිව් බුද්ධ පුත්‍රයාගේ  මුහුණ දික්වේ. පන්සලේ  අටපිරිකර  අඩු වසයෙන් විසි  තිස්වාරයක් වත් සර්පයන් වෙනුවෙන් හුවමාරුවේ.එසේ  ලබා  ගන්නා අට පිරිකර නැවත  නැවත  පන්සලට  පුජා  කිරීමෙන්  ලැබෙන  මහත්වූ පුණ්‍ය  මහිමයේ  බලයෙන් මිය ගිය  ඥාතියාට දිව්‍ය  ලෝක  මනුස්ස  ලෝක  සැප සම්පත් හිමිවෙන  බව පන්සලේ  හාමුදුරුවෝ දේශනා  කරති.


සර්පයන් පුජා  කිරීමෙන් මහත් ඵල  මහානිසංස  ලැබෙන්නේත් ලංකාවේ  තිබෙන නිර්මල ථෙරවාද  බුද්ධාගම  නිසා වෙන්නට  ඕනෑය.

බුදුන් වහන්සේ අවුරුදු 2500 කට  පෙර  තම ශාවකයනට දේශනා  කළේ  භික්ෂුවක්  කුරුල්ලෙකු මෙන් නිදහසේ සිටිය  යුතුය  කියාය. වෙනත් වචන වලින් කියතොත් භික්ෂුවකට පාත්‍රයත් , සිවුරකුත් අඳන  කඩ  දෙකකුත් පමණක්  තිබීම  ප්‍රමාණවත්  කියාය.   දේපොළ හොරු ගනීවිදෝ කියා හිතේ  බරක් නොමැතිව , ධර්මය දේශනා  කරමින්  ගම්  නියම්ගම් වල  භික්ෂුන්ට  චාරිකා  කළ  හැක්කේ  එවිටය.එහෙත් අපේ  රටේ  ඇතැම් බුද්ධ  පුත්‍රයන්ට  නම්   ඉඩකඩම්   පමණක් නොව කාර්  බාර්ද  තිබේ. සමහරුන්ට පන්සල් තුන  හතර  අයිතිය . එපමණක් නොව පන්සල්වල  අයිතියට  සන්ඩු සරුවල්  කරගෙන අන්තිමට උසාවියටද වැඩම  කරති.




ඒකටත් හේතුව  නිර්මල ථෙරවාද  බුද්ධාගම අපේ රටේ තිබීම නිසා  වන්නට  ඕනෑය.

සසර දික් වන්නේ තණ්හාව  නිසා  බවත්  නිවන් දැකීමට නම් තණ්හාව  නැති  කළ යුතු බවත් බුදුන් වහන්සේ දේශනා  කළහ. ලංකාවේ  බුද්ධ  පුත්තරයොත් ගුවන් විදුලි  බනේදීත් , රුපවාහිනී බනේදීත්  පන්සලේ ලවුඩ්ස්පීකර බනේදීත් එයම දෙසති. තණ්හාව  නැති කිරීම සඳහා පන්සල්වලට  දානයද ,පිරිකරද, මුදල්ද  ඇතැම් විටෙක  ඉඩකඩම්ද පුජා  කරන  ලෙස ගිහියනට  අනුශාසනා  කරති. උන්වහන්සේලාගේ අනුසාසනා  හිස් මුදුනින් පිළිගන්නා  ගිහි බවුද්ධයෝ ඒ අනුව කටයුතු  කරති. සිරීපාදයට  , දළදා මැදුරට , බෙල්ලන්විලට, අනුරාධපුරයේ  අටමස්ථානයට සහ අනෙකුත් පොහොසත් පන්සල්වලට වාර්ෂිකව  කෝටි  ගණනින් මුදල් පුජා කිරීමට බවුද්ධයෝ පෙළඹෙති .  බුද්ධ පුත්තරයෝ  ඒ මුදල් බැංකුවල තැන්පත් කරති. තේ වතු ,පොල් වතු මිලදී ගනිති. හයිබ්‍රිඩ් ද ගනිති.

ඒකටත් හේතුව වෙන  කිසිවක් නොව  ලංකාවේ  නිර්මල ථෙරවාද බුද්ධාගම  තිබීම  නිසා වන්නට  ඕනැය.















Comments

Pra Jay said…
ධර්මයකට හෝ දර්ශනයකට සංස්කෘතික, ජාතික, කුල, දේශීය, ප්‍රාදේශීය, දේශපාලනික ලක්ෂණ ඇතුලත්වූ විට එය වෙනස්වේ
Anonymous said…
මමත් මෙි ගැන බුද්ධ පුත්තරයෙක් ලෙස කතා කලා නමුත් වැඩකි නෑ අපේ දිව කපන්න හදනව අපේ ඈයොම කල්ලිවාදය සාසනේ හැම තැනම.ලාබ සත්කාර මත ගිජුවො බවට පත් වෙලා...ඒ මදිවට සමාජයේ විවෘත දේශපාලනය කල යුතු භික්ෂුව පිල් බෙදිල අර පස්ස මේ පස්ස කියාගෙන ඒකෙ ඇයොන්ටත් සර් මැඩම් කියාගෙන බෝම අවලස්සන දිවියක් ගතකරන්නෙ.විලිලැජ්ජයි මක් කරන්නද අනේ මන්ද...වැඩේ කියන්නෙ ඒ සෙට් එක මැරෙද්දි තවත් සෙට් එකක් ඒ වෙනුවෙන්ම එනවනෙ
Aruna Perera said…
බුදු හාමුදුරුවනේ
දකිනු මැන මේ වනේ...
ඔබ වහන්සේගේ එඩිතර පිළිතුර මා ඉතා ඉහලින් පිලිගන්නවා. සංඝ ශාසනයේ කළු පැල්ලම් සෝදා හැරීම සඳහා ඔබ වහන්සේ වැනි භික්ෂුන් 100ක් ක් එකතු කර ගැනීමට කටයුතු කරන්න. එය කළ හැකියි. ඔබ වහන්සේ වැනි හොඳ භික්ෂුන් 100ක් 200ක් මේ රටේ සිටිනවා කියා මා විස්වාස කරනවා.
Unknown said…
There no thing to talk about monks today. Today monks no fallow buddism. Some they very raskals.

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...