Skip to main content

පිටසක්වල වාසින් සොයා යන ගමනක්



Image result for aliens



පහත දැක්වෙන චායාරුපය ගත්තේ කවුද ? පිටසක්වල වසන බුද්ධිමත් ජිවියෙක්ද ?

Image may contain: night



ඉහත පින්තුරයේ දැක්වෙන්නේ අපසමග නිරන්තරයෙන් වාගේ ගමන් බිමන් යන   චන්ද්‍රයා සහ අප වසන පෘථිවියයි. මෙම දර්ශනය චායාරුපය ගත හැක්කේ  අභ්‍යවකාශයේ ඉතා දුරක සිටයි  .


මේ චායරුපය ගනු ලැබුවේ Voyager 2 යානයයි . එම යානය මෙම චායාරුපය ගනු ලැබුවේ පෘථුවියේ සිට කිලෝමීටර් මිලියන 11.66ක් දුර සිට 1977 සැප්තැම්බර් 18 වනදායි ,පෘථුවිය වඩාත් පැහැදිලිව පෙනීම සඳහා කෘතීම ලෙස වර්ණ ගැන්වූ බව සඳහන් වෙනවා .


Voyager 1 සහ Voyager 2 නමින් යානා දෙකක් 1977 දී දෙවරකට අවභ්‍යවකාශයට යවනු ලැබුවා එම යානා දෙක මේ වන විට ගමන් කරන්නේ පිලිවෙලින් අපේ ලෝකයේ සිට කිලෝමීටර් බිලියන 13.88 සහ 11.5 ක් දුරකින් .එම යානා යුරේනස් සහ නැප්චුන් ග්‍රහයන් පසු කොට ගියේ 1989 වසරේදී . එම යානා අපගේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් ඉවත්ව අනන්තය බලා ගමන් කරමින් ඉන්නේ .


Image result for voyager 2

                           Voyager 2  අභ්‍යවකාශ යානය 


    ටික දවසක් අක්‍රියව තිබු Voyager 2 යානය යලිත් ක්රියා කාරිවී තිබෙනවා .පොළොවේ සිට එම යානයට ආලෝකයේ වේගයෙන් නියෝග යවන අතර නියෝගයක් යාමට පැය 17 ක් ගත වෙනවා.
මෙම යානා අභ්‍යවකාශයට යවා අවුරුදු 42 ක් ගතවී තිබෙන අතර යානාවල විදුලි ජනක යන්ත්‍ර මේ අවුරුද්දේ මැද වන විට අක්‍රිය වෙනු ඇතැයි නාසා ආයතනය කියනවා . ඉන්පසු එම යානා අපගේ සම්බන්ධයෙන් තොරව අනන්ත විශ්වයේ ඈතට ඈතට අවුරුදු මිලියන ගණනක් තිස්සේ ගමන් කරනු ඇති . මෙම යානා වලට පෘතුවියේ තිබෙන විවිධ ශබ්ද සහ විවිධ සංගීත කොටස් ඇතුලත් තැටියක් සවි කර තිබෙන අතර විශ්වයේ ජිවත්වන වෙනත් බුද්ධිමත් ජීවියෙකුට තවත් අවුරුදු ලක්ෂ කෝටි ගණනකට පසු ඒවා අසන්නට ලැබෙනු ඇති.  ප්රුථුවී වාසින් ගැන කිසියම් අවබෝධයක් ලබාගැනීමට ඔවුන්ට හැකිවන්නේ එදිනටයි .


                          Voyager 2 යානයේ ගමන් මග 


බිලියන ගණනක් සුර්යයන්ගෙන් ග්‍රහ ලෝකවලින් සමන්විත විශ්වයේ විශාලත්වය සමග සැසඳූ විට පෘතුවියේ විශාලත්වය මෙම වාක්‍යය අවසානයේ තබා තිබෙන නැවතීම ලකුණට සමානයි . එම තිතේ ජිවත්වන ඇතැම් මිනිසුන් ආගමක් භාෂාවක් වෙනුවෙන් එකිනෙකා මරා ගනිමින් සිටීම ගැන විශ්වයේ ජිවත්වන වෙනත් බුද්ධිමත් ජීවින් කෙසේ සිතනු ඇත්ද ?


Comments

LILIAN NIKKY said…
මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දිනයක් වන අතර, මගේ හිටපු ස්වාමිපුරුෂයාට ඔහුගේ මැජික් හා ආදර අක්ෂර වින්‍යාසය සමඟ නැවත ගෙන්වා ගැනීමට වෛද්‍ය සාගුරු මට උපකාර කර ඇත. මම විවාහ වී වසර 6 ක් ගත වී ඇති අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා මට වංචා කර දික්කසාද වීමට බලාපොරොත්තුවෙන් සිටි නිසාය. නමුත් වෛද්‍ය සගුරු අන්තර්ජාලය හරහා විද්‍යුත් තැපෑලක් දුටු විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ආපසු ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවයෙන් මිනිසුන් සතුටු වීමට සලස්වන්න. මම මගේ තත්වය ඔහුට පහදා දී ඔහුගේ උපකාරය පැතූ නමුත් මා පුදුමයට පත් කරමින් ඔහු මට කීවේ ඔහු මගේ නඩුව සඳහා මට උදව් කරන බවත් මගේ ස්වාමිපුරුෂයා යහපත සඳහා මුළුමනින්ම වෙනස් වී ඇති නිසා මම දැන් සමරන බවත්ය. ඔහුට සෑම විටම මා විසින් වීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැකිය. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා. ආචාර්ය සගුරු සැබවින්ම සැබෑ අක්ෂර වින්‍යාසය නිසා මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දරමි. දැන් ඔබට විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධතා වෛද්‍ය සාගුර්ට උදව් කිරීමට අවශ්‍යද: drsagurusolutions@gmail.com හෝ WhatsApp +2349037545183 ඔබේ ගැටලුවට එකම පිළිතුර ඔහු වන අතර ඔබේ සම්බන්ධතාවය ගැන ඔබ සතුටට පත් කරයි. තවද ඔහු 1 ආදරණීය අක්ෂර 2 හි පරිපූර්ණයි 3 ගර්භාෂයේ පලතුරු 4 ප්‍රවර්ධන අක්ෂර 5 ආරක්ෂණ අක්ෂර 6 ව්‍යාපාර අක්ෂර 7 හොඳ රැකියා 8 අක්ෂර වින්‍යාසය සහ අධිකරණ නඩු අක්ෂර වින්‍යාසය.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා