Skip to main content

Posts

එයාබස් පගාව බෙදුවේ කාටද ?

          ප්‍රංශයේ Airbus සමාගමෙන් ඩොලර් බිලියන 2.3 කට  ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එයාබස් 10 ක් මිලදී ගැනීම සඳහා 2013 වසරේදී ගිවිසුමක් අත්සන් කළ පසු ශ්‍රීලන්කන් ගුවන් සේවයේ  හිටපු ප්‍රධාන විධායක නිලධාරියා  වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ සිංගප්පුරුවේ ගිණුමකට ඩොලර් මිලියන දෙකක  පගාවක්  එයාබස්  සමාගම තැන්පත් කොට ඇති බව පසු ගියදා ලන්ඩනයේ පැවති නඩු  විභාගයකදී හෙළිවීමෙන් පසු ලංකාවේ ඉහල නිලතල වල සිටින්නන් අමු හොරු රැලක් බව සැකයකින් තොරවම තහවුරු වී තිබේ . ඩොලර් මිලියන දෙක සම්පුර්ණ පගාව නොවේ . පොරොන්වී තිබෙන මුළු පගාව ඩොලර් මිලියන 16 .84 කි . කපිල චන්ද්‍රසේන ගේ බිරිඳ වන ප්‍රියංකා විජේනායකගේ Biz Solution නමැති සමාගමට  ලැබුණු පගාවෙන් ඩොලර් ලක්ෂ 8 ක් ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන වන්නකවත්ත වඩුගේ  නිමල් හේමසිරි  පෙරේරා ට අයත්  SABRE VISION LTD නමැති සමාගමකට 2014 එවා තිබේ .එම සමගම ලියාපදිංචි කර තිබෙන්නේ බ්‍රිතානයට  අයත් වර්ජින් දුපතේය ( British Virgin Islands ).    ඒ අතර...

පිටසක්වල වාසින් සොයා යන ගමනක්

පහත දැක්වෙන චායාරුපය ගත්තේ කවුද ? පිටසක්වල වසන බුද්ධිමත් ජිවියෙක්ද ? ඉහත පින්තුරයේ දැක්වෙන්නේ අපසමග නිරන්තරයෙන් වාගේ ගමන් බිමන් යන   චන්ද්‍රයා සහ අප වසන පෘථිවියයි. මෙම දර්ශනය චායාරුපය ගත හැක්කේ  අභ්‍යවකාශයේ ඉතා දුරක සිටයි  . මේ චායරුපය ගනු ලැබුවේ Voyager 2 යානයයි . එම යානය මෙම චායාරුපය ගනු ලැබුවේ පෘථුවියේ සිට කිලෝමීටර් මිලියන 11.66ක් දුර සිට 1977 සැප්තැම්බර් 18 වනදායි ,පෘථුවිය වඩාත් පැහැදිලිව පෙනීම සඳහා කෘතීම ලෙස වර්ණ ගැන්වූ බව සඳහන් වෙනවා . Voyager 1 සහ Voyager 2 නමින් යානා දෙකක් 1977 දී දෙවරකට අවභ්‍යවකාශයට යවනු ලැබුවා එම යානා දෙක මේ වන විට ගමන් කරන්නේ පිලිවෙලින් අපේ ලෝකයේ සිට කිලෝමීටර් බිලියන 13.88 සහ 11.5 ක් දුරකින් .එම යානා යුරේනස් සහ නැප්චුන් ග්‍රහයන් පසු කොට ගියේ 1989 වසරේදී . එම යානා අපගේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් ඉවත්ව අනන්තය බලා ගමන් කරමින් ඉන්නේ .                            Voyager 2  අභ්‍යවකාශ යානය      ටික දවසක් අක්‍රියව තිබු Voyager 2 යානය යල...

රංජන් රාමනායක ඊයේ (ජනවාරි 21 )පාර්ලිමේන්තුවේදී කල ආන්දෝලානාත්මක කතාව

රංජන් රාමනායක ඊයේ (2020-1-21 ) පාර්ලිමේන්තුවේ  කළ කතාව ඉතා වැදගත්ය .ඇතැමුන් කියන්නේ ඔහු විසින් පාර්ලිමේන්තුවේ සිටි වැඩි දෙනෙකුගේ රෙදි ගලවා  දැමු බවය . බොහෝ දෙනා නොදැන සිටි කතා රැසක් ඔහු ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළි කළේය  ඇතැම් දේශපාලන විශ්ලේෂකයන්ට  අනුව ජුලියන  අසන්ගේ විසින්  ලොවට හෙළි දරව් කළ විකි  ලීක්ස් ලේඛන වලට වඩා රන්ජන්ගේ හඬ පට බලවත්ය . ඊයේ රංජන් කල කතාව තව බොහෝ කලක් යන තුරු රැව් පිළිරැව් දෙනු ඇත .  හොරුන් සම්බන්ධයෙන් ඔහු  සතු සියලු හඬ පට  පමණක් නොව ඔහු ළඟ  තිබෙන වීඩියෝ පට, B වාර්තා, සහ  වෛද්‍ය සහතික ද ඊයේ පාර්ලිමේන්තු සභා ගත කරන බව  රංජන් කියා සිටියේය . මේවා ඉදිරි කාලයේදී මහජනයාට දැනගත හැකි වනු ඇත ඒවා මගින්  තවත් බොහෝ අයගේ යට ඇඳුම්ද ගැලවෙනු ඇත . රංජන් ඊයේ කල කතාව  අසන්න 

තෙල් නිපදවන වෙනිසියුලාවට සිදුවුණු අකර තැබ්බය

මේ ඇත්ත කතන්දරය මට ලියන්නට හිතුනේ al  jazeera.com  අඩවියේ ඇතුලේ තිබු ලිපියක් කියවීමෙන් පසුවය .වෙනිසියුලාව ගැන ලියන ලද ලිපියක් වූ එය වෙනත් මාධ්‍යක තිබුණේ නම් අමු පචයක් ලෙස සලකා අපගේ සමාජවාදී මිතුරන් එය තුට්ටුවකට වත් ගණන් නොගනු ඇත . අවුරුදු තිහක් ගුරුවරියක ලෙස සේවය කොට විශ්‍රාම ගොස් සිටින කාන්තවක්  වසර අවසානය සැමරීමට ආණ්ඩුවෙන්නොමිලේ දෙන රුසියානු ඌරූ මස් කෑල්ලක් මිලදී ගැනීමට පෝලිමට එක්වී සිටියදී අල්ජසීරා මාධ්‍යවේදියා අය සමග කත ා බහකර තිබුණි . 500 ක් පමණ පිරිසක් අතර ඇය පැය 11 ක් පෝලිමේ සිටි බව මාධ්‍යවේදියාට කියා තිබුණි. අවුරුදු 70 ක් පමණ වයසැති ඇය ගේ විශ්‍රාම වැටුප ඇමරිකානු ඩොලර් 8 කී .ඩොලරයක් රූ 180 න් වැඩි කර බැලුවිට උත්තරය රු.1440  කී. "මට මේ පඩියෙන් මස් කිලෝ දෙකක් වත් ගන්න බෑ " යයි Carmen Graffe නමැති එම විශ්‍රාමික ගුරුවරිය කියා තිබුණි . ඇත්ත වශයෙන්ම ලංකාවේ විශ්‍රාමික ගුරුවරයෙකුට අඩු වශයෙන් රූ 30000 ඉක්මවා මසකට ලැබේ යන්න මගේ විශ්වාසයයි .ගිය අවුරුද්දේ අගදී රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප විශාල සංඛ්‍යාවකින් ඉහල දමනු ලැබිය. ලෝකයේ ...

ජවිපෙ පැදුරෙන් බිමට වැටුනේ ඇයි

ජවිපෙ මෙවර අඩු වශයෙන් ලක්ෂ 8 ක් ගනු ඇතැයි බොහෝ අය ගණන් හැදුහ.මගේ විශ්වාසය වුවේද එයය . ජවිපෙ හිතවතුන් අනුමානය ඊටත් වඩා වැඩි විය .ලක්ෂ 10- 15 අතර සංඛ් ‍ යාවක් ගනු ඇතැයි ඔවුහු සිතුහ එයට හේතුද තිබිණ . ඉකුත් මහමැතිවරණයේදී චන්ද 544,154 ක්ද ගිය වසරේ පැවැත්වූ පලාත් පාලන චන්දයේදී ලක්ෂ 7 ඉක්මවාද ජවිපෙ ලබාගැනීම මෙන්ම ගාලු මුවදොර පිටිය පුරවා රැළියක් පැවැත්වීම සහ ජනාධිපතිවරණයේ ඔවුන්ගේ රැලි වලට සතුටුදායක මට්ටමේ සහභාගිත්වයක් තිබීම එවැනි අනුමාන කිරීම් වලට පදනම විය එහෙත් මෙවර ජනාධිපතිවරණයේදී චන්ද 418,553 (3.16%) පමණක් ජවිපෙ ප් ‍ රමුඛ සන්ධානය ලැබීම ජවිපෙ බරපතල ලෙස මානසික කඩාවැටීමකට පත් කරනු ලැබිය අවසාන ප් ‍ රතිඵලය ප් ‍ රකාශ කරන අවස්ථාවට අනුර කුමාර නොපැමිනිමෙන්ම එය පෙනේ. එහෙත් මැතිවරණ සමයේදී ජවිපෙ කියා සිටියේ ගොටාභයට බය නැති බවත් ඔහු බලයට පැමිණියහොත් මහජනයාට වන හිරිහැරවලදී ඊට මුහුණ දීමට තමන් ඉදිරිපත් වන බවත්ය . සිංහල සමාජයේ අති විශාල පිරිසක් දෙමල සහ මුස්ලිම් ප් ‍ රජාවෙන් තමන්ට තර්ජනයක් ඇතැයි විශ්වාස කරන බව මෙම ජනාධිපතිවරණ ප් ‍ රතිඵලවලින් අනුමාන කිරීමට සිදුවී තිබේ . 27 ...

ගෝටාභය දිනුවොත් ?

    ' නොවැම්බර් මස 16 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයේදී  කවුරු දිනාවිද ?'යන්න අනුමාන කිරීම තවමත් දුෂ්කරය . ග්‍රාමීය සිංහල ප්‍රදේශවල ගෝටාභය මහතාට වාසි සහගත බවක් ඇතත්  රටේ සෑම දිස්ත්‍රික්කයක්ම සලකා බැලු කළ  ගෝටාභය සහ සජිත් කරට  කර සිටින බව බැලු බැල්මට  පෙනේ . ගෝටාභය මහතා ජයග්‍රහණය කළොත් ඔහු ඒකාධිපතියෙකු වෙනු ඇතැයි බොහෝ අය තුල බියක් ඇතිවී තිබේ .විශේෂයෙන්ම ලංකාවේ වාමාංසික මත දරන්නන් සැලකිය යුතු පිරිසක්  මෙන්ම නිදහස් මත දරන්නන් විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහය  පළකරන්නේ ඒ නිසාය . 'ගෝටා බිය' තමනට අවාසි බව ජවිපෙ දනී. ඒ නිසා අනුර කුමාර මහතා සහ ජවිපෙ කියමින් සිටින්නේ ගෝටා ජනාධිපති උනත් 19 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපති බලතල කපා ඇති බැවින් බිය විය යුතු නැති බවය .  මේ ලිපියේ ප්‍රධාන  අරමුණ  ගෝටාභය 16 වන දා ජයග්රහනය කළහොත් ඉන් පසු ආසන්න සමයේ සිදුවිය හැක්කේ කුමක්ද යන්න විග්‍රහ කර ගැනීමය .  දින 52 පාලන සමය යලි ඔබට සිහියට නගා ගත හැකි නම් ගෝටාභය මහතා බලයට  පත් වුවහොත්  සිදුවිය හැකි බිහිසුණු තත්වය වට...

ගෝටාභය අනුරාධපුරයේ දී කී කතාව

         ඊයේ අනුරාධපුරයේ පැවැත්වූ පොහොට්ටු රැස්වීමේදී කතා කළ ගෝටාභය මහතා සිර ගත කොට සිටින හමුදා සාමාජිකයන් ජනාධිපති වූ දිනම නිදොස් කොට නිදහස් කරන බව කීවේය . . ලංකාවේ නීති අනුව සිර කරුවන් නීදොස් කොට නිදහස් කිරීමට හැකියාව තිබෙන්නේ දඬුවම් කල උසවියට ඉහල උසාවිය විසින් යලිත් නඩු අසා නිවැරදි කරු වුවේ නම් පමණි . ඒ සඳහා වුවද උසාවියට කිසියම් කාලයක් ගතවේ . එහෙත් ඊයේ අනුරාධපුරයේ පැවති පොහොට්ටුවේ මංගල මැතිවරණ රැලියේදී කතා කල ගොටාභය මහතා කිවේ හිර ගෙවල්ව සිටින හමුදා සාමාජිකයන් තමා ජනාධිපති වූ පළමු දිනයේම නිදොස් කොට නිදහස් කරන බවය . සියලු ශිෂ්ට රටවල මෙන්ම අපේ රටේද නිතිය අනුව ප් ‍ රධාන බලකෙන්ද් ‍ ර 3 කී. ඒ පාර්ලිමේන්තුව ,විධායකය,සහ අධිකරණයයි බලය ස්ථාන තුනකට බෙදා හැර තිබෙන්නේ එසේ නොවුනහොත් පාලකයා එකාධිපතිවී රට ඉවර කරන නිසාය . එහෙත් ගොටාභය මහතා කිවේ ආණ්ඩුක් ‍ රම ව් ‍ යවස්ථාව උල්ලංඝනය කරමින් ඒකාධිපතියෙකු බවට පත්වෙමින්අධිකරණ බලයද තම අතට ගනිමින් වැරදි කල එවුන් පළමු දිනයේදීම නිදහස් කරන බවය. චන්දයෙන් බලයට ආ හිට්ලට් ඒකාධිපතිවුයේ ඔය විදිහටමය...