Skip to main content

එයාබස් පගාව බෙදුවේ කාටද ?



Image result for airbus company


          ප්‍රංශයේ Airbus සමාගමෙන් ඩොලර් බිලියන 2.3 කට  ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එයාබස් 10 ක් මිලදී ගැනීම සඳහා 2013 වසරේදී ගිවිසුමක් අත්සන් කළ පසු ශ්‍රීලන්කන් ගුවන් සේවයේ  හිටපු ප්‍රධාන විධායක නිලධාරියා  වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ සිංගප්පුරුවේ ගිණුමකට ඩොලර් මිලියන දෙකක  පගාවක්  එයාබස්  සමාගම තැන්පත් කොට ඇති බව පසු ගියදා ලන්ඩනයේ පැවති නඩු  විභාගයකදී හෙළිවීමෙන් පසු ලංකාවේ ඉහල නිලතල වල සිටින්නන් අමු හොරු රැලක් බව සැකයකින් තොරවම තහවුරු වී තිබේ .


ඩොලර් මිලියන දෙක සම්පුර්ණ පගාව නොවේ . පොරොන්වී තිබෙන මුළු පගාව ඩොලර් මිලියන 16 .84 කි .


කපිල චන්ද්‍රසේන ගේ බිරිඳ වන ප්‍රියංකා විජේනායකගේ Biz Solution නමැති සමාගමට  ලැබුණු පගාවෙන් ඩොලර් ලක්ෂ 8 ක් ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන වන්නකවත්ත වඩුගේ  නිමල් හේමසිරි  පෙරේරා ට අයත්  SABRE VISION LTD නමැති සමාගමකට 2014 එවා තිබේ .එම සමගම ලියාපදිංචි කර තිබෙන්නේ බ්‍රිතානයට  අයත් වර්ජින් දුපතේය ( British Virgin Islands ). 


  ඒ අතර  ඇය විසින් එම වසරේදීම යුරෝ 160000 ක් (රු.මිලියන 30ක්) SL AGRO නමැති ලංකාවේ සමාගමකට එවා තිබෙන අතර එම සමාගමේ ස්ථිර ලිපිනයක් නැති බව  කියනු ලැබේ . සහෝදරයන් දෙදෙනෙකු  එම සමාගමේ අයිති කරුවෝ වන අතර   ඔවුන් දෙදෙනා කවුදැයි තවම හෙළි කර  නැත. එක් අයෙකු රහස් පොලිසියට ගෙන්වා ප්‍රකාශයක්  ලබා ගෙන තිබෙන අතර අනෙත් සහෝදරයාට පසුදා  පැමිණෙන ලෙස  කියා ඇතත් පැමිණ නැත .


ප්‍රශ්නය උසාවියට ගොස් තිබෙන අතර නිමල් පෙරේරාට එතෙර යාම තහනම්  කර තිබේ .මේ අතර මේ සම්බන්ධයෙන් පෙබරවාරි 20 වනදා උසාවියට කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත  මුදලිගේ මහතා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට  පොලිසිය දක්වන උනන්දුව අසතුටු දායක බව  උසාවියට කියා සිටියේය .


මේ අවස්ථාවේ මහේත්‍රාත් රංග දිසානායක මහතා  ප්‍රකාශයක්  කරමින් මෙම මුදල් විශුද්ධිකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස රහස් පොලිසියට  නියෝග කළ නමුත් රහස් පොලිසිය කිසිවක් කර නැති කියා කියා සිටීමෙන් පෙනේනේ හොරු හෙවීමට රහස් පොලිසිය දක්වන උනන්දුවෙ තරමය .


 

    මේ නිමල් පෙරේරා යනු කවුද?


මොහු ව්‍යාපාර  ජාලයක සභාපති වේ.  සමාගම් රැසක කොටස් හිමිකරුවෙකි. කොටස් වෙළඳපොල ව්‍යාපාරිකයෙකි . කලින් සමාගම් රැසක ඉහලම මට්ටමේ තනතුරු දරුවෙකි .


වත්මන් ආණ්ඩුවේ ලොකු ලොක්කන්  රැසක් ඔහුගේ  මිතරයෝය මුදල් විශුද්ධිකරණය සම්බන්දයෙන්මන්ත්‍රී  නාමල් රාජපක්ෂට එරෙහිව පැවරුණු නඩුවක නිමල් පෙරේරාගේ නමද සඳහන් වී තිබෙන බව සඳහන් වේ  .


එහෙත් කණගාටුවට කරුණ නම් මේ පිළිබඳව දෙරණ ,සහ හිරු කන්බිහිරිකරවන නිහඬතාවයක් රැකීමය . සිංහල මාධ්‍ය මේ ගැන කතා  කරන්නේ නැති තරම්ය  ඒ නිසා මේ දැවැන්ත වංචාව  ගැන බොහෝ දෙනා දන්නේ නැත .


හිරු  සහ දෙරණ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ මන්දැයි දැන් හෙළිවී තිබේ . හිරු අයිතිකරු සහ දෙරණ අයිති කරු නිමල් පෙරේරාගේ ගජ මිත්‍රයෝ වීම එයට හේතුවයි  .


දැවැන්ත ව්යාපරයෙකු වන නිමල් පෙරේරාට එවූ ඩොලර් ලක්ෂ 8  ඔහු  ගන්නට නැතැයිද එම මුදල වෙනත් අයට ලබා දීම සඳහා ඔහුට එවන්නට ඇතැයිද සමහරු කියති . එසේ නම් ඒවා ලබා දුන්නේ කාටද ? ඔහුගේ දේශපාලන මිතුරන්  කීප දෙනෙකුටද ?


නිමල් පෙරේරාගේ මිත්‍රයන් කවුදැයි හඳුනා  ගැනීමට කදිම අවස්ථාවක් ඊයේ පෙරේදා උදාවිය .   එම අවස්ථාව උදා වුයේ  ඔහුගේ උපන්දින සාදයට පැමිණ තිබු යාලු මිත්‍රයන්ගේ චායාරුප ප්‍රසිද්ධියට  පත්වීම නිසාය.  එම  චායාරුප පළකර තිබුනේ BUSINESS TODAY පුවත් පතේය 


පහත දැක්වෙන්නේ එම පින්තුර වලින් කීපයකි .


Image may contain: 5 people, including Sani Cham and Sandya Abayasinghe, people standing and indoor


                     වම් පස පළමුවෙනියා නිමල් පෙරේරාය 

Image may contain: 5 people, people standing


Image may contain: 6 people, including Sani Cham and Sandya Abayasinghe, people standing, shoes and indoor

Image may contain: 11 people, including Sunilshantha Koralage, people standing


Image may contain: 5 people, people standing and indoor

          වම් පස සිටින්නේ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ය

                              (මහින්ද රාජපක්ෂගේ ළඟ ඥාතියෙකි) 

එම සාදයට පැමිණි අය දැක්වෙන පහත පින්තුර සියල්ලම BUSINESS TODAY හි පලකොට තිබිණ 


Image may contain: one or more people and indoor



   

Comments

Anonymous said…
දැන් මහත්තයා කියන්නේ මේ ජයාරූප අනුව රාජපක්ෂ පවුලේ අයත් මේකට සම්බන්ධයි කියලද? මෙව්වා මේ අසත්‍ය ප්‍රචාර. මෙව්වට අපි රැවටෙන්නේ නැහැ. ලබන පාර්ලිමේන්තු ජන්දෙත් අපි ලබා දෙන්නේ අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාන්ලාටයි.

චතුෂ කුමාර
Anonymous said…
Ai umbta invitation ekek awe nedda? ha ha ha
හැමදෙයක් දෙසම ආර්ථික විද්‍යාවෙන් බැලීම කසි කබල් මාක්ස්වාදී ක්‍රියාවක්.

සිංහල ජාතියට තියෙන ලොකුම ගැටළුව 1815න් පසු සිංහලයන්ට රටක් නැති වීමයි.
ඒ විදියට බැලුවාම මේක මොනතරම් සුළු දෙයක්ද?
ලංකාවේ දෙමළ මනුස්යෙක්ට ඔ්කේ ප්‍රශ්ණයක් නෑ.
ලංකාවේ මුස්ලිම් මනුස්යෙක්ට ඔ්කේ ප්‍රශ්ණයක් නෑ.
මම වගේ සිංහලයෙක්ටත් ඔ්කේ ප්‍රශ්ණයක් නෑ.

සිංහල පවුලක් මොනවා හරි කරලා ගොඩ යනවා නම් මම සලකන්නේ ඒක මගෙත් ජයක් හැටියට.

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...