Skip to main content

Posts

ජූලියේ මළවුන් සමග රාත්‍රියක්

            පෙරේදා (ජුලි 29  ) හැන්දෑවේ මා සිටියේ පස්වනක් ප්‍රීතියෙනි . හේතුව හාමිනේ මා සමග  ගෝරියක් ඇදගෙන දික්කසාද  නඩුවක් දමන බව  කියමින් 13 වෙනි වතාවට   ඇගේ  මහගෙදර  ගිය නිසාය. මා දික්කසාද  කරන  බව කියමින්  දොළොස් වතාවක්  පිටවී ගොස් ඇතත් පසුවදා නැද්දම්මාත් සමග ආපසු  පැමිණේ . "මේ අම්මගේ වදේට මන් ආව  මිසක්  නැත්තම් මන් ආයි එන්න නෙවෙයි ගියේ "  යන්න  ඇය ආපසු පැමිණි  හැම දිනකම  කියන්නීය . එහෙත් ඇත්ත  කතාව එය නොවේ. වටපිට ගෙවල්වල ගෑනුන්ට ගබඩා  කාමරයේ තිබෙන පොල්  ගෙඩියක් හෝ පින් තකා  දෙනු ඇතැයි  යන බිය නිසාය .මා එය සහසුද්දෙන් දන්නේ ඇය ආපසු පැමිණි විගසම ගබඩා  කාමරයට ගොස්  පොල් ගණන් කරන නිසාය .  පුතුන් දෙදෙනාද  කොළඹට වී රස්සාවල්  කරන නිසා හාමිනේ  ගිය දිනට  ගෙදර සිටින්නේ  මා  පමණය. කෑම උයන්නට  කාලය  නාස්ති  කිරීම තේරුමක්  නැති බැවින්  හැන්දෑ සමයේ නගරයට ගොස්...

අඩු වයසෙන් වැඩි වියට පැමිණි ක්‍රොයේෂියානු කෙල්ල

 පාපන්දු ක්‍රීඩාව  ගැන උනන්දුවක් දක්වන ලාංකිකයන්  බහුතරයක්  ලෝක  පාපන්දු තරඟාවලියෙන් ක්‍රොයේෂියාවේ ජයග්‍රහණය ප්‍රාර්ථනා  කළේ  මන්දැයි  හිතාගැනීමට අමාරුය එහි  ජනාධිපතිවරිය වන  කොලින්ඩා ග්‍රබාර් කිටාරොවික් මන බඳින ලලනාවක් නිසාද?  කොලින්ඩාට සමාන රුවක් හිමි වෙනත්  කාන්තාවක් බිකිණියකින් සැරසී සිටින චායරුප ඇතැමෙකු  බුකියේ  පළකර ඇය ක්‍රොයේෂියානු ජනාධිපතිවරිය  ලෙස විස්තර  කර තිබීම නිසාද  ? කොලින්ඩා ක්‍රොයේෂියාවේ  ජනාධිපති වරිය  ලෙස පත් වුයේ 2015 පෙබරවාරියේදී ය  2020 පෙබරවාරිය දක්වා ඇය  ජනාධිපති  තනතුරේ සිටිනු ඇත . කෙසේ වෙතත් ක්‍රොයේෂියා වේ  බලවත්ම  පුද්ගලයා ඇය නොවේ. එහි අගමැතිවරයාය  ..එයට හේතුව වන්නේ 1999 දී එරට ව්‍යවස්ථාව සංශෝධනය  කොට වැඩි බලතල  පාර්ලිමේන්තුවට පැවරීම  නිසාය  .කෙසේ වෙතත් එරට  ජනාධිපතිට දෙවරක් එම ධුරයට  මහජන චන්දයෙන් පත්විය  හැක .  වෙනත් රටවල  ජනාධිපති වරුන්ගේ වැටුප් සමග සංසන්දනය  කළහොත් ඇය...

සංඝ පාතාලය

   රත්නපුරේ පන්සලකදී  භික්ෂුවක් විසින්  නිරායුධ , පොලිස් නිලධාරියෙකුගේ   බෙල්ල  මිරිකා  මැරීම,  භික්ෂුන්ගේ නොපණත්  කම්  කලක් තිස්සේ නිවට නියාලු ලෙස  ඉවසා  වැදෑරීමේ  ආණ්ඩුවේත්, පොලිසියේත් , අමනෝඥ ප්‍රතිපත්තියේ  ප්‍රතිඵලය මිස වෙන දෙයක් නොවේ . විශේෂයෙන්ම  ඉකුත් වසර  හත අටක  කාලයක සිට ඇතැම් භික්ෂුන්  සිවුර  ඕනෑම  ජඩ වැඩක් කිරීමට  ලැබුණු ලැයිසමක්  ලෙස සළකමින් යකා  නැටුහ.   ඔවුහු රෝහල්වලට,  උසාවි වලට ,ආණ්ඩුවේ කාර්යාලවලට කඩා  පැන  යකා  නැටුහ. ආණ්ඩුව වලිගය දෙකකුල් අතර හංගාගෙන සිටියා විනා නිතිය  ක්‍රියාත්මක  කලේ නැත .   සමස්තයක් වශයෙන් ගත්  කළ  දශක  හතරක  සිට බහුතරයක් භික්ෂුහු  සාමය වෙනුවෙන්  පෙනී සිටියේ නැත  ලේ  හැලීමට  යන අයට  සෙත් පතා පිරිත් නුල්  ගැට ගැසීම  ඔවුන්ගේ දිනචරියාවේ අංගයක් විය  අපි බුදු දහම අගය  කරන කරුණු අතර ප්‍රධාන  කරුණක් වන්නේ එ...

මහින්දගේ චන්ද වැඩට චීනයෙන් රු.කෝටි 100 සන්තෝසමක්

     මහින්ද රාජපක්ෂ  මහතාට 2015 ජනාධිපතිවරණයේදී  චීනය ආණ්ඩුවට    අයත් China  Harbour  Engineering Company නමැති සමාගම අවම වශයෙන්  ඇමරිකානු ඩොලර් 76 ලක්ෂයක්  ලබා දී ඇති බව New York Times පුවත්පත ඊයේ (ජුනි 25 ) පළකළ  ලිපියක සඳහන් වේ . 2015  ජනවාරි  මස 1 වන විට ඇමරිකානු ඩොලරයක වටිනාකම රු.131.23  ක් වුයෙන් චීන වරය සමාගම රාජපක්ෂ මහතාගේ  ජනාධිපතිවරණය  මැතිවරණ ව්‍යාපාරයට දී ඇති මුදල  රු.ලක්ෂ 9975 කි . (කෝටි 100 කට ආසන්නය ) මේ පිළිබඳව කුමක් කියන්නේදැයි දැනගැනීම සඳහා රාජපක්ෂ මහතාගෙන් සහ  ඔහුගේ අතවැස්සන්ගෙන්    මාස  ගණනක් තිස්සේ  විමසු නමුත් ඔවුන් නිහඬව සිටි බව  New York Times පුවත්පත කියයි   China Harbour සමාගමෙන් මේ පිළිබඳව විමසු නමුත් ඔවුන්ද  කට වසාගෙන සිටි  බව පුවත්පත කියයි     චීනයේ සියලු ඉල්ලීම වලට රාජපක්ෂ මහතා අවනත වී ඇති බවත්  ඇතැම් රහස් තොරතුරු චීනයට දැනුම් දීමටද රාජපක්ෂ ආණ්ඩුව එකඟ වූ බ...

උපාලි , එන්න හිට්ලර් බලන්න

    ඇඩොල්ෆ් හිට්ලර් පිළිබඳව  ලියනවාට වඩා  ඔහු  පිලිබඳ චායාරුප  ප්‍රදර්ශනයක් නැරඹීමෙන් ඔහු කවුදැයි අවබෝධ  කරගැනීමට ඔබට  හැකිවෙතැයි  මා  කල්පනා කළ බැවින් 'හිට්ලර්ගේ  චායාරුප ප්‍රදර්ශනයක්  සංවිධානය  කළෙමි. එය විවෘත  කිරීමට ජනාධිපතිට හෝ අගමැතිට  හෝ  මහින්දට  හෝ  වඩා  ඔබ සුදුසු යැයි මා විශ්වාස  කරමි .එබැවින් පහත  ලිංකුව  ඔබා 'ඇඩොල්ෆ් හිට්ලර් මතක සටහන් ' චායාරුප  ප්‍රදර්ශනය විවෘත  කරන  ලෙස  ඔබට සාදරයෙන් සහ ගෞරවයෙන්  ඇරයුම්  කර සිටිමි  . චායාරුප  ප්‍රදර්ශනය  නැරඹීමට  පෙර  ඔහු  පිළිබඳව කෙටි සටහනක් තබන්නේ    හිට්ලර් පිළිබඳව  පුර්ව අවබෝධයක් ලබාගෙන ප්‍රදර්ශනාගාරයට ඇතුළු වීමෙන් චායාරුප වඩාත් අර්ථාන්විත වන නිසාය .එහෙත් මෙම කෙටි විස්තරය  නොකියවා  කෙලින්ම ප්‍රදර්ශන ශාලාවට ඇතුළු වීමට  පුර්ණ  නිදහස  තිබේ .                    ...