ප්‍රංශයේ Airbus සමාගමෙන් ඩොලර් බිලියන 2.3 කට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එයාබස් 10 ක් මිලදී ගැනීම සඳහා 2013 වසරේදී ගිවිසුමක් අත්සන් කළ පසු ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ සිංගප්පුරුවේ ගිණුමකට ඩොලර් මිලියන දෙකක පගාවක් එයාබස් සමාගම තැන්පත් කොට ඇති බව පසු ගියදා ලන්ඩනයේ පැවති නඩු විභාගයකදී හෙළිවීමෙන් පසු ලංකාවේ ඉහල නිලතල වල සිටින්නන් අමු හොරු රැලක් බව සැකයකින් තොරවම තහවුරු වී තිබේ .
ඩොලර් මිලියන දෙක සම්පුර්ණ පගාව නොවේ . පොරොන්වී තිබෙන මුළු පගාව ඩොලර් මිලියන 16 .84 කි .
කපිල චන්ද්‍රසේන ගේ බිරිඳ වන ප්‍රියංකා විජේනායකගේ Biz Solution නමැති සමාගමට ලැබුණු පගාවෙන් ඩොලර් ලක්ෂ 8 ක් ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන වන්නකවත්ත වඩුගේ නිමල් හේමසිරි පෙරේරා ට අයත් SABRE VISION LTD නමැති සමාගමකට 2014 එවා තිබේ .එම සමගම ලියාපදිංචි කර තිබෙන්නේ බ්‍රිතානයට අයත් වර්ජින් දුපතේය ( British Virgin Islands ).
ඒ අතර ඇය විසින් එම වසරේදීම යුරෝ 160000 ක් (රු.මිලියන 30ක්) SL AGRO නමැති ලංකාවේ සමාගමකට එවා තිබෙන අතර එම සමාගමේ ස්ථිර ලිපිනයක් නැති බව කියනු ලැබේ . සහෝදරයන් දෙදෙනෙකු එම සමාගමේ අයිති කරුවෝ වන අතර ඔවුන් දෙදෙනා කවුදැයි තවම හෙළි කර නැත. එක් අයෙකු රහස් පොලිසියට ගෙන්වා ප්‍රකාශයක් ලබා ගෙන තිබෙන අතර අනෙත් සහෝදරයාට පසුදා පැමිණෙන ලෙස කියා ඇතත් පැමිණ නැත .
ප්‍රශ්නය උසාවියට ගොස් තිබෙන අතර නිමල් පෙරේරාට එතෙර යාම තහනම් කර තිබේ .මේ අතර මේ සම්බන්ධයෙන් පෙබරවාරි 20 වනදා උසාවියට කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත මුදලිගේ මහතා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලිසිය දක්වන උනන්දුව අසතුටු දායක බව උසාවියට කියා සිටියේය .
මේ අවස්ථාවේ මහේත්‍රාත් රංග දිසානායක මහතා ප්‍රකාශයක් කරමින් මෙම මුදල් විශුද්ධිකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස රහස් පොලිසියට නියෝග කළ නමුත් රහස් පොලිසිය කිසිවක් කර නැති කියා කියා සිටීමෙන් පෙනේනේ හොරු හෙවීමට රහස් පොලිසිය දක්වන උනන්දුවෙ තරමය .
මේ නිමල් පෙරේරා යනු කවුද?
මොහු ව්‍යාපාර ජාලයක සභාපති වේ. සමාගම් රැසක කොටස් හිමිකරුවෙකි. කොටස් වෙළඳපොල ව්‍යාපාරිකයෙකි . කලින් සමාගම් රැසක ඉහලම මට්ටමේ තනතුරු දරුවෙකි .
වත්මන් ආණ්ඩුවේ ලොකු ලොක්කන් රැසක් ඔහුගේ මිතරයෝය මුදල් විශුද්ධිකරණය සම්බන්දයෙන්මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පැවරුණු නඩුවක නිමල් පෙරේරාගේ නමද සඳහන් වී තිබෙන බව සඳහන් වේ .
එහෙත් කණගාටුවට කරුණ නම් මේ පිළිබඳව දෙරණ ,සහ හිරු කන්බිහිරිකරවන නිහඬතාවයක් රැකීමය . සිංහල මාධ්‍ය මේ ගැන කතා කරන්නේ නැති තරම්ය ඒ නිසා මේ දැවැන්ත වංචාව ගැන බොහෝ දෙනා දන්නේ නැත .
හිරු සහ දෙරණ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ මන්දැයි දැන් හෙළිවී තිබේ . හිරු අයිතිකරු සහ දෙරණ අයිති කරු නිමල් පෙරේරාගේ ගජ මිත්‍රයෝ වීම එයට හේතුවයි .
දැවැන්ත ව්යාපරයෙකු වන නිමල් පෙරේරාට එවූ ඩොලර් ලක්ෂ 8 ඔහු ගන්නට නැතැයිද එම මුදල වෙනත් අයට ලබා දීම සඳහා ඔහුට එවන්නට ඇතැයිද සමහරු කියති . එසේ නම් ඒවා ලබා දුන්නේ කාටද ? ඔහුගේ දේශපාලන මිතුරන් කීප දෙනෙකුටද ?
නිමල් පෙරේරාගේ මිත්‍රයන් කවුදැයි හඳුනා ගැනීමට කදිම අවස්ථාවක් ඊයේ පෙරේදා උදාවිය . එම අවස්ථාව උදා වුයේ ඔහුගේ උපන්දින සාදයට පැමිණ තිබු යාලු මිත්‍රයන්ගේ චායාරුප ප්‍රසිද්ධියට පත්වීම නිසාය. එම චායාරුප පළකර තිබුනේ BUSINESS TODAY පුවත් පතේය
පහත දැක්වෙන්නේ එම පින්තුර වලින් කීපයකි .

වම් පස පළමුවෙනියා නිමල් පෙරේරාය




වම් පස සිටින්නේ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ය
(මහින්ද රාජපක්ෂගේ ළඟ ඥාතියෙකි)
එම සාදයට පැමිණි අය දැක්වෙන පහත පින්තුර සියල්ලම BUSINESS TODAY හි පලකොට තිබිණ

Comments
චතුෂ කුමාර
සිංහල ජාතියට තියෙන ලොකුම ගැටළුව 1815න් පසු සිංහලයන්ට රටක් නැති වීමයි.
ඒ විදියට බැලුවාම මේක මොනතරම් සුළු දෙයක්ද?
ලංකාවේ මුස්ලිම් මනුස්යෙක්ට ඔ්කේ ප්‍රශ්ණයක් නෑ.
මම වගේ සිංහලයෙක්ටත් ඔ්කේ ප්‍රශ්ණයක් නෑ.
සිංහල පවුලක් මොනවා හරි කරලා ගොඩ යනවා නම් මම සලකන්නේ ඒක මගෙත් ජයක් හැටියට.