Skip to main content

පිටසක්වල වාසින් සොයා යන ගමනක්



Image result for aliens



පහත දැක්වෙන චායාරුපය ගත්තේ කවුද ? පිටසක්වල වසන බුද්ධිමත් ජිවියෙක්ද ?

Image may contain: night



ඉහත පින්තුරයේ දැක්වෙන්නේ අපසමග නිරන්තරයෙන් වාගේ ගමන් බිමන් යන   චන්ද්‍රයා සහ අප වසන පෘථිවියයි. මෙම දර්ශනය චායාරුපය ගත හැක්කේ  අභ්‍යවකාශයේ ඉතා දුරක සිටයි  .


මේ චායරුපය ගනු ලැබුවේ Voyager 2 යානයයි . එම යානය මෙම චායාරුපය ගනු ලැබුවේ පෘථුවියේ සිට කිලෝමීටර් මිලියන 11.66ක් දුර සිට 1977 සැප්තැම්බර් 18 වනදායි ,පෘථුවිය වඩාත් පැහැදිලිව පෙනීම සඳහා කෘතීම ලෙස වර්ණ ගැන්වූ බව සඳහන් වෙනවා .


Voyager 1 සහ Voyager 2 නමින් යානා දෙකක් 1977 දී දෙවරකට අවභ්‍යවකාශයට යවනු ලැබුවා එම යානා දෙක මේ වන විට ගමන් කරන්නේ පිලිවෙලින් අපේ ලෝකයේ සිට කිලෝමීටර් බිලියන 13.88 සහ 11.5 ක් දුරකින් .එම යානා යුරේනස් සහ නැප්චුන් ග්‍රහයන් පසු කොට ගියේ 1989 වසරේදී . එම යානා අපගේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් ඉවත්ව අනන්තය බලා ගමන් කරමින් ඉන්නේ .


Image result for voyager 2

                           Voyager 2  අභ්‍යවකාශ යානය 


    ටික දවසක් අක්‍රියව තිබු Voyager 2 යානය යලිත් ක්රියා කාරිවී තිබෙනවා .පොළොවේ සිට එම යානයට ආලෝකයේ වේගයෙන් නියෝග යවන අතර නියෝගයක් යාමට පැය 17 ක් ගත වෙනවා.
මෙම යානා අභ්‍යවකාශයට යවා අවුරුදු 42 ක් ගතවී තිබෙන අතර යානාවල විදුලි ජනක යන්ත්‍ර මේ අවුරුද්දේ මැද වන විට අක්‍රිය වෙනු ඇතැයි නාසා ආයතනය කියනවා . ඉන්පසු එම යානා අපගේ සම්බන්ධයෙන් තොරව අනන්ත විශ්වයේ ඈතට ඈතට අවුරුදු මිලියන ගණනක් තිස්සේ ගමන් කරනු ඇති . මෙම යානා වලට පෘතුවියේ තිබෙන විවිධ ශබ්ද සහ විවිධ සංගීත කොටස් ඇතුලත් තැටියක් සවි කර තිබෙන අතර විශ්වයේ ජිවත්වන වෙනත් බුද්ධිමත් ජීවියෙකුට තවත් අවුරුදු ලක්ෂ කෝටි ගණනකට පසු ඒවා අසන්නට ලැබෙනු ඇති.  ප්රුථුවී වාසින් ගැන කිසියම් අවබෝධයක් ලබාගැනීමට ඔවුන්ට හැකිවන්නේ එදිනටයි .


                          Voyager 2 යානයේ ගමන් මග 


බිලියන ගණනක් සුර්යයන්ගෙන් ග්‍රහ ලෝකවලින් සමන්විත විශ්වයේ විශාලත්වය සමග සැසඳූ විට පෘතුවියේ විශාලත්වය මෙම වාක්‍යය අවසානයේ තබා තිබෙන නැවතීම ලකුණට සමානයි . එම තිතේ ජිවත්වන ඇතැම් මිනිසුන් ආගමක් භාෂාවක් වෙනුවෙන් එකිනෙකා මරා ගනිමින් සිටීම ගැන විශ්වයේ ජිවත්වන වෙනත් බුද්ධිමත් ජීවින් කෙසේ සිතනු ඇත්ද ?


Comments

LILIAN NIKKY said…
මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දිනයක් වන අතර, මගේ හිටපු ස්වාමිපුරුෂයාට ඔහුගේ මැජික් හා ආදර අක්ෂර වින්‍යාසය සමඟ නැවත ගෙන්වා ගැනීමට වෛද්‍ය සාගුරු මට උපකාර කර ඇත. මම විවාහ වී වසර 6 ක් ගත වී ඇති අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා මට වංචා කර දික්කසාද වීමට බලාපොරොත්තුවෙන් සිටි නිසාය. නමුත් වෛද්‍ය සගුරු අන්තර්ජාලය හරහා විද්‍යුත් තැපෑලක් දුටු විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ආපසු ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවයෙන් මිනිසුන් සතුටු වීමට සලස්වන්න. මම මගේ තත්වය ඔහුට පහදා දී ඔහුගේ උපකාරය පැතූ නමුත් මා පුදුමයට පත් කරමින් ඔහු මට කීවේ ඔහු මගේ නඩුව සඳහා මට උදව් කරන බවත් මගේ ස්වාමිපුරුෂයා යහපත සඳහා මුළුමනින්ම වෙනස් වී ඇති නිසා මම දැන් සමරන බවත්ය. ඔහුට සෑම විටම මා විසින් වීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැකිය. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා. ආචාර්ය සගුරු සැබවින්ම සැබෑ අක්ෂර වින්‍යාසය නිසා මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දරමි. දැන් ඔබට විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධතා වෛද්‍ය සාගුර්ට උදව් කිරීමට අවශ්‍යද: drsagurusolutions@gmail.com හෝ WhatsApp +2349037545183 ඔබේ ගැටලුවට එකම පිළිතුර ඔහු වන අතර ඔබේ සම්බන්ධතාවය ගැන ඔබ සතුටට පත් කරයි. තවද ඔහු 1 ආදරණීය අක්ෂර 2 හි පරිපූර්ණයි 3 ගර්භාෂයේ පලතුරු 4 ප්‍රවර්ධන අක්ෂර 5 ආරක්ෂණ අක්ෂර 6 ව්‍යාපාර අක්ෂර 7 හොඳ රැකියා 8 අක්ෂර වින්‍යාසය සහ අධිකරණ නඩු අක්ෂර වින්‍යාසය.

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...